fbpx
More
    30 C
    Colombo
    Monday, April 20, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    කාන්තාවන්ට බහුලව කොන්දේ අමාරුව ඇතිවන්නේ ඇයි?

    Family Tech Sponsorspot_imgspot_img

    කාන්තාවන් අතර ඉතා බහුලව අසන්නට ලැබෙන පීඩාකාරී තත්ත්වයක් ලෙස තුනටියේ වේදනාව එසේත් නැත්නම් කොන්දේ කැක්කුම හඳුන්වා දිය හැක. මේ හේතුව නිසාම familylife.lk අප අද සුව පියස තුලින් කතා බහ කරන්නට බලාපොරොත්තු වන්නේ කාන්තාවන් අතර බහුල මෙම කොන්දේ අමාරුව පිළිබඳවයි.

    මේ සඳහා කාන්තාවන්ට ආවේණික වූ විශේෂිත වූ හේතු සාධක රාශියක් පෙන්වාදිය හැකි අතර බහුල වශයෙන්ම යම් ස්ථානයකට පමණක් වූ හේතුවක් මේ සඳහා හේතු සාධක විය හැක. කෙසේ නමුත් කාන්තාවන්ගෙන් බහුතරයක් යම් තරමකින් හෝ කොදු ඇට පෙළ ආශ්‍රිත ආබාධයකින් ජීවිත කාලය තුළ පීඩා විඳ ඇතුවාට සැකයක් නැත.

    www.familylife.lk

    කාන්තාවන් අතර කොඳු ඇට පෙළ නැතහොත් තුනටියේ ආබාධ සඳහා ප්‍රධානම හේතුව ලෙස පෙන්වා දිය හැක්කේ ප්‍රමාණය ඉක්මවා (Over use) ශාරීරික ව්‍යුහයන් භාවිත කිරීමයි. කොඳු ඇට පෙළ ආශ්‍රිත මාංශ පේශීන්, ඛණ්ඩරා, බන්ධන මෙන්ම සන්ධි මතුපිටවල් අනවශ්‍ය ලෙස භාවිත කිරීම නිසා ඒවායේ ව්‍යුහමය තත්ත්වය (Quality) අවම වීමෙන් ආබාධවලට ලක් විය හැක. එසේම ක්‍ෂණිකව සිදු කරනු ලබන ක්‍රියාකාරකම් නිසා (වැරදි බර එසවීම නිසා) ක්‍ෂණිකව සිදුවන ආබාධවලට හේතු සාධක විය හැක. එසේම වැරදි ඉරියව් භාවිත කරමින් බර එසවීම වැනි දේද මේ සඳහා හේතු විය හැක.

    එසේම විශේෂයෙන්ම ගර්භණී අවධියේදී අමතර බරක් ඉණ ප්‍රදේශයේ දරා සිටීම හේතුවෙන් උකුල (Pelvic) ඉදිරියට කැරකීම (Pelvic Tilt) නිසා තුනටිය ප්‍රදේශය ආබාධවලට ලක්වීමේ ප්‍රවණතාව වැඩිය. එසේම ගර්භණී අවධියේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසා මෘදු පටක වඩාත් මෘදු වී ඇදෙන සුලු බව වැඩිවන බැවින් ආබාධවලට ලක්වීමේ ප්‍රවණතාව වඩාත් වැඩි වේ.

    අඩි උස් සපත්තු භාවිත කිරීමේදී ද සිදුවන්නේ මීට සමාන තීව්‍ර තත්ත්වයක් වන අතර ඒ හේතුවෙන්ද කොඳු ඇට පෙළේ තුනටිය ප්‍රදේශයේ මෘදුතාව වැඩි වී කදාදිසට තත්ත්වයක් හා සමගාමීව ඉදිරියට උකුල කැරකීම (anterior pelvic tilt) නිසාද තුනටියේ ආබාධ උග්‍ර වීම සිදු විය හැක. එසේ වුවද කාන්තාව වකුගඩු ආශ්‍රිත ආබාධිත තත්ත්වයකින් හෝ වකුගඩුවල ගල් වැනි තත්ත්වයකින් පෙළෙන විටද මෙවැනි වේදනාවක් ඇති විය හැකි බැවින් මෙම තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකා නොසලකා හැරීමෙන් වැළකී, වහාම පරීක්‍ෂාවට ලක්වී ප්‍රතිකාර ලබාගත යුතුය.

    www.familylife.lk
    ©thelist.com

    එසේම විවිධ ආසාදිත තත්ත්වයන් නිසාද කොඳු ඇට පෙළ හෝ තුනටියේ වේදනාව ඇතිවිය හැක. විශේෂයෙන් කාන්තාවන්ගේ තුනටිය පමණක් වේදනාව ඇති වීමට අමතරව උදරයේ හෝ යටි බඩේ වේදනාවක් ඇති වේ නම් එය බැක්ටීරියා ආසාදනයක් හෝ Pelvic inflammatory disease වැනි තත්ත්වයක් නිසාද ඇතිවිය හැක. මේ තත්ත්වයේදී ලිංගික එකතුවීමකදී අධික වෙහෙස, උණ, වමනය හෝ යෝනි මාර්ගයෙන් ස්‍රාවයන් පිට වීම වැනි රෝග ලක්‍ෂණ ඇති වන්නේ නම් ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු අතර වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුමය.

    අග්න්‍යාශයේ ආසාදිත තත්ත්වයන් නිසාද කාන්තාවන් අතර බහුලව තුනටියේ වේදනාව ඇති විය හැක. විශේෂයෙන්ම මෙම තත්ත්වය ආහාර ජීර්ණය හා සම්බන්ධ හෝමෝන කෙරෙහි බලපාන බැවින් වමනය, ඔක්කාරය හෝ කෑම අරුචිය වැනි ලක්‍ෂණ ද ඇතිවිය හැක.

    කොඳු ඇට පෙළේ පහළම කොටසේ උකුල හා සම්බන්ධ වන Sacroiliac joint dysfunction නැමැති තත්ත්වය තුනටියේ ආබාධ සඳහා කාන්තාවන් කෙරෙහි බලපාන ප්‍රධානතම හේතුවක් ලෙස පෙන්වා දිය හැක.

    කෙසේ නමුත් කාන්තාවන් අතර විවිධාකාර හේතු නිසා කෝන්දේ හෝ තුනටියේ වේදනාව ඇතිවිය හැකි අතර එම තත්ත්වයන් නොසලකා නොහැර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත් වේ. සුදුසුකම් ලද භෞත චිකිත්සකවරයෙකුගේ අධීක්‍ෂණය යටතේ නිවැරදි ඉරියව් භාවිතය ජීව යාන්ත්‍ර විද්‍යාවට අනුකූලව එදිනෙදා කටයුතු පුරුදු පුහුණු වීම හා නිවැරදි අභ්‍යාස මාලාවක නිරත වීම මගින් භයානක තත්ත්වයන්ගෙන් වැළකී ආරක්‍ෂා විය හැක.

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් වරලත් භෞතචිකිත්සක සංගමයේ ජාතික සංවිධායක, ෆිසියෝ ලයිෆ් ආයතනයේ අධ්‍යක්ෂ, වරලත් භෞතචිකිත්සක ආචාර්ය සුජීව වීරසිංහ මහතා දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    කවරයේ ඡායාරුපය – rd.com

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    30 ° C
    30 °
    28 °
    75 %
    1.3kmh
    99 %
    Mon
    30 °
    Tue
    30 °
    Wed
    30 °
    Thu
    31 °
    Fri
    30 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු