fbpx
More
    25 C
    Colombo
    Monday, July 8, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    ස්ථිර උපත් පාලන ක්‍රමයක් සම්පූර්ණ පවුලකට වැදගත් වන්නේ ඇයි?

    Family Tech Sponsorspot_imgspot_img

    ස්ථිර උපත් පාලන ක්‍රමයක් සම්පූර්ණ පවුලකට වැදගත් වන්නේ ඇයි?… මේ විදිහට දිග හැරෙන්නෙ ලිංගිකත්වය හා ඒ ආශ්‍රිත, ඔබ දැනගත යුතුම දේවල් සම්බන්ධයෙන් විධිමත් දැනුමක් ඔබට ලබා දීමට familylife.lk සුව පියස තුළින් ආරම්භ කළ ලිපි පෙළේ අවසන් ලිපිය හැටියටයි. ලිපි පෙළේ අනෙකුත් ලිපි බලන්න මෙතන ක්ලික්/ටැප් කරන්න

     

    ලංකාව පුංචි රටක්. දැනටමත් මිලියන 20කට අධික ජනගහනයක් ජීවත් වෙන, ණය බරත් අඩුවකින් නැතුව තිබෙන රටක් විදියට උපත් පාලනය අපේ රටට වැදගත් මාතෘකාවක්.

    ඉස්සර පඩි පෙල දිගට ළමයි හැදුවත් අද අපේ තරුණ අය දරුවන් දෙදෙනෙකුට වඩා හදන්නේ කලාතුරකින්. හුඟක් කාන්තාවන් සාමාන්‍යයෙන් වයස 35-40 වන විට අවශ්‍ය දරුවන් බිහිකර අවසන්. ඉතින් ආර්තවහරණය වන තුරු තවත් වසර 10-15ක් දක්වා යම් උපත් පාලන ක්‍රමයක් අත්‍යාවශ්‍යයි.

    තමන් බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වඩා දරුවන් බිහි කිරීමෙන් ප්‍රශ්න ‍ගොඩක් ඇති වෙනවා. මූලිකව පවුල් බර වැඩිවීම නිසා ආර්ථික තත්වය කඩා වැටෙනවා. වැඩියෙන් මුදල් අවශ්‍ය නිසා දවසේ වැ‍ඩි වේලාවක් දෙමව්පියන්ට රැකියා වලට කොටුවන්නට සිදුවෙනවා. මේ නිසා දෙමව්පියන්ට දරුවන් සමඟ ගත කරන්නට ඇති කාලය විශාල වශයෙන් අඩුවෙනවා.

    දරුවෙකුට තම ජීවි‍තයේ මුල් දශක දෙක දෙමව්පියන්ගේ ඇසුර ලැබීම ඉතාමත් වැදගත්. මෙවැනි දෙමව්පිය ආදරයෙන් ගිලිහෙන දරුවන් පසුකාලීනව සමාජයට බරක් වීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙනවා. දරු‍වන් සංඛ්‍යාව වැඩි වන විටද දරුවන්ට ලැබෙන අවධානය අඩු වෙනවා. මේ නිසා අවසානයේ පවුලක් වශයෙන් තෘප්ති‍යක් නැති වෙනවා.

    ඉතින් තමන් බලාපොරොත්තු වන දරු‍වන් සංඛ්‍යාව ලැබී පවුල සම්පූර්ණ වීමෙන් අනතුරුව ස්ථිර උපත් පාලන ක්‍රමයක් සඳහා යෑම වැදගත් බව ඔබට තේරෙනවා ඇති.

    ඉතින් අද “ඔබට සුදුසුම උපත් පාලන ක්‍රමය” ලිපි පෙලේ අවසන් ලිපියෙන් කතා කරන්නේ පවුල සම්පූර්ණ කර ගැනීමෙන් අනතුරුව භාවිතා කළ හැකි ස්ථීර උපත් පාලන ක්‍රම නැත්නම් වන්ධ්‍යකරණය (Sterilization) ගැනයි. 

    ස්ථීර උපත් පාලන ක්‍රම වර්ග ප්‍රධාන වශයෙන් දෙකකි.

    1. කාන්තාවන්ගේ පැලෝපීය නාල විච්ඡේදනය (Ligation & Resection of Tubes)
    2. පුරුෂයින්ගේ වාසෙක්තමි ශල්‍යකර්මය (Vasectomy)

    මේවා අතරින් වඩාත්ම සුලභ ස්ථීර උපත් පාලන ක්‍රමය වන්නේ කාන්තාවන්ගේ පැලෝපීය නාල වි‍ච්ඡේදනයයි. මීට හේතුව සිසේරියන් ශල්‍යකර්මයක් අතරතුරදී පහසුවෙන් මෙය සිදු කළ හැකි නිසා.

    පැලෝපීය නාල විච්ඡේදනය කියන්නේ මොකද්ද?

    » ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ගර්භාෂය ඩිම්බ කෝෂ දෙකට දෙපසින් සම්බන්ධ‍ වන්නේ පැලෝපීය නාල හරහායි. ඩිම්බ කෝෂ මඟින් මසකට වරක් මාරුවෙන් මාරුවට නිකුත් කරන ඩිම්බ ගර්භාෂය වෙත ගෙන එන්නේ මේ පැලෝපීය නාල හරහායි. ඉතින් මේ ශල්‍යකර්මයේදී සිදු වන්නේ ඉහත කී පැලෝපීය නාල දෙක මැදින් කපා ගැට ගැසීමයි. එමඟින් නිකුත් වෙන ඩිම්බ ගර්භාෂයට පැමිණෙන්නේ නෑ. ඉතින් කළලයක් ඇති වන්නට අවකාශයක් නෑ. මෙය පහසුවෙන් සිසේරියන් සැත්කමකින් දරුවෙකු බිහි කරන විට සිදු කළ හැකියි. ඊට අමතරව laparoscopic surgery එකක් ආකාරයටද කළ හැකියි.

    පැලෝපීය නාල විච්ඡේදනය ආපසු යථා තත්වයට පත් කළ හැකිද?

    • පැලෝපීය නාල නැවත සම්බන්ධ කර යථා තත්වයට පත් කළ හැකියි. නමුත් මෙය සාර්ථක වීම බොහොම අඩුය.

    පැලෝපීය නාල විච්ඡේදනය කර ගන්නට අවශ්‍ය නම් සිදු කළ යුත්තේ කොහොමද?

    • පහසුම ක්‍රමය ඔබ අවසාන දරුවා සිසේරියන් සැත්කමකින් බිහි කරනවා නම් එයට පෙර පැලෝපීය නාල විච්ඡේදනය සඳහාද ලිඛිතව කැමැත්ත ලබා දීමයි. ඔබ සියලු දරුවන් සාමාන්‍ය ආකාරයට බිහි කළා නම් ඔබට රජයේ රෝහලක නාරිවේද සායනයක් හරහා ඉහත ශල්‍යකර්මය සිදු කර ගැනීමට හැකියාව තිබෙනවා. මෙහිදී පහත කරුණු සැපිරිය යුතුයි.
    • පවුල සම්පූර්ණ විය යුතුයි (ළමයි 3 දෙනෙක්)
    • කාන්තාව සහ ස්වාමි පුරුෂයාගේ ලිඛිත කැමැත්ත

    ස්ථිර උපත් පාලන ක්‍රමයක්

    දෙවන ස්ථීර වන්ධ්‍යකරණය ක්‍රමය වාසෙක්තමි ශල්‍යකර්මයයි. කලාතුරකින් සිදු කෙරේ.

    වාසෙක්තමි ශල්‍යකර්මය කියන්නේ මොකද්ද?

    • පුරුෂයෙක්ගේ ශුක්‍රාණු නිපදවෙන්නේ වෘෂණ දෙක තුළ. මේවා vas deferens නැමැති ටියුබ දෙකක් හරහා තමයි පිටතට ගෙන එන්නේ. ඉතින් මෙම ශල්‍යකර්මයේ සිදුවන්නේ ඉහත vas deferens නමැති ටියුබ දෙක කපා ගැට ගැසීමයි. කොන්ඩම වලට අමතරව පුරුෂ‍යින් සඳහා ඇති එකම උපත් පාලන ක්‍රමය වාසෙක්තමි ශල්‍යකර්මයයි.

    වාසෙක්තමි ශල්‍යකර්මය ආපසු යථා තත්වයට පත් කළ හැකිද?

    • නොහැකියි.

    වාසෙක්තමි ශල්‍යකර්මය කර ගන්නට අවශ්‍ය නම් සිදු කළ යුත්තේ කොහොමද?

    • මෙය රජයේ රෝහලක ශල්‍ය වෛද්‍ය සායනයකින් හෝ මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය (genitourinary surgery) සායනයක් හරහා සිදු කරගත හැකියි.

    මෙම ලිපියෙන් “ඔබට සුදුසුම උපත් පාලන ක්‍රමය” ලිපි පෙල අවසන් වෙනවා. මේ ලිපි‍ පෙල අවසන් වනතුරු රැඳී සිට අදහස් දැක්වූ ඔබ සැමට ස්තූතියි.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    වෛද්‍ය චන්දිම ජයසිංහ
    වෛද්‍ය චන්දිම ජයසිංහ
    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගෞරව උපාධිධාරියෙකු වන අතර දැනට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අනුබද්ධිතව සේවය කරයි. "නොකියූ කතාව" ලිපි පෙළ හරහා තම වෛද්‍ය සේවය අතරදී මුහුණු දුන් සත්‍ය සිදුවීම් ආශ්‍රිතව වෛද්‍ය විද්‍යාත්මක දැනුම සරලව සමාජ ගත කළ වෛද්‍යවරයෙකි.
    Colombo
    overcast clouds
    25 ° C
    25 °
    25 °
    83 %
    3.3kmh
    100 %
    Mon
    28 °
    Tue
    29 °
    Wed
    28 °
    Thu
    28 °
    Fri
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු