fbpx
More
    23.9 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    ඇනිමේෂන් චිත්‍රපට බලන්න කැමති සැමට මෙන්න හොඳම එකතුවක්

    Family Tech Sponsorspot_imgspot_img

    ඇනිමේෂන් චිත්‍රපට බලන්න වයස් බේදයකින් තොරව ඕනෑම කෙනෙක් කැමැත්තක් දක්වනවා. ගොඩක් වෙලාවට ඇනිමේශන් චිත්‍රපට නිර්මාණය කරන්නෙත් ලොකු පොඩි ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් වෙන විදියටයි. familylife.lk ෆැමිලි සිනමා තුළින් අරන් එන්නේ පවුලේ කාටත් එකට ඉදගෙන බලන්න පුළුවන් ඇනිමේශන් චිත්‍රපට කීපයක් ගැනයි. වැඩි විස්තර කතා නොකර බලමු මොනවද මේ චිත්‍රපට කියලා.

    Coco (2017)

    සම්මාන ගණනාවක් දිනාගත්ත ඇමෙරිකන් ඇනිමේෂන් චිත්‍රපටයක් වෙන මෙයින් කියවෙන්නේ අවුරුදු 12ක් වයසැති මිගෙල් කියන පිරිමි ළමයෙක් සහ එයාගෙ පවුල ගැන කතාවක්. වැරදීමකින් මළවුන්ගේ ලෝකයට යන මිගෙල්ට සංගීතඥයෙක් වෙන එයාගේ මී මුත්තව මුණ ගැහෙනවා. ලොකු වැරදි වැටහීමක් නිසා මිගෙල්ගේ හත්මුතු පරම්පරාවම සංගීතයට වෛර කරන අතරේ ගායකයෙක් වාදකයෙක් වෙන්න ආසාවෙන් ඉන්න මිගෙල් පවුලේ අය එක්ක තරහවෙනවා. ජරමර ගොඩකින් පස්සේ අවසානයේ මේ ප්‍රශ්න ඔක්කොම විසදෙන විදිය හරිම අපූරු විදියට නිර්මාණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ලස්සන සිංදු කිහිපයකුත් මේ චිත්‍රපටයේ අඩංගුවෙනවා. 


    The Croods (2013)

    දවල් කාලයේ කෑම ටිකක් හොයාගන්න පුදුමාකාර විදියට උත්සහ කරන ගල් යුගයේ පවුලක් රාත්‍රියට ගල් ගුහාවක ගුලිවෙලා නිදා ගන්නවා. මොකද ගින්දර ගැන දන්නෙවත් නැති එයාලා රාත්‍රී කාලයට බයයි. මෙහෙම ජීවත්වෙන අතරවාරයේ මෙයාලගෙ නිවහන විනාශ වෙලා මේ පවුලට අලුත් පළාතකට යන්න වෙනවා. වෙනස්ම විදියේ පරිසරයකට යන මෙයාලට තවත් අමුත්තෙකුත් මුණ ගැහෙනවා. අලුත් පරිසරයේදි මුහුණ දෙන්න වෙන සිදුවීම් ගැන තමයි චිත්‍රපටයෙන් කියවෙන්නේ. හාස්‍යජනක සිදුවීම්වලින් පිරුණු මේ ඇනිමේෂන් චිත්‍රපට නිර්මාණයේ දෙවන කොටසත් 2015 නිකුත්වෙලා තියෙනවා.


    Up (2009)

    කාල් ෆ්‍රෙඩ්‍රික්සන් කියන වැන්දඹු සීයා කෙනෙක් සහ රසල් කියන බෝල ගෙඩියක් වගේ දගකාර කොලු පැංචෙක් බැලුම් බෝල ගැටගහපු ගෙදරක නැගලා පියාඹගෙන ගිහින් කරපු හපන්කමක් ගැන තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්නේ. කාල්ගේ මියගිය බිරිඳගේ බලාපොරොත්තුවක්, එහෙමත් නැත්තන් හීනයක් හැබෑ කරන්න තියෙන උවමනාව නිසා දකුණු ඇමෙරිකාවට තමයි මෙයාලා පියාඹන්නේ. ඉතාම විනෝදජනක සහ සංවේදී සිදුවීම් සහිත චිත්‍රපටයක් විදියට හදුන්වන්න පුළුවන් මේ චිත්‍රපටය සම්මාන රාශියකටත් නිර්දේශ වෙලා තියෙනවා.


    Ratatouille (2007)

    රැටටුලි කියන්නේ ප්‍රංශයේ බොහොම ජනප්‍රිය කෑම වර්ගයක්. ඒ වගේම මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ රැටටුලි වගේම තවත් කෑම ජාති ගොඩක් රසට හදන්න දක්ෂ, කවදා හරි චෙෆ් කෙනෙක් වෙන්න හීන මවන රෙමි කියන මී පැංචෙක් ගැන. එයාගේ හීනේ හැබෑ කරගන්න උදව් කරන්නේ පැරීසියේ අවන්හලක වැඩ කරන ඇල්ෆ්‍රෙඩො කියන තරුණ කුණු කසළ ඉවත්කරන තරුණයා. ඒ වසරේ නිමැවුනු ඇනිමේෂන් චිත්‍රපට අතරින් සම්මාන කිහිපයක්ම දිනා ගත්ත මේ චිත්‍රපටය බලන්න කිසිම කෙනෙක් අකමැති වෙයි කියලා නම් හිතන්න අමාරුයි.


    Chicken run (2000)

    ට්වීඩි කියන නපුරු අයිතිකාර යුවළක් පාලනය කරන ගොවිපොළක ජීවත්වෙන කුකුළු රංචුවක් ගැන තමයි මේ චිත්‍රපටය ගොඩ නැගිලා තියෙන්නේ. මේ අයිතිකාර ජෝඩුව තීරණය කරනවා වැඩි ලාබ ලබාගන්න කුකුළොන්ව මස් කරලා විකුණන්න. භීතියට පත්වෙන කුකුළු රංචුව ගොවිපොළෙන් පැනලා යන්න තීරණය කරනවා. හැමදාම අසාර්ථකත්වයට පත්වෙන මෙයාලට අන්තිමේ තියෙන එකම බලාපොරොත්තුව තමයි රොකී කියන කුකුල් තරුණයා. කුකුල් රංචුව පැනලා දරන උත්සහයත්, ඒ උත්සහය සාර්ථක වෙනවද කියන එකත් දැනගන්න නම් මේ ලස්සන චිත්‍රපටය බලන්නම වෙනවා. 


    Tangled (2010)

    ජර්මානු සුරංගනා කතාවක චරිතයක් වෙන රපුන්සල් කියන කුමාරිකාව ප්‍රධාන කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. කුඩා කාලයේම රාජ මාළිගාවෙන් පැහරගෙන රපුන්සල්ව එක්ටැම්ගෙයක හිරකරගන්න නපුරු මායාකාරියක් රපුන්සල්ගේ ලස්සන දිග මැජික් කොණ්ඩය තරුණබව ලබා ලබාගන්න පාවිච්චි කරනවා. මේ ලස්සන කුමාරිකාවගේ අවාසනාවන්ත ඉරණම සම්පූර්ණයෙන් ම වෙනස් වෙන්නේ ෆ්ලින් කියන කඩවසම් තරුණ හොරා මුණගැහීමෙන් පස්සේ. මේ චිත්‍රපටයට කාන්තා පාර්ශවය නම් වැඩිපුර කැමතිවෙයි කියලා අපි හිතනවා.


    Zootopia (2016)

    සූටොපියා නගරයේ පොලිසියට එකතුවෙන පළමු හා නිළධාරිනිය වෙන නිර්භීත ජුඩි සහ, වංචාවෙන් ජීවත්වෙන නරියෙක් වෙන නික් කියන දෙන්නා එකතුවෙලා අතුරුදහන් වූ විලෝපික සත්තු 14 දෙනෙක් සොයාගැනීම පිළිබද අපරාධය පරීක්ෂණයක් විසදන විදිය තමයි මේ චිත්‍රපටයේ කතාව වෙලා තියෙන්නේ. හිනාවෙන්න කැමති අයට කියාපු චිත්‍රපටයක් විදියට සූටොපියා පෙන්වන්න පුළුවන්. ඒ වගේම මේකේ දෙවන කොටසත් නිෂ්පදනය කරනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ. 


    Shaun the sheep (2015)

     2007 ටීවී සීරිස් එකක් විදියටත් 2015 දි චිත්‍රපටයක් විදියටත් නිර්මාණය වුණු මෙයින් කියවෙන්නේ ගොවිපොළක ජීවත්වෙන බැටළු රංචුවක්, එයාලව බලාගන්න බල්ලෙක් (බිට්සර්‍ර්), අයිතිකාරයා සහ ඌරන් කිහිපදෙනෙක් ගැනයි. පුදුමාකාර කරදරකාරයෝ වුණු මෙයාලගේ දගකාරකම හන්දම සිහි විකල් බවට පත්වුණු මෙයාලගේ අයිතිකාරයා නගරයක අතරමං වෙනවා. අතුරුදහන් වුණු තමන්ගේ අයිතිකාර ගොවියාව හොයගෙන ශෝන්, බිට්සර් ඇතුළු බැටළු රංචුව නගරයට යෑමේ කතාව තමයි මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ. 2019 දි මෙහි දෙවන කොටසත් නිර්මාණය කරලා තියෙනවා.



    ඔබ වැනිම රසිකත්වය ප්‍රිය කරන තවත් කෙනෙකුගේ රසවින්දනය සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    23.9 ° C
    23.9 °
    21 °
    92 %
    2.7kmh
    74 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු