fbpx
More
    25.6 C
    Colombo
    Monday, April 20, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    කේරළ චිකන් කරිය – නිවාඩු ඉරිදාවේ කෑම මේසය රස ගන්වන්න.

    Family Tech Sponsorspot_imgspot_img

    කේරළ චිකන් කරිය රසට හදල අද නිවාඩු ඉරිදාවේ පවුලේ කෑම මේසය රස ගන්වන්න ඔන්න ඔබට පුළුවන්. familylife.lk ගෙන එන නවතම විශේෂාංගය වන Chicken Sunday සෑම ඉරිදාවකම උදේම ඔබ වෙත ළඟා වෙනවා. සෑම ඉරිදාවකම උදේම Familylife.lk වෙත පිවිසිලා ඔබේ කෑම මේසය රස ගන්වන චිකන් රෙසිපිය ට්‍රයි කරල බලන්න family chef අපි ඔබට ආරාධනා කරනවා.


    • මෙම ප්‍රමාණය 8 දෙනෙකුට සෑහේ.
    • Calories – 542kcal
    • Fat – 39.3g
    • Carbohydrates – 29.7g
    • Protein – 18.4g
    • Cholesterol – 60mg
    • Sodium – 66mg

    කේරළ චිකන් කරිය සඳහා අවශ්‍ය දෑ

    • කුකුළු මස් 1.5 Kg
    • එළවළු තෙල් කෝප්ප 1/4
    • හීනියට කපාගත් ළුනු ගෙඩි දෙකක්
    • කරාබු නැටි 4
    • අඹරා ගත් සුදුළුනු ගෙඩි දෙකක්
    • තුනපහ කුඩු කෝප්ප 1/4
    • මිරිස් කුඩු තේ හැදි දෙකක්
    • අඹරාගත් ගම්මිරිස් කුඩු තේ හැඳි 01
    • ලුණු ඇති පදමට
    • අඟලක කෑලි වලට කපා ගත් පොතු ඇරගත් අර්තාපල් ගෙඩි පහක්

    කේරළ චිකන් කරිය සාදා ගන්නා ක්‍රමය

    1. විශාල බඳුනකට කුකුල් මස් සහ වැසෙන ප්‍රමාණයට වතුර දමා තැම්බෙන්නට තබන්න.

    2. මද රස්නයෙන් විනාඩි 20ක් පමණ තැම්බෙන්නට හරින්න.

    3. ඒ අතර තවත් බඳුනකට එළවළු තෙල් දමා මද ගින්නේ විනාඩි පහක් පමණ ළුැණු සහ සුදුලූණු බැදගන්න.

    4. තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු හොඳින් මිශ්‍ර කර ළුෑණු බැදෙන බඳුනට දමා බැදගන්න.

    5. දැන් ළුණු මිශ්‍රනය කුකුල්මස් බඳුනට එක්කර කලවම් කර ගන්න.

    6. අවසාන වශයෙන් කපාගත් අර්තාපල් එක් කර තවත් විනාඩි විස්සක් පමණ මදගින්නේ පිසගන්න.


    මුළුතැන්ගෙයි කටයුතු පිළිවෙලට පහසුවට කරගන්න වගේම රසට, ගුණට, පදමට ඉවුම් පිහුම් කරන්න කැමති ඔබ වැනි සියලුදෙනාගේ දැනුම හා අවධානය සඳහා මෙම ලිපිය පහත මාධ්‍ය ඔස්සේ ෂෙයා කිරීමට අමතක නොකරන්න


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    25.6 ° C
    25.6 °
    25.6 °
    89 %
    2.4kmh
    76 %
    Mon
    30 °
    Tue
    30 °
    Wed
    30 °
    Thu
    30 °
    Fri
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු