fbpx
More
    30 C
    Colombo
    Monday, April 20, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    කෑමට හොර පොඩ්ඩන්ට ගුණදායක කෑම කවාගන්න පුළුවන් කෑම රෙසිපි පහක්

    Family Tech Sponsorspot_imgspot_img

    පුංචි පැංචොන්ට කවනවා කියන දේ අම්මලා නිතරම පරදින පොඩ්ඩෝ දිනන එක්තරා විදියක යුද්ධයක්ම තමයි. හැබැයි ඉතින් දිගින් දිගටම අම්මලා පරාද වුණොත් දරුවගේ වයසට, උසට වගේම උපත් බරටත් අදාළව තියෙන්න ඕන බර අඩුවෙලා තව තවත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. මොන දේ වුණත් තමන්ගේ දරු පැටියගේ බඩ පුරවාගත්තේ නැත්තන් අපේ අම්මලාගේ හිත පිරෙන්නේ නැති නිසා familylife.lk ෆැමිලි චෙෆ් අපි හිතුවා වයස අවුරුද්දට වැඩි, කෑමට හොර පොඩ්ඩොන්ට කවාගන්න පුළුවන් පෝෂදායි කෑම වර්ග කීපයක් මේ ලිපියෙන් අරන් එන්න.

    1. ෆ්‍රයිඩ් රයිස්

    www.familylife.lk

    මේ කියන්නෙ රස කාරක දාලා කඩෙන් අරගන්න ෆ්‍රයිඩ් රයිස් නෙමෙයි කියලා අපි මුලින්ම මතක් කරන්න ඕන. මොන දේ කැව්වත් බබාට බත් ටිකක් කවාගත්තේ නැත්තන් අම්මලගේ හිතට හරි නැති වුණත් එකම විදියට හදලා කවන බත් වලට පොඩ්ඩෝ කැමති නෑ. බත්වල අඩංගු කාබෝහයිඩ්‍රේට් වලින් බබාගේ බරත් හොදට හැදෙන නිසා විවිධ ක්‍රමවලට හදලා දෙන රසවත් බත් වර්ග කන බබාලගේ බර අඩු වෙන්නෙත් නෑ.

    පරිප්පු, මුං ඇට, කඩල, කව්පි වගේ ඇට වර්ගයක් එකතු කරගනිමින් මුලින්ම බත් ටික උයාගන්න. මුල් අද්දවාගත්ත ඇට වර්ග නම් ගුණය වැඩියි. ඇට වර්ග තැම්බෙන්න හොරයි වගේ කියලා හිතෙනවනම් ඒවා වෙනම තම්බගන්න. කැරට්, බෝංචි, ගෝවා, ලීක්ස්, ළූණු කොළ, අර්තාපල්, බෙල් පෙපර්, බ්‍රොකොලි වගේ වර්ණවත් එලවළු කිහිපයක් අරන් සිහින්ව ලියාගෙන, ලුනු ගම්මිරිස් කුඩු ස්වල්පයකුත් එකතුකරලා පොල්තෙල්, තල් තෙල්, බටර්, ගිතෙල්, කෑම පිසගන්න පාවිච්චි කරන ඔලිව් තෙල් කියන ඕනෑම වර්ගයකින් තෙම්පරාදු කරගන්න. මස්, මාළු හෝ බිත්තරත් මේකට එකතු කරගන්න පුළුවන්. මේ තෙම්පරාදුව බත් එක්ක එකතු කරගෙන වියළි මිදි, බැදපු කජු හෝ රටකජු ටිකකුත් එකතු කරගත්තොත් රස ගුණ තවත් වැඩිවෙනවා. සිහින්ව ලියාගත්ත ගොටුකොළ ටිකකුත් දෙහි බිංදු 2-3කුත් අවසානයට එකතු කරන්න.  ඔන්න දැන් රස ගුණ පිරුණු ෆ්‍ර‍යිඩ් රයිස් එකක් සූදානම්.

    2. ඕට්ස්  බිස්කට්www.familylife.lk

    තන්තු, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය, විටමින්, ඛනිජ ලවණ සහ ප්‍රතිඔක්සීකාරක අඩංගු පෝෂ්‍යදායී අහාරයක් වන ඕට්ස් කිරි සහ පළතුරු එකතු කරලා පහසුවෙන්ම හදාගන්න පුළුවන්, විශේෂයෙන්ම යුරෝපා රටවල බහුලව පාවිච්චි වෙන උදෑසන ආහාරයක්. හැමදාම  කිරි පළතුරු එකතු කරපු ඕට්ස්  කන්න පොඩ්ඩෝ කොහෙත්ම කැමති වෙන්නේ නැති නිසා අම්මලාට පුළුවන් වෙන වෙනස් විදිවලට කෑම හදලා දෙන්න. බලන්න මේ ඕට්ස් බිස්කට් එකට පොඩ්ඩා කැමති වෙයිද කියලා.

    කෙසෙල් ගෙඩි දෙකක් ගෑරොප්පුවකින් පොඩි කරගෙන ඒකටම බිත්තර දෙකක් එකතු කරගන්න. සීනි හෝ රටඉඳි සිරප් රස අනුව දාගන්න. ලුණු ටිකක්, බේකින් පවුඩ‍ර් තේ හැදි දෙකක්, වැනිලා ටිකක්, කුරුඳු කුඩු ටිකක් යෝගට් එකක් එකතු කරගන්න. සීනි/ රට ඉඳි සිරප් දාන වෙලාවට මේ යෝගට් එකේ පැණි රසත් මතක තියාගත්තොත් පැණි රස වැඩි වෙන එකක් නෑ. ඕට්ස් කප් 3ක් සහ ෆ්‍රෙශ් මිල්ක් කප් එකක් එකතු කරගන්න. මේ සේරම හොදට එකතු කරලා කප්කේක් ට්‍රේ එකට දාගන්න. උඩින් ආමන්ඩ් කෑලි, කජු හෝ වියළි මිදි ටිකක් ඉසගෙන සෙල්සියස් අංශක 180 ඌෂ්ණත්වයෙන් විනාඩි 30ක් බේක් කරගන්න.

    3. රුලං කැ

    www.familylife.lk

    රුලං කියන්නේ කැලරි බහුල, කාබෝහයිඩ්‍රේට්, තන්තු, ඛනිජ ලවණ, ප්‍රෝටීන්, මේදය, විටමින් කියන ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක කොටස් අඩංගු රසවත් ආහාරයක්. පොඩ්ඩොන්ට හැමදාම බත් කවන්න උත්සහ කරලා හෙම්බත් වුණ අම්මලා මෙන්න මේ රුලං කැද එක උදේ අහාරයක් විදියට බබාට හදලා දෙන්නකෝ.

    ගිතෙල් ටිකක් එකතු කරලා රුලං ටික යන්තමට කබලේ බැදගන්න. දිය කිරි, ලුණු සහ සීනී/ හකුරු/ රටඉඳි සිරප් වර්ගවලින් එකක් එකතු කරලා රුලං ටික තම්බාගන්න. දිගින් දිගටම හැඳි ගෑවේ නැත්තන් කැටි ගැහෙන්න පුළුවන්.  මේකටම පොඩි කරගත්ත බත් ටිකකුත් එකතු කරලා අන්තිමට මිටි කිරි ටික දාලා හැඳිගාන්න. කැබලි කරගත්ත ආමන්ඩ්, කජු හෝ වියළි මිදි ටිකක් දාලා මේ රසවත් කැඳ එක බබාට පොවන්න.

    4. බ්‍රෙඩ් රෝල්ස්

    www.familylife.lk

    පාන් කන්න පොඩ්ඩෝ හරිම කැමතියිනේ. රෝල් වගේ තෙලෙන් බැදපු ක්ෂණික අහාර වලටත් වගේම කැමතියි. කඩෙන් අරන් දෙනවා වෙනුවට සුළු වෙලාවකින් හදලා දෙන්න පුළුවන් මේ පාන් රෝල් එකට පොඩි දරුවෝ ගොඩක් කැමති වේවී.

    මේ පිරවුම අපි කියන විදියටම හදන්න ඕනි නෑ. බබා ආස විදිය දන්නේ අම්මා තාත්තා නිසා බබා කැමති විදියේ පිරවුමක් හදාගන්න.

    ඉතා කුඩාවට කපාගත්ත චිකන්වලට ලුණු ගම්මිරිස්, අවශ්‍යනම් කෑලි මිරිස්, තුනපහ, සිහින්ව ලියාගත්ත කැරට්, බෝංචි, ලීක්ස් වැනි ඕනෑම එළවලුවක් එකතු කරගන්න. චිකන් වෙනුවට වෙනිං මස් වර්ගයක් ගේම මාළු, සැමන් හෝ බිත්තර වුණත් ගන්න පුළුවන්. තෙල් ටිකක් රත් කරලා අබ, සුදු ලූණු, ලූණු, ඉඟුරු පේස්ට් ටිකක් දාලා තෙම්පරාදු කරගෙන චිකන් සහ එලවළු එකතු කරලා තෙම්පරාදු කරගන්න. වාටිය කපා තුනී කරගත්ත පාන් පෙති මැදට මේ පිරවුම දාලා අතින් තද කරලා බිත්තර සාරුවලත් , බිස්කට් කුඩු වලත් තවරමින් ගැඹුරු තෙලේ බැදගන්න. අවශ්‍යනම් රෝල් එක කන්න මේ තක්කාලි සෝස් එකත් හදාගන්න පුළුවන්.

    හොදින් තම්බා පොඩිකරගෙන පෙරාගත් තක්කාලි පේස්ට් එකට සීනි, ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, ඉඟුරු කුඩු ස්වල්පයක් එකතු කරගෙන කලවම් කරමින් රත් කරන්න. හොදින් හිඳුණාට පස්සේ නිවාගත් තක්කාලි සෝස් එකට විනාකිරි ස්වල්පයක් එකතු කරලා ශීතකරණයේ දාලා පාවිච්චි කරන්න.

    5. පොප්කෝර්න්

    www.familylife.lk

    බඩ ඉරිඟු කියන්නේ සිරුරට ශක්තිය ලබාදෙන, ප්‍රෝටීන්, පොටෑසියම් සහ යකඩ බහුල ඉතාම ගුණදායක ආහාරයක්. බත් ටික නොකා කට්ටි පැනපු පැංචන්ගේ බඩ පුරවන්න අමතර ආහාරයක් විදියට පොප් කෝර්න් හදලා දෙන්න පුළුවන්. හැබැයි අම්මා හෝ තාත්තා ළග ඉන්න වෙලාවක විතරක් මේවා දෙනවනම් තමයි වඩා සුදුසු. මොකද පොප්කෝර්න් උගුරේ හිරවෙන්න වගේම උඩු තල්ලෙ ඇලවෙන්නත් තියෙන ඉඩ කඩ වැඩියිනෙ.

    ප්‍රෙශර් කුකර් එකට තෙල් හෝ බටර් ස්වල්පයක් දාලා රත් කරගෙන වියළි බඩ ඉරිඟු ඇට දාන්න. ලුණු චුට්ටකුත් දාගන්න. ප්‍රෙශර් කුකර් එකේ පියනේ උඩ තියෙන ප්‍රෙෂර් රෙගියුලේටරය අයින් කරලා මද ගින්නේ රත් කරගන්න. පට පට ගාලා සද්දෙකුත් එක්ක රස සුවද වෑහෙන පොප්කෝර්න් හැදෙන සද්දේ ඇහෙයි. සීනි කැරමල් කරලා දාලා පැණි රසට වුණත් මේවා හදාගන්න පුළුවන්කම තියෙනවා.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    30 ° C
    30 °
    28 °
    75 %
    1.3kmh
    99 %
    Mon
    30 °
    Tue
    30 °
    Wed
    30 °
    Thu
    31 °
    Fri
    30 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු