More
    26.1 C
    Colombo
    Friday, September 4, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    උයන පිහන කොයි කාටත්  වටින කියන ඔවදන් – 2

    Family Tech Sponsorspot_imgspot_img

    මෙම ලිපියේ පළමු කොටස පසුගිය සතියේ පළවුනා. එහිදී Familylife.lk අප ඔබට පොරොන්දු වුනා දෙවන කොටස මෙම සතියේ පළ කරන බවට… මේ ඒ පොරොන්දුවයි. උයන පිහින කොයි කාටත් වටින කියන තවත් උපදෙස් රාශියක් මේ ලිපියෙන් ෆැමිලි චෙෆ් තුළින් ඔබට අරන් එනවා.

    1. ව්‍යාංජන තෙම්පරාදු කිරීමේදී ළුණු සමග සුදුළුණු පෙති එක්කර ගැනීමෙන් තෙල්වල අඩංගු කොලෙස්ටරෝල් අඩු කරගත හැකියි.

    2. නූඞ්ල්ස් තම්බන වතුරට විනාකිරි හෝ පොල් තෙල් ස්වල්පයක් එක් කිරීමෙන් නූඞ්ල්ස් එකට ඇලීම සිදු නොවේ.

    3. තැම්බූ බිත්තර කපන්න පෙර පිහිය සිසිල් ජලයේ ටික වේලාවක් තබා කපන්න. එවිට කෑලිවලට නොකැඩී බිත්තර කපාගත හැකියි.

    4. මඤ්ඤොක්කා තැම්බීගෙන එන විට කහ එක් කර ගැනීමෙන් එයට ප්‍රියජනක වර්ණයක් ලැබේ.

    5. දෙහි බිංදු කිහිපයක් පමණක් අවශ්‍ය විට දෙහි ගෙඩිය නොකපා ගෑරුප්පුවකින් ඇන සිදුරු කිරීමෙන් යුෂ ලබා ගැනීමෙන් දෙහි අපතේ යාම හා වියළීම නවතා ගත හැකියි.

    6. කැපූ පලතුරු මතුපිට දෙහි බිංදු කිහිපයක් ඉසීමෙන් පලතුරු මතුපිට කහට නොබැදී තබාගත හැකියි.

    7. මිරිස් කුඩු භාජනය තුළට පෙරුම්කායම් ටිකක් දමා තැබීමෙන් මිරිස් කුඩු වැඩි කලක් නරක් නොවී තබාගත හැකියි.

    8. නිවිති කොළය පිටින්ම ගෙන ස්ටීමරයේ තම්බා ගැනීමෙන් එහි ගුණය සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගත හැකියි.

    9. අඹ ව්‍යාංජනයේ සැබෑ රසය එය පරණ වෙද්දීය. එබැවින් අඹ මාළුව දිනකට පෙර වතුරෙන් උයා තබා, කෑමට ගන්නා විට මිටිකිරි ටිකක් දමා ගන්න.

    10. බිත්තර කටුවට පොල්තෙල් ටිකක් ආලේපකර තැබීමෙන් නරක් නොවී බිත්තර කල්තබා ගත හැකියි.

    11. කට්ලට් කැඩෙන්නේ නැතිව බැද ගැනීමට එය බදින්නට පෙර මඳ වේලාවක් අධි ශීතකරණයේ තබන්න.

    12. මාළු ඇඹුල් තියල් උයද්දී ගොරක මිශ්‍රණයටත් තුනපහ මිශ්‍රණයටත් අමතරව තෙල් මේස හැන්දක් එක් කිරීමෙන් මාළු ඇඹුල් තියල් තවත් රසවත් වේ.

    13. බිත්තර තම්බන විට වතුරට ලූණු ටිකක් එක් කිරීමෙන් බිත්තර කටුව පුපුරන්නේ නැතිව තම්බාගත හැකිය. කටුව ගැලවීම පහසුය.

    14. කේක්වල පිළී ගඳ නැති වීමට ගසාගත් බිත්තරවලට එසන්ස් ස්වල්පයක් එක් කරන්න.

    15. අයිස් වතුර බඳුනකට දැමූ විට බිත්තරය පාවෙයි නම් එම බිත්තරය නරක් වූ එකකි. බිත්තර යමකට මිශ්‍රකිරීමට පෙර මෙම පරීක්‍ෂාව සිදුකර බලන්න.

    16. පොල් ගෙඩිය බිඳ, ගාන විට පළමුව ගෑ යුත්තේ හිල් සහිත බෑයයි. එහි අංකුරය හට ගන්නා බැවින් ඉක්මනින් නරක් වීමට ඉඩ තිබීම ඊට හේතුවයි.

    17. බාස්මතී බත ලස්සනට උයාගන්න නම් පැය භාගයක් සහල් පෙඟෙන්නට දමා, හොඳින් සෝදා, නියමිත වතුර ප්‍රමාණයට එළවළු තෙල් හෝ බටර් ස්වල්පයක් දමන්න.

    18. කෑම මේසයට සැරසිල්ලක් කිරීමේදී මිංචි කොළ යොදාගන්න

    මෙම ලිපියේ පළමු කොටස වෙත පිවිසෙන්න


    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම් නොමසුරුව ලබා දුන් කථිකාචාර්ය, ප්‍රවීණ සූපවේදී සුමින්ද ලියනගේ මහාතා දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.

    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    moderate rain
    26.1 ° C
    26.1 °
    26 °
    94 %
    4.7kmh
    42 %
    Thu
    28 °
    Fri
    31 °
    Sat
    32 °
    Sun
    28 °
    Mon
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු