fbpx
More
    32 C
    Colombo
    Friday, October 4, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    නොදැනීම මුත්‍රා පිටවීම ඔබවත් අපහසුතාවයට පත්කරනවාද?

    Family Tech Sponsorspot_imgspot_img

    සමහර ලෙඩ රෝග බොහොම සාමාන්‍ය දෙයක් ලෙස සිතා අපි නොසලකා ඉන්නවා. අපේ කාන්තාවන් බොහොමයකට ඇති ගැටලුකාරී තත්ත්වයක් වන නොදැනීම ස්වල්ප වශයෙන් මූත්‍රා පිටවීමත් එවැනි රෝගයක්. සමහරවිට මේ සඳහා ප්‍රතිකාර ගැනීමට කාන්තාවන් මැලි බවක් දක්වන්නේ ලැජ්ජාව නිසා වෙන්නත් පුළුවන්. අද අපි familylife.lk සුව පියස තුළින් කතා කරන්නේ බොහෝ දෙනා නොසලකා හරින මෙම රෝග තත්ත්වය ගැනයි.

    www.familylife,.lk

    නොදැනීම මුත්‍රා පිටවෙන්න හේතු මොනවාද?

    • ගර්භණී හා දරු ප්‍රසව සමයේදී ශ්‍රෝණි (උකුල් ප්‍රදේශයේ) පහළ පෙදෙසේ පේශීන්ට හානි සිදුවීම
    • ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය හා ශ්‍රෝණි පෙදෙස් (යටි බඩ පෙදෙස්) ශල්‍යකර්මවල අතුරු අහිතකර ප්‍රතිඵලයක් ලෙස
    • මාස් ශුද්ධිය නතර වූ කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝර්මෝන ස්‍රාවය අඩුවීම නිසා මුත්‍රා ප්‍රවාහනය කරන මුත්‍රා නාලයෙහි පටකවලට හානි සිදුවීම.
    • දුම්පානය, සමහර ඖෂධ භාවිතය (විශේෂයෙන්ම මුත්‍රා කාරක ඖෂධ ගැනීම) සහ හෝමෝන ප්‍රතිස්ථාපන ඖෂධ භාවිතය ආදී හේතු
    • කෝපි තුළ අඩංගු කැෆේන් මුත්‍රා මාර්ගය හා මුත්‍රාශ ආසාදන
    • ස්නායුගත රෝග
    • සචලතාව අහිමි වීම මෙන්ම වයසට යාමත් සමග ඇතිවන වෙනස්කම්
    • පුරස්ථ ග්‍රන්ථි විශාල වීම මගින් මුත්‍රා මාර්ගය අවහිර වීම
    • මලබද්ධය නිසා මලපහ විශාල වශයෙන් ගුදයේ ඉතිරිව තිබීම
    • අධික තරබාරු ගතිය
    • මුත්‍රාවල විෂබීජ තත්ත්ව
    • රුධිර වාහිනීවල ඇති අවහිර වීම්දි
    • දියවැඩියාව වැනි රෝග
    www
    ©mayoclinic.org

    නොදැනීම මුත්‍රා පිටවීමේ විවිධ අවස්ථා තිබිය හැක.

    1. උදරයේ පීඩනය එකවර වැඩිවීම සමග නොදැනීම මුත්‍රා පිටවීම.(Urge incontinence) – උදා: කහින විට, හිනාවෙන විට, ව්‍යායාමවල නිරත වන විට – මෙය ගැහැනු අයගේ බහුලව දැකිය හැක. ගුද මාර්ගය ඇති ප්‍රදේශයේ මංශපේශීවල සිදුවන දුර්වල වීම් හේතුකොට ගෙන මෙම තත්ත්වය ඇති වේ. එසේ දුර්වල වීමට බලපාන ප්‍රධාන සාධක ලෙස දරුවන් බිහිකිරීමේ දී සිදුවන ඉරීම් හා ඒ ආශ්‍රිතව කරන ශල්‍යකර්ම මෙන්ම වයසට යාමද දැක්විය හැකිය.

    2. මුත්‍රා කිරීමට අවශ්‍ය වූ විට එය පාලනය කළ නොහැකිව ඒ සමගම මුත්‍රා පිටවීම.(Urge incontinence) –  මෙය බෙහෝ විට මහලු අයගේ මෙන්ම මුත්‍රාවල විෂබීජ තත්වයන් හිදී දැකිය හැක.

    3. එකදිගටම නොදැනීම මුත්‍රා පිටවීම.(Overflow incontinence) – මෙහිදී මුත්‍රා පිටවන මාර්ගයේ ඇති බාධාවක් හේතුකොටගෙන හෝ දියවැඩියාව හා සමහර ඖෂධ වර්ග නිසා මුත්‍රාශයෙන් සම්පූර්ණයෙන් මුත්‍රා පිටකළ නොහැකි වේ. සෑමවිටම ස්වල්ප වශයෙන් මුත්‍රා පිටවීම සිදුවේ.

    ප්‍රතිකාර ක්‍රම මොනවාද ?

    නොදැනීම මුත්‍රා පිටවීම හේතු වී ඇති කාරණය මත
    • මුත්‍රා පාලනය කරන මාංශපේශී ශක්තිමත් කිරීමේ ව්‍යායාම (Kegel Exercises)
    • ඖෂධ වර්ග
    • ශල්‍යකර්ම

    යන ප්‍රතිකාර ක්‍රම නිර්දේශ කරයි.

    www.familylife.lk

    නොදැනීම මුත්‍රා පිටවීම පාලනය කරගත හැක්කේ කෙසේද?

    මුත්‍රා අසංයමයෙන් පෙළෙන බොහෝ අයට ඉන් මිදීම සඳහා තම ජිවන රටාවේ යම් වෙනස්කම් සිදු කර ගැනීම වැදගත්ය. ඒ අනුව

    එකවර පානය කරන දියර ප්‍රමාණය සීමා කරන්න

    දිනකට අවශ්‍ය ලොකු වීදුරු අටක ජලය ප්‍රමාණය අඩු කිරීම මෙහිදී අපේක්ෂා නොකළ ද එකවර විශාල දියර ප්‍රමාණයක් පානය නොකර සිටීමෙන් ආතති හා පෙළඹුම් අසංයම තත්ත්වයන් පාලනය කළ හැකිය.

    උදර ප්‍රදේශයේ පේශි ප්‍රමාණය අඩු කරන්න

    උදරය විශාල වීම නිසාද මුත්‍රාශයට සහ පේශිවලට වැඩි පීඩනයක් එල්ල කරයි. එහෙයින් ව්‍යායාම කිරීම සහ ආහාර පාලනය කිරීම තුළින් සිහින් වූ උදර ප්‍රදේශයක් හිමිකර ගැනීමට උත්සාහ කරන්න.

    මලබද්ධය වළක්වා ගන්න

    කෙඳි (තන්තු) බහුල ආහාර (පලතුරු, එළවළු, නිවුඩු සහල් ආදී)ආහාර වැඩිපුර ගැනීම මගින් බඩවේලීම (මල බද්ධය) වළක්වා ගැනීමට පියවර ගන්න.

    මුත්‍රාශය සම්පූර්ණයෙන්ම හිස් කරන්න

    මුත්‍රා පහකර අවසන් බව හැඟු‍න ද වැසිකිලියෙන් පිටව නොගොස්, සිටින ආකාරය වෙනස් කර මිනිත්තුවකින් පමණ පසුව නැවත මුත්‍රා කිරීමට උත්සාහ ගන්න. එමගින් මුත්‍රාශයේ රැඳි තිබෙන ඉතිරි මුත්‍රා ද බැහැර කර ගැනීමේ අවස්ථාව සැලසෙයි.

    මුත්‍රාශ උත්කෝපක භාවිත නොකරන්න

    කැෆේන් (කෝපි තුළ අඩංගු), මත්පැන්, අධිකව කුළු බඩු යෙදූ ආහාර, තක්කාලි හා තක්කාලි අඩංගු ආහාර මෙන්ම කෘත්‍රිම පැණි රස කාරක යෙදූ ආහාරයෙන් වැළකීම පෙළඹුම් අසංයමයෙන් පෙළෙන අයට සහනය ලබා දීමට සමත්ය.

    wwww.familylife.lk
    ©pericoach.com
    www.familylife.lk
    ©pericoach.com
    කීගල්” ව්‍යායාමයන්හි නිරතවන්න

    ශ්‍රෝණි ප්‍රදේශයේ පේශි ශක්තිමත් කිරීම සඳහා වන මෙම ව්‍යායාමයන්හි නිතරවීම සුදුසු පියවරකි. වෛද්‍ය ප්‍රතිකාරවලට සමගාමීව භෞතචිකිත්සකවරයකුගෙන් මෙම ව්‍යායාම නිවැරදිව සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව නිවැරදි අවබෝධයක් ඔබට ලබා ගැනීමට හැකිය.

    මේ හැරුණු විට ඖෂධීය ප්‍රතිකාර, යෝනි මාර්ගය තුළින් “පෙසරි” ඇතුළු කිරීම, ස්නායු උත්තේජන තමන්ට, ජෛව ප්‍රතිපෝෂණය ලබාදීම සහ ආසන්න පියවරක් ලෙස ශල්‍යකර්මයකට ලක්කිරීම ද මුත්‍රා අසංයමය නොහොත් නොදැනුවත්වම හා පාලනයකින් තොරව මුත්‍රා කාන්දු වීම හා පිටවීම වැළැක්වීමට ගත හැකි වෛද්‍යමය ප්‍රතිකර්ම වේ.

    මාංශපේශී ශක්තිමත් කිරීමට ඇති ව්‍යායාම ක්‍රමය කුමක්ද?

    මෙය Kegel Exercises යනුවෙන් හැඳින්වේ.

    කළ යුතු පිළිවෙළ
    1. මුත්‍රා පාලනය කිරීම හා ආශ‍්‍රිතව දුර්වල වී ඇති මාංශපේශීන් හඳුනාගැනීම. – මේ සඳහා ඔබ මුත්‍රා කරන විට උදරය, තට්ටමේ හෝ කකුල්වල මංශපේශී තද නොකර මුත්‍රා ගමන නැවැත්වීමට හෝ අඩුකිරීමට උත්සහ කරන්න. එක් අවස්ථාවකදී එක් විදිහකට මාංශපේශී තද කිරීමේදී මුත්‍රා ගමන නතර වීම හෝ අඩුවීම සිදුවේ. ඒ මුත්‍රා පාලනය කිරීමට අවශ්‍ය මාංශපේශී ඛාණ්ඩයයි. දැන් ඔබට කවර ආකාරයකට එම මාංශපේශී පමණක් ක්‍රියාකාරී කළ හැක්කේ ද යන්න ගැන අවබෝධයක් ඇත.
    2. දැන් ඒ ආකාරයට එම මාංශපේශී ඛාණ්ඩය තදකර දහයට ගණන් කරන්න. ඉන්පසු බුරුල් කර දහයට ගණන් කරන්න.
    3. මේ ආකාරයට එක් වරකට 20 වරක් බැගින් දවසට තුන්වරක් කරන්න.
    4. බොහෝ විට සාර්ථක ප්‍රථිපල මාස 3-6 දක්වා කාලයකින් ලබා ගත හැකිය.

     

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් වරලත් භෞතචිකිත්සක සංගමයේ ජාතික සංවිධායක, ෆිසියෝ ලයිෆ් ආයතනයේ අධ්‍යක්ෂ, වරලත් භෞතචිකිත්සක ආචාර්ය සුජීව වීරසිංහ මහතා දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    කවරයේ ඡායාරුපය – jenningswire.com

     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    scattered clouds
    32 ° C
    32 °
    32 °
    68 %
    4.9kmh
    26 %
    Fri
    32 °
    Sat
    29 °
    Sun
    28 °
    Mon
    28 °
    Tue
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු