fbpx
More
    28.4 C
    Colombo
    Monday, July 20, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    අංශභාගය කිව්වම තාමත් බයයිද?

    Family Tech Sponsorspot_imgspot_img

    Familylife.lk  ඔබට දැනුම ගෙනෙන හොඳම තැන කියලා හැමෝම දන්නවා. අපි කවුරුත් ලෙඩ දුක්වලට බයයි. ඒත් ලෙඩක් දුකක් හැදුනම මොනවා කියලා කරන්නද? ඒ දේවල් අපේ ජිවිතවලට එන විදියට බාරගන්න අපිට සිද්ධ වෙනවා. අපේ හිත ගැස්සෙන බය හිතෙන විදියේ ලෙඩක් දන්නා කියන කෙනෙක්ට හැදුනත් අපි දුක්වෙන්නේ ඒකයි.ඒත් යම්තාක් දුරකට හරි ඒකෙන් මිදෙන හැටි ගැන ඔබ අහල හරි තිබුණොත් ඔබට නැතත් වෙන අයෙක්ට සහනයක් වෙන්න සහය වෙන්න පුළුවන් නේද? මේ ලිපිය අපි කාගේත් හිත ගැස්සෙන අංශභාගය ගැන.

    අංශභාගය කිව්ව ගමන් කොයි කවුරුත් තිගැස්සෙනවා. අංශභාගය කියන්නේ මිනිස් මොළයට සිදුවන හානිදායක තත්ත්වයක් හේතුවෙන් සිරුරේ එක් අංශයක් පණ නැතිව යාමයි. මේ රෝග තත්ත්වය ඇසූ පමණින් තිගැස්මක් ඇති වුවද ඉක්මනින්ම නිවැරදි ප්‍රතිකාර වෙත යොමු වීමෙන් රෝගය සුවපත් කර ගත හැකියි.

    කෙසේ වුවද මෙම රෝග තත්ත්වය සුව වීමට ගත වන කාලය හා සුව වන ප්‍රමාණය

    • මොළයට සිදුවන හානියේ ප්‍රමාණය
    • හානිය සිදු වූ මොළයේ ප්‍රදේශය
    • මොළයට සිදු වන අනතුරේ ස්වභාවයත්
    • රෝගියාගේ වයසත් මත රඳා පවතී.

    අංශභාගය ඇති වීමට හේතු

    • රුධිර වාහිනියක් පිපිරීම
    • සෛ තුළට රුධිරය වහනය වීම
    • ලේ කැටියක් හිර වීම
    • මොළයේ සෛල තුළට ලැබෙන රුධිරය ඇන හිටීමත්
    • මොළයේ ඇති වන අර්බුද හෙවත් ගෙඩි
    • රිය අනතුරු වැනි මොළයට සිදු වන අනතුරු

    අංශභාගය නිසා

    • රෝගීන්ගේ අත පය අසාමාන්‍ය ඉරියව්වකට යොමු වේ
    • ආබාධයට ලක්වූ අංශයේ අත හා පය චලනය කරන විටද තද ගතියක් ඇති වේ
    • අත ආබාධයට ලක්වුවහොත් උරහිසෙන් අත ශරීරයට හේත්තු වී වැළමිට සන්ධියෙන් නැමී තිබෙන අසාමාන්‍ය ඉරියව්වක් පෙන්නුම් කරයි.
    • පදයක් ආබාධයට ලක්ව ඇති නම් දණහිසෙන් දිග හැරී පතුල ප්‍රදේශය පහතට කඩා වැටී තිබේ.

    මෙම රෝගයට ලක් වූ පසුව

    • ඖෂධීය ප්‍රතිකාර
    • ශල්‍ය ප්‍රතිකාර
    • භෞතචිකිත්සක ප්‍රතිකාර යන ආකාර තුනෙන්ම ප්‍රතිකාර කිරීමට සිදු විය හැකිය.

    එසේම මුල් කාලයේදී එනම්, රෝගියා සිහි නැතිව සිටින අවධියේ සිටම

    • රෝගියා නිවැරදි ඉරියව්වල තැබිය යුතුය
    • කඩිනමින් භෞතචිකිත්සක ප්‍රතිකාර ආරම්භ කළ යුතුය
    • පමා වුවහොත් රෝගියාගේ පෙර කී අසාමාන්‍ය ඉරියව් වර්ධනය වේ. එබැවින් මෙවැනි රෝගීන්ට ඉහත දැක්වූ ඉරියව්වල විරුද්ධ ඉරියව් සඳහා යොමු කිරීම අත්‍යවශ්‍යය මෙය සුදුසුකම්ලත් භෞතචිකිත්සකවරයෙකුගේ උපදෙස් මත කිරීම ඉතා වැදගත්ය. භෞතචිකිත්සාවේදී මෙම ව්‍යායාම පී.එන්.එෆ්. නමින් හඳුන්වයි. එම ව්‍යායාම මගින් රෝගියාගේ සන්ධිවල ඇති සංවේදන ග්‍රාහක සහ ස්නායු උත්තේජනය කරනු ලබයි.මෙමගින් රෝගියාට ඉදිරියේදී ඇති විය හැකි දරදඩු ඉරියව්වලට ලක්වීමෙන් වැළකිය හැක.

    නැතහොත් රෝගියෙකු එක්තැන් වීම නිසා,

    • ශ්වසන ආබාධ
    • මූත්‍ර ආසාදන
    • ඇඳ තුවාල වැනි ඇති විය හැක
    • ශ්වසන ආබාධ වැළැක්වීමට
    භෞතචිකිත්සාවේ උරස් චිකිත්සක ක්‍රම වැදගත් වේ. සිහි නොමැතිව සිටින අවස්ථාවේ සිටින රෝගීන්ට, රෝගියාගේ උපකාරයක් නොමැතිවම ශ්වසන ව්‍යායාම හා චූෂණ ක්‍රම මගින් උරස් චිකිත්සාව ලබාදෙන අතර සිහි ඇතිව සිටින රෝගීන්ට ඔවුන්ගේ උදව් උපකාර ඇතිව ශ්වසන ව්‍යායාම ඇතුළත් උරස් චිකිත්සක ක්‍රම මගින් ශ්වසන ආබාධ වළක්වා ගැනීමට පියවර ගනු ලැබේ.

    ඇඳ තුවාල වැළැක්වීමට

    රෝගියා හා ඇඳ ඇතිරිලි පිරිසිදුව තබාගත යුතුය. රෝගියා සේදීමෙන් පසු හොඳින් තෙත මාත්තු කළ යුතුය. පැය 1/2 කට වරක් වත් රෝගියා හැරවීමෙන් රෝගියාගේ ශරීරයේ එකම ස්ථානයකට නිතර පීඩනය දැනීම වළක්වා ගැනීමට කටයුතු කළ හැකි අතර, එමගින් ඇඳ තුවාල සෑදීම වළක්වා ගත හැකිය.

    රෝගියාගේ සමබරතාව රැකගැනීමට

    අංශභාග රෝගීන් සඳහා ආවේණික වන විලාසය බිඳ ගැනීම සඳහා වන ව්‍යායාම සහ මොළයේ සෛල උත්තේජනය කරන ව්‍යායාම මගින් එදිනෙදා දින චර්යාවේ කාර්යයන් නිවැරදිව කිරීමට පුහුණු කිරීම භෞතචිකිත්සකවරයා අතින් සිදු විය යුතුය. රෝගියාගේ කථනය දුර්වල නම් කථන චිකිත්සක ක්‍රම සඳහා යොමු විය යුතුය. තවද සංවේදන ක්‍රම නැවත හුරු කිරීම, මානසික තත්ත්වය නගාසිටුවීම සහ ඇවිදීම පුහුණු කිරීමද භෞතචිකිත්සක ප්‍රතිකාර මගින් කළ හැකිය.

     


    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම් නොමසුරුව ලබා දෙමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞතචිකිත්සක ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා දැක්වූ සහයෝගයට ෆැමිලිලයිෆ් අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    28.4 ° C
    28.4 °
    28.4 °
    87 %
    6.1kmh
    100 %
    Mon
    28 °
    Tue
    28 °
    Wed
    28 °
    Thu
    28 °
    Fri
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු