fbpx
28 C
Colombo
Wednesday, May 14, 2025
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk

කුස්සිය අස්කරන එකද ප්‍රශ්නෙ. මෙන්න Kitchen Cleaning Tips.

Family Tech Sponsorspot_imgspot_img

පවුලේ සාමාජිකයින්ට කටට රසට වගේම සෞඛ්‍යාරක්ෂිතව ආහාර පිසෙන මුළුතැන්ගෙයට නිවසේ ප්‍රධාන ස්ථානයක් හිමිවෙනවා. හැබැයි මුළුතැන්ගෙය පිරිසිදුව සහ පිළිවෙලට තිබ්බේ නැත්නම් ( Proper Kitchen Cleaning) කෑම හදන වැඩේ විතරක් නෙවෙයි හදපු කෑම කන එකත් තරමක් අප්‍රසන්න කටයුත්තක් වෙනවා.

වගේම මුළුතැන්ගෙය පිරිසුදු කරන එකත් තරමක් අපහසු කටයුත්තක් නිසා ගෘහණියන් කරන්නේ ආහාර පිසිනවා තරම්ම සතුටකින් නෙමෙයි. අන් නිසා familylife.lk අපි family today තුළින් කාර්යබහුල ගෘහනියන්ට තමන්ගේ මුළුතැන්ගෙය ප්‍රසන්නව පවත්වාගෙන යන්න උපකාර වන සරල උපක්‍රම (Kitchen Cleaning Tips ) කිහිපයක් මේ ලිපියෙන් අරන් එන්න හිතුවා.

www.familylife.lk
©kingofmaids.com
අනවශ්‍ය දේවල් බැහැර කිරීම

හැමදේටම කලින් කුස්සියෙන් අනවශ්‍ය බඩු ඉවත් කරන්න සිද්ධ වෙනවා. ගොඩක් අය කරන වැරද්දක් තමයි පාවිච්චි නොකරන උපකරණ ඉඩ තියෙන හැම තැනකම ගොඩගහගෙන තියන් ඉන්න එක. මේවයින් බොහොමයක් අවුරුද්දකට සැරයක්වත් පාවිච්චි කරන දේවල් නෙවෙයි.

මුළුතැන්ගෙයි තියෙන හැම භාණ්ඩයක්ම දිනපතා පාවිච්චි කරන, සතියකට සැරයක් වගේ පාවිච්චි කරන, කලාතුරකින් පාවිච්චි කරන සහ අවුරුද්දකට සැරයක් දෙකක් භාවිතා කරන භාණ්ඩ වශයෙන් වෙන් කරලා ගන්න පහසු තැන්වලින් අසුරගන්න. කැඩුණු බිඳුණු භාජන ඉවත් කරන්න ලෝබ හිතුනත්, තවදුරටත් ප්‍රයෝජනයක් ගන්න බැරි නම් ඉවත් කරලා දාන්න.

කාලසටහනක්

කුස්සිය පිරිසිදු කරන්න කාලසටහනක් හදා ගන්න. පිඟන් කෝප්ප, එදිනෙදා භාවිතා කරන විදුලි උපකරණ, හට්ටි මුට්ටි එක දිනක්වත් කල් නොදමා පාවිච්චියෙන් පසු පිරිසිදු කරන්න. දුවිලි පිසදමලා අතුගෑමත් එදිනෙදාට කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතිවුනොත් බොහොම පහසුවෙන් මීයෝ, කුඹි, කැරපොත්තෝ සහ හූනෝ වගේ සතුන් මුළුතැන්ගෙය ආක්‍රමණය කරනවා.

කෑම පිසින අතරේම පාවිච්චි කරන උපකරණ පිරිසිදු කරලා තියන එක තමයි වඩාත් පහසු ක්‍රමය වෙන්නේ. මොප් කිරීම, වැකියුම් කිරීම, ආහාරවල කල් ඉකුත්වන දින පරික්ෂා කිරීම වැනි දේවල්වලට සතිපතා සුළු වෙලාවක් වෙන් කරගන්න. වැකියුම් කිරීමට කලින් දුවිලි පිසදමලා අතුගෑමෙන් වැකියුම් කිරීම පහසු වෙනවා. මෙමගින් මයිටාවන් සහ බැක්ටීරියා විනාශ වෙනවා.

ශීතකරණය, පැන්ට්‍රි කබඩ්ස්, ආහාර බහාලන බෝතල්/ ටින්/ භාජන මාස්පතා පිරිසිදු කිරීම ප්‍රමාණවත් වෙනවා. එක දවසකින් අස් පස් කරලා ඉවර කරන්න බැරි තරමට කුස්සිය අවුල් වෙලා නම් මුලින්ම දවසකට පැය භාගයක් විතර වෙනුවෙන් වෙන් කරගන්න. සතියක් දෙකක් මෙහෙම පිරිසිදු කලාට පස්සේ මුළුතැන්ගෙය පිළිවෙලකට සුද්ධ පවිත්‍ර කරගන්න හැකියාව තියෙනවා.

ඩස්ට් බින්

බොහෝ ප්‍රදේශවල දිරන සහ නොදිරන ද්‍රව්‍ය විදියට අපද්‍රව්‍ය එකතු කිරීම කරන්නේ සතියකට දෙවතාවක් පමණයි. ගෙවතු වගාව කරන කෙනෙක් නම් දිරන කුණු භාවිත කරලා කොම්පෝස්ට් පොහොර හදන්න පුළුවන්. තමන්ට අවශ්‍ය ද්‍රව්‍ය විතරක් කොම්පෝස්ට් බඳුනට එකතු කරලා ඉතිරිය කුණු ලොරියට දෙන්න පුළුවන්.

ඉඳුල් එකතු කරන බඳුන පොලිතින් බෑග් දෙකකින් ආවරණය කරන්න. අපද්‍රව්‍ය කාන්දු වීම වලක්වගන්නත්, කුණු බඳුන පහසුවෙන් පිරිසිදු කරන්නත් මේ ක්‍රමය ප්‍රයෝජනවත් වෙනවානොදිරන අපද්‍රව්‍ය එකතු කරන්න විවිධ ප්‍රමාණයන්ගෙන් තියෙන කුණු මලු පාවිච්චි කරන්න. අපද්‍රව්‍ය අදාළ භාජනයට/ බෑගයට විතරක් බැහැර  කිරීම ඔබටත් අපද්‍රව්‍ය එකතු කරන්නන්ටත් විශාල පහසුවක් වෙනවා.

විනාකිරි/ බේකින් සෝඩා/ දෙහි

කුස්සිය පිරිසිදු කරන රජතුන්කට්ටුව විදියට මේ ද්‍රව්‍ය තුන හදුන්වන්න පුළුවන්. සිහින්ව ගාගත්ත දෙහි/ දොඩම් භාජනයකට/ බෝතලයකට දාලා ඒවා වැහෙනතුරු සුදු විනාකිරි එකතු කරන්න. මේ භාජනය සති දෙක තුනක් ශීතකරණයේ තියන්න. මේ මිශ්‍රණයට වතුර සහ ලොකු කුරුඳු පොතු කැබලි 2-3ක් එකතුකරලා ස්ප්‍රේ කරන්න පුළුවන් බෝතලයට දමා පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේදී පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා.

ගෑස් කුකරය, පැන්ට්‍රි කබඩ්, වීදුරු මතුපිටවල් සහ සින්ක්  එක මෙයින් පිරිසිදු කරගන්න පුළුවන්. බේකින් සෝඩා පාවිච්චි කරලා ටයිල් පිරිසිදු කරන්නත්, 1:9 අනුපාතයට විනාකිරි සහ ජලය එකතු කරලා ලී මතුපිටවල් පිරිසිදු කරන්නත් හැකියාව තියෙනවා. විනාකිරි සහ බේකින් සෝඩා ස්වල්පයක් සින්ක් එකේ විසුරුවලා මිනිත්තු කීපයක් තියලා සෝදලා දාන්නත් පුළුවන්.

මුළුතැන්ගෙයි උපකරණ පහසුවෙන් පිරිසිදු කරගන්න ටිප්ස්

  • ශීතකරණයේ ආහාර ද්‍රව්‍ය අසුරනකොට ප්ලාස්ටික් හෝ කාර්ඩ්බෝර්ඩ් පෙට්ටිවල පිළිවෙලකට අසුරා ශීතකරණයේ තැබීමෙන් ආහාර කාන්දු වීම වගේ දේවල්වලින් ශීතකරණය බේරගන්න පුළුවන්. ක්ලීන් රැප් රෝලක් අරන් ශීතකරණයේ රාක්ක මතුපිටින් ඔතා තැබීමෙනුත් පැල්ලම් සහ කාන්දුවීම්වලින් වළක්වාගන්න පුළුවන්කම තියෙනවා. මේ ආවරණය සතියකට සැරයක් මාරු කිරීම ප්‍රමාණවත් වෙනවා. සිප් ලොක් බෑග්වල මස්, මාළු, එළවලු  ඇසිරීමෙන්, පිරිසිදු කිරීම පහසුවෙනවා වගේම ආහාරවල නැවුම් බවත් රැකෙනවා.
  • සිප් ලොක් බෑග් කීපයකට ඇමෝනියා සහ ගෑස් කුකරයේ කොටස් (Gas burners) දමා රැයක් පෙඟවීමෙන් පසු මේ කොටස් හොඳින් පිරිසිදු කරගැනීමට පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් බීමට පිළියෙළ කරගන්න තේ කහට මෙන් හතර ගුණයක් කහට යොදා සාදාගත් තේ වලින් මේ කාර්යය ඉටු කරන්න පුළුවන් වෙනවා.
  • භාජන සෝදන ස්පොන්ජ් එක වියළිව තබාගැනීමෙන් බැක්ටීරියා වර්ධනය වීම වළක්වාගන්න හැකියාව තියෙනවා. භාජන සෝදා අවසන් වුනාම මේ ස්පොන්ජ් එකත් අනිවාර්යෙන්ම පිරිසිදු කර එල්ලා තැබිය යුතු වෙනවා. භාජනයක දමා තැබීම අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේසය සහ උපකරණ පිස දමන තුවායද සෝදා පිරිසිදු කර තැබීම වඩා සුදුසු වෙනවා.
Kitchen Cleaning
©DforDelhi
  • කාස්ට් අයන් භාජන (Cast iron pan) පිරිසිදු කිරීමේදී සේදුම් දියර දමා අතුල්ලනවා වෙනුවට ලුණු කුඩු ස්වල්පයකින් මෘදුව පිරිසිදු කරලා සෝදා තෙල් ස්වල්පයක් ආලේප කර තැබීමෙන් ආහාර නොඇළෙන විදියට පිසගන්න පහසු වෙනවා.
  • බ්ලෙන්ඩරය පාවිච්චි කර අවසන් වූ පසු සේදුම් දියර සහ වතුර යොදා බ්ලෙන්ඩ් කර සෝදා පිසදා තැබීම සුදුසු වෙනවා. එයින් තලය වගේම භාජනයත් හොඳින් පිරිසිදු වෙනවා.
  • අවන් ට්‍රේ එක සහ ග්‍රිල් පෑන් (Grill pan) ෆොයිල් (Foil) වලින් ආවරණය කර පාවිච්චි කිරීම මගින් ඒවාට තෙල් කාන්දු වීමෙන් වැළකෙනවා වගේම, පිරිසිදු කරගැනීමත් පහසු වෙනවා.
  • මයික්‍රෝවේව් අවන් එක තුළින් වතුර භාජනයක්/ තෙත කඩදාසි තුවායක් (Paper towel) තියා උපරිම උෂ්ණත්වයෙන් විනාඩි 3-4 ක් රත්කර සිසිල් වෙන්නට ඉඩ හරින්න. ඇතුලත පිරෙන වාෂ්පය නිසා  අවන් එක පිරිසිදු කරගන්න පහසු වේවි.
  • පේස්ට්‍රි බ්‍රෂ් එකක් පාවිච්චි කරමින් ටෝස්ටරය පිරිසිදු කරගැනීමට හැකියාව තියෙනවා.
  • ඇතුළත පිච්චී ගිය භාජනයකට වතුර  සහ රුබාබ් දණ්ඩක් දමා උණු කරන්න. මිනිත්තු කීපයකින් වතුර සිසිල් වීමෙන් පසු ස්පොන්ජ් එකක් භාවිතයෙන් භාජනය පිරිසිදු කරගන්න පුළුවන් වෙනවා.
  • ඉතාම හදිසි අවස්ථාවක මිනිත්තු කීපයකින් කුස්සියේ ඇතැම් භාණ්ඩ පිරිසිදු කරගන්නත් දීප්තිමත් කරගන්නත් අවශ්‍ය නම් සදහා බේබි වයිප්ස් ටිෂු (Baby wipes tissue) භාවිත කරන්න පුළුවන්කම තියෙනවා.

ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

Colombo
overcast clouds
28 ° C
28 °
28 °
83 %
6.2kmh
87 %
Wed
29 °
Thu
29 °
Fri
30 °
Sat
29 °
Sun
30 °
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk
error: Content is protected !!
www.familylife.lk

හොඳම දේ ඔබ ලඟටම...

දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු