fbpx
More
    23.9 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    නැන්දම්මා එක්ක ඉහ ගහන් ඉන්න අමාරු නම් කියවන්න…

    Family Tech Sponsorspot_imgspot_img

    නැන්දම්මා ලේලි සංග්‍රාමය කියන ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නවලින් එකක් ගැන ෆැමිලි ටුඩේ මේ ලිපියෙන් කතා බහ කරන්න familylife.lk අපි හිතුවා. වාසනාවන්ත ලේලිලා බොහොම සුළු ප්‍රමාණයක් හිටියට බහුතර ලේලිලට “අනේ මට නම් ඉන්නේ අම්මටත් වඩා හොද නැන්දම්මෙක්” කියලා කියන්න හැකියාවක් නෑ.

    මේකේ තියෙන පුදුමාකාරම දේ තමයි එක්තරා කාල සීමාවකදී ලේලි කෙනෙක් වෙලා ඉදලා තමන්ගේ නැන්දම්මගෙන් ගැහැට විදපු කෙනාම තමන්ගේ පුතා බිරිදක් ගෙදරට ගෙනාවම ඒ හිරිහැර ටිකම තමන්ගේ ලේලිටත් කරන එක. ඒ කියන්නේ මේක නිකන් චක්‍රයක් වගේ. ඉවරයක් නෑ. මේ දේවල් නැත්තටම නැති කරන එක කීයටවටත් කරන්න බැරි දෙයක් වුනත් අපි හිතුවා පොඩි පොඩි ටිප්ස් ටිකක් ලබා දෙන්න. බලන්න මේ දේවල් වලින් ඔයාටත් ප්‍රයෝජනයක් තියෙයිද කියලා.

    නැන්දම්මා

    ලේසිම දේ 

    ලේසිම දේ විතරක් නෙවෙයි හොදම දේත් මේකම තමයි. කසාද බැන්දට පස්සේ දෙන්නගෙන් එක්කනෙක්ගේ වත් දෙමව්පියෝ එක්ක ඉන්නේ නැතුව වෙනමම පදිංචි වෙන එක. මෙතනදී ලැබෙන නිදහස ගැන වචනයෙන් කියලා නිම කරන්න නම් බෑ. කැමති විදියට කන්න බොන්න, නිදාගන්න, ආදරේ පාන්න වගේ තමන් කැමති ඕනි දෙයක් ඕනි හැටියට කරන්න නිදහස තියෙනවා.

    නැන්දම්මා පුප්පන්නවා වගේ තේරිගෙන එනකොටම මේ ඔප්ෂන් එකට යන එකෙන් ජීවිත කාලෙටම හොද හිත තියාගන්න පුළුවන්. හස්බන්ඩ් යමක් කමක් තේරුම්ගන්න පුළුවන් ඔළුවක් තියන කෙනෙක් නම් මහ ගෙදරින් පැනගන්න එක තවත් ලේසියි.

    අතේ දුරින් තියාගන්න 

    හැමෝටම මහ ගෙදර දාලා තමන්ගේම ගෙදරකටවත්, කුලියටවත් යන්න බැරි වෙන්න විවිධ හේතු තියෙනවා. ඒ වෙලාවට ඉතින් කාගෙන කොහොම හරි ඉන්න වෙනවා. සමහර නැන්දම්මලා ඉන්නවා ඇත්තටම දේව දූතිකාවෝ වගේ ගුණ යහපත් උදවිය. සමහරු ඉන්නවා යකා වගේ තරහ ගත්තත් හිත හොද අය. අවශ්‍ය වෙලාවට පණ වුනත් දෙයි.

    එයාලා එක්කනම් කරේ නැගගෙන හිටියට කමක් නෑ. අතේ දුරින් ඉන්න කියන්නේ ඒ කුලක දෙකටම අයිති නොවෙන අයත් එක්ක. කසාද බැදලා ඒ ගෙදරට යන්න කලින් ටිකක් හරි නැන්දම්මා ගැන අයිඩියා එකක් තියෙනවනේ. ඉහ ගහගෙන ඉන්න බැරි ජාතියේ එක්කනෙක් නම් අතේ දුරින් තියාගන්න. හැබැයි කිසිම වෙනස්කමක් නම් කරන්න එපා.

    එයාලට වියදමට සල්ලි දුන්නනම් ඒවා ඒ විදියටම කරගෙන, ඉස්සර වගේ දෙන්න අමාරුයි නම් ඒවා හස්බන්ඩ් ලවා කාරුණිකව පැහැදිලි කරලා දීලා. උයන එකට උදව් කරලා ගෙදර වැඩට උදව් කරලා සාමාන්‍ය විදියට කතා කරලා පාඩුවේ ඉන්න.

    හස්බන්ඩ්ට හැම දේම කියන්න.

    යමක් කමක් තේරුම් ගන්න පුළුවන් හස්බන්ඩ් කෙනෙක් නම් ඉන්නේ සිද්ධ වෙන දේවල් ගැන කතා බහ කරලා හොද තීරණයකට එන්න පුළුවන්. එහෙම බැරි අයත් ඉන්නවනේ. ඒ කියන්නේ අම්මලාගේ පෙනහල්ලෙන් හුස්ම ගන්න පුතාලා අම්මා හරි වුනත් වැරදි වුනත් ගන්නේ අම්මගේ පැත්තම විතරයි. ඒ වගේ වෙලාවට ටිකක් උපක්‍රමශීලී වෙලා සාක්ෂි එකතු කරගන්න. ස්මාර්ට් ෆෝන් වල වීඩියෝ කරන්න, රෙකොර්ඩ් කරන්න එහෙම පුළුවන්නේ.

    ඒ සාක්ෂි අවශ්‍ය වෙලාවට පාවිච්චියට ගන්න. රණ්ඩුවට ගිහින් හත්පොළේ ගාගන්න එහෙම එපා. හැබැයි මේ සාක්ෂි එකතු කරන්නේ ඇත්තටම දුෂ්ට නැන්දම්මලට විරුද්ධව මිසක් තමන්ගේ හිතේ තියෙන දුෂ්ටකමට අම්මලා පුතාලා කොටවන්න එහෙම නෙවෙයි කියන එකත් මතක තියාගන්න. එහෙම කරනවානම් ඒවා හොද වැඩ නෙවෙයි.

    පෙනේ පුප්පන්න 

    නයෙක් වුනත් ඉදලා හිටලා හරි පෙනේ පිප්පුවේ නැත්තන් දර මිටි බදින්න ගන්න ඉඩ තියෙනවලු. අහිංසක කමට කට පියාගෙන, හැමදේම ඉවසගෙන ඉන්න තමන්ගේ ඔලුවෙත් නයෙක් ඉන්නවා කියලා ඉදලා හිටලා හරි පෙන්නන්න. අර එකතු කරපු සාක්ෂි එහෙම ප්‍රයෝජනයට ගන්න පුළුවන් මේ වගේ වෙලාවට. කාන්තා හා ළමා කාර්යංශයට එහෙමත් නැත්තන් පොලිසියට ගිහින් මේ වීඩියෝ ටිකයි වොයිස් රෙකොර්ඩින් ටිකයි පෙන්නනවා කීවම ඔය චන්ඩි ශාමලගේ කටවල් වැහෙනවා. 

    වැඩර් වෙන්න යන්නෙපා 

    කසාද බැදලා ආව දවසට පහුවදාම ගෙදර වැඩටික ඔක්කොම බදාගෙන වැඩ පෙන්නන්න ගියොත් නම් විනාසයි. නැන්දම්මා කරගෙන ගිය විදියට කරගන්න ඉඩ දෙන්න. උදව්වක් ඉල්ලුවොත් දෙන්න. වැඩක් තියෙනවද කියලා අහලා බලලා කරලා දෙන්න. ලොක්කි තනතුර එයාටම තියාගන්න ඉඩ හරින්න. තමන්ගේ සතුටට, පවුල් ජීවිතයට කරදරයක් වෙන නරුම ක්‍රියාවක් සිදු නොවෙන තාක් කල් නැන්දම්මට ඕනි විදියට ගෙදර වැඩක් බලාගන්න ඉඩ දීලා පාඩුවේ ඉන්න.  

    තමන්ගේ නිදහස රැකගන්න 

    මේ ගැන කියනවනම් කියන්න දේවල් ගොඩයි. කසාද බැදපු යුවලකට නිදහස අත්‍යවශ්‍යයි. හැබැයි යන යන හැම තැනම නැන්දම්මා එල්ලීගෙන එනවනම්, මාමණ්ඩි හැම දේටම මුනිවත රකිනවානම්, හැම සති අන්තෙම දරුවෝ රොත්තත් එක්ක මහා ගෙදර දුවගෙන එන නෑනා හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමන්ගේ කාමරේට එබෙනවානම් එයාලට පොඩි වොර්නින් එකක් දෙන්න වෙනවා.

    දරුවෝ ඉන්නවනම් ඒ අය සම්බන්ධව වගේම තමන්ගේ ජීවිත ගැනත් තීන්දු තීරණ ගන්නකොට අරගෙන් මෙයාගෙන් අහ අහ ඉන්නේ නැතුව ස්වාධීනව ජීවත් එන්න උත්සහ කරනවානම් නැන්දම්මා වුනත් තේරුම් ගන්නවා බාල්දි පෙරලන්න යන එකේ තියෙන අවධානම. 


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    තවත් ලිපි කියවන්න මුල් පිටුවට පිවිසීමට පහත ලෝගෝව ක්ලික්/ටැප් කරන්න

    www.familylife.lk

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    23.9 ° C
    23.9 °
    21 °
    92 %
    2.7kmh
    74 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු