fbpx
More
    27.8 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    “හැන්දෑවේ” ගීතය වෙනස්ම දෙයක් කරන්න තිබූණු ආශාවේ ප්‍රතිපලයක්

    Family Tech Sponsorspot_imgspot_img

    කාලෙන් කාලෙට එක එක විදියේ රූප රචනා එක්ක එක එක විදියේ ගීත බිහිවෙනවා. ඒත් අපිට මතක තියෙන්නේ ඒවායින් බොහොම ටිකයි. මොකද මතක තියෙන විදියේ හොඳ නිර්මාණ බිහිවෙන්නේ අඩුවෙන්. ඉතින් පහුගිය දවසක ඒවාගේ හරි අපූරු ගීතයක් අපි අතරට ආවා. ඒ තමයි අපි කවුරුත් ආදරේ කරන අශාන්ති අල්විස්ගේ අලුත්ම ගීතය. මේ ගැන Familylife.lk අපි අශාන්ති එක්ක කථා කළා

    ඉතින් අශාන්ති ළඟදි අලුත් වැඩක් කළා නේද?

    ඔව් මගේ අලුත් සිංදුව රිලීස් කළා. ටිකක් කාලය අරන් තමයි මේ සිංදුව රිලීස් කළේ. මොකද මේකට ගොඩක් මහන්සි වෙන්න වුණා. හොඳට කාලය අරන් හොඳ වැඩක් කරන්න පුළුවන් වුණා කියලා හිතනවා. සිංදුව “හැන්දෑවේ” කියලා තමයි නම් කරලා තියෙන්නේ. හැමෝටම ආරාධනා කරනවා මගේ අලුත් සිංදුව අහලා බලලා ප්‍රතිචාර කියන්න කියලා.

    මේ සිංදුවේ මාතෘකාව ටිකක් වෙනස් නේද?

    ලංකාවේ අපි නොදන්න ලෙඩ රෝග ගොඩක් තියෙනවා. කවුරුත් ඒවා ගැන කථා කරන්නේ නෑ. ඉතින් නොදන්නකම නිසා අවාසනාවන්ත අවසානයක් දකින්න වෙන අවස්ථා බහුලයි. ඉතින් මේ සිංදුවෙන් කථා කරන්නේ අද වෙනකොට ලෝකයේ කාන්තාවන් ගොඩක් මුහුණ දෙන රෝගයක් වෙන ගැබ්ගෙල පිළිකාව ගැන. ඉතින් මේ ගැන සමාජය දැනුවත් කරන්න ඕන හොඳම වෙලාව මේක තමයි කියලා හිතුණා.

    විශේෂයෙන්ම මේ රෝගය ගැනම කථා කරන්න හිතුන හේතුව මොකක්ද?

    මහරගම අපේක්‍ෂා පිළිකා රෝහලේ වෛද්‍ය චින්තන හපුආච්චි මං හොඳට අඳුරනවා. ඉතින් දවසක් ඩොක්ටර් කිව්වා ගැබ්ගෙළ පිළිකාව ගැන සමාජයේ දැනුවත් බව අඩුයි ඉතින් සමාජය දැනුවත් කරන්න පුළුවන් දෙයක් කරනවා නම් වටිනවා කියලා. ඉතින් මගේ අලුත් සිංදුව කරන්න ඕන කියලා හිතනකොට මගේ ඔළුවට ආවා මේ ගැන මොනවහරි කරන්න පුළුවන් නේද කියලා. එහෙම තමයි හැන්දෑවේ ගීතයට මේ මාතෘකාව තෝර ගත්තේ.

    කොහොමද සිංදුවට තියෙන ප්‍රතිචාර

    සිංදුව මුලින්ම රිලීස් කළේ සෝෂල් මීඩියා හරහා ඉතින් ප්‍රතිචාර ඒ වෙලාවෙම බලාගන්න පුළුවන් වුණා. ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. තාමත් ප්‍රතිචාර ලැබෙනවා. හැමෝම කියනවා රැල්ලට අහු නොවුණු ගීතයක් කියලා. ඒ වගේම මියුසික්වලට, වචන වලට ගොඩක් අය කැමතියි කියලා කිව්වා. සාර්ථක ප්‍රතිචාර තියෙනවා.

    මේ අතරින් වැඩිපුරම කැමති ප්‍රතිචාරය මොකක්ද?

    මගේ ප්‍රේක්‍ෂකයෝ ගොඩක් මට කිව්වා එයාලා ගැබිගෙළ පිළිකාව ගැන දැනගන්න තියෙන පරීක්‍ෂණය කරනවා කියලා. ඉතින් ඒක මං ලබපු හොඳම ප්‍රතිචාරය වගේම හොඳම ජයග්‍රණය.

    අශාන්ති මොනවද හිතන්නේ තරු සහභාගී වෙන රියැලිටි ෂෝ ගැන

    ඇත්තටම හරි විදියට කළොත් ඒක ගොඩක් හොඳයි. මොකද ප්‍රේක්‍ෂකයෝ අපිව දන්නේ එක අංශයකින් විතරයි නේ. ඉතින් මේ වගේ වැඩසටහනකින් පු`ඵවන් අපිට අපේ විවිධ දක්‍ෂතා අපිට ආදරේ කරන ප්‍රේක්‍ෂකයින්ට පෙන්නන්න.

    අශාන්ති සහ රන්දීර් දෙරන ස්ටාර් සිටි Twenty 20 තරගයට සහභාගී වුණා

    ඔව් ඒක අපිට ලොකු වෙනසක් වුණා. අපි හැමවෙලාවේම ගොඩක් ප්ලෑන් කළා මොන වගේ ඇක්ට් එකක්ද කරන්න ඕන කියලා. අපි එක එක තේමාවලට ඉදිරිපත් කිරීම් කළා. ප්‍රේක්‍ෂකයෝ හැමදාම දැකලා තිබුණු අශාන්තිටයි රන්දීර්ටයි වඩා වෙනස් දෙන්නෙක්ව දැක්කා. අපි සෙමි ෆයිනල් වටයේදී ගෝල්ඩන් බසර් එක ලබා ගත්තා. ඇත්තටම ඒකෙන් මටයි රන්දීර්ටයි දිනුවා වගේම සතුටක් ඇති වුණා. අවසානයේ අපි දෙන්න දෙවන ස්ථානය ලබා ගත්තා

    මේ තරගයට රන්දීර්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?

    රන්දීර්ගෙයි මගෙයි යාලුකමට දැන් අවුරුදු 20 කටත් වැඩියි. රන්දීර් කියන්නේ හොඳ පාර්ට්නර් කෙනෙක්. එයා එක්ක වැඩ කරන්න හරිම ලේසියි.

    අලුත් සිංදුවක් කරන්න ඉන්නවා කියලත් ආරංචියි. ඒක මොනවගේ එකක් වෙයිද?

    ඒකත් වෙනස් වැඩක්. මේ ගීතයෙන් කථා කරන්නේ අපේ තරුණ කට්ටියට තියෙන ප්‍රෙෂර් එක ගැන. මේ ගීතයත් සමාජයේ ලොකු වෙනසක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

    ඔබගේ ගීත අතරින් වැඩිම ප්‍රතිචාර ලැබුණේ මොන සිංදුවටද?

    එක එක අය කැමති මගේ එක එක සිංදුවලට

    අශාන්තිගේ සිංදුවලින් අශාන්ති කැමතිම සිංදුව මොකක්ද?

    ඔක්කොටම වගේ කැමතියි. ඒත් මං වැඩියෙන්ම පර්ෆෝම් කරන්න කැමති හන්තානේ ගීතය

    අපේ Familylife.lk පවුලෙ කට්ටියට දෙන්න විශේෂ මැසේජ් එකක් තියනවද?

    මගේ යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න කියලා මගේ ප්‍රේක්‍ෂකයේ හැමෝටම කියනවා. එතකොට මගේ අලුත් සිංදු ඉස්සෙල්ලාම බලන්න පුලුවන්. ඒ වගේම මාත් එක්ක ඉන්න මගේ ප්‍රේක්‍ෂයින්ව මං ආදරයෙන් මතක් කරනවා.

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    scattered clouds
    27.8 ° C
    27.8 °
    23 °
    78 %
    3kmh
    31 %
    Mon
    28 °
    Tue
    28 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    27 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු