fbpx
More
    26.7 C
    Colombo
    Monday, June 1, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    කෑම පාලනය කරන්න හිතන අය දැනගත යුතුම දේවල්…

    Family Tech Sponsorspot_imgspot_img

    කෑම පාලනය කියන්නෙ වසරක් ගෙවිල තවත් වසරක් උදාවෙන කොට බොහෝ දෙනෙක් තමන්ටම වෙන පොරොන්දුවක්. ඒත් හැමදාම වුනා වගේ සති දෙක තුනත් යනකොට මේ පොරොන්දුව අමතක කරල දාන්න බොහෝ දෙනෙකුට සිද්ද වෙනව.

    කෑම පාලනය නැත්නම් ආහාර සීමා සහිතව ගැනීම මේ තරම් අමාරු රාජකාරියක් වෙලා තියෙන්නෙ කාලයත් එක්ක අපේ ආහාර රටාව ශරීරයට පුරුදු වෙලා තිබීමයි. මානසිකව අපි ආහාර වැඩියෙන් ලබාගැනීමට පුරුදු වෙලා තිබෙනවා. එම නිසා මෙම පුරුද්ද ආපසු හරවන්න දැවැන්ත ස්වයං විනයක්, පාලනයක් අපිට අවශ්‍යය වෙනව. අතලොස්සකට මේ දේ කරන්න හැකි වුනත් ප්‍රායෝගිකව බොහෝ දෙනා මෙහිදී අසමත් වෙනව. අද familylife.lk අපි කතා කරන්න යන්නෙ මේ පුරුද්ද පාලනය කරගන්න අපිට ගන්න පුළුවන්, ලෝකයේ බොහෝ දෙනා අනුගමනය කරල ප්‍රථිපළ සාක්ෂාත් කර ගත්ත සරල ක්‍රම කීපයක් ගැනයි.

    කෑම ගැනීමේදී ආහාර හපමින් එයට සවන් දෙන්න

    තමන් කෑම ගන්නා අතර එයට සවන් දෙමින් ආහාර ගන්නා පුද්ගලයන් සාපේක්‍ෂව අඩුවෙන් ආහාර ගන්නා බව සමීක්ෂන මගින් හෙලිවී තිබෙනවා. මෙම සමීක්‍ෂණයේදී හෙඩ් ෆෝන් පැළඳ වැඩි ඝෝෂාවක් සහිත සංගීතයට සවන් දෙන්නන් වැඩි ආහාර ප්‍රමානයක් ලබා ගන්නා බව හෙළි වී තිබෙනවා. තමන් ආහාර ගන්නා බවත් ඒ වෙනුවෙන් අවධානය යොමු කරමින් ආහාර ගැනීමේදී ලබගන්නා ආහාර ප්‍රමාණයේ අඩු වීමක් වාර්ථා වනවා.

    නිතර දියර වර්ග පානය කරන්න

    කෑම පාලනය

    නිතර ජලය හෝ වෙනත් දියර වර්ග පානය කිරීමෙන් නිතර නිතර අමතර ආහාර ගැනීම වලක්වා ගත හැකියි. ඒ ඔබේ උදරය දියර වලින් පිරීයාම නිසා පමණක් නොවේ. අපගේ මොළයට බඩගින්න හා පිපාසය වෙන වෙනම හඳුනා ගැනීමට යම් අපහසුවක් තිබෙන බව පර්යේෂණ වලින් හෙලි වී තිබෙනවා. ඒ නිසා දියර පානයෙන් මොළය යම් කාල පරාසයකට රවටා තබා ගැනීමට හැකි බව පර්යේෂකයන් පවසනවා.

    උදෑසන ආහාරය සැමදා එකම ප්‍රමාණයකින් ලබා ගන්න

    අද උදේට නම් හරියට කෑවෙ නෑ. ඒ හින්ද දවල්ට හොඳට කන්න ඕනෙ කියල සමහර දවස් වලට ඔබටත් හිතිල ඇති. කෑම පාලනය කරන්න හිතන අයට මෙය එතරම් හොඳ සිතුවිල්ලක් නම් නොවෙයි. සෑම දිනකදීම උදේ ආහාරයේ ප්‍රමාණය සම මට්ටමක පවත්වා ගැනීමට සිතා ගන්න. එවිට දවසේ ඉතිරි කෑම වේල් සඳහා ගත යුතු ප්‍රමාණයද සමාන වෙනවා. එම වේලකට වැඩියෙන් ආහාර ගැනීමේ අවශ්‍යතාවයක් ඇතිවෙන්නෙ නෑ.

    ආහාර ගැනීමේදී කුඩා කටවල් (ප්‍රමාණයන්) ආහාරයට ගන්න

    විශේෂයෙන් බත් ආහාරයට ගැනීමේදී කුඩා ප්‍රමාණයේ බත් කටවල් ආහාරයට ගන්න. පසුව එය හොඳින් හපන්න. වැඩි කාලයක් මුවේ රඳවා හොඳින් හපා ගිලින්න. මෙමගින් ලබාගන්නා සමස්ථ ආහාර ප්‍රමාණය අඩුවෙන බව පර්යේෂකයන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා. අනෙක් කාරනය නම් එය හොඳින් ආහාර රසවිඳින්නත් හොඳ ක්‍රමයක්.

    දිනකට වතාවක් වත් ප්‍රෝටීන් බහුල ශාඛාහාර ගන්න

    ප්‍රෝටීන් බහුල ධාන්‍ය වර්ග, ඇට සහිත එළවළු වර්ග දිනකට එක්වතාවක් ආහාරයට ගැනීමෙන් ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය මෙන්ම තන්තු සාරවත් ආහාර වේලක් ලබා ගන්න පුළුවන්. එමගින් දිගු වේලාවක් යළිත් කුසගින්න ඇති වීම නතර වෙනවා. එමගින් අවම ආහාර වේල් ප්‍රමාණයක් දිනකට ලබා ගැනීමට ඔබට මග පෑදෙනවා.

    සරල ආහාර තෝරාගන්න

    විශේෂයෙන් විවිධ ටොපින්ස් හා වෙනත් අමතර ද්‍රව්‍ය යොදා හැඩගන්වන ආහාර ලබා ගැනීමෙන් ප්‍රධාන ආහාරයට අමතරව මෙම අනෙකුත් අමතර දේවල්ද ඔබේ ආහාර වේලට එකතු වෙනවා. මෙමගින් ප්‍රමාණය වැඩි වනවා පමණක් නොව අනවශ්‍ය කැලරි ප්‍රමාණයක් නොදැනුවත්වම ඔබ ලබාගන්නවා. එම නිසා ආහාර වේල ඉතා සරලව සකසා ගැනීම ඉතා වැදගත්.

    හොඳ සිහියෙන් යුතුව ආහාර ගන්න

    කෑම පාලනය

    බොහෝ විට අපි ආහාර ගන්නෙ කුසගින්න නිවා දැමීම සඳහා පමණක් නොවේ. තමනට ඇතිවන පාළුව, කාන්සිය, තෙහෙට්ටුව, සාංකාව මෙන්ම අධික සතුටකදීත් අපි විවිධ වර්ගයේ ආහාර සඳහා යොමු වෙනවා. විශේෂයන් පැණිරසැති ආහාර මින් ප්‍රධානයි. මෙවැනි අවස්ථා වල මම ඇත්තටම ආහාර ගන්නෙ කුසගිනි නිසාද යන කාරනය තමන්ගෙන්ම විමසා එය අනෙක් ප්‍රධාන වේල දක්වා කල් දමා ගැනීමට සිහියෙන් කටයුතු කළ හැකිනම් ඔබ ගන්නා ආහාර ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ දමා ගන්නට ඔබට හැකියාව ලැබෙනවා.
    එමෙන්ම ආහාර ගැනීමේදී ඩිජිටල් තිර භාවිතය (mobile phone, Tab, TV), පොත් පත් කියවීම ආදිය නොකොට ඒ සඳහාම අවධානය යොමු කිරීම මගින් අවම ආහාර ප්‍රමාණයක් ලබාගැනීමට ඔබට හැකිවනවා.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    26.7 ° C
    26.7 °
    26 °
    93 %
    5.5kmh
    94 %
    Mon
    32 °
    Tue
    28 °
    Wed
    28 °
    Thu
    28 °
    Fri
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු