fbpx
More
    25 C
    Colombo
    Tuesday, May 14, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    දරුවාගේ විභාග ප්‍රතිඵල අසාර්ථක නම් ඔබ සිහි තබා ගත යුතුම දේ

    Family Tech Sponsorspot_imgspot_img

    දරුවාගේ විභාග ප්‍රතිඵල කියල අපි අහන්නෙ ඊයේ දවසේ නිකුත් වූ අපොස උසස් පෙළ ගැනම පමණක් නොවෙයි. පොදුවේ ඔබේ දරුවා සහභාගී වූ ඕනෑම තරඟ විභාගයක් සඳහා මේ කරුණු ආදාලයි.

    විභාගයක් කියන්නේ දරුවොන්ට විතරක් නෙවෙයි දෙමව්පියන්ටත් විශාල අභියෝගයක් වෙලා තියෙන බව දරුවෝ ඉන්න දෙමව්පියෝ විදියට ඔබ දන්නවා ඇති. උඩුගම් බලා පීනන ඉතාමත් සුළු ප්‍රමාණයක පිරිසක් ඇරුණම බොහෝ දෙමව්පියන් තමනුත් පීඩනයට පත්වෙලා තමන්ගේ දරුවත් පීඩනයට පත්කරන තත්ත්වයක් තමයි මේ වෙනකොට තියෙන්නේ. දරුවාගේ විභාග ප්‍රතිඵලවලට ධනාත්මකව සහ ආදරණීය විදියට ප්‍රතිචාර දක්වන්නේ කොහොම ද?

    මේ ලිපියෙන් Familylife.lk අපි ඒ කාරණය ගැන කතාකරන්න හිතුවා. අලුත් අවුරුද්දේ අපි වෙනස් කරගන්න උත්සහ කරන ආකල්ප අතරට මේ කියන කරුණත් එකතු කරගත්තොත් මව්පියන්ට විතරක් නෙවෙයි දූ දරුවොන්ටත් මේ දේ විශාල සහනයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. 

    විශේෂ අවශ්‍යතා සහිත සහ සුබග දරුවන් සමගත් පාසල් දරුවන් සමගත් වසර 18ක් තිස්සේ ක්‍රියාකරලා තියෙන අනිතා ලියෝ නමැති වෘත්තීය තෙරපිවරියගේ උපදෙස් මාලාවක් ඇසුරින් තමයි මේ ලිපිය සකස් වෙලා තියෙන්නෙ. 

    දරුවාගේ විභාග ප්‍රතිඵල

    විභාග අයිති අතීතයට.

    විභාගය තරමටම, සමහර විට ඊටත් වඩා විභාග ප්‍රතිඵල එන දවස දරුවාට පීඩනයක් ගේනවා. ඒ කියන්නේ මේ සම්පූර්ණ කාල සීමාව පුරාවටම දරුවා පීඩනය අත්විදිනවා. මේ අවස්ථාවන්ට මුහුණ දීමේදි අතීත කාලයට අයත්, එහෙමත් නැත්තන් නැවත වෙනස් කරන්න බැරි දේවල් ගැන ඒ විදියට හිතලා ප්‍රතිචාර දක්වන එක තමයි වටින්නේ.

    වාඩිවෙලා කතා කරන්න.

    දරුවාගේ විභාග ප්‍රතිඵල වගේ සංවේදි මාතෘකාවක් ගැන ඇවිදින ගමන් හෝ වාහනයක ගමන් කරන අතරතුර කතා කිරීම සුදුසු නෑ. නිවාඩු පාඩුවේ වාඩිවෙලා කතා කිරීම හරහා දරුවාගේ මුහුණ සහ දෙනෙත දිහා බලාගෙන කතා කිරීමෙන් දරුවාගේ මුහුණේ ඉරියව් සහ පීඩනය ගැන වටහගන්න පහසු වෙනවා.

    ප්‍රතිපල ආව දවසෙම අනාගත සැලසුම් හදන්න එපා.

    දරුවාගේ විභාග ප්‍රතිඵල දැනගත්තම තමන්ගේ අපේක්ෂාවන් බිදවැටීම නිසා දරුවා කළකිරීමට පත්වෙන්න ඉඩ තියෙනවා. එහෙමත් නැත්තන් ප්‍රතිඵල ගැන තමන් සතුටු වුණත් මව්පියන්ගේ අපේක්ෂා භංගත්වය ගැන සිහිවෙලා කළකිරීමට පත්වෙන්න පුළුවන්. සමහර දරුවන් අවාසනාවන්ත විදියට සියදිවි හානි කරගන්න පවා පෙළඹෙන්නේ මේ කාරණා හන්දා කියලා පැහැදිලි වෙනවා.

    ප්‍රතිඵල ගැන මව්පියන් හෝ දරුවා සතුටු නැත්නම් ඒ ගැන ඒ මොහොතෙම සාකච්ඡා කරන්න උත්සහ කරන්න එපා. දරුවාට නිදහසේ විවේකයක් ගන්න හෝ දරුවාගෙන් විමසලා ඔහු කැමැත්ත මත විවේක කාලය ගැන තීරණයක් ගන්න ඉඩ සළසන්න.

    දරුවාට ගැටළු විසදන්නෙක් අවශ්‍ය නෑ.

    ප්‍රතිපලවලින් මව්පියන් තෘප්‍තිමත් නැත්තන් ඒ ගැන දරුවාට පීඩනයක් එල්ල කිරීම කිසිම විටෙක සුදුසු නෑ. හැබැයි දරුවා සෑහීමකට පත් නොවෙන බවක් පෙනී යනවනම් ඉදිරි පියවර ගැන තීරණයක් ගන්න ඉඩ ලබා දෙන්න. “ඔයා සතුටින් නෙවෙයි වගේ, අපි අද එළියට යමු, ඔයාට ඉස්සරහට කරන්න ඕන දේ ගැන අපි කතා කරමු” වගේ සහනදායි වටපිටාවක් නිර්මාණය කරන්න උත්සහ කරන ගමන් තමන්ගේ උපකාර අවශ්‍යයිද කියලා දරුවාගෙන් අහන්න පුළුවන්කම තියෙනවා.

    දරුවාගේ ටියුෂන් ගුරුවරුන්, ගෙදරදි කරන වැඩ ප්‍රමණය, පාසලෙන් ලබාදෙන දැනුම වගේ කරුණු ගැන විමසමින් දරුවාට සුදුසු තීරණයක් ගන්න ඉඩ දෙන්න. අණ කිරීම්, බලපෑම් කිරීම්වලට වඩා මේ ලබාදෙන ඉඩකඩ හරහා සැලසුම් කිරීම, ගැටළුවලට සුදුසුම විසදුම තෝරාගැනීම, වගකීම් දැරීම, තීරණ ගැනීම වගේ අනාගතයට වැදගත්වෙන හැකියාවන් දියුණු කරගන්නත් දරුවාට හැකියාව ලැබෙනවා.

    දරුවා ඉදිරියේ පිළිතුරු පත්‍රය පරීක්ෂා කරන්න එපා.

    විශේෂයෙන් ම ඔබ ඉවසීම කියන දේ ඉතා අඩු කෙනෙක් නම් මේ වැරැද්ද නොකරම ඉන්න උත්සහ කරන්න. දරුවා නින්දට ගියාට පස්සේ පිළිතුරු පත්‍ර පරීක්ශා කරන්න. විභාගයක් මගින් දරුවෙකුගේ සම්පූර්ණ ශක්‍යතාවය හෝ හැකියාවන් මැනෙන්නේ නැති බව මව්පියන් අනිවාර්‍යෙන්ම වටහාගන්න උත්සහ කළ යුතුයි කියලයි අපි නම් හිතන්නේ. දරුවා නිවැරදි පිළිතුරු සපයා තිබුණු ප්‍රශ්න, වැරදි පිළිතුරු සපයා තිබූ ප්‍රශ්න ගැන සංසන්දය කිරීම හරහා ඔහුගේ දුර්වලතා හදුනාගන්න උත්සහ කරන්න.

    දරුවාගේ විභාග ප්‍රතිඵල

    දරුවාට විවේකයක් අවශ්‍යයි.

    විභාග ප්‍රතිපල නිකුත් කිරීමෙන් පස්සෙ ලබා දෙන නිවාඩුව සිත් සේ රසවිදින්න  ප්‍රතිඵල බාධාවක් බවට පත් කිරීම නම් කිසිසේත් ම සුදුසු නෑ. දරුවාගේ මනසට වගේම ශරීරයටත් ප්‍රමාණවත් තරම් විවේකයක් ලැබීම, ඊළග වාරයේ ඉදලා නව ජවයකින් වැඩ කරන්න උපකාර වෙනවා. උහුලාගන්න බැරි තරම් ටියුෂන්, දොස් පැවරීම්වලින් වැළකිලා දවස් කීපයක් හෝ විවේකයෙන් ඉන්න ඉඩ සැළසීම අත්‍යවශ්‍ය වෙනවා.

    විභාගයකින් හැම දේම මනින්න බෑ.

    විභාග ප්‍රතිඵලයකින් දරුවෙකුගේ හැකියාවන් සියල්ලම මනින්න බැරි බවත් සියලුම දරුවන් එක සමාන හැකියාවන්ගෙන් යුතු නොවන බවත් ඔබ දන්නවා ඇති. ඉගෙනගත් දේවල්, මතක තබා ගත් ප්‍රමාණය සහ ඒ සංකල්ප යොදාගනිමින් පිළිතුරු සැපයීමේ සාර්ථකත්වය පමණක් විභාගයක දී මැන බලනවා. ඉතින් විභාග ප්‍රතිඵල පමණක් ශිෂ්‍යයෙක් පිළිබද තීරණවලට එළඹීමට එතරම් සුදුසු නිර්ණායකයක් විදියට සළකන්න පුළුවන්ද කියලා හිතලා බලන්න කියලා අපි මව්පියන්ගෙන් ඉල්ලනවා.

    ගුරුවරු සමග සාකච්ඡා කරන්න.

    දරුවාගේ ගුරුවරු සමග දරුවා සමග කතා බහ කරලා ඔහු/ඇය දුර්වලතා දක්වන විෂයයන්, සංකල්පවල රටාවන් හදුනාගන්න. පන්ති කාමරයේදි හැසිරීම, අන් අයගෙන් හිංසනයට පත්වෙනවද, ක්‍රියාශීලී බව වගේ කරුණු ගැන අදහසක් එවිට ලබාගන්න හැකිවේවි. දරුවාගේ පෝෂණ ඌණතා, ප්‍රමාණවත් නින්ද, අසනීප වගේ දේවල් ගැනත් අනිවාර්‍යෙන් ම සැළකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා.

    ගුණාත්මක බව තමයි වැදගත්.

    දරුවාට විවේකයක් හෝ නොදී එක දිගටම පාසලේදී ලබාදෙන ගෙදර වැඩ, අමතර ක්‍රියාකාරකම්, ඇගයීම් සහ පැවරුම් කරවීම නම් සාර්ථක පිළිවෙලක් නෙවෙයි. මේ වගේ අවස්ථාවලදි ගුණාත්මක නොවන ප්‍රාමාණාත්මක වැඩ කොටසක් පමණක් සිදු වෙන්න ඉඩ තියෙනවා. ප්‍රතිඵල ලැබීමෙන් පස්සේ සැලසුම් හදනකොට ඒ ගැනත් මතක තියාගන්න වෙනවා. දරුවා සමග කතා බහ කරලා එකගතාවයකට එලඹිලා දරුවා ප්‍රිය කරන ආකාරයේ ශබ්දවලින් එලාර්ම් තියාගෙන සැළසුමක් හදාගන්න උත්සහ කිරීමෙන් වරින් වර සිහි කිරීම වැළකෙනවා.


    ඔබ වැනිම පොතට පතට ආදරය කරන, දැනුමට, රසවින්දනයට ප්‍රියකරන තවත් අයෙකුගේ යහපත වෙනුවෙන් පහත මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    25 ° C
    25 °
    25 °
    82 %
    2.5kmh
    89 %
    Tue
    30 °
    Wed
    29 °
    Thu
    28 °
    Fri
    27 °
    Sat
    27 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු