fbpx
More
    26 C
    Colombo
    Friday, October 4, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    පෙරපාසලෙන් පාසලට යන ඔබේ දරුවා ගැන මේ දේවල් හිතට ගන්න.

    Family Tech Sponsorspot_imgspot_img

    පෙරපාසලෙන් පාසලට යන්නට, අලුත් අවුරුද්දත් එක්කම පටන් ගත්ත අලුත් පාසල් වාරයේ හාහාපුරා කියලා සූදානම් වෙන පුංචි පැංචෝ ඉන්න දෙමව්පියන් වෙනුවෙන් තමයි familylife.lk අපි මේ ලිපිය අරන් එන්නේ.

    පුංචි දූගේ පුතාගේ ජීවිතයේ වැදගත්ම කඩඉමක් වෙන විධිමත් පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීම, දෙමව්පියොන්ගේ හිත්වලට බලාපොරොත්තු ගොන්නක් විතරක් නෙවෙයි විශාල අභියෝගයකුත් ලබාදෙනවා.

    දන්න ශිල්ප ඔක්කොම දක්වලා දරුවව පාසලකට ඇතුල් කරගත්තා කියලා මේ අභියෝගය අවසන් වෙන්නේ නම් නෑ. ඔබේ දරුවා වසරක් හෝ දෙකක් පෙරපාසල් ගිය දරුවෙක් හෝ පෙර පාසලකට එක් දිනක්වත් ගිහින් නැති දරුවෙක් වෙන්න පුළුවන්.

    පවුලේ තනිව හැදුණු දරුවෙක් හෝ සහෝදර සහෝදරියන් / මිතුරන් පිරිවරාගෙන හැදුණු දරුවෙක් වෙන්නත් පුළුවන් හැබැයි මේ දෙවර්ගයේම දරුවොන්ට පාසල් යෑම කියන කාරණය වෙනස්ම අත්දැකීමක් වෙන බවනම් නොකියාම බෑ.

    මේ අලුත් අත්දැකීම පොඩ්ඩට සුන්දර අත්දැකීමක් කරවන්න දෙමව්පියොන්ට කරන්න පුළුවන් දේවල් ගැන මේ ලිපියෙන් අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

    පෙරපාසලෙන් පාසලට

    ගැළපෙන පෙර පාසලක් තෝරගැනීම

    පාසල් ගමනට දරුවෙක් සූදානම් කරවීම ගැන කතා කරද්දි දරුවාට පෙර පාසලක් තෝරාගැනීමේ සිටම මේ කාරණය ගැන සැළකිලිමත් වීම අත්‍යවශ්‍ය වෙනවා.

    මුල් ළමා විය සංවර්ධනය සහ විධිමත් පාසල් අධ්‍යාපනය කියන ක්ෂේත්‍ර දෙක එකම අමාත්‍යයංශයකින් නියාමනය නොවෙන නිසා, දරුවා ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙන පාසලේ කටයුතු කෙරෙන ආකාරයට ගැළපෙන පරිදි පෙර පාසලක් තෝරගැනීම දෙමව්පියෝ විදියට ඔබේ වගකීමක් වෙනවා.

    විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන මාධ්‍ය, සන්නිවේදනය සිදුවෙන භාෂාව වගේ කාරණා ගැන සැළකිළිමත් වීමෙන් අලුතින්ම පාසලට යන පොඩ්ඩා අපහසුතාවයට පත් වීම අවම කරගන්න හැකියාව ලැබෙනවා.

    සම්බන්ධිත ලිපි – දරුවාට පෙර පාසලක් තෝරා ගැනීමේදී මේ ගැනත් සිතන්න

    ඒ ඔබේ දරුවායි

    පාසලේදී සාර්ථක ආරම්භයක් ලබාගන්න පෙරපාසලෙන් දරුවාට ලැබෙන අත්දැකීම් සහ පුහුණුව විශාල සහයෝගයක් වෙනවා. තමන් මුල් ළමාවිය අධ්‍යාපනය ලබා දෙන දරුවන් පාසලකට ඇතුළත්වීමට බලාපොරොත්තු වෙන දරුවන් බව සිහියේ තබාගෙන කටයුතු කිරීම පෙර පාසල් පාලිකාවන්ගේත් වගකීමක් වුනත් හැම දේම පෙර පාසලටම භාර දීලා දෙමව්පියන් පැත්තකට වෙන එක නම් සුදුසු ක්‍රියාවක් කියලා අපි කියන්නේ නෑ.

    සම්බන්ධිත ලිපි – දරුවා කථා කරන්න ප්‍රමාද නම් මේ පිළිබඳ දැනුවත් වන්න

    විශේෂයෙන් ම සාර්ථකව අදහස් ප්‍රකාශකිරීමේ හැකියාව, පෞද්ගලික පිරිසිදුකම, වැසිකිළි/ කැසිකිළි භාවිතය, සහයෝගයෙන් ක්‍රියා කිරීම, බෙදා හදා ගැනීම වගේ අත්‍යවශ්‍ය ගුණාංගත්, කතුර පැන්සල පාවිච්චිය, සවන්දීම, අවධානය යොමු කිරීම, කාලසටහනකට අනුව පිළිවෙලකට වැඩ කිරීම, ස්වාධීනව ක්‍රියා කිරීම, ගැටළුවලට මුහුණ දී විසදගන්නා ආකාරය වගේ කුසලතාවනුත් තමන්ට හැකි පරිදි සංවර්ධනය කිරීමට දෙමව්පියන් උත්සහ දැරීම පෙරපාසලෙන් පාසලට යන ඔබේ දරුවාගේ යහපතට හේතු වෙනවා.

    යහළුවන් අත්‍යාවශ්‍යයි

    දරුවන් කුඩා කාලයේ පටන්ම එකිනෙකාට වෙනස් පෞර්ෂත්ව ලක්ෂණ පෙන්වීම අතිශය සාමාන්‍ය කාරණයක් විදියට සළකන්න පුළුවන්. ඇතැම් දරුවන් උද්‍යෝගිමත්, ක්‍රියාශීලී සහ ඉක්මනින් හිත මිතුරන් ඇති කර ගැනීමට සමත් වුණත් ඇතැම් දරුවන් ඊට වෙනස් ගති ලක්ෂණ පෙන්වන්න ඉඩ තියෙනවා.

    ඒ කවරාකාරයේ ගති ලක්ෂණ පෙන්වුවත් අලුතින්ම පෙරපාසලෙන් පාසලට යන ඔබේ දරුවාට යාළු මිත්‍රකම් ඇති කරගැනීමේ වැදගත්කම කියා දීම ඔබේ වගකීම වෙනවා.

    වෙනස්ම පරිසරයකට යන දරුවාගේ හිතට සැනසිල්ලක් වෙන්න මේ අලුත් යාලුවෝ ලොකු උපකාරයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා ගෙදර ඉන්න අම්මලා තාත්තලටත් ඒක ලොකු සහනයක් වෙවී.

    සම්බන්ධිත ලිපි – දරුවා කේන්ති කාරයෙක් නම් ඔබත් මේ දේවල් දැනගෙන ඉන්නම ඕනෙ

    පෙරපාසලෙන් පාසලට

    ගුරුවරිය සමග හොඳ සන්නිවේදනයක් පවත්වා ගන්න

    තමන්ගේ දරුවාට විශේෂ අවධානයක් යොමු කළ යුතු අසනීප තත්ත්වයක් / අසාත්මිකතා හෝ වෙනත් එවැනි කාරණයක් තියෙනවා නම් ඒ ගැන ගුරුවරිය දැනුවත් කිරීම අතිශය වැදගත් වෙනවා. ඒ වගේම තමන්ගේ අවශ්‍යතාවය / අවශ්‍ය උපකාරය පැකිළීමකින් තොරව ගුරුවරියට දැනුම් දෙන ආකාරය ගැනත් කියා දීම දරුවාට සහනයක් වේවි.

    ආරක්‍ෂාව මූලිකයි

    පෙරපාසලෙන් පාසලට යන ඔබේ දරුවාට ආරක්ෂාව කියන කාරණය නම් අමතක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කුඩා වයසේ පටන්ම තමන්ගේ ආරක්ෂාව සළසාගන්න විදිය ගැන දරුවාට දැනුම ලබාදෙන එක අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා.

    පාසල් වෑන් රථයේදි, පන්ති කාමරයේදි සහ පාසලේ ඕනෑම තැනකදි තමන්ට වෙන හිරිහැරයක්, අපයෝජනයක් හෝ වෙනත් ඕනෑම කරදරයක් ගැන වහාම දෙමව්පියන් සහ ගුරුවරිය දැනුවත් කරන විදිය දරුවාට කියලා දෙන්න.

    නාදුනන පුද්ගලයින්ගෙන් ප්‍රවේසම් වීම, වෙනත් දරුවෙක් හිරිහැර කරනවා නම් එයින් ආරක්ෂා වීම, වැඩිහිටි සිසුවෙක්ගෙන් බලපෑම් ඇත්නම් එයින් ආරක්ෂා වීම, තමන්ගේ බඩු බාහිරාදිය ප්‍රවේසම් කරගැනීම විතරක් නෙවෙයි ගුරුවරියගෙන් යම් ගැටළුවක් සිදුවෙනවා නම් ඒ ගැන පවා දෙමව්පියන් දැනුවත් කළ යුතු බව දරුවාට වටහා දෙන්න. 

    ඉහත කරුණුවලට අමතරව,

    • අදාළ පාසලේ, සිසු සිසුවියන්ගේ, ගුරුවරියන්ගේ පින්තූර පෙන්වමින් ඒ අය ගැන දරුවා සමග කතා බහ කරමින් ආගන්තුක ස්වභාවය මගහැරවීමට උත්සහ කිරීම.
    • පාසල් යෑමෙන් දරුවාට ලැබෙන ප්‍රතිලාභ ගැන කියා දීම. (තනිවම කතන්දර පොත් කියවීම, අලුත් ක්‍රීඩාවන්ට සහභාගි වීමට ලැබීම….)
    • අලුත් පන්තියට එන අනිත් දරුවන්, පන්තියේදි කරන ක්‍රියාකාරකම් ගැන සාකච්ඡා කරමින් දරුවා තුළ ප්‍රියතාවයක් ඇති කරවීම.
    • අලුත් පාසලට යන දිනයේදි ලැබෙන( නිළ ඇදුම්, පොත්පත්, කෑම පෙට්ටි, වතුර බෝතලය) අලුත් උපකරණ පෙන්වීම, ඒ ගැන කතා කිරීම, ඒවා දරුවාගේ ප්‍රියතාවය අනුව ලබා දීමට උත්සහ කිරීම.
    • පාසල් යෑම ගැන කතා පොත් කියවීම, දරුවාගේ අදහස් විමසීම, රුචි අරුචිකම් විමසීම, පෙර පාසලත් පාසලත් එකිනෙකට වෙනස්වෙන ආකාරය ගැන කතා කිරීම.
    • දරුවාගේ බඩු භාණ්ඩවල නම සදහන් කර හදුනාගැනීමට පහසු කරවීම.
    • ඒ පාසලට යන හිතවත් පවුල්වල ශිෂ්‍යයින් හදුන්වා දීම. ඒ අය ලවා පාසල ගැන විස්තර දරුවාට ලබා දීම.
    • හැකියාවක් ඇත්නම් පමණක් දරුවා සමග පාසලේ සෑම ස්ථානයකටම යමින් ඒවා හදුන්වා දීම.
    • හොදට ඉගෙනගන්න, අහවලා වගේ දක්ෂයෙක් වෙන්න, ළකුණු ගන්න වගේ දේවල් නිරන්තරයෙන් කියමින් දරුවා පීඩනයට පත් කිරීම නම් කිසිසේත්ම සුදුසු නැති බව අමතක කරන්න එපා.

    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    26 ° C
    26 °
    26 °
    76 %
    5.1kmh
    85 %
    Fri
    29 °
    Sat
    29 °
    Sun
    27 °
    Mon
    28 °
    Tue
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු