fbpx
More
    28.4 C
    Colombo
    Monday, October 7, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    පවුලේ වැඩ බෙදා ගැනීමේ කලාව – හිතල මතල මෙහෙම බෙදා ගන්න

    Family Tech Sponsorspot_imgspot_img

    දෙන්නා දෙමහල්ලෝ අතරේ නිවසේ වැඩ කටයුතු බෙදීම ගැන කලින් ලිපි කීපයකින්ම අපි කතා කළා. ප්‍රායෝගිකව  දේවල් කරද්දි උදව්වක් වෙන්න පුළුවන් විදියේ කරුණු කීපයක් ගැන තමයි අද අපි familylife.lk මේ ලිපියෙන් කතා කරන්න හදන්නේ. බලන්නකෝ මේ දේවල් ඔයාලාත් හරි යයිද කියලා.

    1. කෑම

    මොන දේටත් කලින් බඩ පුරවගෙන ඉන්න ඕනනෙ නේද? ඒත් ඉතින් දවසට තුන් වේල ගානේ සතියකට වේල් 21ක් උයන එක, උයන දේවල් ගැන හිතන එක ගොඩක් අයට මහ හිසරදයක් වගේ දැනෙනවා ඇති. එහෙව් කට්ටියට මෙන්න මේ දේවල් ටික කරල බලන්න ප්‍රළුවන්.

    සතියකට සෑහෙන්න පොල් ටික ගාල ශීතකරණයේ දාලා තියාගන්න. මහත්තයට කියලා කරවගන්න පුළුවන් මේක නම්. සමහර සුපර් මර්කට් වලින් පොල් ගත්තම එතනින්ම ගාලත් දෙනව.

    පලා වර්ග ගෙනාවම එක සැරේ සුද්ද කරලා, පත්තර කොළවල ඔතලා බෑග් එකක දාලා ශීතකරණයේ දාන්න.ලේසියෙන්ම පලා වර්ග කපන්න පුළුවන් උපකරණත් දැන් වෙළදපොලේ තියෙනවා.

    මස්, මාළු, කරවල, හාල්මැස්සෝ, බැදූම් වර්ග එහෙම සතියකට සෑහෙන්න උයලා ශීතකරණයේ එක දාන්න පුළුවන්. සමහර එළවලු වර්ග උනත් තෙලෙන් උයලා ශීතකරණයේ එකේ දාලා පස්සේ පොල් කිරි දාලා රත් කරගන්න පුළුවන්.

    අධි ශීතකරණයේත්, මයික්‍රෝවේව් අවන් එකෙත් දාන්න පුළුවන් ෆුඩ් කන්ටේනර්ස් සුපර් මාර්කට් වල තියෙනවා. එක වේලකට අවශ්‍ය කෑම ප්‍රමාණය එක් එක් පෙට්ටියේ දාලා අවශ්‍ය වෙලාවට අරන් රත් කරගන්න පුළුවන්.

    මේ දේවල් දවල් කෑමට තියාගෙන උදේ කෑමට ඇට වර්ගයක් වගේ තම්බාගන්න එක පහසුයි වගේම ශරීර සෞඛ්‍යටත් හොදයි. පොඩි දරුවෝ ඉන්න ගෙදරක් නම් වැඩිහිටියන්ගේ කෑම ටික කලින් හදාගෙන තියෙන නිසා දරුවන්ගේ කෑම ටික නිදහසේ හදාගන්න වෙලාව ඉතිරි වෙනවා. සති අන්තයේ එක දවසක් දාගෙන, මීල් ප්ලෑන් එකක් එහෙම හදාගෙන, දෙන්න එක්ක කතා කර කර මේ දේවල් ටික කරගන්න උත්සහ කළොත් සතියේ දිනවල උදේට ලොකු නිදහසක් දැනේවි.

    2. රෙදි පෙරෙදි

    ජීවිතය වඩාත්ම පහසු කරපු උපකරණය මොකද්ද කියලා ඇහුවොත් ගෘහනියෝ නම් අනිවාර්යයෙන්ම කියයිවොශින් මැශින් එකනේකියලා. ගෙදර වැඩ බෙදා හදාගෙන කරන කාර්‍යබහුල ජෝඩුවකට මේ සම්බන්ධයෙන් කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා.

    එදිනෙදා තමුන් අදින ඇදුම් එදාම අතින් සේදීම. හවසට වොශ් එකක් දාගන්න ගියාම එදාට තමන් ඇදපු ඇදුම සෝදලා දානවනම් වොශින් මැශින් එකෙන් සෝදනකොට රෙදිවලට වෙන පොඩි පොඩි අලාබ හානිත් වළක්වා ගන්න පුළුවන්.

    එහෙමත් නැත්තන් රෙදි වර්ග කරලා සති අන්තයේ වොශින් මැශින් එකෙන් සෝදන්නත් පුළුවන්. ගොඩාක්ම කාර්යබහුල දෙපළක් නම් නම් රෙදි ලොන්ඩරියකට භාර දීලා සෝදගන්න පුළුවන්. මේ අය රෙදි සෝදලා, වේලලා, නවලත් දෙනවා. කිලෝ ගානට තමයි රෙදි භාර ගන්නේ.

    දිගින් දිගටම මේ දේ කරනවනම් ගෙදරට වොශින් මැශින් එකක් ඕන වෙන්නේම නෑ. වගේම සතියක් තුළ අදින ඇදුම් එක දවසක මදින එකෙන් විදුලිය පිරිමැහෙනවා වගේම උදේට නිදි මතෙන් ඇඳුම් තෝරගෙන මදින්න වෙන එකත් නවතිනවා. වෙලාවත් ඉතිරි වෙනවා. කරන්ට් නැති දවසට පොඩි පට්ටම් උන ඇදුම් ඇඳගෙන යන්න වෙන්න්නෙත් නෑ. වයිෆ් උයන පිහන වැඩ කරන අතරේ හස්බන්ඩ්ට පුළුවන් මේ වැඩේ භාර අරන් ලස්සනට, පිළිවෙලට කරන්න.

    3. පිරිසිදු කිරීම

    මෙතනදි නම් වඩාත්ම වැදගත් වෙන්නේ පිළිවෙලකට වැඩ කිරීම තමයි. ගන්න උපකරණය පාවිච්චි කිරීමෙන් පසුව පිරිසිදු කරලා ගත්ත තැනින්ම තියනවනම් අස් පස් කරන්න යන වෙලාව අඩු වෙනවා. උපකරන සොයාගන්න පහසු වෙනවා.

    නාන්න, ඇඟ හෝදන්න යන වෙලාවක බාත්රූම් එක පිරිසිදු කරන්න විනාඩි 5-10 ක් ගත්තනම් සති අන්තයේ වෙනුවෙන්ම වෙලාවක් වෙන් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නෑ.

    උදේට කෑම හදපු භාජන  වෙලාවෙම සෝදලා දැම්මොත් හවස ගෙදර එන වෙලාවට ලොකු සහනයක් වෙයි. පොඩ්ඩෝ ඉන්නවනම් එයාලා සෙල්ලම් කරල ඉවර උනාම එයාලටම සෙල්ලම් බඩු අස් කරන්න කියලා දෙන්න. දේවල් අගය කරලා පුංචි පුංචි තෑගි දෙන්න.

    රෑට නිදාගන්න කලින් කුස්සියත් ගෙදරත් පිරිසිදු කරගත්තනම් සති අන්තයේ කරන්න ලොකු වැඩක් ඉතිරි වෙන්නේ නෑ. ස්මාර්ට් කපල් එකක් නම් අරයා මේව කරන්න ඕන, මෙයා මේවා කරන්න ඕන කිය කිය ඉන්නේ නැතුව ටක් ටක් ගාලා දෙන්නත් එක්ක හරි හරියට වැඩ ඉවර කරගෙන නිදහස් වෙන්න තමයි උත්සහ කරන්නේ.

    4.ගෙදරට බඩු මුට්ටු

    මාසෙකට සරිලන බඩු ටික එක සැරේ ගෙනත් තියාගන්න එක තමයි පහසුම විදිය.එලවළු, පලා, මස්, මාළු වගේ දෙවල් සතිපතා ගේන්න පුළුවන්. මාසෙට එක දවසක් දාගෙන ගිහින් අවශ්‍ය ප්‍රමාණයට පමණක් මිළදී ගැනීමෙන් නාස්තිය වැළකෙනව.  දෙන්නට කාලය  ඇති හැකි විදියට වැඩ බෙදාගන්න එක තමයි වඩාත් සුදුසු. මොකද හැම තිස්සේම දෙන්නම එකටම දේවල්වලට යන එකෙන් කාලය අපතේ යෑමක් සිදු වෙන්න පුළුවන් නිසා. ගේන බඩු මුට්ටු, එළවලු එහෙම අහුරන්න පොඩ්ඩොන්වත් හවුල් කරගන්නවනම් ගොඩක් වටිනවා.

    5. බබාලගේ වැඩ

    නවීන තාත්තලා පරණ තාලේ තාත්තලට වඩා දරුවොන්ගේ වැඩ කටයුතුවලදී ලොකු දැනුවත් බවකින් වැඩකරනවා කියලා කියන්න පුළුවන්. නැපියක් මාරු කරන්න, කෑම ටික කවන්න, නාවන්න හෝදන්න, බෙහෙත් ටිකක් පොවාගන්න, අඩන බබෙක්ව සෙල්ලමක් දාලා නලවගන්න වගේ දේවල් අද කාලේ තාත්තලටත් හොදට කළමනාකරණය කරගන්න  පුළුවන්.

    දරුවාගේ ළදරු පාසලේ/පාසලේ  කටයුතු වලට සහභාගි වීම, දරුවගෙ ගෙදර වැඩවලට උදව් ලබාදීම වගෙ අටෝරාශියක් වැඩකටයුතු අම්මා තාත්තා දෙන්න අතරෙ බෙදාහදාගත්තොත් පීඩනයකින් තොරව දේවල් නිමකරගන්න පුළුවන්. උදාහරණයක් විදියට අම්මා රෑට ගෙවල් දොරවල් අස් පස් කරද්දි තාත්තට පුළුවන් දරුවව නිදි කරවන්න. එහෙමත් නැත්තන් අම්මට දරුවන්ව නිදි කරවන්න කියලා ගෙවල් අස් පස් කරලා දාන්න. දරුවනුත් කුඩා කාලෙදීම ගෙදර වැඩ වලට හවුල් කරගත්තොත් අම්මලා තාත්තලට තවත් ලේසියි.

    මෙතෙන්දි අපි කරන්නෙ ඔබට කළ හැකි එහෙත් නොකරන කලොත් ජීවිතය කියන්න බැරි තරම් පහසු වෙන යෝජනා ටිකක් විතරයි. ඇත්තටම පුංචි මතක් කිරීමක්. කරල බලල හොඳ නරක කියන්න අමතක කරන්න එපා. මේ ලිපියත් සමග පවුලේ වැඩ බෙදා ගැනීමේ කලාව නමින් familylife.lk ඔබට ගෙන ආ ලිපි පෙළ නිමාවනවා. මේ ලිපි පෙළෙන් ඔබේ ජීවිතයට යම් වටිනාකමක් එකතු වෙන්න ඇති කියල අපි විශ්වාස කරනවා.

     


    මෙම ලිපිය ගැන ඔබගේ අවංක අදහස් කමෙන්ට්ස් ඔස්සේ අපට කියන්න. ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    cover photo – standard.al

      

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    light rain
    28.4 ° C
    28.4 °
    28.4 °
    75 %
    5.4kmh
    99 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    28 °
    Thu
    27 °
    Fri
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු