More
    28.4 C
    Colombo
    Friday, September 4, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    කාර්යබහුල ඔබට කල් තබාගෙන ආහාරයට ගන්නට සකසා ගත හැකි ආහාර

    Family Tech Sponsorspot_imgspot_img

    අධික කාර්‍යබහුලකම නිසා හැම වෙලාවෙම කුස්සියට වෙලා උයන එක දැන් ඉන්න කාන්තාවන්ට එතරම් ලේසි පහසු දෙයක් නෙවෙයි. හැබැයි කල් තියාගෙන කන්න පුළුවන් කෑම වර්ග ටිකක් හදාගත්තොත් නම් හැම තිස්සෙම උයන්න වෙන ප්‍රශ්නෙට විසඳුමක් වෙයි. familylife.lk අපි ෆැමිලි චෙෆ් තුළින් මේ ලිපියෙන් අරන් එන්නේ වගේ කෑම වර්ග කීපයක් හදන විදිය.  මේ කෑම වර්ග ජීවාණුහරණය කරගත්ත වීදුරු බෝතල්වල දාලා අවශ්‍යනම් ශීතකරණයේ දාගෙන සති 2-3ක් යනකන් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා.

    www.familylife.lk

    1. වම්බටු මෝජු

    අවශ්‍ය ද්‍රව්‍ය :- වම්බටු ග්‍රෑම් 500, රතු ලූණු ග්‍රෑම් 250, අමු මිරිස් ග්‍රෑම් 100, සුදු ලූණු පේස්ට් මේස හැදි 2ක්, ඉගුරු පේස්ට් තේ හැන්දක්, අබ පේස්ට් තේ හැදි 3ක්, එනසල් ඇට 1-2, කරාඹු නැටි 1-2,රම්පේ කරපිංචා, කහ තේ හැදි 1/4,  මිරිස් කුඩු මේස හැදි 2ක්, සීනි ලුණු සහ රස අනුව, විනාකිරි මේස හැදි 5ක්, පොල් මිටිකිරි කෝප්ප අඩු කෝප්ප බාගයක්, තෙල් අවශ්‍ය ප්‍රමාණයට, මැටි හට්ටියක්.

    සාදන අකාරය :- සෝදාගත් වම්බටු සිහින් තීරුවලට කපාගෙන රන්වන් පාට වෙනකන් ගැඹුරු තෙලේ බැදගන්න. රතු ලූණු එකම ප්‍රමාණයේ ගෙඩිවලින් තෝරාගන්න. රතු ලූණුත් තප්පර 30-45ක් පමණ වෙලාවක් ගැඹුරු තෙලේ බැදගන්න. ගැඹුරු තෙලේ බැදගත්ත ද්‍රව්‍යවල තෙල් පේපර් ටිෂු භාවිතයෙන් ඉවත්කරගන්න. අමු මිරිස් කරල් මැදින් කැපුමක් දමා ඒවාත් තප්පර 30-45ක් පමණ ගැඹුරු තෙලේ බැදගන්න. මැටි හට්ටිය ලිපේ තියලා තෙල් දමා රම්පේ, කරපිංචා, එනසාල්, කරාඹු නැටි සියල්ලම තෙල් මේස හැදි 1/2කින් තෙම්පරාදු කරගන්න. එයට  මිරිස් කුඩු, අබ පේස්ට්, සුදු ලූණු පේස්ට්, ලුණු, සීනි, විනාකිරි සියල්ල මිශ්‍ර කර මිටිකිරි කෝප්ප බාගයද දමා හිඳෙනතුරු පිසගන්න. අවසානයට බැදගත් බටු, රතු ලූණු සහ අමු මිරිසුත් එයටම එකතු කරගන්න.

    www.familylife.lk

    2. මාළු ඇඹුල් තියල්

    කෙලවල්ලා හෝ බලයා මාළු ග්‍රෑම් 750ක්, ගොරකා පේස්ට් මේස හැදි 3ක්, කරපිංචා ටිකක් වැඩිපුර,රම්පේ කොළ 2ක් විතර, ගම්මිරිස් කුඩු මේස හැදි 3ක් පමණ, සුදු ලූණු බික් 4-5ක් හෝ පේස්ට් මේස හැදි 2ක්, මිරිස් කුඩු මේස හැදි 2ක්, රස අනුව ලුණු, මැටි හට්ටියක්.

    මාළු ටික සෝදලා තරමක කෑලි වෙන්න කපාගන්න. ගොරකා පේස්ට් නැත්තන් ගොරකා බික් 4-5ක් අරන් තම්බාගන්න. ගොරකා පේස්ට් හෝ තම්බා පොඩියට කපාගත්ත ගොරකා ටික, කරපිංචා ඉත්තක්, ගම්මිරිස්, සුදු ලූණු, මිරිස් කුඩු, ලුණු සියල්ලම බ්ලෙන්ඩර් එකට දාලා වතුර චුට්ටකුත් දාලා පේස්ට් එකක් වෙනකන් අඹරාගන්න. මාළු කෑලි ටික මේ පේස්ට් එකේ හොදට තවරාගන්න. මැටි හට්ටියක් ගෙන රම්පෙත් කරපිංචාත් මුට්ටියේ අඩිය වැහෙනතුරු හොඳින් අතුරගන්න. මේකෙන් ඇඹුල් තියල් එකට හො සුවදක් එනවා වගේම මාළු කෑලි හට්ටියේ යට ඇළෙන එකෙනුත් වළකිනවා. මාළු කෑලි ප්‍රවේශමෙන් හට්ටියේ අතුරගන්න. ඒවා වැහෙන තුරු වතුර වත්කරන්න. අඩු ගින්දරේ වතුර හිදෙන තුරු තම්බාගන්න. මාළු කෑලි ටික හැන්ද දමා මිශ්‍ර නොකර තැම්බෙන්නඉඩ හරින්න.

    3. ළූණු රටකජු බැදුම

    රටකජු ග්‍රෑම් 250- 300, ලොකු ළූණු ග්‍රෑම් 500, වියළි මිරිස් ගෑම් 200, ලුනු අවශ්‍ය තරමට, කරපිංචා, සුදු ලූණු ග්‍රෑම් 250, පොල්තෙල්

    සෝදා පිරිසිදු කරගත්ත ලොකු ලූණු සිහින්ව ලියාගන්න. ලියාගත්ත ලූණු වලට ලුණු මිශ්‍ර කරලා යන්තමින් අනාගන්න. මේ ලූණු ටික ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකන් බැදගෙන තෙල් බේරෙන්න තියන්න. රටකජු ටිකත් ගැඹුරු තෙලේ රන්වන් පැහැය එනකන් බැදලා තෙල් බේරෙන්න තියන්න. මිරිස් කරල් ටිකත් කළු පාට නොවෙන විදියට ප්‍රවේශමෙන් බැදලා තෙල් බේරලා තරමක් කෑලි හිටින විදියට අතින් කුඩු කරගන්න. කරපිංචා කොළ ටික වගේම තීරු කපාගත්ත සුදු ලූණු ටිකත් වෙන වෙනම ගැඹුරු තෙලේ බැදගන්න. සුදු ලූණුත් රන්වන් පාට වෙනකන් බැදගන්නවනම් වඩා හොදයි. අවසානයේ මේ සියළුම දේවල් එකට එකතු කරගෙන රස අනුව ලුණු එකතු කරගන්න තමයි තියෙන්නේ.

    www.familylife.lk

    4. සීනි සම්බෝල

    ලොකු ලූණු හෝ රතු ළූණු ග්‍රෑම් 500, කෑලි මිරිස් මේස හැදි 3ක්, මිරිස් කුඩු මේස හැදි 3ක්, රම්පේ, කරපිංචා, එනසාල් 2-3, කරාඹු නැටි 2-3, කුරුදු කෑල්ලක්,  උම්බලකඩ කෑලි මේස හැදි 3ක්, සියඹලා ඉස්ම  මේස හැදි 2ක්, ඉඟුරු සුදු ලූණු පේස්ට් මේස හැන්ද බැගින්, සීනි මේස හැදි 3ක් , රස අනුව ලුණු. (මේ හැමදෙයක්ම තමන්ගේ කැමැත්තට අනුව වුණත් දාගන්න පුළුවන්)

    සිහින්ව ලියාගත් ලූණු වලට ලුණු, සියඹලා, සීනි, මිරිස් කුඩු සහ කෑලි මිරිස් දාලා අනාගන්න.මේවා බෑදෙන්න තරම් අවශ්‍ය තරමට තෙල් ටිකක් ලිපේ තියලා රම්පේ, කරපිංචා, එනසාල්, කරාඹු නැටි, කුරුදු, උම්බලකඩ, ඉඟුරු සහ සුදු ලූණු තෙම්පරාදු කරගන්න.  එයට අනාගත්ත ලූණු ටිකත් දාලා බැදගන්න. පොල් කටු හැන්දේ මිටෙන් සැරින් සැරේ මේ බැදුම පෙරලන්න. රස අනුව අවශ්‍ය නම් තව දේවල් එකතු කරගන්න. මේ විදියට සැරින් සැරේ කූරු ගාමින් සීනි සම්බෝලේ දුඹුරු පාටට හුරු තද මෙරූන් පාටක් එනකන් මලවගන්න.

    www.familylife.lk

    5. මැලේ අච්චාරු

    රතු ලූණු හෝ ලොකු ළූණු ග්‍රෑම් 500, මාලු මිරිස් ග්‍රෑම් 200, කැරට් ග්‍රෑම් 200, රට ඉදි ග්‍රෑම් 450, ලුණු දෙහි ගෙඩි 2යි,  සීනි ග්‍රෑම් 250, ඉගුරු සුදු ලූණු අබ පේස්ට් මේස හැදි 2යි, විනාකිරි අඩු කෝප්ප 4/3, අන්නාසි කැබලි අඩු කෝප්පයක්, රස අනුව මිරිස් කුඩු සහ ලුණු, මැටි හට්ටියක්

    ලොකු ලූණු ගෙඩි හතරට කපාගන්න (රතු ලූණු නම් සම්පූර්ණ ගෙඩියම). මාලු මිරිස් කරල තුනට සහ ළූණු, දෙහි ගෙඩි තීරු ලෙස කපාගන්න. කැරට් අල දෙකට කපා නැවත තීරු කපාගන්න. ලුණු, අබ, සුදු ලූණු සහ ඉඟුරු එකතු කරගත් විනාකිරි මැටි හට්ටියකට දමා ලිප තබන්න. සීනි දමා හොදින් මිශ්‍ර වෙන විදියට හැදිගාන්න. මිශ්‍රනය උතුරාගෙන එනවිට මෙයට කැරට්, රට ඉදි, මාලු මිරිස්, ලොකු ළූනු දාලා ලිපෙන් බාගන්න.

    කවරයේ ඡායාරූපය – coolstyle.ba

    මුළුතැන්ගෙයි කටයුතු පිළිවෙලට පහසුවට කරගන්න වගේම රසට, ගුණට, පදමට ඉවුම් පිහුම් කරන්න කැමති ඔබ වැනි සියලුදෙනාගේ දැනුම හා අවධානය සඳහා මෙම ලිපිය පහත මාධ්‍ය ඔස්සේ ෂෙයා කිරීමට අමතක නොකරන්න


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    light rain
    28.4 ° C
    28.4 °
    28 °
    83 %
    5.1kmh
    4 %
    Thu
    28 °
    Fri
    31 °
    Sat
    31 °
    Sun
    29 °
    Mon
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු