More
    28.4 C
    Colombo
    Friday, September 4, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    ගර්භනී සමයේ ආහාර සඳහා ආයුර්වේදයෙන් උපදෙස්

    Family Tech Sponsorspot_imgspot_img

    ඔබට මතක ඇති අප පසුගිය සතියක ආයුර්වේදයට අනුව නිරෝගී උපතක් සැලසුම් කරන ආකාරය කථාබහ කළා. අද අපි familylife.lk මවු සිහිනය තුළින් කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ගර්භණි කාලය තුල ගත යුතු ආහාර පිළිබඳ ආයුර්වේදයේ දක්වා ඇති ආකාරය පිළිබඳවයි.

    කුස තුල දරුවා නිරෝගීව වැඩෙනු දැකීමත් කරදරයකින් තොරව ප්‍රසවය සිදුවී නිරෝගී දරුවෙක් බිහි කිරීමත් සැම  ගර්භිනියකගේම අපේක්ෂාවයි. දරුවාගේ පෝෂණය සම්පුර්ණයෙන් රඳා පවතින්නේ මවගේ රුධිරයෙන් සැපයෙන පෝෂ්‍ය පදාර්ථ මතයි. සමබර පෝෂ්‍යදායි ආහාර ගැනීම දරුවාගේ වැඩීමට මෙන්ම මවගේ සෞඛ්‍ය ආරක්ෂා වීමට ඉවහල් වෙනවා.

    ගර්භයේ මාස ගණනට අනුරූපව ආහාරයට ගත යුතු දේවල්

    ගැබිණිය ගන්න ආහාරයෙන් ඇති වන රස ධාතුව ප්‍රධානව කොටස් 3කට බෙදී ක්‍රියා කරනවා.

    1. ගර්භිණියගේ පෝෂණයට
    2. ගර්භයේ පෝෂණයට
    3. මවුකිරි සඳහා පියයුරු සුදානම් කිරීමට.

    මව් කුස තුල සිටින දරුවා පූර්ණ පරපෝෂිතයෙකු ලෙස තමන්ට අවශ්‍ය සියළු දේවල් මවගෙන් ලබා ගන්න නිසා මව මනා පෝෂණයක් ලබා ගත යුතුයි.

    මුල් මාස 3 බොහෝ විට උදෑසන වමනයෙන් ආහාර කොටස් ඉවත් වී යාම, කැම අරුචිය ආදිය ඇති වන නිසා එහිදී සිදු වන අඩුව පිරවීමටත්, මුල් මාස 3 දී කළලයේ අවයව නිර්මාණය වීම ආරම්භ වන නිසා ඊට අදාළ පෝෂක බාහිරෙන් ලබා දෙන්න අවශ්‍යයි.

    සඳහා ආයුර්වේදයේ විස්තර වෙන ආහාර වර්ග මෙසේ යි.

    පළමු දින 12 තුළ

    • ගිතෙල් ,
    • මධුර රස , ශීත, ද්‍රව සහිත ආහාර

    මුල් මාසය තුළ 

    • එළකිරි
    • මධුර රස, ශීත, ද්‍රව බහුල ආහාර වර්ග

    දෙවන වන මාසය තුළ

    • එළකිරි
    • මධුර රස, ශීත ද්‍රව බහුල ආහාර

    තෙවන වන මාසය තුළ

    • මී පැණි
    • ගිතෙල් දැමු එළකිරි
    • මධුර රස, ශීත, ද්‍රව බහුල ආහාරතැඹිලි වතුර, පිපිඥ්ඥා, කැකිරි, පැණි කොමඩු, වට්ටක්කා, පතෝල
    • හැටදා හාලින් කල කිරිබත්
    www.familylife.lk
    ©firstcry.com

    ඊලග මාසදී එනම් 4, 5, 6 මාස වල කළලයේ ශීඝ්‍ර වර්ධනයක් සිදු වෙනවා. දරුවාගේ අංග ජනනය අවසන් වෙලා මාංශමය වර්ධනයක් ඇති වී බර වැඩි වීම ආරම්භවෙන්නේ මේ කාලයේදී යි. මේ කාලයේදී නෙල්ලි, රසකිඳ, ඉරමුසු, හාතාවාරිය බහුලව ගැනීම වැදගත්.

    එතනින් පසුව එළඹෙන මාසයන්හිදී කලලයේ අවශ්‍යතාවන් වෙනස්. වෙනුවෙන් ගතයුතු ආහාර වර්ගත් මේ නිසා වෙනස් වෙනවා. එම ආහාර වර්ග පහත ආකාරයට පෙළ ගස්වන්න පුළුවන්.

    හතර වන වන මාසයෙදි හෘදයට හිතකර ද්‍රව්‍ය ගැනීම සුදුසුයි.

    • දෙළුම්, නාරං, ගිතෙල්, නෙල්ලි, නස් නාර
    • හැටදා හාල් බත්
    •  දී කිරි
    • එළකිරි 
    • වෙඩරු ( චීස් )
    • නවනීත ( බටර් )
    • කුකුල් මස්එළු මස්

    පස් වන මාසයඑළකිරි මිශ්‍ර ආහාර

    • කිරි
    • එළගිතෙල් මිශ්‍ර ආහාර

    හය වන මාසයගිතෙල්

    •  එළකිරි

    හත් වන මාසයපැණි රස ද්‍රව්‍ය සමග පිසූ ගිතෙල්

    •  බටර්
    • එළකිරි
    • ගිතෙල්

    අට වන මාසයකිරි, ගිතෙල්, හාල් යොදා පිලියල කරන ලද ආහාර

    • කුකුල් මස් ආදියෙන් කරන ලද ආහාර

    නම වන මාසයගිතෙල් පානය

    • කුකුල් මස් සුප්

    ගර්භනී සමයේදී වඩා වැදගත් වන්නේ සමබල ආහාර ගැනීමයි.  ඉහත දක්වා ඇති ආහාර පමණක් ගත යුතු යැයි කෙනෙක්ට වැරදි වැටහීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් එසේ දක්වා ඇත්තේ විශේෂයෙන් තම ආහාර වේල් වලට එකතු කරගත යුතු ආහාර වර්ගයි.

    සියළු මවු සිහිනය ලිපි සඳහා පිවිසෙන්න


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    කවරයේ ඡායාරූපය – imagesbazaar.com

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    වෛද්‍ය සුකිතා ද සිල්වා
    වෛද්‍ය සුකිතා ද සිල්වා
    වෛද්‍ය සුකිතා ද සිල්වා කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ BAMS උපාධිධර ආයුර්වේද වෛද්‍ය වරියකි.
    Colombo
    light rain
    28.4 ° C
    28.4 °
    28 °
    83 %
    5.1kmh
    4 %
    Thu
    28 °
    Fri
    31 °
    Sat
    31 °
    Sun
    29 °
    Mon
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු