More
    28.4 C
    Colombo
    Friday, September 4, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    අප කාටත් දැනී ඇති කැරකැවිල්ල යනු රෝගයක්ද?

    Family Tech Sponsorspot_imgspot_img

    අවට ඇති සියලුම දේවල් ඔබ වටා කැරකැවෙමින් සමබරව සිටීමට නොහැකි අවස්ථාවක් ඔබේ ජීවිතේ කවරම දිනයක හෝ අත්විඳ ඇති බව නොඅනුමානය. අප බොහෝ දෙනෙක් ලබා ඇති අත්දැකීමක් වන කරකැවිල්ල යනු කුමක්ද? අද අපි familylife.lk සුව පියස තුළින් කතාබහ කරන්නේ මේ කැරැකැවිල්ල ගැනයි.

    අප එතරම්ම තැකීමක් නොකරන මෙම කරකැවිල්ල බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව යම් රෝගයක් ලෙස හැඳින්විය හැකිය. ඒ අනුව කරකැවිල්ල ඇතිවන්නට හේතු කාරණා කිහිපයක්ම ඇත.

    ඇතුළු කනේ, ඇසේ හා පාදවල ක්‍රියාකාරීත්වයෙ දුර්වලතා නිසා ඇති වන කරකැවිල්ල

    මිනිසාගේ ශරීරයේ සමබරතාවය රඳා පවතින්නේ ඇතුළු කනේ, ඇසේ හා පාදවල ක්‍රියාකාරීත්වය මතයි. නමුත් යම් ලෙසකින් දෙපාවල ඇති දුර්වලකම් සහ දෘෂ්ටියේ දුර්වලකම් හේුතු කොටගෙන ශරීරයේ සමබරතාවය ගිලිහී යා හැකිය. ඇතුළු කනේ, ඇසේ හා දෙපා යන අවයව ත්‍රිත්වයේ ක්‍රියාකාරීත්වය මත රදා පවතින මිනිස් ශරීරයේ සමබරතාවය මින් එක් අංශයක හෝ ක්‍රියාකාරීත්වයේ වෙනසක් හේතු කොටගෙන බිඳ වැටීමට හැකිය. ශරීරයේ සමබරතාව ඇතැම් විට ගිලිහී යන්නේ එයට සාධාරණ හේතුවක් අපට සිතාගන්නටවත් නොහැකිවන ලෙසටය.

    මිනිසාගේ ශරීරයේ සමබරතාවය බිඳ වැටී කැරකැවිල්ල ඇතිවන්නට බොහෝ විට හේතුව විය හැක්කේ ඇතුළු කනෙහි ඇති වූ යම් දෝෂයක්ය. කොටස් තුනකින් යුතු කනෙහි ඇතුළතින්ම පිහිටි ඇතුළු කනෙහි ඇතිවන පීඩන වෙනස්කම්, ඇතුළු කනෙහි ඇතිවන ආසාදන තත්ත්වයන්, ඇතුළු කනෙහි ඇතිවන හදිසි සෙලවීමක් වැනි කාරණා මත මෙලෙස කැරකැවිල්ල ඇති විය හැකිය.

    තවද ශරීරයේ ප්‍රධාන පාලන මැදිරිය වන මොළය ආශ්‍රිතව ඇති වන ගැටිති හා ලේ ගැලීම් නිසාද කැරකැවිල්ල ඇතිවිය හැකිය. කැරකවිල්ල ගණන් නොගෙන සිටිය නොහැක්කේ එය සංකීර්ණ රෝගයක ලක්ෂණක් ද විය හැකි නිසාවෙන්ය. එනිසා කැරකැවිල්ල සමග ඇති වන අනෙකුත් රෝග ලක්ෂණ හා විවිධ කැරකැවිලි වර්ග පිළිබඳව දැනුවත්ව සිටීම ඉතා වැදගත්ය.

    www.familylif
    ©multiplesclerosisnewstoday.com
    කැරකැවිලි වර්ග හඳුනා ගැනීමේදී ඉතාමත් වැදගත් කරුණු වනුයේ,
    • කැරකැවිල්ල කොපමණ වාර ගණනක් ඇති වූවාද ? එනම් මසකට වරක්, මාස කිහිපයක් හෝ දිනපතා කැරකවිල්ල ඇති වූවාද යන්නය.
    • කැරකැවිල්ල ඇති වූ විට කොපමණ වේලාවක් එය පවතීද ? එනම් කැරකවිල්ල පැවතියේ තත්පර කිහිපයක්ද, විනාඩි කිහිපයක්ද, පැය කිහිපයක්ද යන්නය.
    • වමනය, කන තුළ ඇති වන ශබ්ද හෝ ඇසීමේ දුර්වලතා වැනි වෙනත් රෝග ලක්ෂණ ඇතිවේද ? ඉතා කෙටි වේලාවක් පවතින නමුත් නිතරම හිසෙහි වෙනස් පිහිටීම් වන ඇඳෙහි නිදා ගැනීම, ඇඳෙන් නැගිටීම, ඉහළ හෝ පහළ බැලීම වැනි අවස්ථාවලදී ඇතිවන කැරකැවිල්ලට හේතුවන්නේ ඇතුළු කනෙහි වැලි කැට වැනි සමබරතාවය රකින අංශු විසිර යාමයි.

    අතැම් විට කැරකැවිල්ල තත්ත්වයක් සුව කිරීම ඖෂධවලින් පමණක් නොහැකිය. ඖෂධවලට අමතරව වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනු ලබන හිස ආශ්‍රිත ව්‍යයාමයන් නොවරදවා සිදු කළ යුතුය. ඉක්මන් සුවය අපේක්ෂා කරන ඔබට ඖෂධ සේම හිස ආශ්‍රිත ව්‍යයාමයන් ද අත්‍යවශ්‍ය බව මතකයේ තබා ගත යුතුමය.

    කනෙහි ඇති වන පීඩන වෙනස්කම් නිසා ඇති වන කැරකැවිල්ල

    කැරකැවිල්ලේ තවත් අවස්ථාවක් වනුයේ ඇතුළු කනෙහි ඇති වන පීඩන වෙනස්කම් නිසා නැවත නැවත හටගන්නා විනාඩි කිහිපය සිට පැය ගණනක් ගතවනතුරු පවතතින menniexs ලෙස හඳුන්වන රෝගී තත්ත්වයයි. menniexs රෝගී තත්ත්වය නිසා මෙහිදී කන තුළ රැහැයියන්ගේ හඬ, මුහුදේ ඝෝෂාව වැනි ශබ්ද හා ඇසීමේ දුර්වලතාවයන් ද ඇති විය හැකිය. මේ සඳහා ඖෂධ මෙන්ම ශල්‍යකර්ම ද ප්‍රතිකර්ම ලෙස යොදා ගත හැකිය.

    කනෙහි විවිධ ආසාදන තත්ත්වයන් නිසා ඇති වන කැරකැවිල්ල

    වෛරස, බැක්ටීරියා නිසාවෙන් කනෙහි ඇති වන විවිධ ආසාදන තත්ත්වයන් ද කැරකැවිල්ලට හේතු සාධක විය හැකිය. මෙවැනි තත්ත්වයකදී ඔබේ හිස ඔසවාගෙන සිටිය නොහැකි ලෙස අසමබරතාවයක් දැනෙනු ඇත.

    මොළය ආශ්‍රිත ඇතිවන ගැටිති හෝ පිළිකා තත්ත්වයන් නිසා ඇති වන කැරකැවිල්ල

    මොළය ආශ්‍රිත ගැටිති හෝ පිළිකා තත්ත්වයන් නිසා ද ඔබට කැරකැවිල්ල ඇති විය හැකිය. ඔබ විසින් වෛද්‍යවරයාට පවසන කැරකැවිල්ල පිළිබඳ රෝග ලක්ෂණ සලකා බැලීමෙන් අනතුරුව MRI පරික්ෂාවක් සිදු කිරීම මගින් නිශ්චිතවම රෝගය පිළිබඳ වෛද්‍යවරයාට තීරණයකට එළැඹීමට හැකි වෙයි. ඒ අනුව ඔබව ප්‍රතිකාර වෙත යොමු කරවයි.

    අප එතරම් අවධානයක් යොමු නොකරන කැරකැවිල්ල එලෙස අඩු තක්සේරු කළ නොහැකි තත්ත්වයක් බව ඔබට මෙම ලිපියෙන් වැටහෙන්නට ඇති.


    www.familylife.lkමෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් ගෝල්ඩන් කී රෝහලේ උගුර කන, නාසය හා ගෙල පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    light rain
    28.4 ° C
    28.4 °
    28 °
    83 %
    5.1kmh
    4 %
    Thu
    28 °
    Fri
    31 °
    Sat
    31 °
    Sun
    29 °
    Mon
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු