fbpx
More
    30 C
    Colombo
    Monday, April 20, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    අලුත උපන් බිළිඳා ගැන ඔබ දැනගත යුතුම කාරණා 7 ක් නොවරදවාම කියවන්න

    Family Tech Sponsorspot_imgspot_img

    විවාහ දිවියේ සොඳුරුතම බලාපොරොත්තුව වන්නේ ආදරණීය දරුවාය. මවට හා පියාට මෙලොව එළිය දුටු විගස ළදරුවා රැකබලා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවනවා සේම මානසික වශයෙන්ද යම් ගැටලු සහගත තත්ත්වයන්ට පවා මුහුණදීමට සිදුවනු ඇත. අද අපි familylife.lk මවු සිහිනය තුළින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ අලුත උපන් ළදරුවාගේ අසාමාන්‍ය දේවල් ලෙස ඔබට පෙනිය හැකි සාමාන්‍ය තත්ත්ව කිහිපයක් පිළිබඳවයි.

    www.familylife.lk
    ©pbcexpo.com

    එසේම සති 40 සම්පූර්ණ වී බිහිවන දරුවන් (Mature Baby) මෙන්ම අඩුමාස වලින් බිහිවන දරුවන්ද (Premature Baby) සිටින අතර ඔවුන් පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

    01. පියයුරු විශාල වීම (mastitis neonatorum)

    ගැහැනු හා පිරිමි දරුවන්ගේ උපතින් දින 3-5 කාලය තුළදී පියයුරුවල විශාල වීමක් දැකිය හැක. එම තත්ත්ව සතියක් වුවද පැවතිය හැක. මෙය එසේ දිගටම පවතින්නේ මවගෙන් ලද හෝමෝන නිසා විය හැක. අතීතයේ මෙම තත්ත්වයන් ඉවත් කිරීමට තැවීම, මිරිකා හැරීම් සිදු කරන ලදී. නමුත් තැවීම්, මිරිකා හැරීම, පොඩි කිරීම නොකළ යුතු බව තරයේ සිහිතබාගත යුතුය. එසේ මිරිකා හැරීමෙන් දරුවාට අසාදන තත්ත්වයන් ඇතිවිය හැක.

    02. යෝනි රුධිර වහනය (vaginal bleeding)

    උපතින් දින 3-5 පසු අලුත උපන් ගැහැනු දරුවාගේ යෝනි මාර්ගයේ රුධිරය මිශ්‍ර ශ්‍රාවයක් පිටවිය හැක. මෙසේ සිදුවන්නේ මවගේ හෝමෝන ඒ වන විටද අඩු වෙමින් දරුවාගේ ශරීරය තුළ පවතින නිසා වේ. එසේ බොහෝ ගැහැනු දරුවන්ගේ අළු පැහැ මිශ්‍ර ශ්ලේෂ්මල ශ්‍රාවයක් වුවද පැවතිය හැක.

    03. ශරීරය පුරා රතු පැහැ බිබිලි ඇතිවීම (Erythema toxicum)

    සති ගණන සම්පූර්ණ වී (term baby) බිහි වූ ළදරුවාගේ උපතින් දින 2,3 පසු ශරීරය පුරා රතු පැහැති කුඩා බිබිලි (macules) දැකිය හැක. මෙම තත්ත්වය මුහුණේ සිට සිරුර දක්වා ද එතැනින් අත් පා දක්වා ද පැය 24 ක් තුළදී පැතිර යයි. මෙම තත්ත්වය දින 2-3 විශේෂ ප්‍රතිකාරයක් නොමැතිව නැතිවී යයි. නමුත් එම බිබිලි කහ පැහැති නම්, සැරව සහිත නම් (pustules) එයට ප්‍රතිකාර අවශ්‍ය බැවින් වෛද්‍යවරයෙකු ලවා පරීක්‍ෂා කරගත යුතු වේ.

    04. කිරි වමනය කිරීම

    දරුවාට මව විසින් කිරි ලබාදීමේදී එම කිරිදීමේ ක්‍රමයේ යම් වැරැද්දක් නිසා යම් කිරි ප්‍රමාණයක් වමනය කළ හැක. වැරදි ආකාරයට කිරි පෙවීමෙන් දරුවා කිරි බීමත් සමග වාතය යම් ප්‍රමාණයක් ඇතුළු විය හැක. එම වාතය ඉහළට (උගුරට) ඒමේදී (Regurgitation) කිරි ප්‍රමාණයක් පිටතට පැමිණිය හැක.

    එම කිරි පිටතට පැමිණීමේදී කිරි වමනය ඇති විය හැක. එය දරුවාට අනතුරුදායක බැවින් කිරි පෙවීමෙන් පසු ගුඩුස් යැවීම (burping) ඉතා වැදගත් බව මව දැනගත යුතුය. මෙය නියම ආකාරයෙන් කළ යුතු අතර රෝහලේ සිටින කාලයේ හෝ ක්‍ෂේත්‍රයේදී සූතිකා පුහුණු හෙදියකගෙන්/පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් මගින් ඉගැන්වීම සිදු කරයි. කිරි දීමෙන් පසු ගුඩුස් යැවීම මගින් මෙම තත්ත්ව වළක්වා ගත හැක.

    කිරි දීමෙන් පසු දරුවා පැත්තකට හරවා හෝ මුනින්තලා ස්ථාපිතයේ (මුහුණ පැත්තට හරවා තැබීම) තැබීම ආරක්‍ෂාකාරී වේ.
    නමුත් දරුවා දිගටම වමනය කරයි නම් එය වේගයෙන් ඈතට විදින ලෙස සිදු කරයි නම් (projectile vomiting) පිත මිශ්‍ර කහපාට වමනය නම් වෛද්‍යවරයෙකු ලවා පරීක්‍ෂා කරගත යුතුය.

    www.familylife.com
    ©cdn.firstcrycdn.com

    05. මුත්‍රා පහ කිරීම

    උපතින් දින 1-4 දක්වා කාලය තුළදී අඩුම තරමින් දිනකට වාර 4-5 ප්‍රමාණයක්වත් මුත්‍රා පිටවිය යුතුය. ප්‍රමාණවත් ලෙස කිරි පෙවුණේ නම් මුත්‍රා පිටවීමේ වාර ගණන 6-7 දක්වා වැඩිවේ. දරුවෙකු මුත්‍රා පිටකිරීමේ වාර ගණන අඩු වුණි නම් (දිනකට 1-2) කිරි පෙවීමේ අඩුවක් වී ඇති බවට එක් සාක්‍ෂියක් වේ. (වෙනත් හේතු නිසාද මුත්‍රා පිටවීම අඩුවිය හැක) එම තත්ත්වය දිගටම පවතී නම් වහාම දරුවා වෛද්‍යවරයෙකුට පෙන්වා ගැනීම කළ යුතුය.

    06. මල පිටවීම

    දරුවා මුලින්ම පිටකරන කලු පැහැ මල මිකෝනියම් (Meconium) ලෙස හඳුන්වයි. මෙය කලු කොළ පැහැති තාර වැනි ඇලෙන සුලු ද්‍රව්‍යයකි. ඉපදී මුල් පැය 48 තුළදී මෙවැනි ආකාරයේ මල පිටවේ. ඉපදී දින 3-4 ගත වූ පසු සාමාන්‍ය ලෙස මල පිටවේ. පිටවන වාර ගණන වැඩිවන අතර කහ පැහැති දියාරු මල දැකිය හැක. උපතින් පසු මල පිටවීම ප්‍රමාද නම් ඉන් හැඟෙන්නේ දරුවාට ප්‍රමාණවත් තරම් කිරි පෙවී නොමැති බවය. හොඳින් කිරි පෙවුණු පසු දරුවා කහ පැහැති, ඇලෙන සුලු අධි ඝන මල පිටකරනු ලබයි.
    එසේම බොහෝ දරුවන් මල පිටකිරීම කිරිදෙන අතරතුරදි හෝ කිරිදුන් වහාම සිදුකරයි. මෙය සති 2-3 ක් පැවතිය හැක. එසේම සමහර දරුවන්ට ලබාදෙන වාර ගණන වැඩි වූ විටද මල දියර ස්වභාවයෙන් පිටවේ. නමුත් මෙය පාචන තත්ත්වයක් නොවේ. එසේම සමහර දරුවන් දින කිහිපයකට වරක් මල පිටකරන අවස්ථා ද ඇත. එය මල බද්ධය ලෙස නොසලකයි. හොඳින් කිරි බොන දරුවන් පහසුවෙන් මල පිටකරනු දැකිය හැක.

    07. අධික ලෙස හැඬීම (Excessive crying)

    ඉපදී මුල් දින කිහිපය තුළ දරුවා දවල් කාලය පුරාවට නිදාගන්නා අතර රාත්‍රී කාලයේ හැඬීම කරයි. නමුත් ඒ හැම අවස්ථාවකදීම දරුවා හඬන්නේ බඩගින්න නිසාම නොවේ. වෙනත් අපහසුතාවයන් (මුත්‍රා පහකිරීම, මල පිට කිරීම, සීතල වීම) නිසා විය හැක. සමහරවිට මුත්‍රා පිටකිරීමට මුත්‍රාශය පිරීම දැනීම නිසා දරුවාට අපහසුතාවයක් දැනෙනවා විය හැක. සමහරවිට මල පිටකිරීමේදී ඒවා ඝනව පවතින විටද වේදනාවක් ඇතිවිය හැක. දිගටම හැඬීම පවතී නම් දරුවා පරීක්‍ෂා කරවා ගත යුතු වේ.

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම් නොමසුරුව ලබා දුන් කුරුණෑගල පළාත් මහ රෝහලේ විශේෂ ප්‍රතිකාර ළදරු ඒකකයේ පළමු ශ්‍රේණියේ සූතිකා පුහුණු හෙද නිළධාරිනී ක්‍රිශාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    30 ° C
    30 °
    28 °
    75 %
    1.3kmh
    99 %
    Mon
    30 °
    Tue
    30 °
    Wed
    30 °
    Thu
    31 °
    Fri
    30 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු