fbpx
28.1 C
Colombo
Wednesday, May 14, 2025
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk

ප්‍රසූතියෙන් පසු ඔබව සුවපත් කරන ඖෂධීය පානය “කායම් හොද්ද”

-

සුව අසපුව සමාදර දායකත්වය

දරුවෙක් ලැබෙන්න ඉන්නව කියල දැනගත්ත මොහොතෙ ඉඳන් මාස 10ක් තිස්සෙ දරුවෙක් කුස තුල දරාගෙන ඉන්න ගර්භණී කාලයෙදි වගේම දරු ප්‍රසූතියෙන් පස්සෙ සූතිකා කාලසීමාවේදිත් අම්මා කෙනෙක් කරන්නෙ පුදුම කැපකිරීමක්. familylife.lk අපි අද කතා කරන්නේ ඒ කාලයට වැදගත් වන දෙයක් ගැනයි.

මේ කාලය තුලදී මවගේ නිරෝගී බව රැකගැනීම අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඉහත සඳහන් උන සූතිකා කාලයේදී මවගේ නිරෝගී බව වර්ධනය කරන්න දේශීය වෛද්‍ය ක්‍රමයෙහි දැක්වෙනකායම් හොද්දහෙවත්තැම්බුම් හොද්දගැන සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි.

www.familylife.lk
අනුග්‍රහය- stanfordchildrens.org

ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමයේදී ගර්භණී හා සූතිකා සෞඛ්‍යය පිළිබඳව දක්වන්නේ ප්‍රධාන සැලකිල්ලක්. මාස 10කට ආසන්න ගර්භණී කාලයක් ගර්භය තුල ඉන්න බිළිඳු දරුවා මෙලොව එළිය දැක්කට පස්සෙ මාස එකහමාරක් පමණ මව ගෙවන කාලයසූතිකා කාලය” ලෙස හැඳින්වෙනවා.

සූතිකා කාලය තුල මවට මුහුණ දෙන්නට සිදුවන විවිධ රෝග තත්ත්වයන් ආයුර්වේදයට අනුවසූතිකා ව්‍යාපත්ලෙස පොදු නමකින් හඳුන්වන්න පුළුවන්. අද මාතෘකාව වනකායම් හොද්දමේ සූතිකා ව්‍යාපත් වලින් වැලකීමට දේශීය වෛද්‍ය ක්‍රමය සතුව තිබුණු විශිෂ්ඨ ඖෂධයක්.

ඉස්සර දරුවො ඉපදුනේ ගෙදරමයි. වින්නඹු මාතාව ඇවිත් කටයුතු සම්පූර්ණ කරල ගියාට පස්සෙ සියළු වගකීම් පැවරෙන්නෙ සූතිකාවගේ එහෙම නැත්නම් දරුවා ලැබුණ කාන්තාවගේ, මවට. ඇයට තමන්ගෙ පරම්පරාවෙන්ම එන පුරුද්දක් තමයි අලුතින් මව් පදවිය ලැබුව තමන්ගෙ දියණියගේ නිරෝගී බව ආරක්ෂා කරගැනීම. වෙනුවෙන් වගේම කිරි එරීම උත්තේජනය, සූතිකාවගේ ලේ වර්ධනය වැනි තවත් බොහෝ අවශ්‍යතා වෙනුවෙන් සැකසුන විශේෂ ආහාර කිහිපයක්ම මේ කාලයේදී භාවිතා වෙනවා. හැම අම්මා කෙනෙක්ම මේ වැඩේට හරි දක්ෂයි.

එයින් සූතිකාවගේ නිරෝගී බව වර්ධනය වෙනුවෙන් ඇති ඖෂධීය වගේම ආහාරමය පානයක් තමයිකායම් හොද්දකියන්නෙ. විශේෂ වට්ටෝරුවට අනුව මාස එකහමාරක් විතර වෙනකල් හැමදාම වගේ මේ කායම් හොද්ද සූතිකාවගේ ආහාර වේලට එකතු වෙන අනිවාර්‍යය අංගයක්.

මේ කායම් හොද්දේ වට්ටෝරුව ගැන සලකා බලමු. ලංකාවේ පළාතෙන් පළාතට මේ වට්ටෝරුවෙ අඩංගු වෙන ද්‍රව්‍යයන් කිහිපයක් වෙනස් උනත් හැම වට්ටෝරුවකටම බහුලවම දැක්වෙන පොදු ද්‍රව්‍ය කිහිපයක් පහත විදියට පෙළ ගස්වන්න පුළුවන්.

  • වියලි ඉඟුරු
  • සුදුලූණු
  • පෙරුම්කායම්
  • ගම්මිරිස්
  • එනසාල්
  • කරාබු නැටි
  • මුරුංගා පොතු
  • ගොරකා
  • කුරුඳු පොතු
  • කොත්තමල්ලි
  • සූදුරු
  • සියඹලා
  • ලුණු

ඉහත ද්‍රව්‍ය අඩු වැඩි ප්‍රමාණවලින් අරගෙන සාමාන්‍ය හොද්දක් හදන ආකාරයට මැටි මුට්ටියක සකස් කරගැනීමෙන් කායම් හොද්ද හදාගන්න පුළුවන්.

www.familylife.lk
අනුග්‍රහය – mamaybebe.cl

විශේෂ ගුණ මොනවාද..?

  • දරු ප්‍රසූතිය සාමාන්‍ය එකක් නම් ප්‍රසූති දිනයේ සිට යම් කාලයක් වෙන තෙක් ගර්භාෂය තුල පවතින අපද්‍රව්‍ය කොටස් යෝනි මාර්ගය හරහා ඉවත් වීම සිදුවෙනවා. මේ සඳහා ගර්භාෂයේ රිද්මයානුකූල සංකෝචන පැවතිය යුතුයි. එයට උදව් වන ගර්භාෂ සංකෝචක ගුණය මෙහි ඖෂධ වල අඩංගු වෙනවා.
  • ප්‍රසූතියේදී ඇතිවන වේදනාව මෙන්ම ප්‍රසූතියේදී යෝනි මාර්ගය ආශ්‍රිත පටක වලට සිදුවන හානිවීම් නිසා ඇතිවන වේදනාවන් සමනය කිරීම සඳහා වේදනා නාශක ගුණයද මේ ඖෂධවල අඩංගුයි.
  • සාමාන්‍ය ප්‍රසූතියකදී වගේම සිසේරියන් සැත්කමකදී ඇතිවන තුවාල ආසාදනයට ලක්වීම මේ කාලයේදී සිදුවිය හැකි තත්වයක්. කායම් හොද්දේ අඩංගු ඖෂධීය ද්‍රව්‍යවල ඇති තුවාල සුවකිරීමේ ගුණය හා ප්‍රතිජීවක ගුණය මේ සඳහා උපකාරී වෙනවාක් මෙන්ම මෙහි ඇති ප්‍රතිශක්තිකරණ ගුණයන් නිසා සූතිකාවට රෝග ඇතිවීමේ අවදානම පහත හෙලන්නට උදව් වෙනවා.
  • වගේම මේ කාලයේදී මවට ආහාර අරුචිය, මලබද්ධය වැනි තත්ත්වයන් ඇතිවීම සුලභයි. ඒවායින් වැලකීම සඳහා බඩගින්න ඇති කරන, මද විරේචක ගුණයන්ගෙන් මෙහි ද්‍රව්‍ය සමන්විතයි.

මේ වගේ ඖෂධීය ගුණයන් මෙන්ම රසයෙනුත් අනූන කායම් හොද්ද අතීතයේ අපේ නිවෙස්වල භාවිතා වුණු අති විශිෂ්ට අත් බෙහෙත් වට්ටෝරුවක්. ටිකෙන් ටික භාවිතයෙන් ඉවත් වී යන අතුරු උපද්‍රව වලින් තොර මෙවන් ස්වභාවික ඖෂධ නැවත භාවිතයට හුරුවීම අනාගත පරපුර වෙනුවෙන් කෙරෙන වටිනා ආයෝජනයක් වේවි.


බලන්න ගර්භනී සමය ගැන සැකසුනු මේ ලිපියත් ඔබට වැදගත් නේද කියල…

ප්‍රසූතියෙන් පසු ශරීරයේ බර අඩු කරගන්න උනන්දුවන්න.

තවත් ලිපි කියවන්න මුල් පිටුවට පිවිසෙන්න


ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


කවරයේ ඡායාරූපය – nyonyacooking.com

මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

වෛද්‍ය චමිල් කරුණාරත්න
වෛද්‍ය චමිල් කරුණාරත්න
වෛද්‍ය චමිල් කරුණාරත්න කැලණිය විශ්වවිද්‍යාලයීය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයෙන් ආයුර්වේද වෛද්‍ය උපාධිය හදාරා දැනට පෞද්ගලික වෛද්‍ය සේවයේ නියැලෙමින් සිටියි.
Colombo
overcast clouds
28.1 ° C
28.1 °
28.1 °
84 %
6.3kmh
100 %
Wed
29 °
Thu
29 °
Fri
30 °
Sat
30 °
Sun
29 °
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk
error: Content is protected !!
www.familylife.lk

හොඳම දේ ඔබ ලඟටම...

දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු