fbpx
More
    30 C
    Colombo
    Monday, April 20, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    වැඩිහිටි අපි කාටත් නොසිතන ලෙස ළඟා විය හැකි අඩපනකරුවා – පාකින්සන්

    Family Tech Sponsorspot_imgspot_img

    familylife.lk සුව පියස තුළින් අද අපි කතා කරන්නේ සුලබ නොවන නමුත් වැඩිහිටි අපි කාටත් වයසට යන විට නොසිතන ලෙස ලඟා විය හැකි රෝගයක් වන පාකින්සන් රෝගය පිළිබඳවයි.

    වයස අවුරුදු 60 – 65 වයස් සීමාවේදී ස්ත්‍රී/පුරුෂ දෙපක්‍ෂයටම මොළයේ ඇති විය හැකි රෝග තත්ත්වයක් ලෙස පාකින්සන් රෝගය හැඳින්විය හැකිය. මොළයේ ක්‍රියාකාරිත්වය සහ සම්බන්ධීකරණය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන ඩොපමින් නම් රසායනිකය නිපදවන සබ්ස්ටැන්ෂියා නයිග්‍රා නම් ස්නායු සෛල අඩපණ වීම හෝ එම ස්නායු සෛල සංඛ්‍යාව ප්‍රමාණයෙන් අඩු වීම මෙයට හේතුව ලෙස දැක්විය හැකිය.

    ඩොපැමින් නම් රසායනිකය අඩු වූ විටදී ශරීරයේ මාංශ පේශීන් ක්‍රමවත්ව ක්‍රියා නොකරයි. මෙම රෝගයට ගොදුරු වූ විටදී එම පුද්ගලයාගේ චාලක ක්‍රියාවන් ක්‍රමවත්ව සිදු නොවන අතර කථනය හා අනෙකුත් ක්‍රියා ද අඩපණ වීම සිදු වේ. මෙය චලන රෝගී තත්ත්වයන් අතර එන එක් රෝගයකි. මෙම රෝග තත්ත්වයේ අවස්ථා කිහිපයකි.

    • ප්‍රාථමික පාකින්සෝනිත්වය 

    මෙය පාකින්සන් රෝගයේ මුල් අවධිය වන අතරම ජානමය විකෘති හේතුවෙන් ඇති වන තත්ත්වයකි.

    • ද්විතීයීක පාකින්සන් රෝගය

    ඖෂධ වර්ග, හිසට ඇති වූ තදබල පහරදීම් සහ වෙනත් රෝග තත්ත්වයන් මත මේ තත්ත්වය ඇති විය හැකිය.

    පාකින්සන් රෝගයේ රෝග ලක්ෂණ

    • මස් පිඬු තද වීම – මෙහිදී මස්පිඬු තද වීම හේතුවෙන් අත් පා හැසිරවීම අපහසු (Rigidity) වන අතරම මෙම තද වීම දෙයාකාරයි.
    • තඹ බටයක් නවන විට සමාන ආකාරයෙන් තද වීම එක දිගට එක ආකාරයෙන් පවතියි. (Led Pipe Rigidity)
    • දැති රෝදයක් කරකවන විට පැන පැන යන ආකාරයෙන් තද ගතිය අඩු වැඩි වී පවතියි. (Cogwheel Rigidity)
    • අත්වල ඇඟිලි වෙව්ලීම. (Tremour) – මේ තත්ත්වය වඩාත් සිදු වන්නේ යම් කාර්යයක නිරතව සිටින විටදීය.
    • හැඟීම් පළ නොවීම. උදා :- සිනහවීමට ප්‍රමාද වීම. කෙනෙකු ඉදිරියට එන විට එම තැනැත්තා තමා සමග සිනහ වුවද තමාට එම තැනැත්තා සමග සිනහ වීම ආරම්භ වීමට ටික වේලාවක් ගත වේ. එවිට එම තැනැත්තා ඔහු පසු කර ගොස් අවසන්ය. මුහුණේ හැඟීම් පළ නොවන නිසා වෙස් මුහුණක් ලෙස මෙම මුහුණ හැඳින්වේ.
    • සිරුරේ චලනවල වේගය අඩු වීම.
    • කෙටි පියවර තබමින් කකුල් ඇද ඇද ගමන් ගන්නා මොවුන් එකවර නවත්වා ගැනීම අපහසුය.
    • සිහි කල්පනාව අඩු වීම.
    • භාෂාවේ දුර්වලතා
    • කටින් කෙළ වැගිරීම
    • ඇවිදීමේදී කුදු ස්වභාවයක් ඇති වීම.
    • අධික මහන්සිය
    • මලබද්ධය
    • අකුරු ලියන විට ටික ටික කුඩා වී එකිනෙක බැඳේ.

    පාකින්සන් රෝග තත්ත්වයේ අපහසුතා මගහරවා ගැනීමට භෞතචිකිත්සාව හරහා සිදුකෙරෙන ප්‍රතිකාරමය ව්‍යායාම

    • සමායෝජක ව්‍යායාම
    • සන්ධි චලනය කරවන ව්‍යායාම
    • පේශී ශක්තිමත් කරන ව්‍යායාම
    • ඇවිදීම පුරුදු කරන ව්‍යායාම
    • මනස සංයමයට පත්කරන ව්‍යායාම

    www.familylife.lk

    ලොව සුපතල පාකින්සන් රෝගියා

    මොහොමඞ් අලී (1942 – 2016)
    විසිවන සියවසේ ක්‍රීඩා ලෝකයේ දැවැන්තම චරිතය වූ කැෂියස් ක්ලේ හෙවත් මොහොමඞ් අලී එතෙක් මෙතෙක් ලොව බිහිවූ අග්‍රගණ්‍ය බොක්සිං ක්‍රීඩකයා ලෙස හැඳින්වේ. 1942 ජනවාරි 17වනදා ඇමරිකාවේදී උපන් ඔහු 2016 වසරේ ජූනි 3 වනදා මිය යන තුරුම පුවත් මවන්නෙකු වී සිටියේය. ඒ ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ හැලහැප්පීම් මෙන්ම පසුකාලීනව ඔහු පෙළුණු රෝගී තත්ත්වය හේතුවෙනි. 1984 වසරේ සිට ඔහු පාර්කින්සන් රෝගයෙන් අඩපණ වන්නට පටන් ගත්තේය. වසර 32 කට ආසන්න කාලයක් මෙම රෝගයෙන් පීඩා විඳි ඔහුට මෙම රෝගය වැළඳීමට හේතුව ලෙස වෛද්‍යවරුන් නිෂ්චය කරනු ලැබුවේ ඔහු ක්‍රීඩා කරන සමයේ හිසට වැදුණු පහරකින් හටගත් මොළයේ අබාධයක් බවයි.

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම් නොමසුරුව ලබා දෙමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞතචිකිත්සක ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා දැක්වූ සහයෝගයට Familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.

     


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    30 ° C
    30 °
    28 °
    75 %
    1.3kmh
    99 %
    Mon
    30 °
    Tue
    30 °
    Wed
    30 °
    Thu
    31 °
    Fri
    30 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු