fbpx
More
    26.9 C
    Colombo
    Monday, April 7, 2025
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    Happy Christmas with wall painting – Online අහස යට 03

    Family Tech Sponsorspot_imgspot_img

    Happy Christmas කියල දැන්මම විෂ් කරන්නෙ ඇයි කියල ඔයාල බලනව ඇති නත්තලට තව කල් තියෙද්දි. හැබැයි නිතරම online ගැවසෙන ඔබට නම් මේකෙ ලොකු අවුලක් දැනෙන එකක් නෑ.

    තාප්ප, සහ තාප්පවල චිත්‍ර අදින (wall Paining) අය තමයි FB එකේ ඉහල පහළ යන අයට මේ දවස්වල වැඩිපුරම නෙත ගැටෙන්නෙ. ඒවා අතරෙ ලස්සන නිර්මාණ වගේම මෙලො රහක් නැති ඒවත් එමටයි. හැබැයි ඉතින් මෙලෝ රහක් නැතුව ජීවත් වෙනකොට ඔහොම හරි ආතල් එකක් ගන්න එකත් හොදයි.

    මට හිතුනෙ ලංකාවෙ මිනිස්සු තරන් රැල්ලට යන කට්ටියක් කොහෙවත් නැතුව ඇති. හැමවෙලේම අනුන් කරන දේමයි කරන්න බලන්නෙ. දැන් ඉතින් Facebook එක තියන නිසා වැඩේ තවත් ලේසියි. රැලි හදන්න කියාපු ජාතියක්. රැල්ල කොච්චර සැරට ගියාද කියනවනම් පාරෙ තියෙන්න ඔනි Board ලෑලි වලත් චිත්‍ර ඇදලා. නුවර වැව් බැම්මෙත් ඇදලයි නතරවුනේ..

    කොහොම උනත් ලන්කාවෙ මිනිස්සු රැලි වැලදගෙන මෙලෝ විචාරයක් නැතුව දගලන එක එයාලගෙ වරදක් නෙමෙයි. දවසක් අපේ lecturer කෙනෙක් දේශනයකදී මතුකරපු අදහසක් මතක් උනා. ඒකට කියන්නේ Human Material කියලා. පෙර දිග මනුස්සයාගෙයි අපරදිග මනුස්සයාගෙයි Human Material එක හැදිලා තියන විදිහ වෙනස්. කොටින්ම කිව්වොත් ලංකාවෙ අපේ Human Material එකේ හැටියට තමයි අපේ හැසීරීම, ආකල්ප හැමදෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒකට ඉතින් සන්ස්කෘතිය, ආගම, දර්ශණය විතරක් නෙමෙයි පරිසරය, දේශගුණය පවා බලපානව කියලයි කීවෙ. අපේ මානව ද්‍රව්‍ය හැදිලා තියෙන්නෙ ඉතින් මෙහෙම තමයි. ඒකට මක් කරන්නද?

    Happy Christmas

    හැබැයි ඉතින් රැල්ලක් උනත් හොද දේකට හැරෙනවනම් කොච්චර හොදද? නත්තල කියන්නෙ අපි කාටත් ආගම් බේදයකින් තොරව හැමෝටම සතුට ගේන කාලයක්. හැබැයි නත්තල් කියන්නෙ සේල් පස්සෙ ගිහින් ෂොපිං කරන එකමත් නෙමෙයි.

    පහුගිය දවසක FB එකේ දාලා තිබුනා ෂොපින් කරන අතරෙ එක අම්මෙකුයි දුවෙකුයි හදුන්කුරැ විකුනපු පොඩි ළමයෙකුට තෑගි අරන් දීපු photos වගයක්. ඕක FB එකේ දැම්ම කියලා විවේචනත් එල්ල වෙලා තිබුනා සෑහෙන්න. ඒ උනාට මමනම් ඒක වරදක් විදිහට දකින්නෙ නෑ. රැලි හදනවනම් හදන්න ඔනි ඒ වගේ දේවල්වලට. ඒක දකින තව කෙනෙක් එහෙම කරනවා. තවත් කෙනෙක්ට එහෙම කරන්න හිතෙනවා. කොහොමත් සංවේදීවීම අපේ ලාංකික මානව ද්‍රව්‍යයේ ලක්ෂණයක්.

    හොද දේකට සංවේදී වීම වටිනවා. මේ නත්තලේ අලුත් පාසැල් වාරයට පොත් ටික ගන්න බැරි ළමයි කීදනෙක් අපි අතර ඇතිද. ඒ ගැන දුක් වෙන අම්මලා තාත්තලා කීදෙනෙක් අපි අතරෙ ඉන්නවද? අම්මලා තාත්තල නැති ළමයි කීදෙනෙක් ඇතිද. අනික දුප්පත් වෙන⁣නෙම ඔනි නෑ. ළමයි තුන් හතර දෙනෙක් ඉන්න පවුලක පොත් list ටික අරන් දෙන එක කොච්චර අසීරැ දෙයක්ද. නත්තලේ තව කෙනෙක්ට පොතක් හරි දෙන්න හිතෙන රැල්ලක් හදන්න පුලුවන්නම්. එහෙම රැල්ලක් හැදෙනවනම් කොච්චර හොදයිද. එක ළමයෙක්ට හරි හිනාවක් ගේන්න පුලුවන්නම් තාප්ප සීයක චිත්‍ර අදිනවට වඩා සතුටක් ලබන්න පුලුවන්.

    තාප්ප වල චිත්‍ර අදිනවට මම මුකුත් කියනවා නෙමෙයි. රට ලස්සන කරන්නත් ඔනි. ඒ වගේම මිනිස්සුන්ගෙ හිත් ලස්සන වෙන්නත් ඔනි. හැමෝම ආර්ථික ප්‍රශ්න තියෙනවා අඩු වැඩි විදිහට. හැබැයි අපිට වඩා ප්‍රශ්න තියෙන කෙනෙක් ගැන සංවේදී වෙන්න පුලුවන්නම් මේ නත්තල තවත් ලස්සන වෙයි කියලා හිතුන නිසයි මෙහෙම ලීවෙ. හැබැයි ඉතින් රැලි හදන්න කීවට අපි කෙනෙක්ට උදව්වක් කරලා ඒක ප්‍රචාරය කරද්දි ඒ ළමයින්ගෙයි එයාලගෙ දෙමව්පියන්ගෙයි ආත්ම ගෞරවයට නම් හානියක් කරන්න එපා. එයාලත් මේ සමාජයෙ ලස්සනට ජීවත් වෙන්න ඕනි. ඉතිං in advanced Happy Christmas..!

    Online අහස යට අනෙකුත් ආටිකල් වෙත පිවිසෙන්න


    දැනෙනව නම් ශෙයා කරන්න


     

    තවත් ලිපි කියවන්න මුල් පිටුවට පිවිසීමට පහත ලෝගෝව ක්ලික්/ටැප් කරන්න

    www.familylife.lk

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    26.9 ° C
    26.9 °
    26.9 °
    85 %
    2.4kmh
    93 %
    Mon
    30 °
    Tue
    29 °
    Wed
    29 °
    Thu
    30 °
    Fri
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු