More
    30 C
    Colombo
    Monday, October 19, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    ශිවන්යා කියලාම තමයි යාළුවෝ කථා කරන්නේ – පූර්ණිමා

    Family Tech Sponsorspot_imgspot_img

    ශිවන්යා කියන්නේ කවුද කියලා ඇහුවොත් නොදන්න කෙනෙක් නම් ඉන්නවා ඇති කියලා හිතන්න බෑ. ඒ තරම්ම හැමෝම ආදරේ කරපු චරිතයක් තමයි ශිවන්යා කියන්නේ. ඉතින් ශිවන්යාට ආදරේ කරපු හැමෝම ශිවන්යාගේ කටහඬටත් ආදරේ කළා. වෙලාවකට ආදරේ පිරුණු ඒ හඬ තවත් වෙලාවකට වෛරයෙන් වෙව්ලනවා. ඉතින් ඉන්දියාවේ ශිවන්යට හඬ කවපු ලංකාවේ ශිවන්යා එක්ක තමයි අද familylife.lk අපි ෆැමිලි චැට් එකෙන් කථා කරන්නේ. ඒ තමයි පූර්ණිමා විදේශිකා.

    පූර්ණිමා විදේශිකා කියන්නේ කවුද කියලා මං ඇහුවොත්?

    පූර්ණිමා විදේශිකා කියන්නේ ඇත්තටම අනෙක් අයටත් පුළුවන් විදියට උදව් කරගෙන ගොඩක් සැහැල්ලුවෙන් නිදහසේ ඉන්න කැමති කෙනෙක්. ඒ වගේම හැමදෙයක් ගැනම ඕනවටත් වඩා හිතන කෙනෙක්. මේ පූර්ණිමා තමයි මං. ගොඩක් අය පූර්ණි කියලා තමයි කියන්නේ.

    එතකොට ශිවන්යා කියන්නේ කවුද?

    එයාව නම් නොදන්න කෙනෙක් නැති තරම්. පොඞ් ළමයෙක් වුණත් ශිවන්යාව දන්නවා. එයා ඒ තරම්ම ජනප්‍රිය චරිතයක්.

    පූර්ණිටයි ශිවන්යාටයි තියෙන සම්බන්ධෙ මොකක්ද?

    ශිවන්යා කියන්නේ ඉන්දියන් ටෙලි ඩ්‍රාමා එකක එන ප්‍රධාන චරිතය. ලංකාවේ විකාශනය වුණේ ප්‍රේම දඩයම කියන නමින්. ඉතින් ශිවන්යාට සිංහලෙන් හඬ කැව්වේ මං.

    පූර්ණි කොයි කාලේ ඉඳලද හඬ කැවීම් කරන්නේ?

    ශිවන්යා තමයි මගේ මුල්ම හඬ කැවීම. ඊට කලින් මං හඬ කැවීම් කරලම නෑ.

    මුල් අවස්ථාවම ජීවිතය වෙනස් කළා නේද?

    ඔව් ඒ චරිතය මගේ ජීවිතේ හැරවුම් ලක්‍ෂය වුණා කිව්වත් වැරදි නෑ. මොකද ඒ හඬ කැවීමෙන් පස්සේ තමයි මං ගැන ගොඩක් අය දැන ගත්තේ. ඒ වගේම මට තව තව අවස්ථා ගොඩක් ආවෙත් ඒ නිසා.

    හැබැයි පූර්ණි කලාවට ආගන්තුක නම් නෑ

    මං මේකට කලින් රූපවාහිනියේ මුතුහර වැඩසටහනේ හිටියා නේ.

    කොහොමද ශිවන්යා එක්ක ගත කරපු කාලේ

    ප්‍රේම දඩයම කියලනේ සිංහලෙන් ඒ කථාව ගියේ. ඉතින් මෑත ඉතිහාසයේ ඒක තමයි වැඩිම රේටින්ග්ස් අතර හිටියේ. ඉතින් දවසින් දවස ශිවන්යා චරිතය ජනප්‍රිය වෙනකොට මට දැණුනේ ලොකු සතුටක්. ඉතින් එතකොට මටත් හිතුණා මගේ හඬ ඒ චරිතයට සාධාරණයක් කරනවා කියලා

    හැබැයි ඔක්කොම දාලා ගෙදර යන්නත් හිතුණලු නේද?

    ඔව් ඔව් (හිනාවෙමින්) මේක මගේ මුල්ම හඬ කැවීමනේ. ඉතින් මුල් කාලේ හරිම අමාරුයි මට මේක කරන්න. හරියට කරගන්න බැරි වුණාම අඬලත් තියෙනවා. ඒ වෙලාවට නම් ඉතින් හිතුණා මේක දාලා ගෙදර යනවා කියලා. හැබැයි ටික ටික මං පුරුදු වෙනකොට මට ශිවන්යව දාලා ගෙදර යන්න හිතුණෙම නෑ

    ශිවන්යා කියලා කථා කරන අය එහෙම නැද්ද?

    දැන් නම් පූර්ණි කියලා කියන්නෙත් නැති තරම්. ශිවන්යා කියලාම තමයි යාළුවෝ කථා කරන්නේ

    www.familylife.lk

     

    පූර්ණිගේ ඇත්ත හඬ නෙමෙයි නේ ශිවන්යට දෙන්නේ. ඉතින් කොහොමද මේ එකම කටහඬ මතක තියා ගන්නේ?

    එක එක චරිතවලට එක එක විදියට හඬ වෙනස් කරලා තමයි හඬ කැවීම් කරන්නේ. ඒත් මට ඒ ඒ චරිතේ දැක්කම ඉබේටම අදාල හඬින් ඉබේමට කථා කෙරෙනවා

    ප්‍රේම දඩයම 02 දී හරි අපූරු දෙයක් වුණාලු නේද?

    ඔව් නේ. ඒකේ කොටස් කිහිපයක් යනකන් ශිවන්යයි ශිවන්යගේ දුව ශිවන්ගියි දෙන්නම ඉන්නවා. ඉතින් ඒ දෙන්නටම තියෙන්නේ මගේ කටහඬ. ඒත් ඉතින් එකම විදියට කරන්නත් බෑනේ. ඉතින් ශිවන්යගේ කටහඬ ටිකක් වයස කරලා කියලා කිව්වා. ශිවන්ගිට තරුණ විදියට හඬ කැව්වා. ඒ අත්දැකීම නම් කවදාවත් අමතක වෙන්නේ නෑ

    ඔය අතරේ කටහඬ ගියපු දවසුත් තිබුණා නේද?

    ශිවන්යට කාලි මෑණියෝ ආරූඪ වෙන අවස්ථාවේදී හයියෙන් කෑ ගහලා තමයි වොයිස් කරන්න ඕන. ඉතින් කෑ ගහලම සමහර දවස්වලට කාලි මෑණියෝ ආරූඩ වෙලා බලන් ඉන්නවා හැබැයි මගේ කටහඬ නෑ.

    ශිවන්යයි පූර්ණියි දෙන්නම ටිකක් එක වගේ කියලා කවුරුත් කියලා නැද්ද?

    ඔව් ඔව් කියලා තියෙනවා. කට්ටිය මට ආදරේ කරන්න ඒකත් හේතුවක් වෙන්න ඇති කියලා හිතනවා

    ඒ දවස්වල පූර්ණි දෂ්ට කරයි කියලා යාළුවෝ බයෙන් හිටියලු නේද?

    මේකනේ වුණේ… මං ඒ කාලේ ඒ චරිතෙටම බැහැලා හිටියේ. ඉතින් නිකං කවුරු හරි එක්ක කථා කළත් ඉබේටම තරහෙන් ශිවන්යා වගේ බැලිලා තමයි කථා කෙරෙන්නේ. ඉතින් ඉස්සර යාළුවෝ කියනවා දැන් නම් නයෙක්මයි කියලා.

    ශිවන්යට වගේම පූර්ණිටත් ලස්සනට ඩාන්ස් කරන්න පුළුවන් නේද?

    අම්මෝ ශිවන්යට වගේ නම් බෑ. ඒත් මට ඩාන්ස් කරන්න පුළුවන්

    පූර්ණි තව මොනවද කරන හඬ කවන චරිත?

    චූටි දුව ඩ්‍රාමා එකේ මෝහිනී කියන චරිතය කරනවා. ස්වප්නා එකේ පූර්වි කියන චරිතය කරනවා. ඊට අමතරව කිරිල්ලියෝ එකේ ඇන්ඩිගේ චරිතේ කළා. ඒකේ දෙවනි කොටසක් එයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    මේ කොහොම වුණත් තාම හිතේ ඉන්නේ ශිවන්යමලු නේද?

    ඔව් ඒ චරිතෙට තමයි මං ගොඩක්ම ආස.

    ඉතින් ඇත්තටම රගපාන්න අදහසක් නැද්ද?

    ආරාධනා නම් ලැබුණා. ඒත් මං කැලණිය විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා විශේෂ උපාධියක් හදාරනවා. ඉතින් මේ දවස්වල අධ්‍යාපන කටයුතුත් එක්ක ටිකක් අමාරුයි. පස්සේ හෙමින් බලමුකෝ.

    කොච්චර වැඩ තිබුණත් තව බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න නම් හිතේ තියෙනවා නේද?

    ඔව් මියුසික් තමයි මගේ ආසම දේ. ඉතින් මියුසික් වීඩියෝ එකක් ළඟදිම එළියට එයි. ඉතින් රඟපෑවේ නැතත් ගායිකාවක් නම් වෙයි.

    එතකොට පූර්ණිගේ වෘත්තිය මොකක් වෙයිද?

    ඉගෙන ගන්න අංශය තමයි වෘත්තිය වෙන්නේ. ඒත් කලා කටුයතුත් මං අතාරින්නේ නෑ

    පූර්ණිට මතක් කරන්න ඕන කට්ටියක් ඉන්නවා කිව්වනේ

    හඬ කැවීම් අධ්‍යක්‍ෂ දීපාල් සාමක අයියට ස්තූති කරන්න ඕන. මට හඬ කැවීම්වල මුල කියලා දුන්නේ එයා. ඒ වගේම මට අවස්ථාව ලබාදෙන හැම මීඩියා ආයතනයකටම ස්තූතියි. මගේ අම්මයි තාත්තයි ඒ දෙන්නටත් ගොඩක් ස්තූතියි මට හැමදේටම උදව් කරනවට.

    අන්තිමට මොනවද කියන්න තියෙන්නේ?

    හැමෝම මට ගොඩක් ආදරෙයි කියලා මට දැනෙනවා. ඉතින් ඒක තමයි මට ලබා ගන්න පුළුවන් හොඳම දේ. ඉතින් හැමදාම මේ වගේ මාත් එක්ක ඉන්න.


    ඔබ වැනිම රසිකත්වය ප්‍රිය කරන තවත් කෙනෙකුගේ රසවින්දනය සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    30 ° C
    30 °
    28 °
    78 %
    2.8kmh
    100 %
    Mon
    31 °
    Tue
    30 °
    Wed
    29 °
    Thu
    27 °
    Fri
    27 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු