fbpx
More
    28.4 C
    Colombo
    Monday, July 20, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    මෙන්න මෙතන කොල්ලෙක්

    Family Tech Sponsorspot_imgspot_img

    නදී කම්මැල්ලවීර, නම කියූ සැනින් ඔබ හඳුනන ඇය විවිධ කලා ඉසව්ව ඔස්සේ සිය ප්‍රතිභාව පෙන්වන දක්‍ෂ කලාකාරිනියක්. ඒ වගේම ඇය මවක්. ඇය මෑත කාලයේ සිදුකළ කලා කටයුත්තක් පිළිබඳ හොඩුවාවක් Familylife.lk අප වෙත ලැබුනා. එය දරුවන්ට ආදරය කරන ඔබ සැමට වැදගත් වේවි. මේ පිළිබඳ නදී සිය අදහස මෙසේ ප්‍රකාශ කළා.

    නදී කම්මැලවීර
    යොවුන් වියට එළඹෙමින් සිටින පුතෙකුගේ මවක ලෙස, වයසේ දරු දැරියන්ගේ සිතු තුළ ඇතිවන සංකීර්ණ මානසික තත්ත්වයන් හැකි පමණින් අවබෝධ කරගන්නටත් ඔවුන්ගේ සිත් නොතලා ඒවා විසදා ගන්නට උපකාර කරන්නේ කෙසේද යන්නත් මා නිතර සිතනවා. (ඒත් මා අසාර්ථක වන අවස්ථා බොහෝයි……මට නැවත නැවත මාවම ප්‍රශ්න කරන්නට, මා ගැනම ලැජ්ජා වෙන්නට සිද්ද වෙනවා…..) අහම්බෙන් අත පත් වූ Louis Sachar ගේ There’s a boy in the girl’s bathroom නමැති මේ අපූරු යොවුන් නවකතාව කියවූ වහාම මා එයට ආසක්ත වන්නට ඇත්තේත්, සිංහලෙන් කියවන දරු දැරියන් සහ වැඩිහිටියන් වෙනුවෙන් එය පරිවර්තනය කළ යුතු යැයි මට සිතෙන්නට ඇත්තේත් නිසා වෙන්නට ඇති. මෙහි හමුවන ක්ලාරා වැනි අපූරු ගුරුවරියන් ඉද හිට හෝ අපේ දරුවන්ට හමුවෙනවා නම් ගුරුවරුන්ගෙන් සහ සමාජයෙන් කර්කශ ගැරහුම් ලබා, ආත්මයන් තුවාල කරගෙන අධ්‍යාපනය හැර යාමේ අවදානමක් ඇති අහිංසක පොඩි එවුන් කී දෙනෙකුගේ ජිවිත විකසිත කළ හැකි වනු ඇතිද?…
    ගුරුවරුන් සහ සිසුන් අතර මහත්අප්‍රසාදයට පත් වීමෙලෝ කමකට නැතිළමයෙකු ලෙස හංවඩු ගැහී කොන් වී සිටින බ්‍රැඩ්ලි චෝකර්ස් නම් දඩබ්බර කොලුවා, තරුණ උද්යෝගිමත් ශිෂ්‍ය උපදේශිකාවකගේ හෘදයංගම ඇසුර ලබමින් , සිය සැබෑ අනන්‍යතාව සොයා ගන්නා අයුරුත්, කෙටි කලක් තුළ ප්‍රබෝධමත්, ආකර්ෂණීය ශිෂ්‍යයෙකු බවට පරිවර්තනය වන අයුරුත් මේ නවකතාවෙන් නිරූපණය වෙනවා. සම්ප්‍රදායික ගුරු ගෝල භූමිකාවෙන් වෙනස් වූ, ඉතා සැහැල්ලු අව්‍යාජ මිත්‍රත්වයක් මේ ශිෂ්‍ය උපදේශිකාව සහ ඇය වෙත පැමිණෙන සිසු සිසුවියන් අතර ගොඩ නැගෙනවා. ගතානුගතික චින්තනයක් සහිත දෙමාපිය සංගමය සහ පාසල් නිලධාරී මඩුල්ල විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ පාසලෙන් පන්නා දමනු ලැබුවත්, ඇගේ කෙටි ඇසුර නිසා බ්‍රැඩ්ලි ඇතුළු කොලු කෙල්ලන් ගණනාවක් තුළ ගැඹුරු, සාධනීය වෙනස්කම් ඇති වෙනවා. පාසල් ජිවිතය තුළ ගැටවර වියේ දරුවන් මුහුණ දෙන අනේකවිධ ආකාරයේ අත්දැකීම් ඉතා රසවත් සහ විනේදාත්මක ආකාරයෙන් කතුවරයා විසින් ඉදිරිපත් කර තිබෙනවා….

    ඉතිං අපි ඔබ සැමට ෆැමිලි රීඞ් තුලින් ආරාධනා කරනවා නදී කම්මැලවීරගේ නවතම පරිවර්ථන කෘතිය කියවා විඳගන්න කියල.


    මෙම ලිපිය ගැන ඔබගේ අවංක අදහස් කමෙන්ට්ස් ඔස්සේ අපට කියන්න. ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    28.4 ° C
    28.4 °
    28.4 °
    87 %
    6.1kmh
    100 %
    Mon
    28 °
    Tue
    28 °
    Wed
    28 °
    Thu
    28 °
    Fri
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු