කේරළ චිකන් කරිය රසට හදල අද නිවාඩු ඉරිදාවේ පවුලේ කෑම මේසය රස ගන්වන්න ඔන්න ඔබට පුළුවන්. familylife.lk ගෙන එන නවතම විශේෂාංගය වන Chicken Sunday සෑම ඉරිදාවකම උදේම ඔබ වෙත ළඟා වෙනවා. සෑම ඉරිදාවකම උදේම Familylife.lk වෙත පිවිසිලා ඔබේ කෑම මේසය රස ගන්වන චිකන් රෙසිපිය ට්‍රයි කරල බලන්න family chef අපි ඔබට ආරාධනා කරනවා.
- මෙම ප්‍රමාණය 8 දෙනෙකුට සෑහේ.
- Calories – 542kcal
- Fat – 39.3g
- Carbohydrates – 29.7g
- Protein – 18.4g
- Cholesterol – 60mg
- Sodium – 66mg
කේරළ චිකන් කරිය සඳහා අවශ්‍ය දෑ
- කුකුළු මස් 1.5 Kg
- එළවළු තෙල් කෝප්ප 1/4
- හීනියට කපාගත් ළුනු ගෙඩි දෙකක්
- කරාබු නැටි 4
- අඹරා ගත් සුදුළුනු ගෙඩි දෙකක්
- තුනපහ කුඩු කෝප්ප 1/4
- මිරිස් කුඩු තේ හැදි දෙකක්
- අඹරාගත් ගම්මිරිස් කුඩු තේ හැඳි 01
- ලුණු ඇති පදමට
- අඟලක කෑලි වලට කපා ගත් පොතු ඇරගත් අර්තාපල් ගෙඩි පහක්
කේරළ චිකන් කරිය සාදා ගන්නා ක්‍රමය
- විශාල බඳුනකට කුකුල් මස් සහ වැසෙන ප්‍රමාණයට වතුර දමා තැම්බෙන්නට තබන්න.
- මද රස්නයෙන් විනාඩි 20ක් පමණ තැම්බෙන්නට හරින්න.
- ඒ අතර තවත් බඳුනකට එළවළු තෙල් දමා මද ගින්නේ විනාඩි පහක් පමණ ළුැණු සහ සුදුලූණු බැදගන්න.
- තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු හොඳින් මිශ්‍ර කර ළුෑණු බැදෙන බඳුනට දමා බැදගන්න.
- දැන් ළුණු මිශ්‍රනය කුකුල්මස් බඳුනට එක්කර කලවම් කර ගන්න.
- අවසාන වශයෙන් කපාගත් අර්තාපල් එක් කර තවත් විනාඩි විස්සක් පමණ මදගින්නේ පිසගන්න.