fbpx
More
    23.9 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    MSG (Monosodium Glutamate) යකා ඔය කියන තරම් කළුද?

    Family Tech Sponsorspot_imgspot_img

    පසුගිය දවසක මිතුරෙක් මට අපූරු කථාවක් කිව්ව. ඔයාට කාව හරි කන්න දීල මරන්න ඕනෙ නම් කරන්න තියෙන්නෙ අහවල් රෙස්ටොරන්ට් එකෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙනත් දීල, කාල ඉවර වෙලා බොන්න විතරක් වතුර ටිකක් දීල, අදාල කෙනාව කාමරයක දාල වහල තියන්න කියල. මොකද ෆ්‍රයිඩ් රයිස් එක කාල පැයකින් දෙකකින් එන පිපාසාවෙන් අදාල පුද්ගලයා මිය යන බව ඔහු කියා සිටියා. මේ දේ අද වන විට ක්‍ෂණික කෑම කන බොහෝ දෙනෙකුට ලැබෙන පොදු අත්දැකීමක්. ඇත්තෙන්ම මෙහෙම වෙන්නෙ ඇයි? මේ කාරනයට බොහෝ දෙනා වැරදිකරු කරනු ලබන්නේ MSG ලෙස හඳුන්වනු ලබන රසකාකරයයි. අද අපි familylife.lk ෆැමිලි චෙෆ් තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ බොහෝ දෙනාගෙ ගැරහුමට ලක් වෙන MSG රසකාරකය පිළිබඳවයි.

    MSG වශයෙන් ඇත්තෙන්ම හඳුන්වන්නේ මොනෝ සෝඩ්යම් ග්ලුටමේට් Monosodium glutamate කියන රසායනික සංයෝගයටයි. මෙය සෝඩියම් හා ග්ලුටමේට් කියන සංකීර්ණ දෙකේ එකතුවක්. සෝඩියම් ගැන නම් අපි අහල තිබුණට ග්ලුටමේට් ගැන නම් එතරම්ම අහල නැතුව ඇති. ග්ලුටමේට් කියන්නෙ සාමාන්‍යයෙන් ස්වාභාවිකව තක්කාලි, සෝයාසේස්, කල් ගත වුනූ චීස් අදියෙහි අඩංගු වන ඇමයිනෝ අම්ල විශේෂයක්.

    ග්ලුටමෙට් පළමු වරට ආහාර සඳහා භාවිතයට ගන්නෙ ජපන් මාහාචාර්යවරයෙක් වන කිකුනායී ඉකේඩා. වර්ෂ 1907 – 08 වගේ කාලෙ මොහු විසින් මුහුදු පැළෑටි මගින් සාදාගත් සුප් වර්ගයක ප්‍රණීත බව වැඩි කරගන්න ග්ලුටමේට් භාවිත කළා. මෙය ආහාර සඳහා සුවිශේෂි වන්නේ ජපන් බසින් ඉමහත් රසය හැඳින්වීමට යොදන යුමාමි යන පස්වන රසය ලෙස සුප්‍රසිද්ධ සුවිශේෂී රසය පනගන්නට එයට ඇති හැකියාව නිසයි. ඔහු මේ සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගෙන ආහාර සැකසීම සඳහා ලොව පුරා බෙදාහරිනු ලැබු අතර නොබෝ කළකින් එය ලෝකයේ වඩාත් ජනප්‍රිය සීසනින් එක බවට පත්වුනා.

    The New England Journal of Medicine නැමැති සඟරාවට 1968 දී වෛද්‍යවරයෙක් පළමු වරට මෙම MSG වලට විරුද්ධව ලිපියක් පළ කරමින් කියා සිටියේ MSG භාවිත කරන ලද චීන කෑම අනුභවයෙන් පසු තමන්ට ඉතා තද බල හදවතේ ගැසීමක් ඇතිවූ බවයි. එය චීන අවන්හල් සින්ඩ්‍රොමය ලෙසද එම සඟරාව මගින් හඳුන්වාදී තිබුණා.

    ඒ සමගම ලොව පුරා විවිධ පුද්ගලයන් MSG වලට එරෙහිව ලිපි පළ කරන්නට වුනා. එම බොහෝ ලිපි සඳහා කාරනා සපයා තිබුනේ විවිධ පුද්ගලයන්ට චීන ආහාර ගැනීමෙන් පසුව ඇතිව තිබූ රෝග ලක්‍ෂණ පදනම් කරගනිමින්. මෙම ලිපිවල විද්‍යාත්මක පදනම ගැන ඇතිවූ කුකුස නිසාම 1990 දී ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය (FDA) MSG පිළිබඳව විධිමත් විද්‍යාත්මක පරීක්‍ෂණයක් සිදු කිරීමට ස්වාධීන ආතනයකට භාර දෙනු ලැබුවා.

    එම පරීක්‍ෂණය මගින් සනාත වූයේ MSG භාවිතය අහිතකර නොවන නමුත් විවිධ පුද්ගලයන්ගේ සංවේදීතාවය අනුව වරකට ග්‍රෑම් 3කට වඩා භාවිත කිරීමෙන් සමහර පුද්ගලයන්ට හිසේ රුදාව, දැඩි නිදිමත, දරාගත නොහැකි පිපාසාව, වැනි කෙටි කාලීන රෝග ලක්‍ෂණ ඇති විය හැකි බවයි.

    මෙම පරීක්‍ෂණයත් සමග ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය MSG යනු ආරක්‍ෂිත ආහාර රසගන්වනයක් ලෙස නම් කරනු ලැබූ අතර අන්තර්ජාතික හිසරුදාව පිළිබඳ සමාජය විසින් හිදරුදාව ඇතිකරන සුභකාරක ලැයිස්තුවෙන් MSG ඉවත් කරනු ලැබුවා.

    සාමාන්‍යයෙන් සීනි හා බේකින් සෝඩා ආහාර ජීර්ණ පද්ධතිය තුල ජීර්ණය වන ආකාරයටම MSG ජීර්ණය වන බවත් අප ලබාගන්නා බොහෝ ආහාර වල අඩංගුවන ස්වාභාවික ග්ලුටමේට් ජීර්ණය වන ආකාරයටම MSG ජීර්ණය වන බවත් වැඩි දුරටත් මෙම පරීක්‍ෂණය මගින් තහවරු කරනු ලැබුවා.

    නමුත් මෑත කාලීනව නැවතත් මෙම MSG කථිකාව කරළියට පැමිණි අතර වෙළඳපළේ බොහෝ නිෂ්පාදන තමන් MSG භාවිත නොකරන බවට සහතික කර සිය ඇසුරුම් වල ප්‍රදර්ශනය කරන්නට තරම් එය බලවත් වුනා. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ කියන සාමාන්‍ය භාවිතය මෙම ගැටලුවේදී අදාල බවයි බොහෝ දෙනාගේ මතය වී තිබෙන්නේ.

    බොහෝ විට ශ්‍රී ලංකාව වැනි ආහාර සැකසීම පිළිබඳ කිසිදු තත්ත්ව පාලන ක්‍රමවේදයන් අනුගමනය නොකරන ආහාර නිෂ්පාදකයින් සිටින රටක මෙම ගැටළුව උග්‍රවීම පුදුමයට කරුනක් නොවෙයි. විශේෂයෙන් කිසිදු ප්‍රමිතියකින් තොරව රට පුරා පැතිරෙන චීන කෑම අවන්හල් ජාලය මෙයට ඍජුව වගකිව යුතුයි. ඔවුන් මෙම MSG පමණට වඩා අධික මාත්‍රාවලින් භාවිත කිරීම මගින් මෙම තත්ත්වය උදාවී තිබෙනවා.

    නමුත් නිවසේ ඔබ විසින් කෑම පිසින අවස්ථාවක MSG නියම්ත පමණට භාවිත කිරීම මගින් ඔබට වන අවැඩක් නෑ. ඇත්ත ඇති සැටියෙන් දැන තමන්ගේ ආහාර රසවත් කරගන්න දැන් ඔබට අවස්ථාව තිබෙනවා. ක්‍ෂණික ආහාර භාවිත කිරීමේදි නම් මේ ගැන වඩා අවාධානයෙන් පසුවීම වඩා නුවණට හුරුයි. ජීවිතයේ ඔබ විදිය යුතු රසයක් බොරු ප්‍රචාර නිසා අනිසි බියට පත් වී නැති කරගන්න දැන් අවශ්‍යතාවයක් නෑ.


    මුළුතැන්ගෙයි කටයුතු පිළිවෙලට පහසුවට කරගන්න වගේම රසට, ගුණට, පදමට ඉවුම් පිහුම් කරන්න කැමති ඔබ වැනි සියලුදෙනාගේ දැනුම හා අවධානය සඳහා මෙම ලිපිය පහත මාධ්‍ය ඔස්සේ ෂෙයා කිරීමට අමතක නොකරන්න


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    23.9 ° C
    23.9 °
    21 °
    92 %
    2.7kmh
    74 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු