fbpx
More
    29 C
    Colombo
    Tuesday, May 14, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    කිරි සිහිනයක පෙළ ගැස්ම ~ පස්වන දිගහැරුම – ගර්භණී සමයේ ආහාර රටාව

    Family Tech Sponsorspot_imgspot_img

    ජීවිතයේ තවත් නව පරිච්ජේදයක ඇරඹුමයි මේ. ආදරණීය ඔබ දරු ගැබක් දරන පින්බර මව් කිරුළ පළඳින්නට සුදානම් වන වාසනාවන්තයික්. දරු ප්‍රසූතියකට සූදානම් වන මවක් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටීමට ගර්භණී සමයේ පෝෂණය ඉතා වැදගත්ය. මවගේ කුස තුල වැඩෙන දරුවාගේ වර්ධනයට අවශ්‍ය සියලුම පෝෂණ අවශ්‍යතාවයන් සපුරාලිය යුත්තේ මවය. එහෙයින් familylife.lk අපි Family doctor මවු සිහිනය තුළින් ගෙන එන කිරි සිහිනයක පෙළගැස්ම ලිපි පෙළේ පස්වැන්න ගර්භණී සමයේ මවගේ පෝෂණය ගැන සාකච්ඡා කිරීමට වෙන් කළා.

    www.familylife.lk

    පස්වන දිගහැරුම

    ගැබිනි මවගේ බර වැඩිවීම

    දරුප්‍රසූතිය වන විට ආසන්න වන විට මවගේ බර 10Kg පමණ වැඩි විය යුතුය යන පැරණි මතය වෙනසකට ලක්ව ඇත. මවකගේ බර වැඩිවීම මවකගෙන් මවකට වෙනස්වේ. ඒ අනුව ගර්භණී මව්වරුන්ගේ බර වැඩි වියයුත්තේ ඒ ඒ මවගේ ශරීර ස්කන්ධ දර්ශකයට අනුවය. ශරීර ස්කන්ධ දර්ශකය පහත සමීකරණයට ආදේශ කිීමෙන් ලබාගත හැකිය.

    www.familylife.lk/ family doctor

    ඒ අනුව ගර්භණී සමයේ ඔබගේ බර වැඩි වීම පහත පරිදි සිදුවීම ප්‍රමාණවත්ය

    www.familylife.lk/family doctor

    ගර්භණී වීමට පෙර අඩු බරක් තිබූ මවක් නම් ගර්භණී සමයේ පෝෂණය පිළබිඳ වඩා අවදානයක් යොමු කල යුතුය. එසේ නොවුනහොත් දරුප්‍රසූතියට ආසන්න වන විට නියමිත බර කරා ළඟාවීමට නොහැකි වීමෙන් සිඟිත්තා අඩු බරක් සහිත නොමේරූ දරුවකු වීමේ අවදානමක් ඇත.

    අධි බරක් ඇති මවක් නම් ගර්භණී සමයේ අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් සහ ඒ හේතුවෙන් කුසෙහි වැඩෙන සිඟිත්තාද විවිධ සංකූලතාවයන්ට ගොදුරු විය හැකිය. නමුත් මේ බර අඩු කර ගැනීමට සුදුසු කාලයක් නොවේ.

    බර අඩු කර ගන්නට ආහාර අඩු කිරීම සහ අධික ව්‍යායාම කිරීම ගර්භණී මවකට සුදුසු නොවන බවත් මතක තබාගන්න. ගැබිණියක් වන්නට පෙර සූදානමක් අවශ්‍ය බව කිරි සිහිනයක පෙළ ගැස්ම – පළමු දිගහැරුම (ලිපියට මෙතනින් පිවිසෙන්න ක්ලික්/ටැප් කරන්න) ලිපියෙන් අවධාරණය කරන ලද්දේ එනිසාවෙන්ය.

    ගර්භණී සමයේ ආහාර රටාව

    ඔබේ කුස තුල වැඩෙන කිරි කැටියාගේත් ඔබගේත් නීරෝගී බව පවත්වා ගැනීමට පෝෂණය පිළිබඳ ඔබ විශේෂයෙන්ම සිතිය යුතුය.

    “දැන් ඉතින් දෙන්නෙක්ටම කන්න ඕනී ” කියන මතයෙන් නම් ඔබ මිදෙන්න. ගර්භණී මවක් සාමාන්‍ය පරිදි සමබල ආහාර වේලක් ලබා ගැනීම ප්‍රමාණවත්ය.

    සාමාන්‍යයෙන් කලලයට වැඩි පෝෂණයක් අවශ්‍ය වන්නේ සති 20න් පසුය. එය දිනකට කැලරි 200ක් තරම් සුළු ප්‍රමාණයක් බැවින් විශේෂයෙන් අමතර ආහාර ගැනීමක් අවශ්‍ය නොවේ. මවට කුස ගිනි දැනෙන විට අවශ්‍ය පමණට ආහාර ගැනීම සිදු කරන්න.

    • ප්‍රධාන ආහාරය ලෙස හැකිතාක් නිවුඩු බත් හෝ ඇට වර්ගයක් හැකි සෑම විටම තෝරා ගන්න.
    • නැවුම් පලතුරු හා එළවළු හැකි තරම් ආහාරයට එක් කර ගන්න.
    • පලා වර්ග සහ ප්‍රෝටීන් බහුල ආහාර වැඩිපුර එක් කර ගන්න. මස්, බිත්තර, මාළු, කරවල, වැනි ආහාර මෙන්ම පරිප්පු, බෝංචි, සෝයා වැනි ආහාර මඟින් ඔබේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගත හැකිය.
    • තන්තු බහුල ආහාර නිතරම ගැනීම සුදුසුයි. එමඟින් ගර්භණී සමයේ ඇති විය හැකි මලබද්ධය තත්ත්වය මග හරවා ගත හැකිය.
    • මුදවපු කිරි, යෝගට්, නැවුම් එළකිරි වැනි කිරි ආහාර මගින් කැල්සියම් අවශ්‍යතාවය සපුරා ගත හැකිය.
    • ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව උදය වරුවේ සහ හවස් වරුවේ අමතර පෝෂ්‍යදායී සුළු ආහාර වේල් දෙකක් ගැනීම සුදුසුයි. නමුත් මෙමගින් දවස තුල ගන්නා සම්පූර්ණ කැලරි ප්‍රමාණය වැඩි නොවිය යුතුයි.
    • උදෑසන ආහාරය නොවරදවාම ලබාගන්න.

    අතිරේක විටමින්

    ෆෝලික් අම්ලය

    මින් ප්‍රධානතම විටමිනය වන්නේ ෆෝලික් අම්ලයයි. කිරි සිහිනයක පෙළ ගැස්ම – දෙවන දිගහැරුම ලිපියෙහි (ලිපියට මෙතනින් පිවිසෙන්න ක්ලික්/ටැප් කරන්න) ෆෝලික් අම්ලය පිළිබඳ අප ඔබව දැනුවත් කළෙමු.

    දෛනිකව මවක් ෆෝලික් අම්ලය (1mg) පෙත්තක් ලබා ගැනීම ප්‍රමාණවත්ය. ගර්භණී මවකගේ ඇතැම් රෝග තත්ත්වයන් හා පවුලේ ඉතිහාසයේ ඇතැම් රෝග තත්ත්වයන් වලදී ෆෝලික් අම්ලය වැඩි මාත්‍රාවක් වෛද්‍යවරු නිර්දේශ කරයි.

    රනිල කුලයේ මුං ඇට, කඩල, කවුපි වැනි ධාන්‍ය වර්ග වලින් මෙන්ම එළවළු පළතුරු වලින්ද ස්වභාවිකව ශරීරයට අවශ්‍ය ෆෝලික් ඇසිඞ් ලබා ගතහැකිය.

    යකඩ

    කුස තුල වැඩෙන දරුවාට අවශ්‍ය පෝෂණය ප්‍රවාහනය කරන්නේ මවගේ රුධිරය හරහාය. ඒ සඳහා මවගේ රුධිර පරිමාව වැඩිවිය යුතුය. රුධිරයේ ප්‍රධානම සංඝටකය යකඩය. යම් හෙයකින් රුධිරයේ යකඩ ප්‍රමාණය අඩු වුවහොත් දරුවාගේ වර්ධනයට තර්ජනයකි. විශේෂයෙන් පළමු මාස තුනෙන් පසු යකඩ අවශ්‍යතාවය වැඩිය.

    බොහොමයක් ලාංකික කාන්තාවන් යකඩ ඌනතාවයෙන් පෙලේ. එනිසා ගර්භණී සමයේ යකඩ පෙති ලෙස ලබා ගැනීම නිර්දේශ කරයි. ගර්භණී මවක් යකඩ පෙති ලබා ගත යුත්තේ පළමු මාස තුනෙන් පසුය. රනිල කුලයේ මුං ඇට, කඩල, කවුපි වැනි ධාන්‍ය වර්ග වලින් තද කොළ පැහැති පලා වර්ග මස්, මාළු වලින් ස්වභාවිකව යකඩ ලබා ගත හැකිය. මුං ඇට මුල් අද්දවා ආහාරයට ගැනීමෙන් වැඩි යකඩ ප්‍රමාණයක් ලබා ගත හැකිය.

    විටමින් C

    ප්‍රතිඔක්සිකාරකයක් වන විටමින් ක්‍ ශරීරයේ ප්‍රතිශක්තකීරණයට අත්වැලක් සපයයි. යකඩ අවශෝෂණය කිරීමට විටමින් ක්‍ උපකාරී වන බැවින් යකඩ පෙත්ත සමග විටමින් ක්‍ පෙත්ත රාත්‍රී ආහාරයෙන් පසු ලබා ගන්න.

    කැල්සියම්

    කුසෙහි වැඩෙන සිඟිත්තාගේ අස්ථි වර්ධනයට කැල්සියම් අත්‍යවශ්‍යවේ. සිඟිත්තාගේ වැඩීමට අවශ්‍ය ප්‍රමාණයට කැල්සියම් නොලැබුනහොත් මවගේ අස්ථි වල තැන්පත්ව ඇති කැල්සියම් ලබාගෙන සිඟිත්තාගේ අස්ථි වර්ධනය සිදු වේ. ඒ අනුව බලපෑම එල්ල වන්නනේ පසු කාලීනව මවටය. එවැනි මව්වරු ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ත්වයන්ට ගොදුරු විය හැකිය. එනිසා කැල්සියම් අඩංගු ආහාර පාන ලබා ගැනීම වැදගත්ය. සාමන්‍යයෙන් කැල්සියම් පෙත්ත ලබා ගත යුත්තේ උදෑසන දහයට පමණ අමතර ආහාරයක් ගැනීමෙන් පසුය.

    ස්වභාවිකව කිරි, පළතුරු, කතුරු මුරුංගා කොළ, මුරුංගා කොළ ,තක්කාලි, රනිල කුලයේ ධාන්‍ය වර්ග ආහාරයට එක් කර ගැනීමෙන් ස්වභාවිකව කැල්සියම් අවශ්‍යතාවය සපුරා ගත හැකිය.

    විටමින් K

    ලේ කැටි ගැසීම නිසි ලෙස පවත්වා ගැනීමට විටමින් K වැදගත් වේ. විටමින් ණ අඩු වීමෙන් සිඟිත්තා ඉපදුනු පසු පෙකණිවැලෙන් වෙන්කල පසු අධිකව රුධිරවහනය වීමේ අවදානමක් ඇත. අපස්මාරයට ඖෂධ ගන්නේ නම් හෝ අක්මාවේ රෝග තත්වයක් ඇති මව්වරුන්ට මෙම විටමිනය අමතරව ලබා ගැනීමට නිර්දේශ කරයි.

    විටමින් A

    විටමින් A අතිරික්ත ලෙස ලබා ගැනීම වැඩෙන දරුවාට හානිකර විය හැකිය.

    ගර්භණී සමයේ මවක නොගතයුතු ආහාර වර්ග

    • මේදය අධික ආහාර

    කැලරි බහුලය. ශක්තිජනක ආහාර පමණට වඩා ගත් විට ශරීරයේ එදිනෙදා කටයුතු සඳහා එය භාවිතා නොවේ නම් එම ශක්තිය මේද බවට පත්ව ශරීරයේ තැන්පත්වේ. එය අධි රුධිර පීඩනය හා ස්ථුලතාවයට අත වැනීමකි. මේදය අධික ආහාර වන බටර්,චොක්ලට්, බදින ආහාර වර්ග, බිස්කට්, අයිස් ක්‍රීම්, පුඩිම්, කේක් වැනි දෑ ආහාර ඉතා සුළු ප්‍රමාණ වලින් පරිභෝජනය කරන්න.

    • සීනි සහිත ආහාර

    සීනි සහිත ආහාර අධික සීනි භාවිතය නිසා ගර්භණී සමයේ දියවැඩියාව තත්ත්වයක් ඇති විය හැකිය. මෙම අවධියේ දියවැඩියාවට ගොදුරු වීමෙන් මව හා දරුවා විවිධ සංකූලතාවයන්ට ගොදුරු විය හැකිය. එනිසා සීනි සහිත ආහාර පාන අඩුවෙන් ගන්න.

    • පීකුදු

    විටමින් A යනු අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක්. පීකදුු වල විටමින් A ඉතා බහුල වේ. විටමින් A අවශ්‍ය ප්‍රමාණයට වඩා ශරීරගත වීම ගැබිණි මවකට නුසුදුසුය.

    • සකස් කරන ලද මස් වර්ග

    බොහෝ සකස් කල ආහාර සඳහා කෘතීම රසකාරක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය ආදිය යොදන නිසා මීට් බෝල්ස්, සොසේජස් වැනි සකස් කරන ලද මස් වර්ග භාවිතය අවම කිරීම හෝ අත්හරින්න. ඒවා කල් තබා ගැනීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය දරුවාගේ වර්ධනයට හා හෝමෝන ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කළ හැකිය.

    • නොපිසන ලද බිත්තර සහ එළවළු

    නොපිසින ලද බිත්තර සහ එළවළු පහසුවෙන් බැක්ටීරියා අසාදන වලට ලක් විය හැකිය. එමගින් මවට ආහාර අජීර්ණ තත්ත්වයන්, බඬේ අමාරු හා වමනය වැනි තත්ත්වයන් ඇති විය හැකිය.

    • කැෆෙන්

    කෝපි සහ තේ ඇතුළුව කැෆෙන් සහිත ආහාර ලබා ගැනීම සිමා කල යුතු වේ. ඔබට අවශ්‍ය නම් කෝපි වෙනුවට ග්‍රීන් ටි හෝ ඉගුරු සහිත තේ පානය කළ හැක. වැඩිපුර කැෆෙන් භාවිතය ගබ්සා වීම් සඳහා හේතු විය හැක.

    සියළුම කිරි සිහිනයක පෙළ ගැස්ම ලිපි සඳහා පිවිසීමට මෙතැන ක්ලික්/ටැප් කරන්න

    කිරි සිහිනයක පෙළගැස්ම – පළමු දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – දෙවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – තෙවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – සිව්වන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – හයවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – හත්වන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – අටවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – නමවන දිගහැරුම

    www.familylife.lk

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    29 ° C
    29 °
    29 °
    72 %
    2.2kmh
    78 %
    Tue
    31 °
    Wed
    29 °
    Thu
    28 °
    Fri
    29 °
    Sat
    27 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු