fbpx
More
    27.8 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    දරුවන්ගේ කරදරවලට හේතු නැතුවාම නෙවෙයි…

    Family Tech Sponsorspot_imgspot_img

    පසුගිය ලිපිය මගින් සාමාන්‍ය නිරෝගී හැසිරීම් රටාවක් තුළ සිටින දරුවෙකු පිළිබඳව මාපියන් මැසිවිලි නගන්නට බලපාන හේතු කීපයක් ඉදිරිපත් කළ අතරම මෙතැන් සිට Familylife.lk දරු සෙනෙහස තීරයෙන් ගෙන එන ඉදිරි ලිපි මාලාවන් හරහා එම එක් එක් කරුණු පිළිබඳව වැඩි දුර සාකච්ඡා කිරීමේ ආරම්භයයි මේ.

    www.familylife.lk
    ©parentingfromtheheartblog.com

    මනා සෞඛ්‍ය සම්පන්න හා ශක්තිමත් මාපිය දරු සබඳකමක් නොතිබීම

    ශක්තිමත් සබඳකමක් සඳහා විශේෂයෙන්ම තිබිය යුතු ගුණාංගයක් වන්නේ අන්‍යොන්‍ය විශ්වාසය, පිළිගැනීම හා අගය කිරීමයි. දරුවාට කිසිදු බියකින්, සැකයකින් තොරව මුළුමනින්ම තම මාපියන් ඉදිරියේ විවෘතව කතා කිරීමටත්, ක්‍රියාකිරීමටත් අවශ්‍ය පරිසරයක් තිබීම වැදගත්ය. මේ තුළින් දරුවා බොරු කීමට හා වසන් කිරීමට පෙළඹීමේ ප්‍රවණතාවය අවම වේ. මන්ද දරුවන් බොරු කීමට පෙළඹෙන්නේ මාපියන් පිළිබඳ පවතින විශ්වාසයේ මඳිකම නිසාවෙනි. මේ නිසා පළමුව මාපියන් දරුවාගේ විශ්වාසවන්තයන් විය යුතු වන අතරම දරුවාද තමන්ට විශ්වාස කළ හැකි මට්ටමකට සකස් කිරීමට උත්සුක විය යුතුය.

    මෙහිදී පහත සඳහන් කරුණු පිළිබඳ දෙමාපියන් අවධානය යොමු කිරීම ඉතා වැදගත් වන්නේ පහත සඳහන් හේතු මත දරුවාගේ සිත තුළ මාපියන් කෙරෙහි තිබෙන විශ්වාසය හා පිළිගැනීම පළුදු වීමට ඉඩ ඇති බැවිනි.

    • අනිසි ලෙස බැණ වැදීම හෝ දෝෂාරෝපණය කිරීම
    • නිතර නිතර බැණ වැදීම
    • දඬුවම් කිරීම
    • පොරොන්දු කඩ කිරීම
    • ඉටු කළ නොහැකි පොරොන්දු දීම

    දරුවාගේ සාර්ථකත්වයේදී හා ජයග්‍රහණයේදී මෙන්ම අසාර්ථකත්වයේදී හා පරාජයේදී ද දරුවාව පිළිගැනීමට තරම් මාපියන් සූදානම් වී සිටීම අතිශයින්ම වැදගත් වේ. අසාර්ථක දරුවා ප්‍රතික්ෂේප කිරීම හා සමච්චලයට ලක් කිරීම වැනි නිෂේදනාත්මක ක්‍රියාවන් වෙනුවට දරුවාගේ ශක්ති ප්‍රමාණය තුළ ප්‍රශංසාවට ලක් කිරීමත් අපේක්‍ෂාවන් ඇති කරලීමට යොමු කරලීමටත් මාපියන්ගෙන් විය යුතු යුතුකමකි.

    www.familylife.lk
    ©parent4success.com

    මාපිය පෞද්ගලික අභිමතය පරිදි විවිධ සීමාවන් හා රූප රාමු තුළ දරුවා කොටු කිරීම

    මාපියන්ට තම පුද්ගලික ජීවිතයේදී ළඟා කරගැනීමට නොහැකි වූ අරමුණු හා ඉලක්ක තම දරුවන් තුළින් ඉටුකරවා ගැනීමට පෙළඹෙන බව බොහෝ විට දක්නට ලැබේ. උදාහරණ ලෙස තමාට වෛද්‍යවරයෙකු වීමට නොහැකි වීමේ පශ්චත්තාප සිතුවිල්ල තුළ කෙසේ හෝ තම දරුවාව වෛද්‍යවරයෙකු කරලීමට උත්සහ දරයි. ඒත් දරුවාගේ රුචිය හා හැකියාවන් සමග මෙය එකඟ නොවන්නේ නම් එහිදී ඇති වන්නේ ඝට්ටනයකි.

    එය සෑම අතකින්ම දරුවාගේ වර්ධනය හා දියුණුව මන්දගාමී කරන්නට හේතු විය හැක. “මම මේ දේ කරන්නේ අම්මා කියන නිසයි, නැත්නම් මම ආස අහවල් දේ කරන්නට” යැයි දරුවන්ද මාපියන් පිළිබඳ චෝදනාත්මකව හා බිඳුණු සිතින් කතා කරන අවස්ථා එමටය. තමා ඇලුම් කරන දෙය අහිමි වීම හා අකමැති දේ කිරීමට දරන ප්‍රයන්තය තුළ ලබන සිත් වේදනාව මෙන්ම මානසික පීඩාවද දරුවාට හානිදායකව බලපානු ඇත. මෙහිදී දරුවාගෙන් දක්නට ලැබෙන ප්‍රතිචාර ලෙස පහත අවස්ථා දැක්විය හැකියි.

    • අලස වීම
    • කටයුතු මඟහැරීම
    • ඉදිරිපත් නොවීම
    • ක්‍රියාශීලි නොවීම
    www.familylife.lk
    ©verywellfamily.com

    එමෙන්ම මෙම තත්ත්වය ළමා මනස තුළ දුක හා කලකිරීම ද්වේශය හා පළිගැනීමත් වැනි සෘණාත්මක සිතිවිලි ජනිත කරලීමට සමත් වේ. එවැනි පසුබිමක් තුළ දරුවාගෙන් යහපත් හැසිරීම් රටාවක් අපේක්‍ෂා කළ නොහැකි වේ. ඒ අනුව දරුවාගේ රුචි අරුචිකම් හා හැකියාවන්, ශක්තීන් මැනවින් හඳුනාගෙන ඒ ඔස්සේ අරමුණු හා ඉලක්ක ඇති කරලීමටත් ඒවා ළඟා කරගැනීමටත් දරුවාට සහය වීම මාපියන්ගෙන් අනිවාර්යයෙන්ම ඉටුවිය යුතු මහඟු සේවයකි.

    කායිකව හා මානසිකව වර්ධනය වෙමින් පවතින යුගයක පසුවන ඔබේ දරුවා ග්‍රහණය වන්නේ දරුවාට දරාගත හැකි උචිත වූ දේවල් සමගද යන්න පිළිබඳ විමසිලිමත් විය යුතු වේ. ඔබ වඩාත් කල්පනාකාරී හා ඉවසිලිවන්ත විය යුතුය. උපක්‍රමශීලීව දරුවාව ඔබේ පාලනයට නතු කරගැනීමට උත්සුක වීම අතිශයින්ම වැදගත්ය.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    scattered clouds
    27.8 ° C
    27.8 °
    23 °
    78 %
    3kmh
    31 %
    Mon
    28 °
    Tue
    28 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    27 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු