More
    28.4 C
    Colombo
    Thursday, September 3, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    සල්ලි මත්තෙම නැහුනට සොහොනේ ATM නෑ – ඔන්ලයින් අහස යට 7

    Family Tech Sponsorspot_imgspot_img

    සල්ලි මත්තෙම නැහෙන ජීවිත ගැන හරිම අවබෝධයක් ගන්න නම් කොරෝනා වගේ ව්‍යාසනයක් එන්න ඕනෙ. පිරිත් දාගෙන කඩවල් අරින අයගෙ හරි මූන පේන්නෙ එතකොට. මුහුණු පොතේ මේ දවස්වල කොහෙන් බැලුවත් කොරෝනා. සත්‍ය අසත්‍ය තොරතුරු හෝසෙට share වෙනවා. අපි කොයිතරම් මරණයට බයයිද? සමහර post වල තිබුනා චීන අම්මලා තාත්තලා කොරෝනා හැදුන ළමයි පාරෙ දාලා යනවා කියලා.

    අපේ කට්ටිය බනිනවා අනේ මොන මිනිස්සුද? එහෙම කරන්න පුලුවන්ද තමන්ගෙ ළමයින්ට කියලා. කොච්චර අසීරැ උනත් ඒ ව්‍යවසනයෙන් පීඩා විදින මිනිස්සුම තමයි ඒ අත්දැකීමෙ ස්වභාවය දන්නෙ.

    අනිත් කාරනේ තමයි FB එක පුරාම චීන කෑම සංස්කෘතිය විවේචනය කරමින් හූනෝ, ගෙම්බන්, නයි, බල්ලො, වව්ල්ලු රස කර කර කන videos share වෙනවා. අපි කොච්චර විවේචනය කරත් ආහාර කියන්නෙ සංස්කෘතියෙම කොටසක්. චීනය කියන්නෙ පළාතෙන් පළාතට food culture එක වෙනස් වෙන රටක්. අපේ සංස්කෘතිය ඇතුලෙ කුකුල් මස්, ඉස්සො, දැල්ලො, මාලු කන එක සාමාන්‍ය දෙයක් වගේ තමයි චීන සංස්කෘතිය ඇතුලෙ හුනෝ, මීයෝ, ගෙම්බො කන එක සාමාන්‍ය දෙයක්. අපේ සංස්කෘතියෙන් පිට කෙනෙක්ට හාල්මැස්සො කන එක අප්පිරියා සහගත වෙන්න පුලුවන්.

    කොහොම සංස්කෘතිය ගොඩ නැගුනත් මිනිස්සු මිලේච්ඡ යුගය පහුකරලා සෑහෙන කල් ගත වෙලා නිසා සමහර දේවල් කෑම රටාවන් වගේ දෙවල් නිසා පැවැත්මට තර්ජනයක් වෙන දේවල් වෙනස් කරගත යුතු වෙනවා. ඒ වගේම විවධ ගෝලීය දේශපාලන ක්‍රියාත්මක වීම් වල ප්‍රතිඵල නිසා ජීව විද්‍යාත්මක අවි වල ඵලයක් ලෙසත් මෙම වෛරසය පිලිබඳ මත ඵල උනා.

    කොහොම උනත් අපි කියවලා තියෙන දැකලා තියෙන විද්‍යා ප්‍රබන්ධ වල දැකපු සමහර මනංකල්පිත දේවල් මේ මොහොතේ පෘතුවිය තුල සිදුවෙමින් පවතිනවා. මරණය ඕනෑම මොහොතක අප කරා පැමිනෙනවා. එය වෛරසයක් ලෙසින්, බෝම්බයක්, වෙඩි උන්ඩයක් ලෙසින් වගේම හදිසි අනතුරන් ලෙසින් අප වෙත එන්න පුලුවන්.

    සල්ලි

    ලංකාවෙ සමාජ ජාල කොයි තරන් දුරට ප්‍රබල වෙලා ද කියනවනම් එක රෑයින් වෙළද පොලේ තිබුණු මුඛ ආවරන සියල්ල අවසන් කලා. සිංහල බහෙත් බඩු කඩේක දැන් බේතකට හොයා ගන්න පෙරැම්කායන් කෑල්ලක් නෑ. තිබුනත් අස්ප ගනන් වලට විකිනෙවා. ලෝකෙම ප්‍රතම වතාවට වෙන්න ඇති face mask වලට පාලන මිලක් දාන්න උන එකම රට ලංකාව බවට පත්වෙනවා.

    කොහොමත් මම දැකලා තියෙනවා ” ලංකාවෙ අපි වෙනස් “කියලා ආඩම්බරෙන් post share කරන අය. ඇත්තටම වෙන දේවල් දැක්කම මේ වගේ කට්ටියක් හොයා ගන්න නෑ ලෝකෙ කොහෙන්වත්. එක කොරෝනා රෝගීයයි වාර්තා උනේ doctors ලට පඩි වැඩි කරන්නලු කොරේානා වලට මූන දෙන්න. හැබැයි ඉතින් මේවා පිටි පස්සෙ විවිධ සංගම් දේශපාලන බලවේග ඇති. හැම මනුස්සයෙක්ම අවස්ථාවාදීන් ගොඩට දාන්න බෑ. දැන් අර වූහාන් වල අතරමං වුණු අපේ රටේ ළමයි එක්ක එන්න ගිය ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ සේවක මඩුල්ල FB එක ඇතුලේ ජාතික වීරයන් බවට පත් කරාට ඔවුන් තමන්ගේ වෘත්තීමය වගකීම හරියාකාරව ඉටු කිරීමක් සිදු කළේ.

    එහෙම කරාට ඒ අයගෙ ළමයි පාසැල් එවන්න එපා කියලා විදුහල්පති ගොල්ලො කට්ටියක් කියලා තිබුනා. මේ විදිහට කො⁣රෝනා අස්සෙ විවිධ සිද්ධීන් online ඇතුලේ විවේචනයට ලක් උනා. කොහොම උනත් කෙනෙක්ගෙ හරි වෙනත් ජාතියකගෙ හරි ව්‍යවසනයකදි තොපිලට යස වැඩේ කියන්න බෑ. අපි හැම වෙලේම තව කෙනෙක්ගෙ කරදරේකදි උදව් නොකලත් එයින් හිත හරි පොඩ්ඩක් සසල වෙනවනම් ඒක තමයි මනුස්සකම. මම ළගදි දැකපු post එකක් මතන් උනා. ඒකෙ තිබුනා,

    “කාලා බීලා මිනිහෙකුට උදව්වක් කරගෙන හිටපන්.. සල්ලි මත්තෙම නැහුනට සොහොනේ ATM නෑ” කියලා. ඇත්ත තමයි බොලේ…


    දැනෙනව නම් ශෙයා කරන්න


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    light rain
    28.4 ° C
    28.4 °
    28 °
    82 %
    4.8kmh
    4 %
    Thu
    28 °
    Fri
    31 °
    Sat
    31 °
    Sun
    29 °
    Mon
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු