fbpx
More
    23.9 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    අම්මලාගෙ ෆැෂන්ස්, වෙනම දුම්රිය මැදිරි සහ අපි යන්නේ කොහාටද?

    Family Tech Sponsorspot_imgspot_img

    අම්මලාගෙ ෆැෂන්ස් (විලාසිතා) වැඩියි කියන එක අපේ කාලයේ අම්මලාට තියෙන චෝදනාවක් . ඒත් familylife.lk අපි නම් ඒකට විරුද්ධයි. ඉතිං මේ දවස් වල රටේ තොටේ වෙන දේවලුත් එක්ක කාලීනයි කියල හිතල අපි ෆැමිලි ටුඩේ තුළින් මේ විදිහෙ අදහසක් ගේන්නෙ ඔබේ අදහසත් දැනගන්ත් එක්කයි. ලිපිය කියවල ඔබේ අදහසත් කමෙන්ට් කරන්න අපි ඔබට මුලින්ම ආරාධනා කරනව.

    අම්මලා ලස්සනට ඉන්න ඕන. ඒවගේම මේකම සමහරු කියන වෙනස් විදියක් තමයි අම්මලා ෆැෂන් කරාට කමක් නෑ, හැබැයි තරමට නොගැලපෙන ෆැෂන් කරන්න හොඳ නෑ කියන එක. අපි ඒකටත් විරුද්ධයි. අම්මලා විතරක් නෙමෙයි කවුරුත්ම තරමට නොගැලපෙන ෆැෂන් කරන්න ඕන නෑ. සමහර අම්මලා දරුවො කරගහගෙන යද්දි පහසුවට අඳින ඇඳුම සමහරුන්ට පේන්නෙ වැරදි විදියට. තවත් සමහර අම්මලා වෘත්තීය ජීවිතය වෙනුවෙන් නියම වුනු ඇඳුම් අඳිද්දි සමහරු ඒක දකින්නෙත් වැරදි විදියට. ගැහැනියකට වැරැද්ද පටවන්න බලං ඉන්න සමාජයක අම්මලාට මේ විදියෙ කතා අහන්න වෙන එක සාමාන්‍ය දෙයක් තමයි. හැබැයි සාමාන්‍ය දෙයක් කියලා අත පිහදාගන්න බැහැ.

    අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා – පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා

    කියලනෙ කතාවට කියන්නෙ.

    ඔන්න මෙහෙමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නෙ. හැබැයි පුතා දූ කියල නෑ. කතාව එකයි. ඔන්න අම්මා දරුවෙක් වදපු ගමන්ම ගෙදර වියදම වැඩි වෙනවා. ඉතිං තාත්තට සිද්ධ වෙනවා ඕවර් ටයිම් කරන්න. එහෙමත් නැත්තං පාර්ට් ටයිම් රස්සාවක් හොයාගන්න. අම්මා මාස හයක් ගෙදර. දරුවා ඒ වෙද්දි කිරි විතරක් බීලා ඉවරයි.

    දැන් දරුවාට අතිරේක ආහාර පටන් ගන්න ඕනෙ කාලෙ. කෑමට ගුණ දේවල් ගේන්න ඕන. ගෙදර වියදම වැඩිවෙලා. අම්මා ජොබ් එකට ගියත්, අම්මට ඉක්මනින් ගෙදර එන්න සිද්ධ වෙන ට්‍රාන්ස්පෝට් වියදම්, අම්මගෙ මහත් වුනු ඇඟට ඕන අලුත් ඇඳුම් වියදම් එක්ක ඒ පඩිය සුනුවිසුනු වෙලා ගිහින්.

    ඉතිං තාත්තා තවත් හිර වෙනවා. තාත්තා රස්සාවට හිර වෙනවා කියන්නෙ අම්මා බුරුල් වෙනවා කියන එකට නෙමෙයි. අම්මට සිද්ධ වෙනවා දරුවට හිරවෙන්න. දරුවා ගැන හොයන්න, ඩේ කෙයාවලට ඇරලවන්න සහ අරගන්න, නරක පුරුදුවලින් දුරුකරවන්න, පරිස්සම ගැන බලන්න, උයන්න පිහන්න, රෙදි කඳු හෝදන්න, ගෙවල් අස්කරන්න. මේ ඔක්කොම අම්මට. ඕක තමයි සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක කතාව.

    සමහරු මේකට විසඳුමක් විදියට තාත්තා තව චුට්ටක් හිර වෙලා හරි ඩේ කෙයා, ට්‍රාන්ස්පෝට්, ඇඳුම්, ආහාර වියදම් අවම කරන්න හිතාගෙන අම්මා ගෙදර නවතිනවා. ඊටපස්සෙ තත්ත්වෙ දරුණු වෙන්නෙ විෂාදය වගේ මට්ටමට අම්මගෙ මනසත්, අම්මගෙන් ගුටි කන දරුවගේ මනසත් ගිහිල්ලයි. ඕක කිසිවකුගේ උදවුවක් නැතුව දරුවෙක් උස් මහත් කරන ලංකාවෙ මධ්‍යම පාන්තික අම්මෙකුටයි තාත්තෙකුටයි උරුම දෙයක්.

    මේ අස්සෙ එනව අම්මලාගෙ ෆැෂන්ස් කතාව. ගැහැනියක් කියන්නෙ කෙලෙස් නසපු කෙනෙක් නෙමෙයි. එයාලටත් තියෙනව ආසාවන්. ඉස්කෝලෙ කාලෙ පිස්සු නට නට ඉඳලා, ඉගෙනගෙන, රස්සාවක් කරලා තමුන්ම වියදම් කරලා ලස්සනට ජීවත් වෙච්ච ගෑනු ළමයෙක් අවුරුදු තුනක හතරක දරුවෙක් ඉඳිද්දි අකලට නාකි වෙන්න ගන්නව.ඇඟ මහත් වෙනවා. දරුවා කොයි වෙලෙත් කන්න බෑ කිය කිය අඬනව. ඉතිං ස්ට්‍රෙස් එනවා. ස්ට්‍රෙස් එද්දි කෑම රුචිය වැඩි වෙනවා. ඒ නිසා කෑම කනවා. ආයෙත් මහත් වෙනවා. ඕක තමයි ජීවන චක්‍රය.

    ඉතිං එයාලා හිත සතුටින් තියාගන්න ෆේස්බුක් එනවා, යාලුවො මුණගැහෙනවා, ෆැෂන් කරනවා, සලෝන් යනවා. යාලුවො මුණගැහුනම දරුවො නැති යාලුවො බොහොම නිදහසේ ඉන්නව දැක්කම තවත් ස්ට්‍රෙස්. ෆේස්බුක් ආවම එතන අම්මලගෙ සමූහ වල ප්‍රශ්න දැකලා තවත් ස්ට්‍රෙස්. ෆිටෝන් කරන කරන ඇඳුම හරියන්නෙ නැතිවුනාම ඊට වඩා ස්ට්‍රෙස්. ඕකයි තත්ත්වෙ.

    ඉතිං අම්මෙක්ව ඇඳුමකින් මනින එක කිසිසේත්ම නොකළ යුතු දෙයක්. අම්මෙක් විතරක් නෙමෙයි කවුරු වුනත් දැනගන්න ඕන ලෝකෙට විහිළුවක් නොවෙන්න අඳින්න පළඳින්න. ඒ වගේම අම්මෙක් දැනගන්න ඕන කිරි දෙන දිහාත් කට ඇරන් බලං ඉන්න අය මේ සමජෙ ඉන්න විත්තිය. දරුවාව වඩා ගනිද්දි බොත්තමක් බුරුල් වුනත් එබිලා බලන පිරිමි ඉන්න විත්තිය.


    ඒ අස්සෙ රට ඇතුළෙ විවිධ නීති ක්‍රියාත්මක වෙන්න ගන්නව. කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරි වෙන්වෙනවා. ඒ දුම්රිය මැදිරි දෙකේ ඉඩ මදි වුනොත් කාන්තාවකට යන්න වෙන්නෙ අනෙක් දුම්රියේ. එහෙම යන කාන්තාව නිර්දය විදියට “ගනිකාවක් (ඇත්තම වචනෙ බඩුවක්)” කියලා හඳුන්වන්නට අපේ බොහෝමයක් ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලා සූදානම්. එහෙම නැතත් මෙහෙම අය ගාවට සමහර පිරිමි වෙනදාට වඩා ලංවෙන්නත් පුළුවන්.
    එහෙමත් නැත්නම් පෙම්වතා හෝ සැමියා එක්ක යන්න උවමනා නිසා අනෙක් මැදිරියකට ගොඩවෙන ගැහැනියටත් ඒ සන්තෑසියමයි.

    ඒ අතරෙ පාසලට එන අම්මලා සාරි ඇඳගෙන ආ යුතුයි කියලා නීතියක් එනවා. තමුන් විශේෂ දෙමවුපිය හමුවකට පාසලට යනවා කියන එක අම්මෙකුට කාර්යාලයට ඇඳිය යුතු විදියෙ ඇඳුමක් නොඅඳින්න හේතුවක් නෙමෙයි. ඉතිං මේවා ෆැෂන් නිසා පැන නගින හේතු නෙමෙයි කියන එක ඕනම කෙනෙකුට තේරෙනවනෙ.

    මේවට කොහෙන්ද විසඳුම් තියෙන්නෙ. ඉතිං අම්මලා බැරි අමාරුවෙන් හරි කාන්තා කෝච්චි පෙට්ටියෙ හිර වෙලා යනවා. ඔෆිස් එකේ ඉන් එක ගහලා සාරියක් ඇඳගෙන ඉස්කෝලෙට ගිහින් ආයෙත් ඔෆිස් ඇවිත් ඒ ඕන කරන විදියෙ ඇඳුමට මාරු වෙනවා. ඒ අස්සෙ මහ පාරෙ අතගාන්න බලාගෙන ඉන්න අයගෙන්, එබිලා බලන අයගෙන් බේරෙන්නත් විදි හොයනවා.

    මේ බොහෝමයක් ප්‍රශ්නවලට විසඳුම් හොයන්න වෙන්නෙ මාධ්‍යම පාන්තික සහ තනිව වෙසෙන පවුල්වලට. මේවා කොයි කාට ප්‍රශ්න වුනත් මේකට විසඳුම අම්මලා ෆැෂන් නොකර නිට්ටෑවො වගේ ජීවත් වීම නෙමෙයි. අම්මලා තමුන් කැමති තමුන්ට සුදුසු විදියට ලස්සනට ජීවත් වෙන්න ඕන. අම්මලාගෙ ෆැෂන්ස් වලට තාත්තලාගෙනුත් උදවුවක් ලැබෙනවානං වඩා පහසුවක් වේවි.

    ඒ වගේම ඒ දේ ලංකාවේ ගැහැනුන්ට ප්‍රශ්නයක් නොවෙන්න රටත් වෙනස් වෙන්න ඕන. අපි හැමදාම පාර්ලිමේන්තුවේ ඉන්න දෙසීයවිසිපහ පිටට වැරැද්ද දාලා හිටියට මේ හැමදේටම වැරදි ඒ දෙසීය විසිපහෙන් පාලනය වෙන කෝටි දෙකක අපි. ඒ ආකල්ප හරි විදියට හැදිලා රටක් විදියට දියුණු වෙන එක සමාජයේ උඩ ඉඳන් පහළටම දශක ගානක් තිස්සෙ කුණු වෙච්ච අපේ රටට තාර්කිකව ගැලපෙන්නෙ නෑ.

    එනිසා මේ උත්සාහය එකිනෙකා හැදෙන්න. එකිනෙකා හැදිලා ඒ මතින් දියුණු වෙන රටක හීනය දකින්න. ඒ ආකල්ප ප්‍රශ්නයට අපේ මාතෘකාව වෙච්ච අම්මලා සහ ෆැෂන් කියන දෙයින්ම හොඳ හේතු හොයාගන්න පුළුවන්.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    23.9 ° C
    23.9 °
    21 °
    92 %
    2.7kmh
    74 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු