fbpx
More
    26 C
    Colombo
    Thursday, June 5, 2025
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    ප්‍රසූතියෙන් පසු ශරීරයේ බර අඩු කරගන්න උනන්දුවන්න

    Family Tech Sponsorspot_imgspot_img

    ඕනෑම කාන්තාවකගේ ජීවිතයේ වටිනාම හා අපහසුම අවධිය වන්නේ ගැබිණි සමයයි. විශේෂයෙන් කායිකව හා මානසිකව මුහුණ දීමට සිදුවන සුවිශේෂි වූ සිද්ධීන් රැසකින් මෙම කාලපරිච්ඡේදය ගෙවීමට ඔබට සිදවනවා. එනමුත් දසමසකට ආසන්න කාලයක් තමන්ගේ කුසෙහි දරා සිටි දරුවා මෙලොව එළිය දැකීමත් සමගම මේ සියලු අපහසුකම් දුක්ගැහැට වියැකී යන්නේ ආශ්චර්යක් සිදුවූවා වාගේයි. සත්‍ය වශයෙන්ම දරු උපතක් යනු එක්තරා ආශ්චර්යජනක සිදුවීමක් ලෙස හැඳින්වීමද වරදක් නොවේ. මේ සියලු කාරනා සිදුවී අවසන් වන විට ඔබේ ශරීරයේ තවත් දෙයක් ඔබ නොදැනුවත්මවම සිදුවී හමාරයි. ඒ ඔබේ ශරීරයේ බර කිලෝ ගනණාවකින් වැඩි වී තිබිමයි. Familylife.lk මව් සිහිනය තුළින් අද අපි සාකච්ඡා කිරිමට බලපොරොත්තු වන්නේ එම වැඩි වූ බර අඩු කරගන්නේ කෙසේද යන්නයි.

    ව්‍යායාම අනිවර්යයි

    ව්‍යායාම කියු සැනින් ඔබගේ යටි හිතේ ඇතිවන්නේ අකැමැත්තක් වීමට පුළුවන්. නමුත් දිනපතා ව්‍යායාම නොකොට සත්මසකට අධික කාලයක් ඔබගේ ශරීරයේ එකතු වූ මේදය දහනය කිරීම පහසු වන්නේ නෑ. එමනිසා ව්‍යායාම කිරීමට අකමැති වීමට වඩා එය පහසු කරන ක්‍රමයක් සොයා බැලීම ඔබේ ජීවිතයට එක් කරන්නේ වටිනාකමක්. මේ සඳහා ඔබට ව්‍යායාම කිරීම සඳහා ව්‍යායාම සහායකයෙකු ලෙස ඔබගේ මිතුරියක් තෝරා ගෙන ඈ සමග ව්‍යායාම කිරීම වඩා සාර්ථක ක්‍රමයක් වනවා. විශේෂයෙන් ව්‍යායාම සඳහා ඇබ්බැහි වූ මිතුරියක් සොයා ගැනීමට හැකිනම් එය ඔබ ලබන වෙස්වලාගත් ආශිර්වාදයක්. විශේෂයෙන් ව්‍යායාම පටන්ගත් මුල් කාලයේ ඒ සඳහා යොමුවීමට ඔබේ සිතේ ඇතිවන ස්වාභාවික අලසකම නැති කර දමා ඔබ දිරිමත් කිරීමට මේ වර්ගයේ මිතුරියකට හැකි වෙනවා. ඒ නිසා එය වඩාත් ප්‍රථිපලදායක වනවා. කෙමෙන් ඔබ ව්‍යායාම සඳහා හුරුවන විට නිසඟයෙන්ම ඒ සඳහා කැමැත්තක් කල්යෑමේදී ඔබේ සිතේ ඇතිවනවා. මේ නිසා අදම නිවස වටා ඇවිදීම, යෝග ව්‍යායාම් කීපයක් නිවස තුළම කිරීම. වැනි සරල ක්‍රම වලින් පටන් ගෙන ඉදිරියට කරගෙන යෑම වැදගත්.

    ආහාර තෝරාගැනීමේදී ඔබේ ශරීරය ගැන සිතන්න

    එදිනෙදා ජීවිතය කොතරම් කාර්යබහුල වුවත් ආහාර තෝරා ගැනීමේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් ඔබ දරුවාට මවුකිරි ලබාදිය යුතු බැවින් සමබල පෝෂනය පිලිබඳ සැලකිලිමත් වන අතරවාරයේ ඔබගේ ශරීරයේ බර අඩු කර ගැනීමට අවශ්‍යය බවත් සිහියේ රඳවාගන්න. අධික තෙල් සහිත ආහාර සැමවිටම ඈත්කර තබන්න. විශේෂයෙන් ඔබ පලතරු යුෂ සහිත බීම වර්ග අනෙකුත් කෝලා වැනි සිසිල් බීම වර්ග වල ප්‍රිය කරන්නියක් නම් දෙවරක් සිතන්න. මන්ද බොහෝ විට මෙම නිෂ්පාදන ඉතා අධිකව සීනි අඩංගු පාන වර්ගයි. විවිධ පාන වර්ග සකස් කර භාවිත කිරීමට වඩා සැමවිටම පළතුරු අමුවෙන් ආහාරයට ගැනීම වඩාත් යෝග්‍යයි. මෙවැනි සීනි අධිකව අඩංගු පාන වර්ග වලින් වැලකෙනවා සේම නිතරම ජලය පානය කිරීමට මතක තබා ගන්න. ඔබ කෝපි පානයට ප්‍රියනම් සැමවිටම සීනි භාවිතය ගැන නැවත සැලකිළිමත් වන්න.

    දිවා කාලයේ ටික වේලාවක් නිදා ගන්න

    දරුවෙක් සිටින විට මෙම කාර්ය බොහෝ අපහසු වුවත් විවේකයක් ලද සැනින් ටික වේලාවක් නිදා ගැනීමට කාලය වෙන් කරන්න. මෙමගින් ඔබට යම් සුවදායී බවක් දැනෙනවා සේම අමතර ආහාර ලබා ගැනීමේ අවස්ථා අවම කරනවා. එය දිගුකාලීනව ඔබේ ශරීරයේ බර අඩු වීමට බලපානු ලබනවා. එසේ නොමැති නම් ශරීරය විඩා වී දුර්වල ගතියක් දැනෙන සැමවිටම ඔබ කෙටි ආහාර තේ පානය ආදියට යොමු වෙනවා. ඒ නැවත ශරීරය ප්‍රානවත් කර ගැනීමටයි. නමුත් ඔබට වෙහෙස දැනෙන විට කෙටි නින්දක් ලබා ගැනීම කෙටි ආහාර ලබා ගන්නාවට වඩා ප්‍රතිපලදායකයි. ශරීරයේ බර අඩු කර ගැනීමට එමගින් ලැබෙන පිටිවහල ඇත්තෙන්ම පුදුම සහගතයි.

    කාලයට ඉඩ දෙන්න

    ඉහත සඳහන් කළ කිසිවක් ඔබට බල කරමින් එය තමන්ගේ එදිනෙදා කටයුතු වලට බාධාවක් කර ගන්න එපා. පසුගිය කාලය පුරා එකතුවුනු මේදය සතියකින් හෝ මාසයකින් ඔබට අඩු කර ගන්නට බැහැ. එය දිගු කාලීනව සිදුකළ යුත්තක්. ව්‍යායාම කිරීමේදී මේ බව හොඳින් මතක තබා ගන්න. දරුවා පිළිසිඳගැනීමට පෙර ඔබ ඉතා තදින් ව්‍යායාම කළ අයෙක් විය හැකියි. නමුත් දැන් තත්ත්වය වෙනස්. දැරු ප්‍රසූතියකින් පසුව සාමාන්‍යයෙන් ශරීර ශක්තිය යම් දුර්වල මට්ටමක පවතිනවා. මේ යලිත් පෙර පැවැති තත්ත්වයට ඔබේ ශරීර සෞඛ්‍ය ලඟා වෙමින් පවතින කාලයයි. එම නිසා තදින් ව්‍යායාම් වල නිරත වීම අනුමත කළ නොහැකියි. ඉතාමත් සෙමින් ක්‍රමානුකූලව ව්‍යායාම් කිරීම අවශ්‍යයි. බර අඩු කර ගැනිම සිහිනයක් කර ඒ පසුපසම හඹා යාමෙන් වලකින්න.

    ආහාර තෝරා ගැනීමේදීද ප්‍රමුඛතාව දරුවා හා ඔබේ පෝෂණය ගැන සිතා සිදුකරන්න. අනවශ්‍ය ආහාර පමණක් සීමා කරන්න. ඔබට ආහාර සැලැස්මක් සකස්කර එයට අනුගත විය හැකි නම් එය වඩාත් සුදුසුයි. ආහාර අඩු කරනවා කියා ආහාර වෙනුවෙන් වෙන් කරන වියදම් අඩු කර ඔබේ පෝෂනයට බලපෑමක් වන්නට ඉඩ නොදෙන්න. නිවැරදි ආහාර සැලැස්මක් සමග බර අඩු කර ගැනීමේ ඉලක්කයන් සකස් කර ගන්න. මෙහිදී හිතේ ඇති ආශාවට ළඟා කර ගත නොහැකි ඉලක්කයන් සකස්කර කර නොගන්න. දරුවාගේත් ඔබේත් පෝෂණයට අයහපත් බලපෑමක් නොවන අයුරින් මෙම ඉලක්ක සකසා ගන්න.

    ශරීරයේ බර අඩු කර ගැනීම දීර්ඝ කාලීන ක්‍රියාවලියක් බව හොඳින් තේරුම්ගන්න. එයට ඉතාමත් දැඩි කැපවීමක් හා සංයමයක් අවශ්‍ය බව වටහා ගන්න.

    මේ නිසා සැනින් ප්‍රසූතියෙන් පසු ඇතිවන මෙම ශරීර බර අඩුකර ගැනීමට නොයා ඒ පිළිබඳ විශ්වාසයෙන් කායලට ඉඩ දෙමින් ඉහත කරුනු අනුගමනය කරන්න. ඔබට දිනෙක ඔබ පිළිබඳවම පුදුමයක් හා සතුටක් අතිවනු නොඅනුමානයි.


    මෙම ලිපිය ගැන ඔබගේ අවංක අදහස් කමෙන්ට්ස් ඔස්සේ අපට කියන්න. ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    cover photo courtesy – time.com

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    scattered clouds
    26 ° C
    26 °
    26 °
    81 %
    4kmh
    28 %
    Thu
    29 °
    Fri
    29 °
    Sat
    29 °
    Sun
    29 °
    Mon
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු