fbpx
More
    29 C
    Colombo
    Tuesday, May 14, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    තරුණකම රැකගන්න හිතන අය මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න

    Family Tech Sponsorspot_imgspot_img

    තරුණකම රැකගන්න කවුද අකමැති “ආනේ අවුරුදු හතලිහක් වුණාට ඔයා තාම කෙල්ල වගේනේ ” ඔය වගේ තමන්ගේ රූපයේ තරුණකම, ලස්සන ගැන අගය කරනවා අහනකොට කාගෙත් හිතට ගෙන එන්නේ සතුටක්. පුංචි ආඩම්බරයක්. familylife.lk සුව පියසෙන් ගෙන එන මෙම ලිපිය තරුණ කම රැකගන්න ඔබට කළ හැකි බොහෝ දේ ගැනයි.

    තරුණකම රැකගන්න කළ යුතු දේ ගැන කතා කරන විට ඒ කතා බහ කාන්තාවන්ට වගේම පුරුෂ පක්ෂයටත් අදාලයි. ඒ කොහොම වුනත් පිරිමියකුට සාපේක්ෂව කාන්තාවකගෙ වියපත් පෙනුම ඉක්මණින්ම ලඟා වෙන්නෙ විවාහයෙන් පසු දරුවන් ලැබුණට පසු තමන්ට තමන්ව අමතක වීම නිසයි.

    වයසින් මහලු වුනත් පෙනුමින් තරුණකම රැකගන්න පුළුවන්නම් කොයිතරමි අගේද?www.familylife.lk

    ඔව් පුළුවන්, භෞතචිකිත්සාවේදී ඇන්ටි ඒජින් (Anti Aging) ඒ කියන්නේ වයසට යාම කල් දමා ගැනීමයි. භෞතචිකිත්සාවේදී භෞතික විද්‍යාවේ මූලධර්ම අනුව ශාරීරිකව සහ මානසිකව සිදුවන සංකූලතාවයන්ට ප්‍රතිකාර කිරීම තුලින් ඇන්ටි ඒජින් ඒ කියන්නේ වයසට යාම කල් දමා ගැනීම කල හැකියි.

    අපි හැමෝගෙම සුන්දරත්වය පිළිඹිබු වන්නේ මුහුණෙන් එනිසා තරුණකම ගැන කතාබහේදී මුහුණට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. තරුණකම, මුහුණේ හැඩය සහ මුහුණෙහි වර්ණය අතර තිබෙන්නේ සහ සම්බන්ධතාවයකි.

    සාමාන්‍යයෙන් කුඩා අවදියේ සිට මුහුණෙහි හැඩය ඕවලාකාර ස්වභාවයක් ගනියි. එහෙත් වයසින් මුහුකුරායත්ම මුහුණේ හැඩය වෙනසකට ලක්වේ. මුහුණේ අස්ථි පද්ධතියට අනුව මුහුණේ මාංශපේෂීන් මගින් මුහුණේ හැඩය තීරණය කරයි. මුහුණේ මාංශපේෂීන් වැඩි වශයෙන් එක් අස්ථියකින් පටන් ගෙන අවසන් වනුයේ සම හෝ තවත් මෘදු පටකයකින්ය. එම නිසා මුහුණේ සම ඉතා ඉක්මණින් එල්ලාවැටීමක් සිදු විය හැකිය

    ළමා වියේ සිට යොවුන් විය දක්වා මුහුණේ මාංශපේෂීන් මුහුණේ ඉරියව් අනුව ඉතා නම්‍යහීලීව හොඳ ක්‍රියාකාරීත්වයකින් යුක්තවනවා. ඒත් සමගම නව යොවුන් වියට පත් වන විට ක්‍රමයෙන් මුහුණේ මාංශපේෂීවල ක්‍රියාකාරීත්වය අඩුවේ. ඒ අනුව අප දිනෙන් දින වයසට යාමත් සමඟම මාංෂ පේෂීන් හී ක්‍රියාකාරීත්වය අඩු වන බව ඔබට තේරුම් යන්නට ඇත. මෙසේ ක්‍රියාකාරීත්වය අඩුවීම නිසා මුහුණේ තැනින් තැන අපදව්‍ය රැස් වන නිසා ඇස් යට කළු පැහැවීම, ලප කැළැල් ඇති වීම, මුහුණෙහි පැහැපත් බව අඩු වී සම දුර්වර්ණ වීම ආදිය සිදුවේ.

    මුහුණ එල්ලා වැටීම් සහ අවපැහැ වීම සාමාන්‍යයෙන් නම් වයස අවුරුදු 30ත් 35ත් අතර මෙම තත්ත්වය ඇති වුවත් වර්තමානය වන විට මෙම තත්ත්වය අවුරුදු 18, 19 වයස් වල පසුවන අයටද බලපාන තත්ත්වයක් බවට පත්ව ඇත.

    අකාලයේ මුහුණ වියපත් වන්නට හේතූ

    • මාංෂ පේෂීන් අතර ඇති ඉඩ ප්‍රමාණය ආවරණය කරන්නේ තෙල් තට්ටුවක් මගින්ය. මුහුණේ බර ඉහළට ඇද තබා ගනිමින් මුහුණේ මාංෂ පේෂීන් ශක්තිමත්ව ඝණව සහ මුහුණේ හැඩය නිසිපරි දිපවත්වා ගැනීමට මෙම තෙල් තටිටුව උපකාරීවේ. මාංෂ පේෂීන් වල තෙල් තට්ටුවේ බර අනවශ්‍ය ලෙස වැඩි වු විට සම එල්ලා වැටීමට ලක්වේ.
    • එසේම මුහුණේ මාංෂ පේෂීන් හී තෙල් තට්ටුව වැඩිවූ විට පරිවෘත්තීය ක්‍රියාවලියද අඩපණ වේ එවිට සම මගින් තෙල් නිෂ්පාදනය කෙරෙන ග්‍රන්ථීන් මේද නිපදවීම අඩු කරන නිසා සමෙහි තෙතමනය රඳවා ගැනීමට අවශ්‍ය තෙල් අඩුවී සම වියළීමට, සම රැලි වැටීම මුහුණ වයස් ගත පෙනුමක් ඇති කරමින් එල්ලා වැටීමත් සිදුවේ.
    • හිරු එළියට සහ සම මත කුණු දූවිලි සහ වාහන දුම් ආදිය නිසා සහ මුහුණේ මැරුණ සම ඉවත් නොකිරීම මුහුණේ සම අවපැහැයට ලක්වේ.
    • සමෙහි මාංෂ පේෂීන වල ශක්තිමත් බව අඩු වන විට රුධිර සැපයුමද අඩුවේ. එම නිසා සම ඇතුලත මාංෂ පේෂීන් වලට ඔක්සිජන් හා නිසි පෝෂණය නොලැබීම නිසාත් පරිවෘත්තීය ක්‍රියාවලිය නිසි පරිදි සිදුනොවීම.
    • නිතර නිතර සබන් භාවිත කර මුහුණ සේදීම.

    තරුණකම රැකගන්න

    තරුණ බව ඉස්මතු වන්නට සම රැක ගන්න

    • මුහුණෙහි පැහැපත් බව ඉස්මතු කිරීමට නම් මුහුණේ තැන්පත්ව ඇති අපද්‍රව්‍ය ඉවත් කර සමට නිසි පරිදි ඔක්සිජන් සැපයුමක් සහ නිසි පෝෂණයත් ලබා දිය යුතුය. භෞත චිකිත්සාවේදී මෙම කාරණා සපුරා පැහැපත් නීරෝගී සමක් ලබා ගැනීමට අල්ට්‍රා සවුන් නමැති විද්‍යුත් උපකරණය මගින් ශබ්ද තරංග උපයෝගී කරගනියි.
    • අල්ට්‍රා සවුන්ඞ් ශබ්ද තරංග කියූ සැනින් ඔබ යම් චකිතයක් බියක් ඇති වන්නේ මෙම තරංග මිනිසාගේ සිරුරට අහිතකර වේ යැයි යන අදහස මතය. එහෙත් අල්ට්‍රා සවුන්ඞ් ශබ්ද තරංග වාතයේ ඇති අපේ කනට ඇසෙන ශබ්ද තරංග වලටත් වඩා සියුම්ය. මෙම උපකරණය මගින් හර්ඞ්ස් 20000 කට වඩා වැඩි ඉතා සියුම් ශබ්දතරංග ප්‍රතිකාර සඳහා භාවිතයට ගනියි.
    • කෙසේ වුවද මෙම තරංග මිනිස් ශරීරයට අහිතකර නොවන බව විද්‍යාත්මකව තහවුරු කර ඇත. මුහුණේ තරුණකම රැකගන්න, තරුණ පෙනුම උද්දීපනයේදී වඩාත් වැදගත් වන්නේ මාංෂ පේෂීන් ශක්තිමත් කිරීමය. ඒ සඳහා විවිධ ආකාරයේ සංවේදීතාවය අඩු විද්‍යුත් උපකරණ මගින් මුහුණේ කුඩා මාංෂ පේෂීන් පවා උද්දීපනය කර නැවත ක්‍රියාකාරී තත්ත්වයට පත් කිරීම සිදු කල හැකිය.

    නිවසේදීම ඔබට තනිවම කළ හැකි සරල ව්‍යායාම කිහිපයක් කිරීමෙන්

    • මාංෂ පේෂීන් ශක්තිමත් කිරීම.
    • සම තුල අනවශ්‍ය ලෙස මේදය තැන්පත් වීම අවම කිරීම.
    • මනා රුධිර සංසරණය තුලින් මාංෂ පේෂීන් වලට හොඳ පෝෂණයක් ලබා දීම.
    • මුහුණෙහි සමෙහි අපද්‍රව්‍ය ඉවත් වීම.
    • සම රැළි වැටීම, මුහුණෙහි සම එල්ලා වැටීම. රේඛා මතු වීම ආදිය පාලනය වීම.

    යනාදී වාසි රැසක් හිමි කරගත හැකිය.

    අපි දැන මෙම සරල ව්‍යායාම කිහිපයක සලකා බලමු.

    www.familylife.lk

    ඇස් වටා රැළි වැටීම අවම කිරීම

    • ඔබේ දෑස් අඩවන් කරගන්න.
    • දැන් සෙමින් සෙමින් දෑස් තද කරමින් දෑස් තද කර වසා ගන්න.
    • මෙසේ තත්පර පහක් පමණ සිටින්න.
    • දැන් සෙමෙන් සෙමෙන් දෑස් ලිහිල් කරමින් පෙර සිටි අඩවන් තත්ත්වයට එන්න.
    • තත්පර දෙක තුනක් එසේ අඩවන් දෙනෙතින් සිට නැවත පෙර පියවර අනුගමනය කරන්න.
      මෙම ව්‍යායාමය විසි වතාවක් පමණ කරන්න.

    කට දෙපැත්ත රැළි වැටීම වලක්වා ගැනීම

    1 වන ක්‍රමය
    • කට බාගෙට ඇර ඕ අකුර ශබ්ද වන ලෙස තොල් උල් කරන්න.
    • මෙම ඉරියව්වෙන් තත්පර පහක් පමණ ඉන්න.
    • දැන් නැවත සෙමෙන් සෙමෙන් නැවත කට වහන්න.
    • තත්පර පහක් පමණ සිට නැවත ඉහත පියවර අනුගමනය කරන්න.
    2 වන ක්‍රමය
    • කට බාගෙට ඇර ඊ අකුර ශබ්ද වන ලෙෂ කට තබා ගන්න.
    • මෙම ඉරියව්වෙන් තත්පර පහක් පමණ ඉන්න.
    • දැන් නැවත සෙමෙන් සෙමෙන් නැවත කට වහන්න.
    • තත්පර පහක් පමණ සිට නැවත ඉහත පියවර අනුගමනය කරන්න.
    3 වන ක්‍රමය
    • කට හොඳින් පුම්බා ගන්න.
    • මෙම ඉරියව්වෙන් තත්පර පහක් පමණ ඉන්න.
    • දැන් නැවත සෙමෙන් සෙමෙන් නැවත කට ලිහිල් කරන්න.
    • තත්පර පහක් පමණ සිට නැවත ඉහත පියවර අනුගමනය කරන්න.

    මේ ඉතාම සරල ව්‍යායාම කිහිපයක්ය. මෙම ක්‍රම හොඳින් ප්‍රගුණ කල පසු සංකීර්ණ ව්‍යායාම සඳහා ඔබට යොමු විය හැකිය. එහිදී මුළු මුහුණම එකවර ව්‍යායාමක යෙදේ.

    1 වන ක්‍රමය
    • මෙම ක්‍රමය මග මුළු මුහුණටම ව්‍යායාමයක් ලැබේ.
    • වහල දෙසට මුහුණ සිටින සේ ඉහළ බලා ගන්න.
    • දැන් ඔබ හාද්දක් දෙන විට කට උල් කරන ආකාරයට දෙතොල් උල් කරන්න.
    • මෙම ඉරියව්වෙන් තත්පර පහක් පමණ සිට නැවත ලිහිල් කරන්න.
    • මෙම ව්‍යායාමයද වාර පහක් පමණ කරන්න.
    2 වන ක්‍රමය
    • දෙනෙත් සෙමෙන් සෙමෙන් පියාගන්න.
    • ඒ සමගම දිව එළියට දමන්න.
    • දැන් දෙනෙත් ලිහිල් කරමින් දිව ඇතුලට ගන්න.
    • මෙම ව්‍යායාමයද වාර පහක් පමණ කරන්න.

    මෙම ව්‍යායාම කිරීමට වයස් භේදයක් නැත. අපේ සුන්දරත්වය අහිමි වූ පසු දුක් වනවාට වඩා තරුණකම රැකගන්න, සුන්දරත්වය එලෙසම පවත්වා ගන්න හැකියාව ඇති බව මේ ලිපියෙන් ඔබට පසක් වන්නට ඇත. එසේ නම් පමා නොවන්න. මේ ලස්සන වන්නට කාලයයි.

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් වරලත් භෞතචිකිත්සක සංගමයේ ජාතික සංවිධායක, ෆිසියෝ ලයිෆ් ආයතනයේ අධ්‍යක්ෂ, වරලත් භෞතචිකිත්සක ආචාර්ය සුජීව වීරසිංහ මහතා (072 – 4506976) දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    29 ° C
    29 °
    29 °
    72 %
    2.2kmh
    78 %
    Tue
    31 °
    Wed
    29 °
    Thu
    28 °
    Fri
    29 °
    Sat
    27 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු