fbpx
More
    29.3 C
    Colombo
    Thursday, April 17, 2025
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    මෙදා පාර නත්තල් කෑම මේසයට වෙනස්ම චිකන් කරියක්…

    Family Tech Sponsorspot_imgspot_img

    කුකුළු මස් කියන්නේ වෙනත් මස් වර්ග නොකන උදවිය පවා පැකිලීමකින් තොරව ආහාරයට ගන්න මස් වර්ගයක්. හැබැයි බොහෝ දෙනෙක් ලේසිය පහසුව නිසා චිකන් කරිය හැමදාම හදන්නේ එකම ක්‍රමයකට. familylife.lk අපි ෆැමිලි චෙෆ් වෙතින් ගෙන එන මේ ලිපියෙන් කතා කරන්නේ පවුලකට සරිලන් කුකුළු මස් පිසගන්න පුළුවන් විවිධ ක්‍රම පිළිබදවයි.

    මේ උත්සව සමය නිසා ගෙදරට එන අයට සංග්‍රහ කරන්නත් මෙම රෙසිපි වල ප්‍රමාණය වැඩි කරල හදාගන්න පුළුවන්. මෙවර නත්තලට අලුත් විදිහට චිකන් හදන්නත් පුළුවන්. වෙනසකටත් එක්ක මේ විදියට චිකන් හදලා ගෙදර අයගේ ප්‍රතිචාර ගැන අපිටත් කියන්නකෝ.

    කුකුළු මස් කලුපොල් මාළුව

    • සාමාන්‍ය ප්‍රමාණයට කපාගත් කුකුළු මස්  කිලෝ 01
    • කබලේ බැදගත් පොල් මේස හැඳි 02
    • බැදගත් තුනපහ තේ හැඳි 03
    • බැදගත් මිරිස් කුඩු තේ හැඳි 02
    • ගම්මිරිස් කුඩු තේ හැඳි 02
    • කහ කුඩු තේ හැඳි ½
    • ඉඟුරු සුදුළුණු පේස්ට් මේස හැඳි 1 ½
    • සිහින්ව ලියාගත් රතු ළුණු මේස හැඳි 6-7
    • කරාඹු නැටි 3-4
    • රම්පෙ
    • කරපිංචා
    • එනසල්
    • තෙල් මේස හැඳි 2-3
    • සාමාන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩි 3ක්
    • අබ තේ හැන්දක්
    • අමු මිරිස් කරල් 2-3
    • ලුණු අවශ්‍ය පමණට.

    www.familylife.lk

    කපාගත් මස් කැබලිවලට තුනපහ, මිරිස්, ගම්මිරිස් සහ කහ එකතුකරලා පැයක් විතර පදම් වෙන්න තියන්න. රන්වන් පාට වෙනකන් කබලේ බැදගත්ත පොල් ටික බ්ලෙන්ඩරයකින් හෝ වංගෙඩියකින් කුඩාවට අඹරා ගන්න. මැටි හට්ටියක් ලිපේ  තියලා තෙල් දමා රත්වෙන්න තියන්න. මුලින්ම අබ ටික දමා පිපිරුණු පසු ඉඟුරු සුදු ළුණු පේස්ට් තෙම්පරාදු කරගන්න. රතු ළුණු, අමු මිරිස්, රම්පෙ, කරපිංචා, කරාඹු නැටි සහ එනසාල් සියල්ලම දමා තෙම්පරාදු කරගන්න. දැන් පදම් කරගත්ත චිකන් සහ තක්කාලි කෑලි ටිකත් එයට එකතු කරන්න. අඹරා ගත් පොල් ටික එකතු කරලා අවසන් වශයෙන් වතුර අඬු කෝප්ප එකක් එකතු කරගන්න. වතුර හිඳෙනතුරු මද ගින්නේ පිසගන්න.

    බටර් චිකන්

    • සාමාන්‍ය ප්‍රමාණයට කපාගත් කුකුළු මස් ග්‍රෑම් 500 (කටු රහිත)
    • යෝගට් හෝ මුදවපු කිරි මේස හැඳි 03
    • කුඩාවට කපාගත් සාමාන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩි 8-9
    • එළවළු තෙල් මේස හැඳි 3-4
    • සිහින්ව ලියාගත් ලොකු ළුණු ගෙඩි 1 ½
    • සිහින්ව ලියාගත් සුදු ළුණු බික් 3-4
    • වතුර මේස හැඳි  02
    • තුනපහ හෝ ගරම් මසාලා තේ හැඳි 02
    • මිරිස් කුඩු තේ හැඳි 01
    • නැවුම් කිරි අඬු කෝප්ප ½
    • බටර් අඬු කෝප්ප ¼
    • ලුණු අවශ්‍ය ප්‍රමාණයට

    www.familylife.lk

    මුදවපු කිරි හෝ යෝගට්, තුනපහ හෝ ගරම් මසාලා, මිරිස්, ලුණු, මස් සමග මිශ්‍ර කර පැයක් පමණ පදම් කරගන්න. රත් කරගත් මැටි හට්ටියකට තෙල් දමා තෙල් රත්වීමෙන් පස්සේ සුදු ළුණු, ළුණු තෙම්පරාදු කරගන්න. එයටම තක්කාලි එකතු කරන්න.පාඩම් කරගත්ත කුකුළු මස් මිශ්‍රණය එකතු කර විනාඩියක් පමණ තෙම්පරාදු කරගන්න. වතුර මිශ්‍ර කර විනාඩි 15ක් පමණ මද ගින්නේ පිසගන්න (පියනකින් හට්ටිය වහන්න). අවසානයට නැවුම් කිරි එකතු කර විනාඩි 5ක් පමණ පිසගන්න. රස අනුව ලුණු එක් කරන්න.

    චිකන් ස්ටූ

    • සාමාන්‍ය ප්‍රමාණයට කපාගත් චිකන් ග්‍රෑම් 500
    • මිරිස් තේ හැඳි 2-3, කහ තේ හැඳි 1/2
    • ගම්මිරිස් තේ හැඳි 2-3, දෙහි ගෙඩි බාගයක යුෂ
    • සාමාන්‍ය ප්‍රමාණයේ ලොකු ලූණු ගෙඩියක්
    • රම්පෙ, කරපිංචා
    • සුදු ලූණු බික් 3-4
    • අබ ඇට
    • කුරුඳු කැබැල්ලක් හෝ කුරුඳු කුඩු ස්වල්පයක්
    • කරාඹු නැටි 2-3
    • එනසාල් ස්වල්පයක්
    • තෙල් මේස හැඳි 02
    • ලුණු අවශ්‍ය පමණට

    www.familylife.lk

    ලුණු, මිරිස් කුඩු, කහ, ගම්මිරිස්, දෙහි මස් සමග මිශ්‍ර කරලා පැයක් විතර පදම් වෙන්න තියන්නනන්ස්ටික් භාජනයකට මේ මස් ටික දාලා වෙන කිසිම දෙයක් නොදා දෙපැත්ත පෙරළමින් විනාඩි 15 ක් විතර මද ගින්නේ තම්බගන්න. භාජනය පියනකින් වහලා මස් ටික පිළිස්සෙන්නේ නැති වෙන්න තම්බාගන්න වගබලා ගන්න. තැම්බුණු මස් ටික වෙනත් භාජනයකට අයින් කරගන්න. නන්ස්ටික් බදුන ලිපේ තියලාතෙල් ටික රත්කරන්න. අබ ටික දාලා අබ පිපිරුණාට පස්සේ, තලාගත් සුදු ලූණු, රම්පෙ, කරපිංචා, ලොකු ලූණු,  රස අනුව ලුණු එකතුකරලා තෙම්පරාදු කරගන්න. තම්බාගත් මස් සහ ඉස්ම ටික මේ තෙම්පරාදුවටම එකතු කරලා ආයෙත් මද ගින්නේ විනාඩි 10ක් විතර තම්බාගන්න.

    මසාලා චිකන්

    • සාමාන්‍ය ප්‍රමාණයට කපාගත් කුකුළු මස් ග්‍රෑම් 500
    • ගරම් මසාලා කුඩු තේ හැඳි 2-3
    • කහ කුඩු තේ හැඳි 1/2
    • මිරිස් කුඩු තේ හැඳි 2-3
    • පොඩියට කපාගත් ලොකු ලූණු ගෙඩි 1-2
    • පොඩියට කපාගත් තක්කාලි ගෙඩි 2-3
    • මීකිරි මේස හැඳි 6ක් පමණ
    • ඉඟුරු සුදු ලූණු පේස්ට් තේ හැඳි 02
    • අමු මිරිස් කරල් 1-2
    • කුරුඳු පොතු කැබැල්ලක් හෝ කුඩු
    • අබ
    • එනසාල්
    • ගිතෙල් මේස හැඳි 02
    • මිංචි කොළ  ස්වල්පයක්
    • කොත්තමල්ලි කොළ මේස හැඳි 03 කොළ
    • සූදුරු ස්වල්පයක්
    • වතුර සහ නැවුම් කිරි අඬු කෝප්ප 1/2
    • ලුණු අවශ්‍ය තරමට

    www.familylife.lk

    ලුණු, කහකුඩු, මිරිස්කුඩු, ගරම් මසාලා කුඩු, ඉඟුරු සුදු ලූණු පේස්ට්, මී කිරි සහ මස් ටික එකට මිශ්‍ර කරලා පැය 2ක් පමණ පදම් කරගන්න. මැටි හට්ටියකට ගිතෙල් දාලා රත් වුණාම අබ ටික දාලා පිපිරෙන්න අරින්න. එයට සූදුරු, කුරුඳු, එනසාල්, ලොකු ලූණු එකතුකරලා හොදින් තෙම්පරාදු කරගන්න. පදම් කරගත් කුකුළු මස්, අමු මිරිස් සහ තක්කාලි මේ තෙම්පරාදුවට එකතු කරලා මද ගින්නේ තම්බාගන්න. මේ මිශ්‍රණය හිඳුනාට පස්සේ, මස් ටික වැහෙන තරමට වතුර එකතු කරලා උකු වෙනතුරු මද ගින්නේ තම්බා අවසානයට නැවුම් කිරි සහ රස අනුව ලුණු එකතු කරලා විනාඩි 5ක් පමණ වෙලා පිසගන්න.

    චිකන් නගට්ස්

    • කුකුළු මස් ග්‍රෑම් 500,
    • නැවුම් කිරි අඬු කෝප්ප 1/2
    • ලුණු කුඩු
    • ගම්මිරිස් කුඩු
    • කරපිංචා පේස්ට්
    • සුදු ලූණු පේස්ට්
    • බිත්තර සාරු
    • බිස්කට් කුඩු
    • තෙල්
    • පාන් පිටි හෝ කොර්න් පිටි

    www.familylife.lk

    චිකන් ටික පැතලි හැඩයකට කුඩාවට කපාගන්න. ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කරපිංචා පේස්ට්, සුදු ලූණු පේස්ට් අවශ්‍ය පමණට අරගෙන නැවුම් කිරි එකතු කරලා මිශ්‍රණයක් හදාගන්න. මිශ්‍රණය උකු වෙන්න පාන් පිටි/ කෝර්න් පිටි එකතු කරගන්න. චිකන් කැබලිවල මේ මිශ්‍රණය තවරලා බිත්තර සාරුවලත් බිස්කට් කුඩුවලත් තවරලා ගැඹුරු තෙලේ බැඳගන්න.

    කවරයේ ඡායාරූපය – someecards.com

    මුළුතැන්ගෙයි කටයුතු පිළිවෙලට පහසුවට කරගන්න වගේම රසට, ගුණට, පදමට ඉවුම් පිහුම් කරන්න කැමති ඔබ වැනි සියලුදෙනාගේ දැනුම හා අවධානය සඳහා මෙම ලිපිය පහත මාධ්‍ය ඔස්සේ ෂෙයා කිරීමට අමතක නොකරන්න


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    29.3 ° C
    29.3 °
    29.3 °
    70 %
    1.8kmh
    97 %
    Thu
    29 °
    Fri
    30 °
    Sat
    30 °
    Sun
    29 °
    Mon
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු