More
    30 C
    Colombo
    Monday, October 19, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    පවුල් සැලසුම් ගිලින පෙති භාවිත කරන්නෙ මෙහෙමයි

    Family Tech Sponsorspot_imgspot_img

    පවුල් සැලසුම් ගිලින පෙති නිසියාකාරව භාවිත කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ බොහෝ කාන්තාවන්ට හිරියාකාර වැටහීමක් නැති බව ඒ පිළිබඳ සමීක්‍ෂනයන් සිදුකරන වෛද්‍යවරුන් පවසනවා. ඒ නිසා Familylife.lk අප තීරනය කළා,  සුව පියස තුළින් ඒ පිළිබඳව ඔබට නිසි දැනුවත් කිරීමක් සිදුකළ යුතුයි කියල.

    රාජ්‍ය අංශ මගින් ලබා දෙන ගිලින පෙති පැකැට්ටු වල මෙම හෝමෝන අඩංගු පෙති 21 ක් ද හෝමෝන අඩංගු නොවන යකඩ අඩංගු පෙති 7 ක් ද තිබේ. එහෙත් පෞද්ගලික අංශයේ ඇති ඇතැම් ගිලින පෙති පැකැට්ටුවල හෝමෝන පෙති 21 ක් පමණක් අඩංගු වන අවස්ථා ද තිබේ. පවුල් සැලසුම් ගිලින පෙති දිනකට 1 ක් බැගින් දිනපතා නොවරදවා ගත යුතුය.
    ඔසප් චක්‍රය ආරම්භ වී පළමු දින 5 ඇතුළත ගිලින පෙති භාවිතය ආරම්භ කළ යුතු අතර රාත්‍රීආහාරයෙන් පසුව නින්දට පෙර මෙම පෙති ගන්නා ලෙස උපදෙස් ලබා දෙන්නේ අමතක වීමට ඇති හැකියාව අඩු කිරීමත් ඇතැම් අතුරු ආබාධ දැනීම අඩු වීමටත්ය..
    ගිලින පෙති පැකැට්ටුවෙහි අනිත්පැත්තෙහි දක්වා ඇති ඊතල පේළිවල ඇති අනූ පිළිවෙළට පෙති ලබාගත යුතුය.
    හෝමෝන පෙති 21 ගැනීමෙන් පසුව යකඩ පෙති 7 ගන්නා කාලයේදී කාන්තාවකට රුධිර වහනයක් සිදුවිය හැකිය. එසේම දෙවන මාසය අවසන් වීමෙන් පසුත් රුධිර වහනයක් සිදු නොවුනහොත් ඒ සඳහා වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.
    එක් පැකැට්ටුවක් අවසන් වූ වහාම ඊට පසු දිනම ඊළඟ හෝමෝන පැකැට්ටුවේ ඇති හෝමෝන පෙතිවලින් පෙති ගැනීම ආරම්භ කළ යුතුය. සෑම විටම අමතර පෙති පැකැට්ටුවක් ලඟ තබා ගැනීම නුවණට හුරුය.
    කිරි දෙන මවකට මාස 6 ඉක්ම වූ වහාම ගිලින පෙති ගැනීම ආරම්භ කළ හැකිය.
    මළදරු උපතක් සිදු වූ අවස්ථාවක හෝ කිසියම් හේතුවක් නිසා ළදරුවෙකුට සිටින මවක් මව් කිරි නොදෙන අවස්ථාවක දරු උතින් පසු මවට සති 4 ක් ඉක්මවූ පසු ගිලින පෙති භාවිතය ආරම්භ කළ හැකිය.

    ගබ්සාවක් සිදුවූ කාන්තාවක් නම් පළමු දින 5 ඇතුළත පෙති ගැනීම ආරම්භ කළ යුතුය.
    පවුල් සැලසුම් ගිලින පෙති ,
    • රජයේ රෝහල්
    • ප්‍රදේශයේ ඇති සායන
    • පවුල් සෞඛ්‍යසේවා නිලධාරිනියන් වෙතින් නොමිලයේම ලබාගත හැක .
    තවද
    පෞද්ගලික රෝහල්/වෛද්‍ය වරුන්ගෙන් හෝ ඔසුසල් වෙතින් ඉතා සුළු මුදලකට ද ලබාගත හැකිය.
    • පෙතිගැනීම මගහැරුණහොත්
    එක පෙත්තක්/දෙකක් ගැනීමට කාන්තාවකට අමතක වුවහොත්
    මතක් වූ වහාම පෙත්තක් ගෙන සුපුරුදු පරිදි දිනපතා ගන්නා ආකාරයට පෙති ගත යුතුය.(පළමු දින පෙති දෙකක් ගැනීමට සිදුවිය හැක)
    • පෙති 3 ක් හෝ වැඩි ප්‍රමාණයක් මගහැරුණහොත්
    ඉහත නිර්දේශයට අමතරව කොන්ඩම් වැනි වෙනත් පවුල් සැලසුම් ක‍්‍රමයක් දින 7 ක් භාවිත කළ යුතුය.
    • කාඩ් පතේ තුන්වන පේළියේ ඇති හෝමෝනමය ගිලින පෙති ගැනීමට මගහැරුණහොත්
    දැනට භාවිත කරන පෙති පැකැට්ටුවේ ඇති හෝමෝනමය පෙති අවසන් වූ පසු යකඩ පෙති භාවිත නොකර අලුත් පැකැට්ටුවක ඇති හෝමෝනමය පෙතිවලින් පෙති ගැනීම දිගටම සිදුකළ යුතුය.
    මෙසේ පෙති ගැනීම මගහැරුණු අවස්ථාවක ලිංගිකව එක් වීමක් සිදු වූයේ නම් හදිසි පවුල් සැලසුම ක්‍රමයක් භාවිත කිරීමට සිදුවිය හැකිය.
    • යකඩ අඩංගු පෙති ගැනීමට මගහැරුණහොත්
    මගහැරුණුපෙති ඉවත් කර දිගටම සාමාන්‍ය පරිදි පෙති ගැනීම සිදුකළ හැකිය.
    සැලකිය යුතුයි
    • පෙත්තක් ගැනීමෙන් පැය 2 ක කාලයක් ඇතුළත වමනය ගියහොත් හෝ පෙති ගන්නා කාන්තාවකට දින දෙකකට වඩා පවතින වමනය හෝ පාචනය පැවතුනහොත් පෙතිවල සාර්ථකත්වය නැතිවිය හැකිය.
    • ඇතැම් ඖෂධ මගින් ද පෙතිවල සාර්ථකත්වය අඩුවන හෙයින් පවුල් සැලසුම් ගිලින පෙති ගන්නා ගන්නා කාන්තාවන් වෙනත් රෝගයකට ප්‍රතිකාර ගන්නා අවස්ථාවලදී වෛද්‍යවරයාට ඒ බව පැවසීම වැදගත් වේ.
    • ගිලින පෙති ගන්නා කාන්තාවකට තදබල පපුවේ කැක්කුමක් ,නීලංකාර ඉරුවාරදය , අත්වල හෝ පාදවල දරුණු කැක්කුමක් , සිරුර හෝමුත‍්‍රා කහ පැහැති වීමක් සිදුවුවහොත් වහාම වෛද්‍ය උපදෙස්පැතිය යුතුය.
    • වසරකට වරක් වෛද්‍යවරයකුගේ පරීක්ෂාවට ලක්වීම යෝග්‍ය වේ.
    මෙම පෙති ගැනීමෙන් ඇතිවිය හැකි අතුරු ප්‍රතිපල
    ඉතා සුළු අතුරු ආබාධ තත්ත්වයන් දැකිය හැකි අතරම සුලභව දැකිය හැක්කේ දැකිය හැක්කේ හිසරදය , ඔක්කාරය වැනි ඒවාය. ශරීරයේ බර වැඩි වීමක් පිළිබඳව ඇතැම් කාන්තාවන් මැසිවිලි නගන අතර එයට හේතුව ආහාර රුචිය වැඩි වීම හෙයින් ආහාර පාලනයක් සිදු කිරීමට සිදු වේ. පවුල් සැලසුම් ගිලින පෙති මගින් බොහෝවිට මාසික රුධිර වහනය ක්‍රමානුකූල කරන නමුත් කලාතුරකින් කාන්තාවකගේ මාසික රුධිර වහනයේ අක්‍රමිකතා සිදුවිය හැකිය.
    පෙති ගැනීම නතර කළ ගර්භණී වීමට කෙතරම් කාලයක් ගතවනවාද?
    ඉහත දැක් වූ ලෙසම ගිලින පෙති මගින් මූලිකවම සිදු වන්නේ මෙම හෝමෝන නිශේධනය මගින් ඩිම්බ නිකුත් වීම වැළැක්වීමත්, ගැබ්ගෙළ ස්‍රාවයන්වල උකුගතිය වැඩි කිරීම මගින් ශුක්‍රාණු වලට පිහිනා ගර්භාෂය තුළට ඇතුළු වීමට ඇති හැකියාව අඩු කිරීමත්ය. පෙති භාවිතය නැවැත් වූ වහාම මෙම ක්‍රියාවලිය ද ඇණ හිටින නිසා පෙති නැවැත් වූ වහාම නැවත දරුවකු පිළිසිඳ ගැනීමේ හැකියාව ලැබීමේ ප්‍රමාදයක් සිදු නොවේ.
    පවුල් සැලසුම් ගිලිනපෙති භාවියෙන් පසු ගැබ් ගත් විට දරුවාට එය බලපෑමක් එල්ල වෙනවාද?
    එවැනි අවස්ථාවකදී කාන්තාව ගැබ්ගතහොත් එමගින් උපදින දරුවාට බලපෑමක් සිදුවන බවට මේ දක්වා කිසිඳු සාක්ෂියක් නොමැත.
    පවුල් සැලසුම් ගිලිනපෙතිගැනීමේ අනෙකුත් වාසි
    • අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති කාන්තාවන්ගේඔසප් චක‍්‍රය ක‍්‍රමවත්වේ.
    • ඔසප් වීමේදී, වේදනාකාරී වීමට හෝ අධික ලෙස රුධිර වහනය වීමට ප්‍රතිකාරයක් ලෙස යොදාගත හැකිවීම.
    • ඔසප් වීමට පෙර ඇතිවන රෝග ලක්ෂණ (Premenstrual Syndrome or PMS) සමනය වීම.
    • ශ්‍රෝණි ප්‍රධාහ රෝගය (Pelvic inflammatory disease or PID) වැළඳීමට ඇති අවදානම අඩුවීම.
    • ඩිම්බ කෝෂවල සහ ගර්භාෂයේ පිළිකා වැළඳීමට ඇති අවදානම අඩුවීම.

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංජීව එස් පී ගොඩකන්ද මහාතා දැක්වූ සහයෝගයට ෆැමිලිලයිෆ් අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    30 ° C
    30 °
    28 °
    78 %
    2.8kmh
    100 %
    Mon
    31 °
    Tue
    30 °
    Wed
    29 °
    Thu
    27 °
    Fri
    27 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු