fbpx
More
    27 C
    Colombo
    Monday, October 7, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    එදිනෙදා භාවිත කරන මුළුතැන්ගෙයි උපකරණ ගැන මේ කරුණු ඔබ දන්නවාද?

    Family Tech Sponsorspot_imgspot_img

    ආහාර යනු අප සැමට ජීවත් වීම සඳහා නැතිවම බැරි දෙයක්. මේ නිසා අපි විවිධ ආහාර වර්ග හා ඒවා සැකසීම සඳහා විවිධ ක්‍රම භාවිත කරනවා. එසේ ආහාර සැකසීම සඳහා අපි යොදාගන්නා විවිධ ක්‍රමවලදී නොයෙකුත් උපකරණ භාවිතයට අපි පුරුදු වෙලා. ඇතැම් උපකරණ ආහාර සැකසීමටත් ඇතැම් උපකරණ ආහාර පිසීමටත් යොදාගන්නවා. මේ අතරින් වැඩි වශයෙන් භාවිත වන උපකරණ පිළිබඳව පොදුවේ වැදගත් වන කරුණු කිහිපයක් familylife.lk ෆැමිලි චෙෆ් තුළින් ඔබට ගෙන එනවා

    •  රයිස්‌ කුකරය (Rice Cooker) බත් ඉවීම සඳහා යොදාගන්නා රයිස්‌ කුකරය බත උණුසුම්ව තබාගැනීමට ද උපකාරී වේ. විදුලියෙන් ක්‍රියා කරන රයිස්‌ කුකරයක කාර්යක්ෂමතාව සාමාන්‍යයෙන් වොට්‌ 600 පමණ සිට ඉහළට වේ. ඒ වෙනුවට ගෑස්‌ උඳුනක්‌ මත තබන පීඩන උදුනක්‌ (Pressure Cooker) යොදාගැනීමෙන් බලශක්තියෙන් 50-75% පමණ ඉතිරි කරගත හැකි ය.
    • තාපන තැටිය (Hot Plate) ඉවීම සඳහා යොදාගන්නා සරල උදුනකි. විදුලි තාපන තැටියක ක්‌ෂමතාව වොට්‌ 1000 සිට ඉහළට තරම් ය. ගෑස්‌ උදුන මීට යෝග්‍ය විකල්පයකි.
    • විදුලි උදුන් (electric stove- electric cooker) හා විදුලි පෝරණුව (electric oven) විවිධ ආහාර වර්ග රැසක්‌ සැකසීම සඳහා මේ විදුලි උදුන් හා විදුලි පෝරණු යොදාගැනේ. මේවායේ ක්‌ෂමතාව හා විදුලි භාවිතය ඉතා අධික ය. (වොට්‌ 2000 සිට ඉහළට). මයික්‍රොවේව් උදුනක භාවිත වන විදුලි බලය ඊට වඩා අඩු වන නිසා විදුලි පෝරණුවකට වඩා මයික්‍රෝ වේව් උදුනක්‌ භාවිතය යෝග්‍යය.
    • කේතලය හා හීටරය  – ජලය උණුසුම් කිරීම සඳහා යොදාගන්නා උපකරණ අතර කේතලය හා හීටරය වඩා සුලබ ව භාවිත වේ. විදුලි කේතලයක්‌ හා විදුලි හීටරයක සාමාන්‍ය ක්‌ෂමතාව වොට්‌ 1000 සිට ඉහළට විය හැකි ය. විදුලියෙන් ක්‍රියා කරන මේ උපකරණ වෙනුවට ගෑස්‌ ලිපක තබන කේතලයක්‌ යොදාගැනීම යෝග්‍යය. හීටරය යොදාගත යුත්තේ අවම වශයෙනි.
    • වෙනත් උපකරණ බ්ලෙන්ඩරය, ඇඹරුම් යන්ත්‍රය, ටෝස්‌ටරය වැනි වෙනත් විවිධ උපකරණ රැසක්‌ ද ආහාර පිළියෙල කිරීමේ දී භාවිත වේ. මේවායේ ක්‌ෂමතාව සාපේක්‌ෂව අඩු වන අතර භාවිතයට ගැනෙන්නේ සාපේක්‌ෂව අඩු කාලයකි.
    www.familylife.lk
    ©riddlesappliance.weebly.com

    මේ උපකරණ පමණක්‌ නොව ඉවුම් පිහුම් සඳහා යොදාගන්නා වෙනත් උපකරණ හා බලශක්‌ති ප්‍රභව පිළිබඳව අප සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්‌ මෙසේ ය.

    අප කළ යුතු දේ

    • ආහාර පිසීම සඳහා විදුලි උදුන්, විදුලි කේතල හා තාපන තැටි භාවිත කිරීමෙන් වැළකීම හෝ අවම කිරීම ඉතා වැදගත් ය.
    • ආහාර සැකසීමේ විදුලි උපකරණ භාවිත කරන්නේ නම්, ඒවායේ සඳහන් ක්‌ෂමතාව හා පැයක්‌ භාවිත කිරීමේ දී වැය වන විදුලි ඒකක ගණන ගැන අවබෝධයක්‌ ලබාගැනීම වැදගත් ය.
    • ද්‍රව පෙට්රෝලියම් වායු (LP ගෑස්‌), දර, ජීව වායුව හෝ වෙනත් ඉන්ධන වර්ග ආහාර පිසීම සඳහා යොදාගත හැකි ය.ඒවා අවශ්‍යතාව හා ප්‍රදේශයේ සුලබතාව අනුව තෝරාගත හැකි ය.
    • ආහාර පිසීමේ දී සිදු වන තාප හානි වීම අවම කිරීම සඳහා පිසින බදුන් තෝරා ගත යුතුය.
    • පැතැලි පත්ලක්‌ සහිත බඳුන් වඩා යෝග්‍යය. (පත්ල රවුම් බඳුන්වලින් තාපය හානි වේ).
    • තාප සන්නායකතාව ඉහළ වානේ හෝ වෙනත් ලෝහමය ද්‍රව්‍යවලින් කළ බඳුන් භාවිත කිරීම. (මැටි වළං රත් කිරීමට වැඩි තාපයක්‌ අවශ්‍යය). වඩා කාර්යක්‌ෂම ආහාර පිසින බඳුන් වෙළෙඳපොළේ ඇත. මැටි බඳුන් භාවිත කළ යුතුම නම්, ඝනකම අඩු හා පැතැලි පත්ලක්‌ සහිත බඳුන් භාවිත කළ හැකිය.
    • ලිපේ ඇති දාහකයේ (Burner) ප්‍රමාණයට සමාන හෝ මදක්‌ විශාල බඳුන් භාවිත කිරීම.
    • බඳුන දෙපසින් ගිනි දැල්ලක්‌ පිටතට විහිදීම තාප හානියකි.
    • සාමාන්‍ය බඳුනක්‌ වෙනුවට පීඩන බඳුනක්‌ (Pressure Cooker) යොදා ගැනීම යෝග්‍යය.
    • හැකි හැම විටම ආහාර පිසීමේ දී බඳුන් වසා තබන්න. (බඳුන් වසා පිසීමේ දී වැය වන්නේ විවෘතව පිසීමේ දී මෙන් තුනෙන් එකක්‌ තරම් තාපයකි).

    ආහාර පිසීමේ දී පහත කරුණු ගැන සැලකිලිමත් වීම වැදගත් ය.

    • ක්‍රමානුකූලව ආහාර පිසීම – වැඩි තාපයක්‌ අවශ්‍ය ආහාරවල සිට අඩු තාපයක්‌ අවශ්‍ය ආහාර දක්‌වා ආහාර පිසීමෙන් තාප හානිය අඩු වේ.
    • ආහාර අධික ලෙස පීසීමෙන් වැළකීම අනවශ්‍ය තරම් අධික ලෙස පිසීමෙන් ආහාරවල රස වෙනස්‌ වන අතර බලශක්‌තිය ද අපතේ යයි.
    • අවශ්‍ය ප්‍රමාණයට පමණක්‌ ජලය එක්‌ කිරීම.
    • ඇතැම් එළවළු හා පලතුරු අමුවෙන් ආහාරයට ගැනීමෙන් පෝෂණ ගුණය රැකගනිමින් බලශක්‌තිය ද ඉතිරි කරගත හැකි ය.
    • ආහාර පිසින උදුන පිළිබඳව ද සැලකිලිමත් විය යුතු ය.
    • ලිප මනා තත්ත්වයෙන් නඩත්තු කිරීම හා පිරිසිදුව තබා ගැනීම – කළු පැහැති දාහකවලින් තාපය උරාගන්නා අතර ඒවා දිළිසෙන ලෙසින් පවත්වාගැනීම යෝග්‍යය.
    • පෝරණුවක්‌ භාවිත කරන විට ඒ සඳහා ගැළපෙන බඳුන් යොදාගැනීම යෝග්‍යය.
    • පෝරණුව භාවිත කිරීමේ දී එහි දොර නිතර ඇරීමෙන් වළකින්න. ඉන් තාපය හානි වේ.
    • ශීත කළ ආහාර ලිප තැබීමට පෙර සාමාන්‍ය උෂ්ණත්වයට පත් වන තුරු තැබීමෙන් බලශක්‌තිය ඉතිරි වේ.
    • කාරණය සඳහා යෝග්‍ය උපකරණ යොදාගැනීම වැදගත් ය – නිදසුනක්‌ ලෙස ගත හොත් පාන් ටෝස්‌ට්‌ කිරීමට පෝරණුවක්‌ නොව ටෝස්‌ටරයක්‌ ප්‍රමාණවත් ය.

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම් නොමසුරුව ලබා දුන් කථිකාචාර්ය, ප්‍රවීණ සූපවේදී සුමින්ද ලියනගේ මහාතා දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    කවරයේ ඡායාරූපය – i5.walmartimages.com

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    moderate rain
    27 ° C
    27 °
    27 °
    81 %
    2.2kmh
    100 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    27 °
    Thu
    26 °
    Fri
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු