fbpx
More
    27.2 C
    Colombo
    Monday, July 20, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    කලබලකාරී සමයේ දරුවා ගැන හිතන්න ඕන කොහොමද?

    Family Tech Sponsorspot_imgspot_img

    මේ වෙනකොට අපි ගතකරන්නෙ ඉතාමත් අපහසුදායක කාල සීමාවක් බව අපි කාටත් රහසක් නෙවෙයි. පාස්කු ඉරිදාවේ සිදු කෙරුණු ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ නැවතත් සාමාන්‍ය ජන ජීවිතයට පිවිසෙමින් සිටින ඔබ අප සැම සියලු දෙනම මින් ඉදිරියට තමන්ගේත් වටපිටාවේත් ආරක්ෂාව සම්බන්ධව සිය දහස් වාරයක් සැළකිලිමත් වීම අත්‍යවශ්‍ය වෙනවා. කොහො වුණත් හය හතර නොදන්නා දරුවන්ට මේ තත්ත්වය සම්බන්ධව එතරම් දැනීමක් නැති වුණත් පාසල් ගමන අඩපණ වීමත්, වැඩිහිටියන්ගේ කතාබහ සහ ජනමාධ්‍ය මගින් ලබාගන්නා තොරතුරු නිසාත් ඔවුන්ට යම් යම් ගැටළු මතු වී තිබෙනවා නොඅනුමානයි. familylife.lk අපි ෆැමිලි ටුඩේ තුළින් ගෙන එන මේ ලිපියෙන් කතා කරන්නෙ කලබලකාරී සමයේ දරුවා ගැන වැඩිහිටියන් වශයෙන් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්දවයි.

    • වැඩිහිටියන් ඉතා ඉවසීමෙන් සහ කල්පනාකාරී ලෙස හැසිරීම අත්‍යවශ්‍ය වෙනවා. දරුවන් තමන්ගේ හැසිරීම සහ ප්‍රතිචාර දැක්වීම හැඩගස්වා ගැනීමට ආදර්ශ කරගන්නේ වැඩිහිටියන්ගේ හැසිරීම නිසා වැඩිහිටියන් තමන්ගේ  කලබලකාරී බව, නොසන්සුන් බව සහ කෝපය  වැනි හැගීම් හැකිතරම් පාලනය කර ගත යුතු වෙනවා
    • මව්පියන් ඥාති හිත මිතුරන්ගේ ආරක්ෂාව දරුවාට ලැබෙන බව දරුවාට වටහා දෙන්න. එය දරුවාව පහසුවට පත් කරන්න විශාල උපකාරයක් වෙයි.
    • වට පිටාවේ ආරක්ෂාව සහ කලබකාරී තත්ත්වය සමනය කිරීමට ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ, ගිනි නිවන හමුදාව වැනි අංශ  සිටින  බව දරුවාට පහදන්න. අනතුරට පත්වූවන් ගළවා ගැනීමටත්, නැවත එවැනි ප්‍රහාරයක් මතු වීම වැළකීමට ඔවුන් උත්සහ දරන බවත් පහදන්න.
    • කණගාටුව, බිය, කෝපය වැනි හැගීම ඇතිවීම මෙවැනි අනතුරුදායක කාලකදී සාමාන්‍ය බව දරුවාට  වටහා දෙන්න. පිළිබඳ වරදකාරී හැඟීමක් ඇතිවන්නට ඉඩ නොදී දරුවා සමග හැඟීම් පිළිබද කතා කරන්න. කවරාකාර හැඟීමක් ඇති වුවත්, විශේෂයෙන්ම කෝපය ඇතිවීමේදී එය පාලනය කරගෙන ඉවසීමෙන් සහ පාලනයකින් යුතුව කටයුතු කළයුතු ආකාරය ගැන වටහා දෙන්න. ආගමික කටයුතුවලට සහභාගී කරවීම, චිත්‍ර ඇඳීමට සහ  සංගීතයට සවන් දීම වැනි කටයුතුවලට යොමු කරවන්න.
    • දරුවාට සත්‍ය පවසන්න. වෙනත් පුද්ගලයින් මගින් දරුවාට ව්‍යාජ තොරතුරු ලැබෙනවාට වඩා මව්පියන්  හරහා සත්‍ය තොරතුරු ලබාදීම වැදගත් වෙනවා.  දරුවට ගැළපෙන ආකාරයට සහ පීඩාවට පත් නොවන ලෙසට ඇතිව තිබෙන තත්ත්වය සහ අවධානම  ගැන කරුණු වටහා දෙන්න. යම් එහෙකින් එම නිවැරදි තොරතුරු නොලැබුණත් මව්පියන් භීතියට පත්ව සිටින බව දරුවා තේරුම්ගන්න ඉඩ තියෙනවා. දරුවාගේ බය සහ කණගාටුව එයින් වැඩි වෙනවා.
    • සිදුවීම අලංකාර කර පැවසීම, අනුමාන සහ නිගමනවලට එළඹීම, වෙනත් ප්‍රහාර පිළිබද අනාවැකි පළකිරීම වැනි දේවල් දරුවන් ඉදිරියේ සාකච්ඡා  කිරීමෙන් වළකින්න.
    • රූපවාහිනිය වැනි මාධ්‍යවලින්  හැකිනම් දරුවා ඈත් කරන්න. දිගින් දිගටම එකම විස්තරය ශ්‍රවනය වීම සහ දර්ශන නැරඹීමට හැකි වීම දරුවාට අයහපත් ආකාරයට බලපෑමට ඉඩ තියෙනවා.
    • සිදුවීමට අදාළ ජනවර්ග හෝ රටවල් පිළිබද ද්වේශ සහගත ප්‍රකාශ දරුවන් ඉදිරියේ පැවසීමෙන් වළකින්න. දරුවන් එවැනි කතා බස් වලින් ඍනාත්මක අදහස් ඇතිකර ගැනීමට ඉඩ තියෙනවා.
    • කුඩා දරුවන්ගේ එදිනෙදා කටයුතුවල වෙනසක් ඇතිවීම හැකිතාක් අවම කරන්න. මඳක් වැඩිමල් දරුවන් දිගින් දිගටම ප්‍රශ්න ඇසීමේ හැකියාව වැඩි වෙන නිසා ඔවුන්ගේ වයසට ගැළපෙන ආකාරයට සත්‍ය ප්‍රකාශ කරන්න. වැඩිමල් දරුවන් පාසලේ සහ වටපිටාවේ ආරක්ශාව ගැනත් අගතියට පත්වූවන්ට උපකාර කරන්නත් ඉදිරිපත් වේවි. ඔවුන් සඳහා දිරිගන්වන්න. හැකිතාක් දරුවන්ට හොද අසන්නෙක් වෙන්න. හැගීම් ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න. කිහිප සැරයක් එකම දේ ඇසුවත් සුදුසු පිළිතුරු ලබා දෙන්න. හැකි තරම් අවධානය ලබා දෙන්න.
    • සාමාන්‍ය ජිවන රටාවට හැකිතාක් අනුගත වෙන්න. ​දරුවන් සම්බන්ධයෙන් උපරිම ලෙස ඉවසිලිවන්ත වන්න. අධ්‍යාපනික කටයුතු සහ නින්දට යාම වැනි කරුණුවලදී දරුවන් වෙනස් හැසිරීමක් සහ අපහසුතාවයක් දක්වන්නට ඇති ඉඩකඩ වැඩි වෙනවා.
    • දරුවන්ගේ මානසිකත්වය ගැන විමසිලිමත් වීම අත්‍යවශ්‍ය වෙනවා. දරුවාගේ වයසට අනුව ඔවුන්  වචනෙන් තමන්ගේ හිතේ තියෙන සිතිවිලි  නොකියා ඉන්න ඉඩ තියෙනවා. නින්දට යාම, ආහාර ගැනීම, හැසිරීම, අධ්‍යාපනික තත්ත්වය වැනි දේවලදී දරුවන් වෙනස් බවක් පෙන්වන්න ඉඩ තියෙනවා. කෝපය, නොසන්සුන් බව, අසහනකාරී බවක් දක්වන්නත් ඉඩ තියෙනවා. මෙවැනි හැසිරීමක වැරද්දක් කියන්න අපිට අපහසුයි. ඔවුන් කුඩා දරුවන් වීම නිසා  බියට හෝ අවධානය මඳ කමට මෙවැනි ප්‍රතිචාර දක්වනවා වෙන්න ඉඩ තියෙනවා. දරුවන් සිදුවීම්වලට ප්‍රතිචාර දක්වන විදිය එකිනෙකාගෙන් වෙනස්වෙන්න ඉඩ තියෙන නිසා එය වටහාගෙන ගැනත් ඉවසිලිවන්ත වන්න සිදුවෙනවා.

    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    27.2 ° C
    27.2 °
    27.2 °
    89 %
    5kmh
    99 %
    Mon
    28 °
    Tue
    28 °
    Wed
    28 °
    Thu
    28 °
    Fri
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු