fbpx
More
    27.3 C
    Colombo
    Monday, April 7, 2025
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    වතුර බීම මගින් ලස්සන වෙන්නෙ, නිරෝගි වෙන්නෙ මෙහෙමයි.

    Family Tech Sponsorspot_imgspot_img

    වතුර බීම මගින් ලස්සන වෙන්නෙ පුළුවන් කියල ඔබ සමහර විට අහල ඇති. මොනව හරි කරල ලස්සන වෙන්න කවුද අකමැති? විශේෂයෙන් ම කාන්තාවන් තමන්ගේ පෙනුම ගැන ගොඩක් උනන්දු වෙනවා. විවිධ රූපලාවන්‍ය ආලේපන, පෝෂණ අතිරේක, ශරීරයට එන්නත් කරන රසායනික ද්‍රව්‍ය වගේ දේවල් විතරක් නෙවෙයි රූපලාවන්‍යාගාරත් වැඩි වැඩියෙන් බිහිවෙලා තියෙන්නෙත මේ නිසයි.

    ලස්සන ගැන කතා කරනකොට ශරීරයට ලැබෙන පෝෂණය, පෞද්ගලික පිරිසිදුකම වගේම නිරෝගිකම ගැනත් කතා නොකරම බෑ. ඒ වගේම ශරීරයට ප්‍රමාණවත් පරිදි ජලය ලැබීම මේ හැම කාරණයකටම වැදගත් වෙනවා. මේ නිසා පෙනුම සහ නිරෝගීකම ගැන සැළකිලිමත් වෙන කාන්තා පිරිමි හැමෝම වෙනුවෙන් familylife.lk අපි කෙනෙක්ගේ පෙනුමට ප්‍රමාණවත් ලෙස වතුර බීම කොයි තරම් වැදගත්ද කියන කාරුණ ගැන කතා කරන්න හිතුවා.

    සාමන්‍ය පුද්ගලයෙකුගේ ශරීරයට දිනකට වතුර වීදුරු 6-8ක් පමණ අවශ්‍ය වෙන බව කියවෙනවා. හැබැයි ශරීර ස්කන්ධය අනුව මේ ජල අවශ්‍යතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මිනිස් ශරීරය නිර්මාණය කරන ට්‍රිලියන 37කට අධික සෛලවලට ප්‍රමාණවත් තරම් ජලය අත්‍යවශ්‍ය වෙනවා. සිරුරේ  සම්පූර්ණ පෙනුමට වගේම නිරෝගිකමටත්, ශක්තිවන්ත පැවැත්මටත් මේ දේ විශාල සහයෝගයක් ලබා දෙනවා. වෙන කිසිදු පානයකට සමාන කරන්න බැරි පානයක් වෙන ජලය සිරුරට ප්‍රමාණවත් තරමින් ලබා ගැනීමෙන් පහතින් කියවෙන වාසි ලබාගන්න හැකියාව තියෙනවා. 

    වතුර බීම

    වතුර බීම මගින් සම දීප්තිමත් වීම.

    සමේ 64%ක පමණ ප්‍රතිශතයක ජලය අඩංගු වෙන නිසා සම වියළිබවට පත්වීමෙන් වළකිනවා. ශරීරයට අවශ්‍ය තරම් ජලය ලබෙන්නෙ නැතිවෙනකොට සම වියළි සහ රළු බවට පත්වෙලා ඉරිතලා ගිය ස්වරූපයක් ගෙන දෙනවා. ප්‍රමාණවත් තරම් ජලය ලැබෙන සමක් වියළි බවෙන් තොරවෙලා ඒකාකාරී විදියට දීප්තිමත් සහ මෘදු බවට පත්වෙනවා විතරක් නෙවෙයි සම වියපත් වීම අඩාළ කරන්නත් හේතු වෙනවා. පිටතින් කවර ආලේපන ආලේප කළත් ප්‍රමාණවත් තරම් ජලය සිරුරට ලබෙන්නේ නැත්නම් මේ ආලේපන මගිනුත් යහපත් ප්‍රතිඵල ලබාගැනීම පහසු කටයුත්තක් වෙන්නේ නෑ.

    සමේ ඇදෙන සුළු බව වර්ධනය කිරීම.

    සම ඇදීමේදී ඇතිවන පැල්ලම් (stretch marks) අවම කරගැනීමට වගේම සමේ දීර්ඝායුෂ වැඩි කරගැනීමට ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම උපකාරී වෙනවා. සමේ ඇදෙනසුළු බව වැඩි වීම නිසා, සම ඇදීමේදි සමට වෙන හානිය අවම වෙන්න එය හේතුවක් වෙනවා.  

    නියපොතු ශක්තිමත් වීම.

    සමේ තෙතමනය ප්‍රමාණවත් තරමින් පැවතීම නියපොතුවල නිරෝගී බවට සහ ශක්තිමත් බවට සෘජුවම බලපානවා. ශක්තිමත් බවින් අඩු නියපොතු ඉක්මනින් කැඩී යාමට ලක්වෙනවා වගේම සිරුරට ප්‍රමාණවත් තරම් ජලය ලැබෙනකොට නියපොතු ලේසියෙන් ගැළවෙන්නෙත් නෑ. 

    ශරීරයේ බර පාලනය කිරීම.

    සිරුරේ බර, එහෙමත් නැත්තන් තරබාරුකම කියන්නේ බොහෝ දෙනෙක් කනස්සල්ලට පත්කරන කාරණයක්. ශරීරයට ජලය ලැබීම අඩු වීම වකුගඩුවල මනා ක්‍රියාකාරීත්වයට අහිතකර විදියට බලපානවා වගේම ඒ නිසාම අක්මාවට අමතර පීඩනයක් යොමු වෙනවා. ශරීරයේ මේදය දහනයට අක්මාවෙන් සුවිශේෂී කාර්යක් ඉටු කෙරෙනවා.

    හැබැයි වකුගඩු අක්‍රියත්වය නිසා අක්මාව මගින් සිදු විය යුතු වැඩ කොටස වැඩි වෙනකොට මේදය දහනය කිරීමේ රාජකාරිය අඩාල වෙනවා. මෙහි ප්‍රතිඵලය විදියට ශරීරයේ මේදය තැන්පත් වීම සිදුවෙනවා. හැබැයි හොදින් වතුර බීම මගින් ඒ ගැටළුව විසදෙනවා. ආහාර ජීර්ණ කාර්ය හොදින් ඉටුවෙලා අධික ආහාර අවශ්‍යතාවය පාලනය කිරීම මගිනුත් සිරුරේ බර පාලනය වෙනවා.

    වතුර බීම

    කුරුළෑ පාලනය.

    ප්‍රමාණවත් තරම් ජලය ලැබීම මගින් ඇතිවෙන සමේ තෙතමනය නිසා කුරුළෑ පාලනය වෙනවා. ඒ වගේම සිරුරේ ප්‍රතිශක්තිය ඇතිවීම සහ ශරීරයේ බැක්ටීරියා පාලනය වීම නිසාත් කුරුළෑ සහ නොයෙක් බිබිළි හටගැනීම වැළකෙනවා. වියළි සමේ තෙල් නිපදවීම ඉහළ යාම කුරුළෑ ඇතිවීමට ප්‍රධාන හේතුවක් විදියට පෙන්වන්න පුළුවන්. 

    හිසකෙස්වල සුන්දරත්වයට.

    ශරීරයට අවශ්‍ය තරම් ජලය ලැබෙන්නේ නැත්තන්, හිසකෙස් කැඩී යාම, දුර්වල වීම, ගැළවී යාම වගේ තත්ත්වයන් ඇතිවෙන්න ඉඩ තියෙනවා. විශේශයෙන්ම හිස් කබලේ වියළිබවත් වැඩිවෙන්න මේ දේ හේතු වෙනවා. හොදින් ජලය පානය කරන කෙනෙක්ගේ හිසකෙස්වල ඝනකම සහ කෙරටීන් මට්ටමත් ඉතා හොද තත්ත්වයක තියෙනවා විතරක් නෙවෙයි හිසකෙස්වල තද පැහැය වැඩි වෙන්නත් මෙය හේතුවක් වෙනවා.

    දෙනෙත්වල සුන්දරත්වය රැක දීම.

    ලස්සන ඇස් යුවළක් කියන්නේ කාන්තාවකට ආභරණයක් විදියට හදුන්වන්න පුළුවන්. ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම මගින් දීප්තිමත් නෙත් යුවළක් ලබාගන්න හැකි වෙනවා. වියළි සහ රත් පැහැ ගැන්වුණු ඇස් දෙකක් එතරම් ප්‍රියමනාප වෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි ඇස්වල ඇතිවෙන ගිලී ගිය ස්වභාවය මගහරවා ගන්නත් ජලය පානය උපකාර කරනවා. විජලනයේ ලක්ෂණයක් වෙන ගිලී ගිය ඇස් නිසා මුහුණට වෙහෙසට පත් සහ වයසට ගිය ස්වභාවයක් ගෙන දෙනවා.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    27.3 ° C
    27.3 °
    27.3 °
    81 %
    1.6kmh
    99 %
    Mon
    30 °
    Tue
    29 °
    Wed
    29 °
    Thu
    29 °
    Fri
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු