fbpx
More
    32.8 C
    Colombo
    Monday, April 20, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    හිතුවක්කාර සිත්තරා – සල්මාන් ඛාන්

    Family Tech Sponsorspot_imgspot_img

    කවරයේ ඡායාරූපය දුටු සැනින් ඔබ දන්නවා අද අපි familylife.lk ෆැමිලි සිනාමා තුළින් කතා කරන්නට යන්නේ සුප්‍රසිද්ධ බොලිවුඞ් නලු සල්මන් ඛාන් ගැන බව.

    සල්මන් ඛාන් කියූ සැනින් අපේ මතකයට එන්නේ කඩවසම්, විසේකාර, ආඩම්බරයෙන් පිරුණු බොලිවුඞ් සිනමා තාරකාවක්. විශේෂයෙන් ඔහුගේ රංගන දිවියේ මෙන්ම පුද්ගලික ජීවිතයේ ඇතිවන නිමක් නොවන හැලහැප්පීම් මැද ඔහු කවදත් පුවත් මවන්නෙක් ලෙසින් සුප්‍රසිද්ධයි.

    ඔහුට 1998 වසරේ දුර්ලභ ඝනයේ ඉන්දියානු මුව වර්ගයකට අයත් සතුන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ වරදට සිරගත වීමට සිදූවුවා. එමෙන්ම මහමග පදිකයෙකු අනතුරකට ලක් කර සිය රථය ධාවනය කිරීමේ වරදටද ඔහුට යලිත් වරක් සිරගත වූවා. පසුව මෙම චෝදනා වලින් වරින් වර ඔහු නිදහස් වුවත් ඔහුගේ මෙම හිතුවක්කාරී ජීවිතය නිසා සමාජයට ඔහු කළු චරිතයක් ලෙස පෙනෙන්නට පටන් ගත්තා.

    මේ සිදිධීන් කෙසේ වුවත් අද අපි සල්මාන් ගැන කථා කරන්නේ බොහෝ දෙනා සල්මාන් ගැන නොදන්නා පැතිකඩක් විවිර කරන්නයි. සල්මාන් ඛාන් කියන්නෙ අති දක්‍ෂ සිත්තරෙක් බව ඔබ දන්නවාද?

    www.familylife.lk

    සල්මන් කුඩා කාලයේ සිටම චිත්‍ර ඇඳීමට මහත් රුච්කත්වයක් දැක්වූ බව ඔහුගේ පියා සලීම් පවසනවා. එය සල්මාන්ගේ මව වන සල්මා ගෙන් ඔහුට දායාද වී ඇති හැකියාවක් බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ. පසු කාලයේදී සල්මාන් ඉන්දියාවේ සුප්‍රසිද්ධ චිත්‍ර හා මූර්ති ආචාර්යවරයෙක් වන නිලේෂ් වේඩා වෙතින් චිත්‍ර කලාව පිළිබඳ ගුරුහරුකම් ලබාගෙන තිබෙනවා.

    සල්මාන්ගේ බොහොමයක් චිත්‍ර වලින් ගම්‍ය වන්නේ ආගමික සංහිඳියාව පිළිබඳ සංකල්පයි. සියලු ශාස්ත්‍රවරුන් එකම දෙවියෙක් වශයෙන් පිළඹිබු වන නිර්මාණ කීපයක්ම ඔහු අතින් නිර්මාණය වී තිබෙනවා.

    ඊට අමතරව ඔහුගේ මිතුරන්ගේ ආලේඛ්‍ය ඡායාරූප නිර්මාණය කර දීමටත් ඔහු කැමැත්තක් දක්වනවා. ගජිනි චිත්‍රපටයේ රඟපෑ අමීර් ඛාන්ගේ රුව ඉතා කදිමට සල්මාන් විසින් සිත්තම් කර තිබෙනවා. ඒ වගේම ඔහු මෙම චිත්‍ර සිය මිතුරන්ට ත්‍යාග වශයෙන් ලබාදීමත් සිදුකරනවා. පසුගිය දිනෙක දස් කා දම් රූපවාහිනී වැඩසටහනට සහභාගී වූ සිය මිත්‍ර රනබීර් කපූර්ට ඔහුගේ නැසීගිය සියා වන රාජ් කපූර්ගේ සිත්තමක් තෑගි කරනු ලැබුවා. බොනී කපූර් හා නැසී ගිය ශ්‍රීදේවිගේ නිවහනත් සල්මාන්ගේ සිත්තමෙන් හැඩවී ඇති බවයි වාර්තා වන්නේ.

    www.familylife.lk

    මුල් කාලයේදී සල්මන් සිය සිත්තර ප්‍රතිභාව ලෝකයෙන් වසන් කොට රහසක් ලෙස පවත්වා ගෙන තිබුනා. නමුත් පසුකලෙක මෙවැනි ප්‍රතිභාවක් ලොවෙන් වසන් නොකළ යුතුය යන්න ඔහුටම පසක් වූ විට සල්මන් සිය නිර්මාණ ලෝකට විවෘත කළා. 2014 වසරේ ඔහුගේම චිත්‍රපටයක් වූ ජෙයි හෝ සඳහා නිර්මාණය වූ පෝස්ටරය හැඩ වූයේත් සල්මාන්ගේ සිත්තමකින් බව බොහෝ දෙනා අදටත් නොදන්නා රහසක්. එම චිත්‍රපටයේ නම සඳහා පෝස්ටරයේ භාවිත කර ඇත්තේ සල්මන් ඛාන්ගේම අත් අකුරු වීම තවත් සුවිශේෂීත්වයක්.

    ඔහු අතින් නිමවූ චිත්‍ර වෘත්තීය මට්ටමේ නිර්මාණ බව පසක් කරන්නට තවත් හොඳම සහතිකයක් වන්නේ මෙම නිර්මාණ සඳහා වෙන්දේසි වලදී ලැබෙන ඔබත් මමත් මවිත වන ලංසු ප්‍රමාණයයි. සල්මාන් විසින් අඳින ලද මවක් සිය පුතු සමග සිටින ඉතාමත් සංවේදී චිත්‍රය ඉන්දියන් රුපියල් කෝටියකට අලෙවි වී තිබෙනවා. එමෙන්ම මෙම නිර්මාණ වලට ලැබිය යුතු නියම මිල නොලැබුනු අවස්ථා වල ඔහු සිය නිර්මාණ වෙන්දේසියෙන් ඉවත් කරගෙන තිබෙනවා.

    www.familylife.lk

    මෙම නිර්මාණ වලින් උපයන සම්පූර්ණ මුදල ඔහු වෙනකරනු ලබන්නේ ලාභ නොලබන සංවිධානයක් ලෙස පිහිටුවා ඇති සල්මාන් ඛාන් පදනමේ අභිවෘද්ධිය සඳහායි. සල්මන් මෙම පදනම පිහිටුවා ඇත්තේ ඉන්දියාවේ දිළිඳු දරුවන්ගේ සෞඛ්‍ය හා අධ්‍යාපනය නගා සිටුවීම සඳහායි.

    සමාජයේ හිතුවක්කාර චරිතයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින චරිතයක සැඟවුනු කථාව එලෙසයි. මෙවැනි බොහෝ යහපත් දේ සිදුකරන සල්මාන් ගේ චරිතටය බොහෝ විට එල්ල වන්නේ මඩ ප්‍රහාරයන්. ඒ මේ ලෝකයේ ඉක්මනින්ම පැතිරෙන්නේ නරකයි යන කතාව ඇත්තක් බව සනාත කරමින්.

    ඔහු පිළිබඳ කොතරම් කටකතා පැතිරුනද ඉන්දියාවේ ඔහුට ඇති රසික ප්‍රතිචාර නම් මදකින් හෝ අඩු වෙන්නේ නෑ. මොකද ඔහුට සිටින්නේ ඔහු වෙනුවෙන් සිය ජීවිතය වුවත් පූජා කිරීමට කැපවුනු රසියකයන් පිරිසක්. කෙසේ වෙතත් එවැනි ආදරයක් අන් අයගෙන ලබා ගන්නට හැකිවීම ඔහුගේ ලොකුම වාසනාවක්.


    මෙම ලිපිය ගැන ඔබගේ අවංක අදහස් කමෙන්ට්ස් ඔස්සේ අපට කියන්න. ඔබ වැනිම රසිකත්වය ප්‍රිය කරන තවත් කෙනෙකුගේ රසවින්දනය සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    32.8 ° C
    32.8 °
    32 °
    65 %
    1.2kmh
    86 %
    Mon
    33 °
    Tue
    30 °
    Wed
    30 °
    Thu
    31 °
    Fri
    30 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු