fbpx
More
    33 C
    Colombo
    Tuesday, May 14, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    සති අග පවුලේ චාරිකාවට කොළඹට නුදුරින් සුන්දර තැන් 6ක්

    Family Tech Sponsorspot_imgspot_img

    එළඹෙන සති අන්තය දීර්ඝ සති අන්තයක්. ඉතිං familylife.lk අපි family trip තුළින් ඔබ හමුවන්න තීරණය කළේ මේ සති අන්තය නිදහසේ ගත කරන්න ඉන්න අයට මෙම ලිපිය වඩාත් වැදගත් වෙයි කියල හිතපු නිසයි.

    පොඩි දරුවෝ ඉන්න මව්පියෝ උනාට පස්සේ හිතුනු හිතුනු විදියට ගමන් බිමන් යන එක නම් ලේසි පහසු දෙයක් නෙවෙයි. වෙහෙසකර ජීවිතෙන් දවසකට හරි මිදිලා ගමනක් යන්න සූදානම් උනත් යන්න කලින්  කරුණු  ගණනාවක් ගැන සළකලා තමයි ගමන සැලසුම් කරන්න වෙන්නේ.

    මේ ලිපියෙන් අපි කතා කරන්න යන්නේ, බස්නාහිර පළාතට අයිතිවන එක් දවසකින් ගිහින් එන්න පුළුවන් ස්ථාන 6ක් ගැන. පොඩ්ඩෝ එක්ක ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවනම් අපි මේ කියන තැන් ගැනත් ටිකක් හොයලා යන්න උත්සාහ කරන්නකෝ.

    1. නාච්චිමලේ/ පරෙයිතොට

    www.familylife.lk

    ඉංගිරිය ප්‍රදේශයේ ඇති ප්‍රසිද්ධම ස්ථනයක් වන නාච්චිමලේ කියන්නේ නාච්චිමලේ දොළ ආශ්‍රිතව පිහිටා තියෙන සුන්දර නාන තොටුපොලකට. මේ දොළට නම්බපාන දොළ කියලත් කියනවා. ඉංගිරිය නගරයේ සිට පාදුක්ක කොළඹ පාරේ සැතැප්ම 1ක් විතර ගිහින් මහ ඉංගිරිය මංසන්ධියෙන් දකුණු පසට තියෙන කීනගහවිල පාරේ සැතැප්ම 1 ½  ගියාම තියෙන මඩකඩ ආරණ්‍ය  සේනාසනය පාර පහු කළාම මෙතනට යන්න පුළුවන්. මෙතන දිය ඇලි සහ ස්වභාවිකව සෑදුනු දිය තටාක පිරුණු සුන්දර ස්ථානයක්.

    මෙරටට  ආවේනික මසුන් වර්ග ගණනාවකුත් මෙතනදි දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. මඩකඩ ආරණ්‍ය සේනාසනය ආශ්‍රිත මඩකඩ වනාන්තරයත්, පරෙයිතොටත් මේ අතරෙම බලාගන්න පුළුවන්.  ඉංගිරිය නගරයේ සිට රත්නපුර පාරේ සැතැප්ම 1ක් ගිහින් වමට ඇති නම්බපාන පාසැල් මාවතේ සැතප්ම ½ක් ගියාම පරෙයිතොට තොටුපොළ හමු වෙනවා.  බොහොම නිස්කලංක සහ සුන්දර ස්ථාන උනත් මේ වෙනකොට සංචාරකයින් වැඩියෙන් පැමිණෙන ස්ථාන නිසා සති අන්තය නම් බොහොම කාර්‍යබහුල ස්ථාන බවට පත්වෙනවා. අවන්හල් කීපයකුත් තිබුණත් පොඩ්ඩොත් එක්ක එන නිසා කෑම බීම ටිකක් හදාගෙන ඇවිත් නාලා, කාලා බීලා යන්න පුළුවන්.

    Google Map

    2. පුවක්පිටිය දිය ඇලි

    www.familylife.lk

    ආයෙත් කියන්නේ දිය ඇලි කීපයක් ගැනම තමයි. කොළඹ අවට දිය ඇලි තියෙනවා කීයන එක අරුමයක් වගේ උනත් මේ දිය ඇලි 4 පිහිටලා තියෙන්නේ අවිස්සාවේල්ලේ පුවක්පිටිය ප්‍රදේශයේ.  කොළඹ ඉඳලා ඇවිත් පුවක්පිටිය දුම්රිය ස්ථානය පහුකරලා ටික දුරක් ගියාම හම්බවෙන තුම්මෝදර පාරේ ආයෙත් කිලෝමීටර් 2ක් විතර ගියාම හම්බවෙන පළවෙනි දිය ඇල්ලකුමාරි ඇල්ලකියලා හඳුන්වනවා. සීතාවක රාජසිංහ රජුගේ දියණිය වුන කුමාරි මේ දිය ඇල්ල අසල දියේ ගිලී මිය ගිය නිසා මේ ඇල්ල කුමාරි ඇල්ල වුණා කියලා තමයි කතාව තියෙන්නේ. බලන්න ලස්සන උනත් නාන්න නම් මෙතන එතරම් සුදුසු නෑ කියලා තමයි කියන්නේ. 

    තුන්මෝදර පාරෙන්ම ඉලුක්ඕවිට හන්දියෙන් වමට ගියාමඇල්ල උඩ ඇල්ල යන්න පුළුවන්. ඉලුක්ඕවිට හන්දියේ ඉඳලා මීටර් 800 තරම් දුරක් තමයි තමයි මේක තියෙන්නේ. මේ දිය ඇල්ල පිහිටලා තියෙන ස්වභාවය නිසා තමයි මේ නම ලැබෙන්නේ. මේ දිය ඇලි දෙකම මීටර් 4-5ක්පමණ තමයි උස .  ඇල්ල උඩ ඇල්ලේ ඉඳලා තුම්මොදර පාරේ තවත් කිලෝමීටර් 3ක් විතර ගියාම  මීටර් 15ක් විතර උසරන්මුදු ඇල්ලමුණ ගැහෙනවා. රන්මුදු ඇල්ලේ ඉඳලා කිලෝමීටර් 3ක් විතර තුම්මෝදර හංදියට ඇවිල්ලා ලබුගම පැත්තට තව කිලෝමීටර් 2ක් ගියාම උස මීටර් 10ක් විතර වෙනදම්බොර ඇල්ලතියෙනවා. කොළඹ ඉදලා පැයක විතර ගමනකින් පස්සේ මේ දිය ඇලි වලට ළගාවෙන්න පුළුවන්කම තියෙනවා.

    Google Map

    3. සීතාවක තෙත්කලාපීය උද්භිද උද්‍යානය

    www.familylife.lk

    බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල, ඉළුක්ඕවිට ප්‍රදේශයේ පිහිටා තියෙන මේ උද්‍යානය වසරේ දින 365 පෙ..7.30 සිට ..5.00 දක්වා  විවෘතව තියෙනවා. ඉතාම සුළු මුදලක් ගෙවලා ඇතුල් වෙලා දවස පුරාමරැදෙමින් පුෂ්ප, ශාක, ඔසු උයන්, පක්ෂීන් වගේම සමනළුන් බලන්නත් පුළුවන්. අවට  පරිසරය නැරඹීම  සඳහා ස්ථානයක් (වීව් පොයින්ට් එකක්), අංගසම්පූර්ණ ගිමන්හලක්, අවන්හලක් වගේම සනීපාරක්ෂක පහසුකම් මෙහි තියෙනවා . විතරක් නෙවෙයි අවශ්‍යනම් උද්‍යානය වටේට බෝට්ටු සවාරියකුත් යන්න හැකියාව තියෙනවා.

    Google Map

    4. මීගමු කලපුවේ බෝට්ටු සවාරි

    www.familylife.lk

    මුහුදු තෘණ බිම්, කඩොලාන, මසුන්, කකුළුවන් සහ ඉස්සන් බහුල ඉතා වැදගත් ජෛව විවිධත්වයක් ඇති,  හෙක්ටයාර 3328 ක් පුරා පැතිර පවතින මීගමු කලපුවෙ කලපු ඉවුර සෙත්තප්පාඩුව සිට කුරණ දක්වා 22ක්  පුරා පැතිරිලා තියෙනවා. මේ කලපුව ආශ්‍රිතව මසුන් වර්ග 133 ක් පමණ ගැවසෙනවා. සුන්දර වටපිටාව සහ මසුන් නරඹනවට අමතරව බෝට්ටු සවාරි යන්නත් පුළුවන්. මෝටර් බෝට්ටුවක රවුමක් යන්න උපරිම රු. 1500 ක් වගේ වැයවේවී. මීගමුවෙ වගේම බොල්ගොඩ ගඟේත් මේ විදියෙම බෝට්ටු සවාරියක් යන්න පුළුවන් වුනත් මීගමු කළපුව වඩා සුන්දරයි කියලයි අපේ අදහස.

    Google Map

    5. අත්තිඩිය කුරුලු අභය භූමිය

    www.familylife.lk

    1990 ආරම්භ කරපු මේ අභය භූමිය මේ වෙනකොට වැඩි සන්චාරක අවදානයක් ලබා නොගන්න තැනක් බවට පත්වෙලා. වැඩිපුරම මේ ස්ථානය ගැන තියෙන නොදැනුවත්කම තමයි මේකට හේතුව. දෙහිවල සත්වෝද්‍යානයේ ඉදලා වැඩි දුරක් නොවෙන නිසා සත්තු වත්තත් බලාගෙන, මේ කුරුලු අභය භූමියටත් ගිහිල්ලම යන්න පුළුවන්. අභය භූමියට පැමිණෙන සංචාරක පක්‌ෂීන් අතර වනවටුවා, පිලිපීන සබරිත්තා, දාර පෙඳැති මහවටුවා ප්‍රධාන වෙනවා. ශ්‍රී ලංකාවෙන් වඳවී යැමේ තර්ජනයට මුහුණපා සිටින කලු කොකා හෙවත් දම් සිලුටු දැතුඩුවා, පුංචි බස්‌සා, මැටි කොරවක්‌කා වගේම  හොටය මැද සිදුරක්‌ තිබෙන එකම පක්‌ෂියා වන බෙල්ලන් කොකුන් මෙහි වාසය කරනවා . සත්තු බලන්න ආස කරන පොඩ්ඩෝ ඉන්නවනම්  මේ ස්ථානවලට ගියොත් ඔවුන් ලොකු විනෝදයක් ලබයි.

    Google Map

    6. හොරගොල්ල ජාතික වනෝද්‍යානය

    www.familylife.lk

    ශ්‍රී ලංකාවේ කුඩාම (අක්කර 33) ,සහ බස්නාහිර පළාතට (උඩහපත්තුවේ  හම්බදළුව ප්‍රදේශයේ ) අයිති එකම ජාතික වනෝද්‍යානය විදියට හදුන්වන්න පුළුවන් හොරගොල්ල වනෝද්‍යානය ගැනත් වැඩි දෙනා දැනුවත් නෑ . කොළඹනුවර මාර්ගයේ  නිට්ටඹුව නගරයෙන් කිලෝමීටරයක් වේයන්ගොඩ දෙසට ගමන් කළාම හමුවන පින්නගොල්ල හන්දියෙන් වමට හැරිලා මීටර 600ක්  විතර ගියාම හොරගොල්ල ජාතික උද්‍යාන කාර්‍යාලයට ළගා වෙන්න පුළුවන්. අනතුරුවලට ලක්වුන සතුන් සහ කුරුල්ලන් මෙහි ගෙනැවිත් සුව කර නිදහස් කිරීම කරනවා. වටිනා ශාක, සතුන්, පක්ෂීන්, මසුන් විතරක් නෙවෙයි සර්ප විශේෂත් මෙහි ජීවත් වෙනවා. ඉතාම නිස්කලංක පරිසරයක ඉදලා ටිකක් රිලැක්ස් වෙන්න කැමතිනම් මේ ස්ථානය ඉතාම සුදුසුයි කියලා කියන්න පුළුවන්.

    Google Map

     

    ඒවාගේම විශේෂයෙන්ම මේවායින්කුමන තැනකට ගියත් ආරක්ෂාව පිළිබදව ඉතාම සැළකිලිමත් වෙන්න ඕනි කියන කරුණත් ආගිය තැන්වල ඔබේ පියසටහන් පමණක්ම ඉතිරි කරලා මතකයන් පමණක් රැගෙන එන්න කියන කරුණත් අවසන් වශයෙන් අපි ඔබට මතක් කරනවා.

    ඔබ මේ ලිපියත් කියවලම ගමනට සූදානම් වෙනව නම් ගමනේ පහසුව තවත් වැඩි වේවි – පොඩි දරුවන් සමග චාරිකා යන්නට පෙර මේ ගැනත් සිතන්න


    මෙම ලිපිය ගැන ඔබගේ අවංක අදහස් කමෙන්ට්ස් ඔස්සේ අපට කියන්න. ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    කවරයේ ඡායාරූපය -flipauto.com

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    33 ° C
    33 °
    33 °
    69 %
    4kmh
    100 %
    Tue
    32 °
    Wed
    28 °
    Thu
    29 °
    Fri
    30 °
    Sat
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු