fbpx
More
    33 C
    Colombo
    Monday, April 29, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    කියවීමට හුරුවෙන දරුවෙකුට තෑග්ගක් දෙන්න කදිම පොත් 9 ක්

    Family Tech Sponsorspot_imgspot_img

    පොත් පත්වලට ආදරේ කරන, පොත පතට හුරු උදවියට සැප්තැම්බර් මාසේ කියන්නේ සාහිත්‍ය මාසේ කියන එක අමුතුවෙන් මතක් කරන්න උවමනා නැති උනත් ඉදිරියට එන සාහිත්‍ය මාසයෙදී පොඩි දරුවන්ට පොත් පත් මිලදී ගන්න බලාපොරොත්තු වෙන අම්මලා තාත්තලට පුංචි උදව්වක් කරන්න familylife.lk අපි හිතුවා. 

     

    මාස 6-7 දී පවා දරුවන්ට ලබා දිය හැකි ආකාරයේ හාර්ඩ් බෝර්ඩ් පොත් පවා දැන් මිලදී ගන්න පුළුවන්. භාෂා හැකියාව, නිර්මාණාත්මක හැකියාව, විවිධ මාතෘකා පිළිබද දැනුම වර්ධනය, බුද්ධි වර්ධනය, ළමා මනස එක්තැන් කිරීමේ හැකියාව වැනි බොහෝ වාසි කියවීම තුළින් දරුවාට හිමි වෙනවා. හොදම දේ දරුවන්ට කියලා කියනවනේ. තමන්ගේ දරුවා පිළිබද වගකීම ඇත්තේ මව්පියන්ට නිසා  තමන්ගේ දරුවාට හොද දේ තෝරාගැනීම මව්පියන්ගේ වගකීම කියන කරුණත්, පොඩි කාලේ තමන් රස විදපු මේ පොත් පත් තමන්ගේ දරුවන්ටත් කියවන්න ඉඩහසර ලබාදෙන්න උත්සහ කරන්න කියන කරුණත් මතක් කරන ගමන් අපි වැඩේ පටන් ගමු.මේ ලිපියෙන්  අපි අරන් එන්නේ අකුරු හොදින් කියවන්න පුළුවන් අවුරුදු 8 න් වගේ ඉහළ දරුවන්ට ගැලපෙන පොත් 9 ක්.

     

    1. මඩොල් දූව

    මඩොල් දූව

    මර්ටින් වික්‍රමසිංහ මහතා විසින් රචිත පොත්වලින් පොඩි දරුවොන්ගේ හිත වඩාත්ම ඇදබැදගත්ත පොත විදියටමඩොල්දූවහදුන්වන්න පුළුවන්. කොටින්ම කීවොත් ගෙදරින් පැනලා ගිහින් පාළු දූපතක් අස්වද්දගෙන ජීවත් උන උපාලියි ජින්නයි ළමයින්ගේ වීරයෝ උනා. ඇණියේ රාලගේ බත් මුලේ තිබ්බ බල මාළු ඇඹුල් තියලුයි, පොල් සම්බෝලයි, සම්බා හාලේ බතුයි ගැන විතරක් නෙවෙයි, වැදි සන්නිය, හොර කල්ලිය, කජු කැඩීම වගේ උපාලිලගේ තක්කඩිකම් දගකාරකම් ගැන දෙතුන් පාර කියෙව්වත් මදි හිතෙන මේ පොත ආශ්‍රිතව චිත්‍රපටයක් පවා නිපදවුනා.

     


     

    2. සෝමපුර වීරයෝ

    සෝමපුර වීරයෝ

    කුලසේන ෆොන්සේකා මහත්මයා විසින් රචනා කරපු ගවේෂණාත්මක යොවුන් නව කතාවක් තමයිසෝමපුර වීරයෝකියන්නේ. සෝමාවතී චෛත්‍ය්ය සහ අවට නටඹුන් නැරඹීමට යන මිතුරන් තිදෙනෙක්, පුරාවිද්‍යා  ගවේෂණයක් සදහා ගොස් අතුරුදහන් වන ගුරුවරයෙක් සහ පුරාවස්තු සොරුන් කල්ලියක් වටා බැදුනු කතාවක් විදියට මෙය හදුන්වන්න පුළුවන්. කුතුහලය සහ ත්‍රාසය සොයන පොඩ්ඩොන්ට නම් මේ පොත හොදට අල්ලල යයි.

     


     

    3. ගස සහ ළමයා

    ෂෙල් සිල්වර්ස්ටයින් කියන ලේඛකයා විසින් රචනා කරපු මේ පොතෙන් කියවෙන්නේ පොඩි දරුවෙක් සහ ගහක් පිළිබද කතාවක්. පොඩි දරුවෝ පරිසරයට කොච්චර ආදරේ කරනවද, වයසින් වැඩෙන විට මිනිස්සු කොච්චර ආත්මාර්ථකාමී වෙනවද සහ ස්වභාවධර්මය මිනිසාට කොච්චර සෙතක් සලසනවද කියන කරුණු මේ පොඩි පින්තූර කතාව හරහා කියවෙනවා.


     

    4. ටොම් සෝයර්

    ටොම් සෝයර්

    මාක් ට්වේන් විසින් රචනා කරපු මේ ළමා නවකතාව ලෝකය පුරාම ඉන්න ළමා පාඨකයන්ගේ හිත දිනාගත්ත පොතක් විදියට හදුන්වන්න පුළුවන්. මව්පියන් අහිමිවූ, ලොකු අම්මා විසින් හදා වඩා ගන්න ටොම්ගේත්, එයාගේ යාළුව  හක්ල්බරිගේත් තක්කඩිකම් හා මැරකමුත් දරුවන් තුළ ඇති අහිංසකබව, අව්‍යාජබවත් වීරකම් හා ත්‍රාසජනක ක්‍රියාවන් කෙරෙහි ඇති කැමැත්තත් හොදින් නිරූපනය වන පොතක් තමයි ටොම් සෝයර් කියන්නේ.

     


     

    5. ලස්සන වසිලිස්සා

    දැන් කියන්න යන්නේ පොත් කියවන ඈයෝ හැමෝම වගේ පොඩි කාලේ කියවපු ලස්සන රුසියන් ළමා කතාවක් වෙනලස්සන වසිලිස්සාගැන. මෙහි සුරංගනා කතා 16ක් අඩංගු වෙනවා. ඉතාම සරල භාෂාවකින් ලියවුණු මේ පොත දරුවෙක් කියවීමට හුරු කරවන්න උනත් පාවිච්චි කරන්න පුළුවන්. බාබයිගා යකින්න, ඉවාන්ලා වගේ අමතක නොවෙන චරිත කීපයක්ම ඉන්න මේ පොත පොඩ්ඩොන්ව සුරංගනා ලෝකයකට අරන් යන පොතක් විදියට හදුන්වන්න පුළුවන්.


     

    6. චාර්ලි සහ අරුම පුදුම චොකලට් කම්හල

    මේ කියන්නේ නම් හීනයක් වගේ ලස්සන, ඇසුරින් චිත්‍රපටයක් පවා නිපදවුන පොතක් ගැන. ලමයින් වෙනුවෙන් වටිනා කියන හොද පොත් ගණනාවක්ම ලියපු රොල්ඩ් ඩාල්ගේ පොත්වලින් වඩාත්ම ප්‍රසිද්ධම පොත විදියට චාලි සහ චොකලට් කම්හල හදුන්වන්න පුළුවන්. පුදුමාකාර ගතිගුණ තිබුන විලී වොන්කා කියන චොකලට් කම්මල් හිමියා සහ ඔහුගේ කම්හල බලන්න යන ළමයින් පිළිඹද කතාවක් ගැන තමයි මෙයින් කියවෙන්නේ. අහිංසක වගේම ගුණ යහපත් දරුවෙක් උන චාලිට අවසානයේ හිමි වෙන වාසනාව ගැන චාලිටත් වඩා සතුටු වෙන්න පොත කියවන අපි පෙළඹෙනවා. පොඩි දරුවොන්ට විතරක් නෙවෙයි අම්මලා තාත්තලටත් කියවන්න හොද පොතක් තමයි මේක.


     

    7. වීරයා ඔබයි

    මේ කියන්න යන්නේ කියවන්නාට අමුතුම අත්දැකීමක් වෙන පොත් පෙළක් ගැන. ආර්. මොන්ටිගොමරි කියන ලේඛකයා විසින් රචනා කරපු මේ පොත් පෙළේ පොත් 15ක් අඩංගුයි. පොත කියවගෙන යනකොට සමහර පිටු අග අපිට තෝරාගැනීමක් කරන්න දෙනවා. අපේ තෝරාගැනීම අනුව තමයි අපි කියවන කතාවේ අවසානය තීරණය වෙන්නේ. ත්‍රාසය, විනෝදය, දැනුම හැම දෙයක්ම කැටි උණ මේ පොත් පෙළ දරුවන්ගේ බුද්ධි වර්ධනයටත් ඉවහල් වෙනවා. වගේම දරුවොන්ට විතරක් නෙවෙයි අම්මලා තාත්තලාටත් කියවන්න පුළුවන් අපූරු පොත් පෙළක් විදියට හදුන්වන්න පුළුවන්.


    8. සදාකාලික කළණ මිතුරා

    මතකද පොඩි කාලේ ටීවී එකෙන් මාල්ගුඩි දවස් බලපු විදිය?අන්න ඒකේ හිටපු ස්වාමියි එයාගේ යාලුවොයි ගැන තමයි මේ පොතෙන් කියවෙන්නේ. ආර්.කේ නාරායන් විසින් රචිත මුල් පොතේ නම තමයි ස්වාමි ඇන්ඩ් ෆ්රවරෙන්ඩ්ස්. කුඩා දරුවන්ගේ දගකාරකම් සහ අහිංසකකම් පිරුණු සුන්දර ළමා විය පිළිබදව ලියවුණු මේ පොත කියවනකොට දැනෙනවා ලංකාවේ උපාලි ගිනිවැල්ලෙලයි, ඇමෙරිකාවේ ටොම් සෝයර්ලයි, ඉන්දියාවේ ස්වාමිලයි අතර කිසි වෙනසක් නැති විත්තිය.


    9. මගුල් කෑම

    මගුල් කෑම

    දරෑවන් උදෙසා වටිනා පොත් ගණනාවක් රචනා කරපු කුමාරතුංග මුනිදාස මහතාගේ එවැනි එක් පොතක් තමයි මගුල් කෑම කියන්නේ. වංචාවක් මගින් කුකුළන් රවටා කුකුළු මස්  කෑමට සිතූ නරි රැළක් සහ කුකුළු රංචුවක් පිළිබද කතාවක් තමයි මෙයින් කියවෙන්නේ. කුඩා දරුවන් උදෙසා ලියැවුණු පොතක් උනත් හාස්‍යජනක විදියට සමාජ විවරණයක් කෙරෙන පොතක් විදියටත් හදුන්වන්න පුළුවන්. වඩා සරල භාෂාවකින් නොලියවුණු පොතක් නොවුනත් මෙය ළමා පාඨකයින් විසින් කියවිය යුතුම පොතක් විදියටයි අපි නම් දකින්නේ.

     


    ඔන්න ඉතිං සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පවතවන පොත් ප්‍රදර්ශන වලට එහෙම යනව නම් තමන්ගේ පුංචි දුව පුතා වෙනුවෙන් මේ පොත් ටික මිලදී ගන්න අමතක කරන්න එපා. දරුවන්ට කියවීම පිළිබඳ ඇතිවන රුචිකත්වය ඒ මුදලට වඩා බොහොම ලොකු වටිනාකමක් මතුවට හදල දේවි.


    මෙම ලිපිය ගැන ඔබගේ අවංක අදහස් කමෙන්ට්ස් ඔස්සේ අපට කියන්න. ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    33 ° C
    33 °
    33 °
    73 %
    3.6kmh
    100 %
    Mon
    32 °
    Tue
    30 °
    Wed
    31 °
    Thu
    31 °
    Fri
    31 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු