fbpx
More
    27.8 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    නිසි සැලසුමක් තුළින් සතුට පිරුණු, සොඳුරු පවුල් ජීවිතයකට හිමිකම් කියන්න

    Family Tech Sponsorspot_imgspot_img

    පවුලක් සැලසුම් කිරීම මගින් තමන්ට අවශ්‍ය කාලයට නිසි පරතරයක් ඇතිව අවශ්‍ය දරුවන් සංඛ්‍යාව ලබා ගත හැකිය. පවුලක් සැලසුම් කිරීමට භාවිත කළ හැකි තාවකාලික ක්‍රම සහ ස්ථීර පවුල් සැලසුම් ක්‍රම ඇත. තාවකාලික හෝමෝනමය ක්‍රම අතුරෙන් ඉතා ජනප්‍රිය ක්‍රමයක් වශයෙන් පවුල් සැලසුම් ගිලින පෙති හැඳින්විය හැකිය. ඉතින් මෙවර familylife.lk අපි සුව පියස තුළින් සාකච්ජාවට බඳුන් කරන්නේ පවුල් සැලසුම් ගිලින පෙති පිළිබඳවය.

    www.familylife.lk
    ©cdn1.medicalnewstoday.com

    පවුල් සැලසුම් සඳහා භාවිත කරන පෙති වර්ගවල ක්‍රියාකාරීත්වය සිදුවන්නෙ කෙසේද ?

    ශ්‍රී ලංකාවේ භාවිත වන පවුල් සැලසුම් ගිලින පෙතිවල ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටජන් යන හෝමෝන අඩංගු වේ. මේවා කාන්තාවකගේ සිරුරේ ස්වාභාවිකවම ඇති හෝමෝනවලට සමානය. එහෙයින් උපත් පාලනය පෙති වර්ග නිසා හානියක් විය හැකි බවට ඇතැමුන් තුළ පවතින මතය මිථත්‍යාවකි. මොළයේ පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය වන FSH සහ LH හෝමෝන මගින්, ඩිම්භ කෝෂ තුළින් ඩිම්බ නිකුත් කිරීම උත්තේජනය කරයි.

    ගිලින පෙති මගින් මූලිකවම සිදු වන්නේ මෙම හෝමෝන නිශේධනය මගින් ඩිම්බ කෝෂ තුළින් ඩිම්බ නිකුත් වීම වැළැක්වීමයි. මීට අමතරව ගැබ්ගෙළ ශ්‍රාවයන්වල උකුගතිය වැඩි කිරීම මගින් ශුූක්‍රාණුවලට පිහිනා ගර්භාෂය තුළට ඇතුළු වීමට ඇති හැකියාව මෙමගින් අඩු කරයි. ඒ නිසා කාන්තාවන්ට අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වාගත හැකිය. කෙසේ වුවත් අනෙක් ඕනෑම පවුල් සැලසුම් ක්‍රමයක් මෙන්ම ගිලින පෙතිද අසාර්ථක වීමේ ඉතා කුඩා අවදානමක් පවතී

    www.familylife.lk
    ©cdn.powerofpositivity.com

    උපත් පාලන ගිලින පෙති පාවිච්චි කළ හැක්කේ කාටද?

    බොහෝ කාන්තාවන්ට ඉතා ආරක්ෂිතව ගිලින පෙති භාවිත කිරීමේ හැකියාව ඇත. තම පළමු දරු උපත පමා කිරීමට අදහස් කරන කාන්තාවන්ට, ළමුන් අතර පරතරය තබා ගැනීමට අදහස් කරන කාන්තාවන්ට හෝ තම පවුල සම්පූර්ණ කර ඇති කාන්තාවන්ට යන ඕනෑම අයෙකුට පවුල් සැලසුම් ගිලින ‍පෙති ඒ සඳහා භාවිත කළ හැකිය.

    නිතර ලිංගිකව එකතු නොවන අයට ද ගිලින පෙති භාවිතය සුදුසු නමුදු ඔවුන් ද දිනපතා නොවරදවා පෙත්තක් බැගින් ගැනීම අත්‍යවශ්‍ය වේ. වෙනත් වෛද්‍යමය සංකූලතා නොමැති නම් ඕනෑම වයසක පසුවන කාන්තාවකට ගිලින පෙති භාවිත කළ හැකිය. එහෙත් වයස 40 ඉක්ම වූ කාන්තාවකට පවුල් සැලසුම සඳහා ගිලින පෙති භාවිතය එතරම් සුදුසු ක්‍රමය නොවේ.

    වෙනත් පවුල් සැලසුම ක්‍රම භාවිත කළ නොහැකි නම් හෝ කාන්තාව වෙනත් ක්‍රමයක් භාවිත කිරීමට අකමැති නම් පවුල් සැලසුම් ගිලින පෙති භාවිත කිරීම යෝග්‍ය වන අතර ඔවුන් සඳහා එය දෙවන ගණයේ ක්‍රමයක් (category2) ලෙසින් සැලැකේ.

    www.familylife.lk
    ©hotel-aroma.com

    පවුල් සැලසුම් ගිලින පෙති භාවිතය සඳහා වෛද්‍ය උපදෙස් අවශ්‍යමද?

    පහත තත්ත්වයන් ඇති කාන්තාවන් ගිලින පෙති ආරම්භ කිරීමට ප්‍රථමව ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ. ඔවුන් සඳහා ගිලින පෙති සුදුසු ක්‍රමයක් නොවිය හැකිය.

    • අධික රුධිර පීඩනය ඇති කාන්තාවන් .
    • ගැඹුරු ශිරා ශාණිය (DVT) තිබෙන හෝ අතීතයේ තිබුණු කාන්තාවන්. DVT නිසා පාද වැනි අවයවවල ගැඹුරින් පිහිටා ඇති ශිරාවල ඇති වන රුධිර කැටි නිසා එම අවයවවල තදබල වේදනාවක් ඇතිවේ.
    • හෘදයේ හෝ මොළයේ රුධිර නාල අවහිර වීම් ඇති කාන්තාවන්. උදා ආඝාතය ,රුද්ධරක්තක කන්තුක රෝග (Ischaemic heart disease)
    • සංකූලතා සහිත හෘද කපාට රෝග ඇති කාන්තාවන්.
    • අධික රුධිර පීඩනය දියවැඩියාව වැනි වෛද්‍යමය තත්වයන් තිබෙන අවුරුදු 40 ට වැඩි කාන්තාවන්.
    • නීලංකාරය සමග ඇති ඉරුවාරදය ඇති කාන්තාවන් .
    • සංකූලතා සහිත දියවැඩියාව හෝ අවුරුදු 20කට වඩා පවතින දියවැඩියාව ඇති කාන්තාවන් .
    • අක්මාවේ රෝගාබාධ, පියයුරු පිළිකාව, දිගු කලක් එක තැන සිටීමට සිදුවිය හැකි තත්ත්වයන් ඇති කාන්තාවන් .
    • අධික තරබාරුව ඇති කාන්තාවන්
    • ඇතැම් ඖෂධ භාවිත කරන කාන්තාවන්. (උදා අපස්මාරය)
    • ඇතැම් ගර්භාෂ පිළිකා සඳහා වන ඖෂධඤා භාවිත කරන කාන්තාවන්
    • මීට අමතරව මාස 6කට අඩු ළදරුවන් සිටින කිරි දෙන මවකට හෝ ගර්භණී බව පිළිබඳව සැකයක් ඇති මවකට ගිලින පෙති ලබා නොදේ.

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංජීව එස් පී ගොඩකන්ද මහාතා දැක්වූ සහයෝගයට ෆැමිලිලයිෆ් අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    scattered clouds
    27.8 ° C
    27.8 °
    23 °
    78 %
    3kmh
    31 %
    Mon
    28 °
    Tue
    28 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    27 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු