fbpx
More
    29 C
    Colombo
    Tuesday, May 14, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    කිරි සිහිනයක පෙළ ගැස්ම ~ හයවන දිගහැරුම – සුරක්‍ෂිත දරු උපතක්

    Family Tech Sponsorspot_imgspot_img

    සෑම දෙමාපිය යුවලකගේ බලාපොරොත්තුව නීරෝගී දරු උපතක්ය. නීරෝගී දරු උපතක් යනු ඔබ දෙපළට පමණක් නොව රටටද සම්පතක්ය. එහෙයින් රජය විසින් මාතෘ හා ළමා සායන පවත්වනු ලැබේ. familylife.lk කිරි සිහිනයක පෙළ ගැස්ම (පසුගිය ලිපි සඳහා මෙතන ක්ලික්/ටැප් කරන්න) මගින් අද අපි ඔබට ගෙන එන්නේ නොමිලයේ ඔබට ලැබෙන වටිනා මෙහෙවරක් වන මාතෘ සායන හා එහිදී ඔබට හිමිවන ප්‍රතිලාභ මොනාවාද යන්න ගැන සැකසුනු ලිපියකි.

    www.familylife.lk

    සයවන දිගහැරුම

    විවාහ වූ පසු ඔබ පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍යය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ පවුල් සෞඛ්‍යය සේවා නිළධාරිණිය යටතේ ලියාපදිංචි වී සිටිය යුතුය. ඒ අනුව ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණියට ඔබගේ ගර්භණීත්ව දැනුම් දෙන්න. එසේ නොමැති නම් ගර්භණීත්වය තහවුරු කර ගත් වහා ඔබ පදිංචි ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය මුණ ගැසී ලියාපදිංචි වන්න.

    ඉක්මණින්ම සායනයේ ලියාපදිංචි වීමට ඔබව යොමු කරන්නෙ ගැබ් ගෙන සති අටක් ඉක්ම යන්නට ප්‍රථම ගර්භණී මවට ඇති කලින් හඳුනාගත හැකි විවිධ සංකූලතා හා රෝගී තත්ත්වයන්ට හඳුනා ගෙන වහාම ප්‍රතිකාර වෙත යොමු කල හැකි නිසාවෙන්ය.

    www.familylife.lk

    ගර්භණිත්වය දැනුම් දීමෙන් අනතුරුව
    • ගර්භණී මවගේ බී.එම්.අයි. දර්ශකය මැනිම,
    • ගර්භණී මවගේ රුධිර ඝනය
    • එච්.අයි.වී සඳහා රුධිර පරීක්ෂණය සිදු කරයි.
    එසේම සෑම සායන වාරයකදීම
    • බර පරීක්ෂා කර දරුවාගේ වර්ධනය පිළිබඳ තක්සේරූ කිරීම
    • මුත්‍රා වල ඇල්බියුමින් හා සීනී සඳහා පරීක්ෂාවන් සිදු කිරීම
    • රුධිර පීඩනය මැනීම
    • වෛද්‍යවරයකු විසින් සෑම මවක්ම පරීක්ෂාවට ලක් කරන අතර එහි දී දරුවාගේ වැඩීම, හෘදස්පන්ධනය ,දරුවා සිටින ආකාරය පිළිබඳ වැනි තත්ත්වයන් නිරීක්ෂණය කරයි.

    සති දොළහ පසු වූ විට පණු බෙහෙත් ලබා දෙයි. නව ජන්ම පිට ගැස්ම වැලැක්වීම සඳහා පිට ගැස්ම එන්න ලබා දෙයි. එසේම මාස තුනක් පසු වූ පසු කැල්සියම් සහ යකඩ පෙති සායනයෙන්ම ඔබට ලබා දෙනු ඇත.

    පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය ඔබේ නිවස පැමිණ ඔබගේ ගර්භ පරික්ෂාව, අමතරව පෝෂණය, ප්‍රසුතිය පිළිබඳ දැනුවත් කරනු ලැබේ. ප්‍රාදේශීය සෞඛ්‍ය ආයතන තුල මාතෘ සායනය මගින් පූර්ව ප්‍රසව සැසි ඔබ වෙනුවෙන්මය.

    එහිදී,
    • ගර්භණි මුල් කාලයේදී ඇති වන අපහසුතා එනම් වමනය, ආහාර අරුචිය ,කලන්තය, පපුවේ දැවිල්ල,ආදීය අවම කර ගැනීමට උපදෙස්
    • දරුවා වැඩෙන අයුරු විඩීයෝ දර්ශන අනුසාරයෙන් දැනුවත් කිරීම
    • ගර්භණී සමයේ අවදානම් තත්ත්වයන්
    • ගර්භණී සමයේ පෝෂණය පිළිබඳ
    • ගර්භණී සමයේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග
    • ගර්භණී සමයේ යහ පැවැත්ම
    • දන්ත සෞඛ්‍යය
    • ගර්භණී මව කෙරෙහි සැමියාගේ කාර්්‍යය භාර්්‍යය ආදී මාතෘකා පිළිබඳ ඔබට දැනුම ලබා දෙයි.
    • දරුවාගේ චලනය පිළිබඳ දැනුවත් කිරීම
    • ගර්භණී සමයේ රුධිර වහනය, අධික හිසරදය, උදර වේදනාව, පෙනීමේ වෙනසක් දැකීම, හුස්ම ගැනීමේ අපහසුතා ආදිය පිළිබදව දැනුවත් කිරිම
    • ළදරු ඇඳුම් පිළිබදව හා රෝහල් ගතවීමේදී අවශ්‍ය දේ පිළිබදව දැනුවත් කිරිම
    • ප්‍රසවයේ ලක්‍ෂණ
    • දරුවා ලැබෙන ක්‍රමය පිළිබඳව
    • මව්කිරි දීම පිළිබඳව
    • දරුවා නෑවිම පිළිබඳව,
    • ප්‍රසවයෙන් පසු ඇතිවන පසු ප්‍රසව සංකූලතා පිළිබඳව
    • පවුල් සංවිධාන ක්‍රම පිළිබඳ
    • දරුවා සහ මවගේ පෝෂණය පිළිබඳව
    • පූර්ව ළමා විය සංවර්ධනය පිළිබඳව

    වැනි සුරක්‍ෂිත දරු උපතක් සඳහා ඉතා වැදගත් කාරණා පිළිබඳව මෙම සැසි වලදී ඔබව දැනුමින් පෝෂණය කරයි.

    www.familylife.lk

    දරු ප්‍රසූතිය සිදුවන්නේ කුමන රෝහලේද?

    දස මාසයක් කුස හොවාගෙන සිටින ඔබේ ජීවිතයේ වටිනාම සම්පත දෝතට පත් කරගන්නේ රජයේ රෝහලකද පෞද්ගලික රෝහලකද යන්න ඔබේ තීරණයකි. දරු ප්‍රසුතිය සඳහා ඔබ තෝරා ගන්නේ රජයේ රෝහලක් නම් අදාල රෝහලට ගොස් ලියාපදිංචි විය යුතුය. ලියාපදිංචි වීමට යන විට ඔබ ගමේ සායනයේ ලියාපදිංචි වූ ගර්භණී සටහන් කාඞ් පත අනිවාර්යයෙන්ම රැගෙන යන්න. රෝහලේ ලියාපදිංචි වීමෙන් අනතුරුව පළපුරුදු දක්ෂ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයන් යටතේ පවත්වන සායනයට සහභාගී විය හැකිය.

    මෙම සායනයේදී
    • මවට ඇති විවිධ සංකූලතා කල් තියාම හඳුනා ගැනීම.
    • ස්කෑන් පරික්ෂණ
    • කළලය ගර්භාෂයෙන් පිටත පිහිටා තිබීම වැනි තත්ත්වයන් හඳුනා ගැනීම.
    • රෝගයකට දැනටමත් ප්‍රතිකාර ගන්නේ එයින් දරු ගැබට විය හැකි අවදානම් හඳුනා ගැනීම සහ ඒ සදඟා ගත යුතු නිසි ප්‍රතිකාර හා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් ලබාදීම.
    • ඉදිරියේදී ඇතිවිය හැකි සංකූලතාවලින් මිදෙන්නට උපදෙස් ලබාදීම.
    • දරුවා නීරෝගීව බිහි කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම

    වැනි ප්‍රතිලාභ ඔබට භුක්ති විඳිය හැකිය.

    දස මසක් කිරි සිහිනය වෙනුවෙන් පේවෙන ඔබ නොමිලේ ලැබෙන සායනික සේවාවන් ලබා ගනිමින් සුරක්‍ෂිත දරු උපතක් හිමිවන වාසනාවන්ත මවක් ලෙස ඔබගේ කිරි සිහිනය සැබෑ කරගන්න.

    දරු ප්‍රසූතිය පෞද්ගලික රෝහලක සිදු කිරීමට බලාපොරෝතුවන්නේ නම් දරු ගැබට සති හතරක් පමණ වන විට සුදුසු පළපුරුදු දක්ෂ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවන්න. දරුප්‍රසූතිය සඳහා පහසුකම් වලින් පරිපූර්ණ පළපුරුදු සේවා මඩුල්ලක් සිටින පෞද්ගලික රෝහලක් තෝරා ගන්න.

    සියළුම කිරි සිහිනයක පෙළ ගැස්ම ලිපි සඳහා පිවිසීමට මෙතැන ක්ලික්/ටැප් කරන්න

    කිරි සිහිනයක පෙළගැස්ම – පළමු දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – දෙවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – තෙවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – සිව්වන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – පස්වන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – හත්වන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – අටවන දිගහැරුම

    කිරි සිහිනයක පෙළගැස්ම – නමවන දිගහැරුම

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් අත්තිඩිය සෞඛ්‍ය නිළධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනී රූපා පෙරේරා මහත්මිය දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    29 ° C
    29 °
    29 °
    72 %
    2.2kmh
    78 %
    Tue
    31 °
    Wed
    29 °
    Thu
    28 °
    Fri
    29 °
    Sat
    27 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු