fbpx
More
    27 C
    Colombo
    Monday, October 7, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    ඩිජිටල් තිරයකින් සිදුවන හානි​ය ඔබේ දරුවාට බලපාන්නෙ මෙහෙමයි

    Family Tech Sponsorspot_imgspot_img

    කුඩා දරුවන් ඩිජිටල් තිරවලට ඇබ්බැහි වීම මේ වෙනකොට ළදරුවන් සම්බන්ධයෙන් පවතින විශාලම ගැටළුවක් විදියට හදුන්වන්න පුළුවන්කම තියෙනවාfamilylife.lk අපි ෆැමිලි ටුඩේ තුළින් ගෙන එන මේ ලිපිය හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ දරුවාට ඩිජිටල් තිරයකින් සිදුවන හානි​ය කොතරම්ද කියන කාරණය සම්බන්ධවයි.

    මව්පියන්ගේ කාර්යබහුලකම නිසා දරුවා සමග ගතකිරීමට කාලයක් නොමැති වීම, දරුවාට ආහාර ලබාදීම පහසු කරවාගැනීමට, නිදිකරවීම වගේම දරුවා සන්සුන් කිරීම සදහාත් මව්පියන් රූපවාහිනිය, ජංගම දුරකථනය, ටැබ්ලට් සහ වීඩියෝ ක්‍රීඩා වගේ දේවල් භාවිතා කරනවාඇතැම් ළදරුවන් මාස 3-4 කාලයේ සිටම මේ දෙයට යොමු වී තිබීම කණගාටුවට කරුණක් වෙනවාඑනිසාම ඔබ නොදැණුවත්ව හෝ මෙතෙක් කල් දරුවාට මේ දේවල් භාවිත කිරීමට ඉඩ දුන්නා නම් මේ එය ඈත් කරන්නට කාලයයි.

    www.familylife.lk

    අම්මා එපා, ෆෝන් එක දෙන්න

    ගොඩක් වෙලාවට දරුවට මේ වැරදි ක්‍රියාව මුලින්ම හුරු කරලා වැඩේ වරද්දගන්නේ අම්මලා තාත්තලාමයි. සමහරුඅපේ බබාට තනියම ෆෝන් එක ඔන් කරගෙන සිංදු දාගන්නත් පුළුවන් අනේකියලා පුරසාරමුත් කියනවා. මේකේ නරකම ප්‍රතිපලය වෙන්නේ අවසානයට දරුවා මව්පියන් සමග කාලය ගතකිරීම අනවශ්‍ය දෙයක් විදියට සළකන්න පටන් ගැනීමයි.

    මව්පියන්ගේ අවධානය වඩාත්ම අවශ්‍ය වන ළදරු අවධියේදී අම්මා තාත්තාගේ අවධානයට ආදේශකයක් විදියට රූපවාහිනිය හෝ ජංගම දුරකථනය පත් වුනාම මව්පිය දූ දරු සම්බන්ධය බොහෝ දුරස්ථ එකක් බවට පත්වෙන අතරම මේ දේ දරුවාගේ ජිවිත කාලයටම බලපාන අහිතකර තත්ත්වයක් වෙනවා.

    අවධානය යොමු කිරීමේ නොහැකියාව

    විශේෂයෙන්ම මේ දෙය දරුවා අධ්‍යාපනය ලැබීම ඇරඹුණ පසු විශාල ගැටළුවක් බවට පත්වෙන්න ඇති ඉඩකඩ බොහොමයි. කියන්නේ දරුවා සන්සුන් කරගැනීමට හෝ වෙනත් කුමක් හෝ අරමුණක් ඉටු කරගැනීම වෙනුවෙන් අම්මලා තාත්තලා පාවිච්චි කරන කෙටි ක්‍රම සහ අල්ලස්වල අනිටු විපාක ලැබෙන්න පටන් ගන්නේ වසර කීපයක් ගියාටත් පස්සේ. ඉගෙනීමේ වැඩ කටයුතු වලදී හෝ තමන් කරන ඕනෑම කාර්යකදී අවශ්‍ය වන අවධානය යොමු කිරීමට නොහැකි වීම පසුකාලීනව දරුවාට බොහෝ ගැටළු ඇති කරවන්න සමත්වෙනවා.

    www.familylife.lk

    හැඟීම් පාලනය කරගැනීමේ අසීරුතා

    ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා ෆෝන් එක, ටැබ් එක දරුවා අතට පත්කරන්නේ දරුවා පාලනය කරගැනීමට පහසුවක් විදියට. කියන්නේ දරුවා කලබල කරනකොට හෝ ෆෝන් එක ඉල්ලා සිටිනකොට එසැනින් දේ ඔහුට ලැබෙනවා. තවත් විදියකින් කිවුවොත් අවස්ථාවට ගැලපෙන විදියට හැසිරෙන්න ඉගෙනගන්නවා වෙනුවට සහ තමන්ගේ හැඟීම් පාලනය කරගැනීමට පුරුදුවෙනවා වෙනුවට කෘත්‍රිම උපාංගයක් මගින් දරුවා පාලනය වෙනවා.

    හැඟීම් පාලනය කියන දේ ජිවිතයේ සාර්ථකත්වයට කොයි තරම් වැදගත්ද කියන කියන කාරණය ඔබ වටහාගෙන තියෙනවානම් මෙවැනි උපාංග මගින් දරුවා පාලනය කිරීම නතර කරන තරමට හොඳයි කියලා අපි මතක් කරනවා. ඩිජිටල් තිරයකින් ඔබේ දරුවාට සිදුවන හානි​ය ඔහුගේ හෝ ඇයගේ අනාගතයේ සාර්ථකත්වයට කොතරම් බලපෑමක් එල්ල කරනවද කියල දැන් ඔබට තේරෙනෙව ඇති.

    පරිකල්පන හැකියාව මොට වීම

    පරිකල්පන හැකියාව කියන්නේ තමන් අහන දකින සහ විදින දේවල්  ඔස්සේ නැවත නැවතත් වෙනස් සිතිවිලි ගොඩනගා ගැනීමට ඇති හැකියාවට. එහෙමත් නැත්තන් ලබන අත්දැකීම් ඔස්සේ නිර්මාණ සිදුකිරීමට ඇති හැකියාවට. ඩිජිටල් තිරවලට ඇබ්බැහි වීම මගින් දරුවාට සිතීමේ හැකියාව සහ පරිකල්පන හැකියාව නැති වෙන බවත් නිර්මාණාත්මක හැකියාව මොටවෙන බවත් කියනවා.

    දරුවා තමන් තිරයෙන් දකින යම්දෙයක් දිහා එකදිගට බලන් ඉන්නවා හැර අලුතින් යමක් හිතන්නට පෙළඹෙන්නේ නැති වීම තමයි මේකට හේතුව වෙන්නේ. තවත් විදියකින් කීවොත් දරුවාගේ පංචෙන්ද්‍රිය උත්තේජනය වීමක් මේ හරහා වෙන්නේ නෑ. ඇසට දකිනවා සහ කනට ඇසීම පමණයි මෙහිදී සිදුවෙන්නේ.

    නිර්මාණාත්මක හැකියාවක්, සාහිත්‍යමය රසයක් නැති රොබෝවෙක් වගේ දරුවෙක් ඔබට අවශ්‍ය නැත්නම් මුලින්ම කල යුතු වෙන්නේ දරුවා ඩිජිටල් තිරවලින් ඉවත් කීරීම බවයි අපේ නම් අදහස වෙන්නේ

    www.familylife.lk

    භාෂා හැකියාව සහ සන්නිවේදනය දුර්වල වීම 

    දරුවාගේ කථනය ප්‍රමාදය වීම, මේ වෙනකොට මව්පියන් වැඩි වශයෙන් ළමා රෝග වෛද්‍යවරුන් වෙත දරුවන් යොමු කරන්න හේතුවක් වෙලා තියෙනවා. දරුවා කතා කිරීමට ප්‍රමාද වෙන්න හේතු ගණනාවක් තියෙන්න පුළුවන් වනවා වගේම වැඩි වශයෙන් ඩිජිටල් තිරවලට නිරාවරණය වීම මීට ප්‍රධාන හේතුවක් වෙන්න ඉඩ තියෙනවා.

    බබයි මමයි විතරනේ දවල්ට ගෙදර, නිසා බබා කතා කරනවා අඩුයිවගේ නිදහසට කරුණුත් සමහර අම්මලා හදාගෙන තිබුණත් සැලකිව යුතු කථන ප්‍රමාදයක් තියෙනවනම් වහාම වෛද්‍යවරයෙක් වෙත දරුවා යොමු කිරීම තමයි සුදුසු වන්නේ. වගේම දරුවා සමග කතා බහ කිරීම, ඔහුගේ හැඟීම් ප්‍රකාශන හැකියාව දියුණු වීමටත් අංග චලන සහ කතාව ගළපා ගැනීමටත් හඬ පාලනයට වගේම වැඩි වැඩියෙන් වචන ඉගෙනීමටත් හේතු වෙනවා.

    මෙය නිසැකවම දරුවාගේ සන්නිවේදන හැකියාව වැඩි කරන්න හේතුවක් වෙනවා. නමුත් මව්පියන් සමග කතා බහ අඩුවෙන් සිදුකරන සහ ඩිජිටල් තිර සමග ඇසුර වැඩි දරුවාගේ මේ හැකියාව අඩාල වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත්  ඉහළ වෙනවා.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    moderate rain
    27 ° C
    27 °
    27 °
    81 %
    2.2kmh
    100 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    27 °
    Thu
    26 °
    Fri
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු