fbpx
More
    26.7 C
    Colombo
    Monday, June 1, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    ස්නැක් රෙසිපි – මස් වර්ග භාවිතයෙන් හදන රසම රස කෑම

    Family Tech Sponsorspot_imgspot_img

    ස්නැක් රෙසිපි හොයන අපේ ගෘහනියන් වෙනුවෙන්, විවිධ මස් වර්ග භාවිතයෙන් කටට රසට හදාගන්න පුළුවන් කෑම වර්ග ටිකක් තමයි අද familylife.lk අපි ෆැමිලි චෙෆ් තුළින් අරගෙන එන්නෙ.

    ප්‍රෝටීන්, මේදය, සෝඩියම්, යකඩ, පෝටෑසියම් වගේ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක කොටස් අඩංගු මස්වලින් පිසගත්ත ආහාර වලට බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. සමහරු මසක් මාළුවක් නැතුව කෑම කන්න කැමතිත් නෑ. මේ ඒ වගේ අයට මස්වලින් හදාගන්න පුළුවන් ස්නැක්ස් වර්ග කිහිපයක් ගැනයි. 

    හැම් පීසා 

    ස්නැක් රෙසිපි
    • බිස්කට් ඩෝ ග්‍රෑම් 200
    • සෝස් අවශ්‍ය පමණට 
    • කුඩා කොටු කපාගත් හැම් අවශ්‍ය පමණට 
    • මොසරල්ලා චීස් 

    පිටි ග්‍රෑම් 180, බේකින් සෝඩා තේ හැන්දක්, ලුණු ස්වල්පයක් ඉතා හොදින් මිශ්‍ර කරගන්න. බ්ලෙන්ඩරය, හෑන්ඩ් මික්ස්චරය එහෙමත් නැත්තන් ෆුඩ් ප්‍රොසෙසරය මේකට පාවිච්චි කරන්න පුළුවන්. මේ මිශ්‍රණයට බටර් මේස හැදී දෙකක් විතර එකතු කර ගනිමින් නැවතත් හොදින් මිශ්‍ර කරන්න. බිත්තර දෙකක්, ඔලිව් ඔයිල් මේස හැන්දක් සහ කිරි මිලි ලීටර් 20ක් පමණ වෙනම බදුනක හොදින් මිශ්‍ර කර පිටි මිශ්‍රණයට ටිකින් ටික එකතු කරන්න. මෙය මෘදු පිටි ගුලියක් ලෙස සකස් කරගෙන පැය දෙකක් පමණ ශීතකරණයේ තියන්න.

    ඒ විදියට හදාගත්ත බිස්කට් ඩෝ එකෙන් සිහින් පැතලි කුඩා රවුම් හදාගෙන පරතරයක් ඇතුව අවන් ට්‍රේ එකේ තියන්න. ඒ උඩින් සෝස් තවරන්න. ඊටත් උඩින් හැම් සහ ග්‍රේට් කරගත්ත චීස් අතුරලා ෆැරන්හයිඩ් අංශක 400ට විනාඩි 8-10ක් බේක් කරගන්න. 

    චිකන් වලින් බයිට් එකක්

    ස්නැක් රෙසිපි
    • කුඩාවට කපාගත්ත කුකුළු මස් කැබලි ග්‍රෑම් 500 
    • තෙල් අවශ්‍ය පමණට 
    • පාන් පිටි කප් එකක්
    • බිස්කට් කුඩු 
    • බිත්තර දෙකක් 
    • ලුණු, ගම්මිරිස්, සුදු ලුණු පේස්ට් 

    ගම්මිරිස්, පිටි, සුදු ළූණු පේස්ට් සහ ලුණු බදුනකට දමා හොදින් මිශ්‍ර කරන්න. වෙනත් බදුනක් ගෙන බිත්තර දෙක වික්ස් කරගන්න. ඒ මිශ්‍රණ දෙක හොදින් එකතු කර මස් කැබලිවල තවරා ගන්න. මස් කැබලි බිස්කට් කුඩුවල දවටාගන්න. නවහත් පිටි මිශ්‍රණයේ සහබිස්කට් කුඩුවල තවරා හොදින් රත්කරගත් ගැඹුරු තෙලේ මද ගින්නේ බැදගන්න.

    කටට සැරට මීට් බෝල්ස්

    ස්නැක් රෙසිපි
    • කැමති වර්ගයකින් මස් ග්‍රෑම් 250 (හොදින් අඹරාගන්න)
    • කුඩාවට කපාගත් ලොකු ළූණු මේස හැන්දක් 
    • අවශ්‍ය නම් කුඩාවට කපාගත් බෙල් පේපර් මේස හැන්දක් 
    • කුඩාවට කපාගත් මිංචි කොළ මේස හැන්දක් 
    • මිරිස් කුඩු මේස හැදි 1 ½
    • සුදුරු කුඩු ස්වල්පයක්
    • ඉගුරු පේස්ට් තේ හැන්දක් 
    • කොත්තමල්ලි කොළ ස්වල්පයක් 
    • ලුණු අවශ්‍ය පමණට 
    • ගම්මිරිස් කුඩු තේ හැන්දක් 

    මේ අමුද්‍රව්‍ය සියල්ලම හොදින් මිශ්‍ර කරන්න. කුඩා බෝල සදා පැතලි මතුපිටක තියා විනාඩි 20ක් ස්ටීම් කරගන්න. ඉන් පසු ගැඹුරු තෙලේ බැදගන්න.

    චිකන් ෆින්ගර්ස් 

    ස්නැක් රෙසිපි
    • මයෝනිස් සෝස් මේස හැදි 4
    • මී පැණි මේස හැදි 1
    • මස්ටර්ඩ් පේස්ට් මේස හැදි 1
    • විනාකිරි මේස හැන්දක් 
    • ම්රිස් කුඩු මේස හැදි  1
    • චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම්  450 (සිහින් පෙතිකපාගන්න)
    • කුඩු කරගත් කොන් ෆ්ලෙක්ස් කප් 1 ½
    • ග්‍රේට් කරගත් පාමේසන් චීස් මේස හැදි 3

    මයෝනිස් සෝස්, මී පැණි, මස්ටර්ඩ් පේස්ට්, විනාකිරි සහ මිරිස් කුඩු හොදින් මිශ්‍රකර එයින් බාගයක් වෙනම බදුනකට දමා අයින් කරන්න (ඩිප් එක සදහා). චිකන් පෙති ඉතිරි මයෝනිස් මිශ්‍රණයේ දවටා කොන් ෆ්ලෙක්ස් සහ චීස් තවරා ගන්න. සෙල්සියස් අංශක 425 ට කලින් රත් කරගත් අවන් එකේ දමා විනාඩි 10-15 ක් බේක්‌ කරගන්න.

    Chef Ramsay’s Hamburger and Sweet potato

    ස්නැක් රෙසිපි
    • අඹරාගත් හරක් මස් ග්‍රෑම් 500
    • ලුණු 
    • ගම්මිරිස් කුඩු 
    • අබ පේස්ට් තේ හැදි ½
    • වොක්ෂයර් සෝස් (මේ කුකින් සෝස් එක සුපිරි වෙළද සැල් වලින් ගන්න පුළුවන්)
    • බිත්තර කහ මද 2
    • කෙචප් මේස හැදි 3
    • කුඩාවට කපාගත් ළූණු ගෙඩි ½
    • ලොකු බතල ගෙඩි 1
    • ඔලිව් තෙල් 

    සෙල්සියස් අංශක 200ට අවන් එක රත් කරගන්න. බතල ගෙඩිය පොතු හැර තීරු ලෙස කපාගන්න. ඔලිව් තෙල් සහ ලුණු යන්තමට තවරා රන් පැහැ වනතුරු සම්පුර්ණයෙන්ම බේක් ක‍රගන්න.  

    අඹරාගත් මස් ලුණු සහ ගම්මිරිස් එකතුකර පදම් වෙන්න තියන්න. එයට අබ පේස්ට්, කෙචප්, බිත්තර කහ මද සහ සිහින්ව කපාගත් ළූණු එකතු කර හොදින් මිශ්‍ර කර අවශ්‍ය හැඩයට හැම්බර්ගර්ස් හදාගෙන ග්‍රිල් කරගන්න. නිතරම දෙපැත්ත පෙරළීම හෝ තද කිරීම නොකරන්න. මෙය පාන්, සැලඩ් සහ බේක් කරගත් බතල සමග ආහාරයට ගන්න පුළුවන්.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    26.7 ° C
    26.7 °
    26 °
    93 %
    5.5kmh
    94 %
    Mon
    32 °
    Tue
    28 °
    Wed
    28 °
    Thu
    28 °
    Fri
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු