More
    28.4 C
    Colombo
    Friday, September 4, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    ඔබේ දරුවාගේ නාසයට යම් අනතුරක් සිදුවුවහොත් කළ යුත්තේ කුමක්ද?

    Family Tech Sponsorspot_imgspot_img

    පුංචි දරුවෝ එක විදිහකට තියාගන්න බැහැනේ. කොයි වෙලෙත් දාංගලේ. ඉතින් දඟකරන වෙලාවකට අනතුරක් වෙන්නත් පුළුවන්. ඒ නිසාම දරුවන්ට වාරණ පනවන්න අම්මලා උත්සුක වනවාට වඩා අනතුරු සිදු වන්නට තිබෙන ඉඩ කඩ අවම කරන ගමන්ම අනතුරක් වුණොත් මොකද කරන්නේ කියන කාරණය ගැනත් දැනුවත් වෙලා සිටීමත් වැදගත්නේ. ඒ නිසා අපි familylife.lk දරු සෙනෙහස තුළින් කතා කරමු නාසයට අනතුරක් වුණොත් කළ යුත්තේ කුමක්ද කියලා.

    දරුවන්ගේ නාසයට ඇති වන අනතුරු සැලකුවහොත් නාසය ඉදිරියට නෙරා ඇති නිසා බොහෝ විට දරුවාගේ නාසයට වැදීමකදී, වැටීමකදී සිදුවන්නට හැකි අනතුරු ඉහළයි. කුඩා දරුවන් නාසයේ යමක්‌ සිර කරගැනීමත් නාසයට ඇති වන අනතුරක්. එනිසා එම කාරණා ගැන අවධානය යොමු කරමු.

    දරුවන්ගේ නාසය වැදීමකට ලක්වීම

    මෙන්න මේ කාරණය ගත්තම පෙර පාසල්, පාසල් යන හෝ නිවසේම සිටින විට, දරුවන් දරුවන් සෙල්ලම් කරන විට අනෙක් දරුවාගේ අත හෝ කකුලක් තදින් නාසයේ වැදීම, බෝලය නාසයේ වැදීම, වැටීමේදී නාසය වැදීම ආදී දේ නිසා විවිධ විදිහට අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්.

    මේ කොයි ආකාරයකට හෝ නාසයට අනතුරක් සිදු වුණොත් අපි කලබලයට පත් වෙන්නේ නාසයෙන් ලේ ගලා ඒම හෝ පිටතට පෙනෙන සේ නාසයේ හැඩය වෙනස් වීමකට ලක් වෙලා නම්. නාසයෙන් ලේ ගලා ඒම පිළිබඳව බෙහෙවින්ම බියට පත් වන නිසාවෙන්ම දරුවා වෛද්‍යවරයකු වෙත ගෙන යන තෙක් කළ යුතු ප්‍රථමාධාර පිළිබඳව ඔබ දැනුවත් වන්න

    • මුලින්ම දරුවා සන්සුන් කරවා ගන්න.
    • රුධිරය නාසය තුළින් පිටතට එන පරිදි දරුවාගේ ශරීරය මදක්‌ ඉදිරිපසට නැමෙන ලෙස වාඩි කරවා ගන්න.
    • නාසයේ පිටතින් කැපුම් තුවාලයක් පෙනෙන්නට නොමැති නම් පිරිසිදු රෙදි කඩකින් ලේන්සුවකින් හෝ තුවායකින් නාසය තද කර අල්ලා ගන්න.
    • දැන් නාසය ඇඟිලි දෙකකින් වසාගෙන මුඛයෙන් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට උපදෙස්‌ ලබා දෙන්න.
    • අනතුරට ලක්‌වූ නාසය මත අයිස්‌ කැට තබා එම ස්‌ථානය සිසිල් කිරීමෙන් ලේ ගලා ඒම පාලනය කරන්න.
    • නාසයට අනතුරක් සිදු වූ විට නාසයෙන් ලේ ගලා ඒම හෝ පිටතට පෙනෙන සේ නාසයේ හැඩය වෙනස් වීමකට ලක් නොවී
    • නාසයේ අතුළත බිත්තිය තැලී රුධිරය එකතු වී තිබෙන්නට පුළුවන්. – නාසයේ බිත්තිය මත ලේ කැටියක් ලෙස එකතු වී තිබීම භයානක තත්ත්වයකි. මන්ද යත් නාසය නිමැවී ඇත්තේ කාටිලේජවලින් නිසා එම ලේ කැටි මගින් නාස් බිත්තියට ඇති කරවන පීඩනය හේතු කොටගෙන නාසයේ මැද බිත්තියේ කාටිලේඡ් විනාශ වී නැවත පසු කලෙක සකස්‌ කළ නොහැකි අන්දමට නාසය විකෘති වන්නට වැඩි ඉඩ කඩක් තිබෙන නිසාය.

    මේ කාරණයත් ඔබ මතක තියා ගත යුතුය. බොහෝ විට නාසයේ පිටත ඉදිමුම් හෝ හැඩයේ වෙනසක් ඇති විටක වෛද්‍යවරයා දින කිහිපයක් බලමු යැයි යෝජනා කළ හොත් ඔබ ඒ සඳහා බිය විය යුතු නැහැ. මන්ද ඇතැම් විට ඉදිමුම බැස ගිය පසු නාසයේ හැඩය පෙර පරිදිම යථා තත්ත්වයට ඔබට දැක ගත හැකි නිසා මෙන්ම නාසය කලින් කීවා සේම කාටිලේජ නිමැවුමක් නිසාවෙන් නැවත යථා තත්ත්වයට නිරායාසයෙන්ම පත් වන නිසාත්ය.

    කෙසේ වුවත් නාසයට සිදුවන අනතුරකදී ප්‍රථමාධාර දී දරුවා උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාරද ලබා දෙන්න.

    නාසයේ යමක්‌ සිර වූ විට

    මේ තත්ත්වය නම් බහුලවම කුඩා දරුවන් කරගන්නා අනතුරක්නේ. හැම දෙයක්ම අත් හදා බලන්නට උත්සුක වන කුඩා දරුවන් නාසයට පබලු ඇට, මදටිය, ඔළිඳ වැනි ඇට වර්ග ගල් කැට ආදිය අත් ඔරලෝසු සඳහා ගන්නා බැටරි කැබලි ටීක් බෝල කිසිඳු බරපතලකමක් නොදැන නාසයට දමා ගන්නවා.

    බොහෝ විට මෙසේ නාසයට දමා ගන්නා ද්‍රව්‍ය නිසා ශ්වසන මාර්ගය අවහිර වී ආසාදන වීම හා ඒ අවට ඉන්ද්‍රියන්ද ආසාදනයට ලක් විය හැකිය. ඇතැම් විට දරුවාටද තමන් යමක් නාසයට දමා ගත් බව අමතක වන්නට පුළුවන්. වගේම කුඩාම දරුවන්ට එය කියා ගන්නට නොහැකි වන්නටත් පුළුවන්.

    • දරුවා යමක්‌ නාසයට දමාගත් බව අගවන්නේ නම් හෝ පවසන්නේ නම්
    • නාසයේ යමක් සිරවී ඇති බව පිටතින් දකින්නට ලැබේ නම
    • හුස්ම ගැනීමේදී අසාමාන්‍ය ශබ්දයක්‌ ඇසේ නම්
    • නාසයෙන් දියරයක්‌ හෝ සැරව ගලා ඒ නම්
    • නාසයෙන් දුඟදක්‌ හමා ඒ නම්

    යන කාරණා දරුවා වෙතින් පෙන්නුම් කරයි නම් වහාම දරුවා උගුර කන නාසය සායනයකට කැදවා ගෙන යන්න. එතෙක් පහත ප්‍රථමාධාර ලබා දෙන්න.

    • තරමක් අපහසු වුවත් මුලින්ම දරුවා සන්සුන් කරවා ගන්න.
    • නාසයේ යම් දෙයක් සිරවී ඇත්නම් ඔබ අඬු, පෑන් බට, පැන්සල් ආදී කිසිවක් දමා ඉවත් කිරීමට නොයන්න.
    • එය ශ්වසන මාර්ගයට ඇතුළු වුවහොත් දරුවාගේ තත්ත්වයේ බරපතලකම තවත් වැඩිකරන්නට හේතුවක් වන්නට පුළුවන්.
    • හැකිතාක් නාසයෙන් හුස්ම ගැනීම නවත්වා, කටින් හුස්ම ගැනීමට සලස්වන්න. එමගින් හුස්ම ඉහළට ගැනීමේදී නාසයේ සිර වී ඇති දෙය තව තවත් ඉහළට තද වීම වළක්වාගත හැකිය.

    දරුවන් දඟකාරය. එහෙයින් ඔවුන් වෙත වැඩි අවධානයක් යොමු කළ යුතුය.


    www.familylife.lkමෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් මාලඹේ, නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ උගුර, කන, නාසය හා ගෙල පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    light rain
    28.4 ° C
    28.4 °
    28 °
    83 %
    5.1kmh
    4 %
    Thu
    28 °
    Fri
    31 °
    Sat
    31 °
    Sun
    29 °
    Mon
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු