fbpx
More
    23.9 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    බර අඩු කර ගෙන කැත බඩ නැතිකර ගන්නෙ මෙහෙමයි

    Family Tech Sponsorspot_imgspot_img

    බර අඩු කර ගෙන ශරීරය මනාව හැඩට වැඩට තියාගන්න අපි කවුරුත් කැමතියි. ඒත් අපට ඇති අවිවේකී ජිවන රටාවත් එක්ක ඒ වෙනුවෙන් කැපවෙන්න පුළුවන් ඉතාම සුළු පිරිසකට පමණයි. එහෙම කියල හැමදේම අතාරිනවට වඩා familylife.lk ෆැමිලි ෆැෂන් තුලින් ගෙන එන මේ සරල දේවල් ටික කරන්න පුළුවන්ද කියල.

    මුහුණ, කට, නහය මොනතරම් ලස්සනට තිබුනත් තරබාරු නම් ඇත්තටම මුලින් කී සියල්ලටම වඩා ඉස්මතු වෙන්නේ ඒ සිරුරේ හැඩක් නැති බවයි. ඒ වගේම ඇදුමක් අදින්න, විලාසිතාවක් කරන්න, දුරක් ඇවිදින්න වගේම විවිධ රෝගාබාධයන්ටත් හේතු වෙනවා.ඒ විතරක්යැ. කාටවත් මේ ගැන චෝදනා කරන්නත් බැහැ. එහෙමනම් තමන්ගේ හැඩ ඉස්මතු කර ගන්නා විදිහට සිරුරට සත්කාර කරන්නේ කොහොමද…?

    • උදේ ආහාරය

    අනේ තව ඉතින් කකා ඉන්න ගියොත් අදත් රතු ඉර කියලා නෝක්කාඩු කියමින් උදේ ආහාර වේල මග ඇරියොත් එයින් අමාරුවේ වැටෙන්නේ ඔබමයි. හැබැයි ගෙදරින් උදේ නොකා ගියත් අතරමගදී බඩගින්න ඉවසා දරා ගත නොහැකි වුනාම කේක් කැබැල්ලක්, එහෙමන නැත්නම් පැටිස්, රෝල්ස් හෝ වෙනත් බර්ගර් ජාතියකින් බඩ පුරවා ගනන්ත් මග අරින්නේ නැහැ. එතැනින්ම ඔබ අවුට්. දැන් උදේ ඉඳලා නිරාහාරව සිටීමෙන් අමතර කැලරි දහනය වීමත් සමග මේ ක්ෂනික ආහාර නිසා සිරුරේ බර වැඩි වෙනවා.

    • වැඩිපුර එළවලු ආහාරයට ගන්න

    අද බොහොම දෙනොගේ ආහාරයෙන් එලවලු සහ පළතුරු දෙකම ඉවත් වෙලා. එකක් කාර්ය බහුල ජීවිතය නිසා එළවලු කපන්න, කොටන්න බැහැ කියන අසීරුතාවයයි. අනිත් අතට තෙල් බත් වර්ග නිසා පහසුවට මුල් තැන ලැබීමයි. ඒ වුනත් ඔබේ සිරුරේ තන්තු අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම එලවලු සහ පළතුරු මත පවරන්න පුලුවනි. දිනකට එළවලු වර්ග කිපයක් හා පළතුරු එකතු කර ගැනීමෙන් මේද අවශෝෂණය වගේම බර පාලනය වෙනවා.

    • ව්‍යායාම
    බර අඩු කර

    ව්‍යායාමත් ජීවිතයටත් ඉතා වැදගත්. දිවා ආහාරයෙන් පසුව ඔබ සුව නින්දක් ලබනවා නම් මතක ඇතුව හැන්දෑවටත් කය වෙහෙසන ව්‍යායාමයක් වෙනුවෙන් යොමු වෙන්න. ගෙවත්තේ මල්වලට වතුර දැමීම, ටිකක් ඇවිදීම වගේ පුංචි ව්‍යායාමයක් වුනත් හොදයි. දිනකට විනාඩි 20 ක් බැගින් සතියකට දින පහක්වත් ව්‍යායාමයන්හි නිරත වුනොත් සිරුරේ බර පාලනය කර ගැනීම එතරම් අපහසුවක් නැහැ. කාර්යාලයක සේවය කරනවා නම් දිවා ආහාරයෙන් පසුව ඇවිත් නැවත ඉදගන්න එපා. ටිකක් හෝ ව්‍යායාමයක නිතර වෙනන්. හවසට වුනත් බසයෙන් බැහැලා කුලි රථයක් හොයන්නනේ නැතුව ඇවිදින දුරක නම් ඇවිද ගෙන යන්නත් පුලුවන් නේද?

     අද බොහෝ රටවල්වල පාපැදි වලින් ගමනාගමනය ට වැඩි උනන්දුවක් දක්වනවා. ඉතින් අපේ අයටත් මේ තත්වය ආදේශය කර ගනන් පුලුවනි. එයින් සිරුරට ව්‍යායාමයක් වගේම පරිසරයටත් වාසියක් ලැබෙනවා. ඉන්ධන වෙනුවෙන් යන වියදමත් ඉතුරුයි.

    • නටන්න, යෝග ව්‍යායාම, හොදයි..

    ඇවිදින්න නොහැකි නම් නිවසේ ඉදන් වුනත් නටන්න, යෝග ව්‍යායාම, කරන්න කිසිම බාධාවක් නැහැ. ටිකක් දහඩිය වැටෙන ව්‍යයාම වඩාත් වැදගත්. ඒ නිසා ඔබේ කාලවේලාව අනුව, ඔබට පහසු හෝ කළ හැකි පහසු ව්‍යායාමයක් තෝරා ගැනීමට කිසිම බාධාවක් නැහැ.

    • හොදින් ජලය පානය කරන්න
    බර අඩු කර

    වතුර බීම බර අඩු කර ගැනීමට වගේම තවත් බොහොම වාසි

    • උදේ අවදි වුන ගමන් ජලය වීදුරු දෙකක් පානය කරන්න. සියලුම ඉන්ද්‍රියන් ප්‍රබෝධමත් වේ. උදේ ආහාරයට පැය බාගයකට පෙරාතුව වතුර වීදුරුවක් බොන්න. ආහාර අවශෝෂනය වේ.
    • ස්නානයට පැය බාගයකට පෙරාතුව වතුර වීදුරුවක් බොන්න ඔබේ රුධිර පීඩනය හොඳ මට්ටමක තබා ගත හැකියි.
    • රාත්‍රි නින්දට පෙර වතුර වීදුරුවක් බොන්න. හදවත ආරක්ෂා වෙනවා.

    කැත බඩයි. වැඩි බරයි අඩු කර ගන්න නම් මේ විදිහට වතුර බොන්න. ඔබේ බරට සාපේක්ෂව ගත යුතු වතුර පරිමාව මේ විදිහට දක්වා තිබෙනවා. සාමානයයෙන් බර කිලෝග්‍රෑම් පහක් අතරට ජලය වැඩි කර ගත යුතු රටාව මේ වගුව දිහා බැලීමෙන් ඔබට අධ්‍යනය කර ගන්න පුලුවනි.

    ඔබේ සිරුරේ බර වතුර ප්‍රමාණය
    කිලෝ- 45 ලීටර් 1.9
    කිලෝ  50 ලීටර් 2.1
    කිලෝ -55 ලීටර් 2.3
    කිලෝ-60 ලීටර් 2.5
    කිලෝ 65 ලීටර් 2.7
    කිලෝ 70 ලීටර් 2.9
    කිලෝ 75 ලීටර් 3.1
    කිලෝ 80 ලීටර් 3.3
    කිලෝ 85 ලීටර් 3.5
    කිලෝ 90 ලීටර් 3.7
    කිලෝ 95 ලීටර් 3.9

    අන්තර්ජාලය ඇසුරිණි.

    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    23.9 ° C
    23.9 °
    21 °
    92 %
    2.7kmh
    74 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු