fbpx
More
    30 C
    Colombo
    Monday, April 20, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    ඔබේ මේ මාසයත් බිල් පේයින්ග් එම්ප්ටි පොකැට් නම් කළ යුතු දේවල් මෙන්න

    Family Tech Sponsorspot_imgspot_img

    එන්න එන්නම ජීවන වියදම ඉහළ යනවා. ආදායමට වඩා වියදම වැඩියි. ඉහළ යන ජීවන වියදම දරා ගන්න විසදුම අමතර ආදායම් මාර්ගයක් සොයා ගැනීම හෝ තිබෙන වියදම අඩු කර ගැනීමයි. අද අපි familylife.lk ෆැමිලි ටුඩේ තුළින් මුලින්ම ඔබට කියා දෙන්නේ තිබෙන වියදම අඩු කරගන්න ක්‍රම කිහිපයක්.

    ඔබත් මමත් නොහිතන, ඒ තරම් ගණන් නොගන්නා හේතු කාරණාවලින් බිල් වැඩි වෙනවා. ඔබට මාසිකව ගෙවීමට සිදුවන වියදම් වන විදුලිය ගාස්තු සහ ජල බිල්පත් ගාස්තු වැනි වියදම් අඩු කර ගැනීම ඔබේ පසුම්බියට සහනයක් වන බව නම් නිසැකයි.

    www.familylife.lk
    ©gilbertshardwareandappliance.com

    කොහොමද විදුලි බිල අඩු කරගන්නේ

    • රූපවාහිනිය, ඩීවීඩී යන්ත්‍රය, බෙලෙන්ඩරය, ෆෝන් චාජරය වැනි උපකරණ භාවිතයෙන් පසු විදුලි ස්විචයෙන්ම විදුලිය විසන්දි නොකළහොත් එම විදුලි උපකරණවලට විදුලිය වැය වෙන බව මතක තබාගන්න. බටහිර රටවල වැම්පයර් එනර්ජි කියා හඳුන්වන්නේ මෙවැනි අවස්ථාවන්ය. එම නිසා විදුලි උපකරණ භාවිතයෙන් පසු ප්ලග් එකෙන්ම ගලවා තබන්න.
    • විදුලි උපකණ ඔබ අලුතෙන් මිලදී ගන්නවා නම් හැමවිටම විදුලිය ඉතිරි කරන Energy Saving උපකරණ මිලදී ගන්න.
    • ශීතකරණයට විදුලි බිලෙන් වැඩි කොටසක් වැය වෙනවා. එනිසා ශීතකරණයක් කල්පනාකාරීව පරිභෝජනය කළ යුතුයි. එනිසා ශීතකරණයට වැයවන විදුලිය අවම කරන්න මේ කාරණා ඔබට වැදගත් වන බවට නොඅනුමානය
    • ශීතකරණයෙන් පිටතට ගත යුතු සියල්ල එකවර ඉවතට ගන්න. නැවත ඇසිරිය යුතු දේද සියල්ල එක වර අසුරන්න. එයට හේතුව ශීතකරණයේ දොර අරින සෑම විටම ශීතකරණ තුළ අඩුවන සිසිලස නැවත ඇති කරන්නට විදුලියක් වැය වීමයි.
    • ඉක්මණින් ගැනීමට පහසු වන ලෙස භාණ්ඩ පිළිවෙළට අසුරන්න. භාණ්ඩ පහසුවෙන් සොයා ගත හැකි වීම නිසා ශීතකරණයේ දොර විවෘතව තැබෙන කාලය අඩු වන අතරම එහි ඇති සිසිලස නිවැරදිව භාවිත වේ.
    • උණුසුම් දේවල් ශීතකරණය තුළ ගබඩා කිරීමෙන් වළකින්න.

    www.familylife.lk

    • භාජන හොඳන් වසා අසුරන්න. මන්ද විවෘත භාජනවල ද්‍රව්‍යමය දේ දමා ඇසිරීමෙන් වැය වන විදුලි ප්‍රමාණය ඉහළය.
    • ශීතකරණය තුළ අධික ලෙස භාණ්ඩ ඇසිරීම හෝ හිස්ව පැවතීම යන හේතු දෙක මතද විදුලිය වැඩි ප්‍රමාණයක් වැයවේ. ඒ නිසා ශීතකරණයේ භාණ්ඩ අඩු නම් වතුර බෝතල් කිහිපයක් හෝ දමා තබන්න.
    • ශීතකරණයක් වැරදි ලෙස ස්ථානගත කිරීමද විදුලිය වැය වීම වැඩි කරවයි. එය පිටුපසින් සහ දෙපසින් අවම වශයෙන් අඩියකවත් ඉඩක් තබන්න. හිරු එළිය හා කෙලින්ම ගැටෙන ස්ථානවල ශීතකරණය තැබීමෙන් වළකින්න. ශීතකරණයට හොඳින් වාතාශ්‍රය ලැබිය යුතු සේම එහි පිට රත්වීම අවම වීම ද වැදගත් වේ. ඛෑෘ බල්බවලට මාරුවන්න. ඛෑෘ බල්බ්වල මිල තරමක් වැඩි වුවත් සාමාන්‍ය බල්බවලට හා ක්‍ත්‍ඛ බල්බවලට වඩා අඩු විදුලියක් වැයවන නිසා ඔබට එතරම් අවාසියක් සිදුනොවනු ඇත.
    • විදුලි ස්ත්‍රික්කය නිසි ලෙස භාවිත කරන්න. විදුලි ස්ත්‍රික්කයටත් වැඩි වශයෙන් විදුලිය වැයවෙනවා.
    • නිතර නිතර නිතර විදුලි ස්ත්‍රික්කය භාවිත කරන විට වැඩිපුර විදුලියක් වැය වන නිසා පවුලේ සියලු දෙනාටම සතියකට අවශ්‍ය ඇඳුම් මැද තබන්න. මුලින්ම කපු ඇඳුම් ද අවසානයට ස්විචය නිවා දමා සිල්ක් රෙදිද මදින්න. තෙත ඇඳුම් මැදීමෙන් වලකින්න. එයින් විශාල විදුලි නාස්තියක් සිදුවෙයි
    www.familylife.lk
    ©energystar.gov
    • රෙදි මදින විට ඇඳුමට යටින් තුනී ඇලුමිනියම් කොළයක් තැබීමෙන් උෂ්ණත්වය පරාවර්ථනය වන නිසා එකවර දෙපසම මැද ගන්නට හැකිය.
    • සුළං වැදීමෙන් ස්ත‍්‍රීක්කයේ තාප හානියක් සිදුවන නිසා විදුලි පංකාව යට රෙදි මදින්නට එපා. එසේම විදුලි ස්ත්‍රික්කයේ මුහුණත වාතයට නිරාවරණය වන ආකාරයෙන් සිරස් අතට තබන්න එපා .
    • අනවශ්‍ය සෑම විදුලි පහනක් ම නිවා දමන්න. කාමරයෙන් නැගිට යන විට විදුලි පහන හා පංකාව නිවා දැමීමට පවුලේ අයගේ පුරුද්දක් ඇති කරවන්න.
    • මේස විදුලි පංකා භාවිතය, සිවිලින් විදුලි පංකා භාවිතයට වඩා බොහෝ වාසිදායක බව මතක තබා ගන්න.
    • විදුලි පහන් පිසදමා පිරිසිදු කරන්න (එයින් දීප්තිමත් ආලෝකයක් ලබා ගැනීම පහසු වෙනවා)
    • නිවසක් ගොඩනගද්දි නිවසට දිවා කාලයේ ස්වභාවික ආලෝකය උපරිම ලෙස ලබා ගැනීමට හැකි වන සේ නිර්මාණය කරන්නට මතක තබාගන්න.

    කොහොමද ජල බිල්පත අඩු කරගන්නේ

    • නිවසේ ජලය බිඳුව බිඳුව හෝ කාන්දු ස්ථාන පිළිසකර කරගන්න. නැතහොත් මාසය අවසන ඔබට නොදැනුවත්වම වතුර සඳහා අනවශ්‍ය වියදමක් දරන්නට සිදුවනු ඇත.
    • බේසමකට වතුර පුරවා පාවිච්චි කිරීමෙන් ජලය අපතේයාම වලක්වාගත හැකිය. පිඟන් කෝප්ප සේදීමේදී මුහුණ සේදීමේදී මේ කරුණ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ. රෙදි එකවර සෝදන්න.

    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    30 ° C
    30 °
    28 °
    75 %
    1.3kmh
    99 %
    Mon
    30 °
    Tue
    30 °
    Wed
    30 °
    Thu
    31 °
    Fri
    30 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු