More
    30 C
    Colombo
    Monday, October 19, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    යන්න රට වටේ – මහනුවර නිතර නොයන තැන් වල ඇවිදිමු

    Family Tech Sponsorspot_imgspot_img

    වසර අවසානයේ කාට කාටත් ලැබෙන නිවාඩුවත් එක්ක ගොඩක් අය කරන්නේ පවුලේ සාමාජිකයෝ හෝ යාළුවෝ එක්ක ට්‍රිප් එකක් යන්න දාගන්න එක. සමහර වෙලාවට යන තැන ගැන එක එක්කනාගේ අදහස් විවිධාකාර නිසා සමහර වෙලාවට ගමන ගැන හරි එකගතාවයකට එන්න අපහසු වෙනවා. familylife.lk අපි තීරණය කළා මේ කාරණාවේදී ෆැමිලි ට්‍රිප් හරහා ඔබට පොඩි සහයෝගයක් ​වෙන්න.

    www.familylife.lk

    “Family Trip – යන්න රට වටේ” ලිපි මාලාවේ මුල්ම ලිපියෙන් අපි අරන් එන්නේ මහනුවර දිස්ත්‍රික්කය තුළ ඔබට සංචාරය කරන්න පුළුවන් ස්ථාන ගැනයි. ඉතාම සුන්දර වගේම සුවපහසු දේශගුණයක් තියෙන මහනුවර කියන්නේ විනෝද ගමනක් යන්න, නිවාඩුවක් ගත කරන්න සුදුසුම ප්‍රදේශයක් විදියට හදුන්වන්න පුළුවන්.

    මහනුවර ලෝක උරුම නගරයක් බව ඔබ දන්නවා ඇති. සාමාන්‍යයෙන් මහනුවර සංචාරයට එන කෙනෙක් නොවරදවාම දළදා මාළිගාව, සතර මහා දේවාල, වැව රවුම, කෞතුකාගාර, පේරාදෙණිය උද්භිද උද්‍යානය, ගම්පොළ පිහිටලා තියෙන අම්බුළුවා​ව වගේ ස්ථානවල සංචාරය කළත් අපි පහතින් සදහන් කරන සමහර ස්ථාන ඔබට මගහැරෙන්නට ඉඩ තියෙනවා.

    1. උඩවත්ත කැලේ

    www.familylife.lk

    ත්‍රිත්​ව විද්‍යාලය පහු කරලා මීටර් 100 ක් වගේ මාළිගාව පැත්තට එනකොට හමුවෙන තපෝවන විහාර මාවතේ මීටර් 500ක් ගියාම උඩවත්ත කැළේට පිවිසෙන්න පුළුවන්කම තියෙනවා. භික්ෂූන් වහන්සේලා භාවනායෝගීව වැඩ සිටින තපෝවන විහාරයටත් මෙතනින් ම යෑමේ හැකියාව තියෙනවා. ලංකාවේ පළමු රක්ෂිත වනෝද්‍යානයක් විදියට සැළකෙන උඩවත්තකැළේ වනයට පිවිසෙන්න ඔබට සුළු මුදලක් ගෙවා ප්‍රවේශපත්‍රයක් ගන්න්න වෙනවා.

    විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු පුස්වැලක්, නා වනයක් වගේම කොස්, අංකෙන්ද, වල්දෙල්, පිහිඹිය, මහෝගනී, කිතුල්, මී, නා, මදටිය, වන සපු, සපු, දූරියන්, කුරුඳු, මොර, නුග ඇතුළු ශාක විශේෂ 405 ට වැඩි ප්‍රමාණයක් මෙහි තියෙනවා. ඒ වගේම පක්ෂී විශේෂ 81 ක්, සර්ප විශේෂ 21 ක් සහ සමනල් විශේෂ 75ක් පමණත් මේ වනයේ ජීවත්වන බව පැවසෙනවා. මේ අතර ශ්‍රී ලංකාවට වගේම උඩරටත් ආවේනික සත්ත්ව ශාක සහ සත්ත්ව විශේෂ දකින්නට පුළුවන්. කොඩිමලේ කන්ද, ගැරිසන් සොහොන් බිම් වගේම ජල පොකුණුද මේ වනය ඇතුළෙදි දැකගන්න පුළුවන්කම ලැබෙනවා. වනය ඇතුළතට හිරු එළිය වැටීම ඉතා අඩුවෙන් සිදු වන නිසා දැඩි සිසිලසක් මෙහිදී අත්විදින්න පුළුවන් වෙනවා.

    2. ආතර් සීට්

    www.familylife.lk

    වේල්ස් පාක් හන්දියේ සිට අම්පිටිය හන්දියේ වැව රවුම පාර දක්වා රජපිහිල්ල මාවතේ මීටර් 200 ක් ගියාම හමුවෙන ආතර්ස් සීට් කියන්නේ මුහුදු මට්ටමින් අඩි 1790ක් උසින් පිහිටලා තියෙන නැරඹුම් ස්ථානයක්. මෙතනට ගියාම දළදා මාළිගාව, කිරි මුහුද වැව, ත්‍රීකුණාමල වීදිය ඇතුළුව මහනුවර නගරය දර්ශනීය විදියට නැරඹීමේ හැකියාව තියෙනවා.

    3. දුණුමඩලාව රක්ෂිතය

    මුහුදු මට්ටමේ සිට අඩි 1800- 3200 උසින් පිහිටලා තියෙන දුණුමඩලාව රක්ෂිතය මහ නගර සභාවක් විසින් පාලනය කරනු ලබන එකම රක්ෂිතය විදියට සැළකෙනවා. මෙයට ඇතුල් වෙන්න නම් මහනගර සභාවෙන් අවසර ගන්න සිදු වෙනවා. ආතර් සීට් අසළින් ඇති සරණංකර මාවතේ ගියාම මේ වනයට ඇතුල් වෙන්න පුළුවන්කම තියෙනවා.

    4. නෙල්ලිගල විහාරය

    කොළඹ සිට මහනුවර පිලිමතලාව මාර්ගයේ පොල්ගහමුල හන්දියයෙන් ගිහින්  මුරුතලාව, කොබ්බෑකඩුව පසුකරමින් කිලෝමීටර් 2 ක් පමණ ඉහළට නගිනකොට නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය හමු වෙනවා. ඉතාම සුන්දර වටපිටාවක පිහිටලා තියෙන මේ විහාරස්ථානයේ ශ්‍රී ශාඛ්‍යසිංහ මහ සෑය නමින් අලංකාර චෛත්‍යක්ද පිහිටලා තියෙනවා. ඒ වගේම අම්බුළුවාව, අරණායක, අලගල්ල කන්ද, හන්තාන, හුන්නස්ගිරිය වගේ ඉසව්වල සුන්දර දර්ශනයන් මේ ස්ථානයේ ඉදලා දැක බලා ගන්න හැකියාව තියෙනවා.

    5. පේරාදෙණිය විශ්ව විද්‍යාලය

    www.familylife.lk

    ලංකාවේ සුන්දරතම විශ්ව විද්‍යාලයට විදියට හදුන්වන්න පුළුවන් පේරාදෙණිය සරසවියට, කොළඹ මහනුවර මාර්ගයේදී මුණගැහෙන ගලහා පාරෙන් ගිහින් පිවිසෙන්න හැකියාව තියෙනවා. මුලින්ම හමුවෙන්නේ වෛද්‍ය පීඨය. ඉන්පසු විජේවර්ධන ශාලාව, ජයතිලක ශාලාව, විද්‍යා පීඨය, කලා පීඨය, WUS පරිශ්‍රය, විශ්ව විද්‍යාලයේ පරිපාලන කටයුතු සිදු කෙරෙන සනාතන මන්දිරය සහ  අක්බාර් පාලමෙන් එපිට ගම්පොළ නුවර පාරේ පිහිටා ඇති ඉංජිනේරු පීඨය වශයෙන් දැකිය හැකි බොහෝ ස්ථාන තියෙනවා. කලා පීඨය පහු කරමින් ගලහා පැත්තට යනකොට තියෙන්නේ නේවාසිකාර සහ සරසවියට ආඩම්බරයක් වුණු සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨය. මෙහි තියෙන විශේෂ පිහිටීම නිසා මෙය හදුන්වනේ “වල” යන අන්වර්ත නමින්. පැමිනෙණ සියළුම සංචාරකයන්ට විශ්ව විද්‍යාලය තුළ තියෙන සමහර ස්ථන වලට යෑමට අවසර නැති නිසා ඒ පිළිඹදවත් දැනුවත් වීම අත්‍යවශ්‍යයි. ආපන ශාලා සහ සනීපාරක්ෂක පහසුකමුත් ලබාගන්න පුළුවන්කම තියෙනවා.  කදු නගින්න ප්‍රිය කරන පිරිසක් නම් නිසි උපදෙස් ලබාගෙන සුන්දර හන්තාන කදු වැටිය තරණය කරන්නත් පුළුවන්.

    6. ලෝක බෞද්ධ කෞතුකාගාරය/  මහනුවර ජාතික කෞතුකාගාරය

    www.familylife.lk

    2011  මහනුවරදි පිහිටවපු  ලෝක බෞද්ධ කෞතුකාගාරය ලොව පළමු ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය විදියට සැලකෙනවා. එය මහනුවර ජාතික කෞතුකාගාරය‎ සහ ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේ තමයි පිහිටුවලා තියෙන්නේ

    කෞතුකාගාරය තුළ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, පකිස්තා​නය, ජපානය, චීනය, කොරියාව, ඉනිදුනීසියාව, තායිලන්තය,. මියන්මාරය, ලාඕසය, වියට්නාමය, කාම්බෝජය, මලයාසියාව, භූතානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් වලට අදාළ කෞතුක වස්තූන් දැකගන්න පුළුවන් වෙනවා.

    1942 දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කළ මහනුවර ජාතික කෞතුකාගාරය කෞතුකාගාරය නඩත්තු කරන්නේ, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින්. ප්‍රදර්ශනයට තබා ඇති දේවල් අතර මහනුවර යුගයට හා මෙරට බ්‍රිතාන්‍ය යටත් විජිත සමයට අයත් ආයුධ, ​ආභරණ, මෙවලම් හා අනෙකුත් විවිධ වස්තූන් දැකගන්න පුළුවන්කම තියෙනවා. මෙය පිහිටලා තියෙන්නේ දළදා මාළිගාව ආසන්නයේම යි. මේ විෂය පිළිබ​ඳව ඇල්මක් දක්වන කෙනෙක්ට සම්පූර්ණ දිනයක් හෝ ගත​කරමින් අධ්‍යනය කළ හැකි තරම් දේවල් මේ ස්ථානවලදි දක්නට ලැබෙනවා.

    7. වේල්ස් උද්‍යානය

    www.familylife.lk

    රාජකීය මාලිගා උද්‍යානය, එහෙමත් නැත්තන් වේල්ස් පාර්ක් කියන්නේ පෙම්වතුන්ගේ පරාදීසයක් විදියට හදුන්වන්න පුළුවන්. ප්‍රවේශ පත් අරන් ඇතුල් වෙලා දවසම වුණත් මෙතන කල් ගත කරන්න පුළුවන්කම තියෙනවා.

    මහනුවර දිස්ත්‍රික්කය තුළ පහසුවෙන් සංචාරය කරන්න පුළුවන් ස්ථාන කීපයක් තමයි අපි මේ ලිපියෙන් අරන් ආවේ. කොහොම වුණත් ඔබ සංචාරය අතරතුර පාසටහන් පමණක් ඉතිරි කර එන ලෙසත් මතකය පමණක් රැගෙන එන ලෙසත් සිහිපත් කරනවා. එසේ​ම ඒ ඒ ස්ථානවල ඇති ස්වභාවික සුන්දරත්වය නොනසා රසවිදින ලෙසටත් අපි ඔබෙන් අවසන් වශයෙන් ඉල්ලා සිටිනවා.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    30 ° C
    30 °
    28 °
    78 %
    2.8kmh
    100 %
    Mon
    31 °
    Tue
    30 °
    Wed
    29 °
    Thu
    27 °
    Fri
    27 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු