fbpx
More
    27 C
    Colombo
    Monday, October 7, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    පසුම්බියෙ මුදල් වාෂ්ප වෙන එක නතර කරන්න මේ දේවල් කරල බලන්න…

    Family Tech Sponsorspot_imgspot_img

    මෙම ලිපියේ පළමු කොටස “කාලෙට ගැලපෙන්න පටි තද කරගන්න සැරසෙන්නෙ මෙහෙමයි” කියන සිරස්තලයෙන් පසුගිය සතියේ familylife.lk ෆැමිලි ටුඩේ තීරයේ පළවුනා ඔබට මතක ඇති. මේ එහි දෙවන කොටසයි.

    දවසින් දවස රුපියලේ අගය ඩොලරයට සාපේක්‍ෂව අවප්‍රමාණ වීමත් එක්ක අත්‍යාවශ්‍යය භාන්ඩ බොහොමයක් පිටරටවලින් ආනයනය කරන අපි වගේ රටකට දරාගන්න බැරි තරම්. මොන ආර්ථික විද්‍යා තර්ක තිබුනත් අන්තිමට තමන්ගෙ පසුම්බිය හිස් වෙන වේගෙ වැඩී කියල දැනෙන කොට, වෙනදට වඩා අමාරුකම් දැනෙන කොට තර්ක වලින් ඇති වැඩක් නෑ. ඒත් රටේ සාර්ව ආර්ථිකය තම තමන්ට පාලනය කරන්න බැරි නිසා තමන්ගෙ පැත්තෙන් මේ අර්බුදයට ගත හැකි සරල විසඳුම් ටිකක් ඉදිරිපත් කරන්න අපි හිතුව.

    මේ අපි කියන්න යන දේවල් එදිනෙදා ජීවිතයේ වියදම් අඩු කරගන්නත්, පොඩි ආදායමක් උපයාගන්නත් උදව්වක් වේවී. මේ හැම දෙයක්ම තමන්ගේ ආදායමට වියදමට සාපේක්ෂ බවත් මතක තියාගන්න.

    www.familylife.lk
    ©ichef.bbci.co.uk
    • රුපියල් 100 – 200ක් කැටයකට හෝ දමා තබා ගැනීම හදිසි අවස්ථාවකදී (චූන් පාන් ත්‍රීවිලරයට මුදල් මදිවූ අවස්ථාවේ පවා) විශාල සහනයක් වේවී.
    • තමන්ගේ වියදම් අත්‍යවශ්‍ය, අත්‍යවශ්‍ය නොවන ආකාරයෙන් ලැයිස්තුගත කිරීම හරහා අනවශ්‍ය වියදම් කපා ගන්න පුළුවන්.
    • නිවසට අවශ්‍ය ද්‍රව්‍ය එකින් එක මිලට නොගෙන ලැයිස්තුවක්  එකතු වීමෙන් පසු මිලට ගැනීමෙන් අනවශ්‍ය හා අනපේක්ෂිත මිලට ගැනීම අවම වේ.
    • එන්විලොප් එකකට මුදල් දමා ආහාර වියදම්, බෙහෙත් වියදම්, ගමනාගමන වියදම් වශයෙන් එක් එක් කාර්‍ය වෙනුවෙන් වෙන් කර තැබීම සහ අදාළ කටයුත්තට අදාළ කවරයෙන් පමණක් මුදල් ගැනීම. අරපිරිමැස්මෙන් වියදම් කළ විට මාසයක් අවසානයේ කවරයේ ඉතිරි මුදල ඉතුරුමකි. මෙය සති පතාද කළ හැකිය.
    • සතියකට 2500 – 3000ක් යනාදි වශයෙන් තමන්ගේ ආදායම අනුව ඉලක්ක තබා ගැනීම.
    • බෝනස් දීමනා වැනි ලැබීම් ඉතුරුවක් බවට පත් කර ගැනීම.
    • මිලදී ගැනීම්වලදී සීමාවක් පනවා ගැනීම. අන්තර්ජාලය හරහා කරන මිලදී ගැනීම්වලටද මෙය අදාළ වේ.
    • ඩෙබිට් කාඩ් පතින් මුදල් ගන්නා විට අදාළ බැන්කුවේම ඒටීඑම් යන්ත්‍ර පාවිච්චි කිරීම.
    • ක්‍රෙඩිට් කාර්ඩ් පත්වලින් කළ මිලදී ගැනීම්වලට අදාළ දිනයටම බිල් ගෙවීමෙන් පොලී මුදල අඩු කරගැනීම.
    • අත්‍යවශ්‍යම අවස්ථාවකදී හැර ක්‍රෙඩිට් කාඩ්පත මුදල් පසුම්බියේ තබා ගැනීමෙන් වැළකීම.
    • නිවසේ භාවිතා නොකරන ඉඩක් ඇත්නම් කුලියට ලබා දීමෙන් මුදලක් උපයාගත හැකි වේ.
    • නිවස, උපකරණ, ඇදුම් යනාදියෙහි අලුත්වැඩියාවන් සදහා මුදල් වියදම් නොකර හැකියාවක් ඇත්නම් තමා විසින්ම කර ගැනීම.
    • නිතර අවශ්‍යවන සබන්, ළදරු ඩයපර්ස් වැනි දේවල් කල් ඉකුත්වන දිනය සළකා බලා තොග වශයෙන් මිලට ගැනීම.
    • උසස් තත්ත්වයේ කල්පවතින, එකිනෙකට ගැළපිය හැකි අන්දමේ ඇඳුම්, සපත්තු සහ බෑග් යනාදිය මිළදීගැනීම.
    • සතියට එක දවසක් අනිවාර්‍යෙන් වියදම් නොකරන දවසක් බවට පත් කරගන්න.(කඩ කෑම, රසකැවිලි යනාදි නිතර මිලට ගන්නා දේ සදහා)
    •  බ්‍රෑන්ඩඩ් ද්‍රව්‍ය වෙනුවට තත්වයෙන් සමාන විකල්ප මිලට ගැනීම. (බෙහෙත්, ටිශූ, බිස්කට්, සබන්….)
    • ගමනාගමනය සදහා දුම්රිය, පොදු ප්‍රවාහන සේවා වැනි දෑ හැකි සෑම විටම පාවිච්චි කිරීම.
    • වින්ඩෝ ශොපින් අවම කිරීමෙන් අනපේක්ෂිත සහ අනවශ්‍ය මිලට ගැනීම්වලින් වැළකේ.
    • සුපිරි වෙළදසැල්, ඇඳුම් කඩ යනාදියෙන් ලබාදෙන ලෝයලිටි කාර්ඩ් වැනි දෑ ලබාගැනීම.
    • මීල් ප්ලෑන් එකකට අනුව අවශ්‍ය භාණ්ඩ පමණක් මිළට ගැනීම.
    • මිළ, ප්‍රමාණය හා තත්ත්වය සසඳමින් භාණ්ඩ මිළදි ගැනීම.
    • පවුලේ ප්‍රියතම ආහාර සැදූ විට ඉතිරි කොටස් අධිශීතකරණයේ නිවැරදි විදියට අසුරා පසුව පාවිච්චි කිරීම.
    • සෞඛ්‍යාරක්ෂිත නොවන ක්ෂණික ආහාර සහ බීම වියදම් කපා හැරීම සහ වැඩිපුර ජලය පානය කිරීම
    • දුම්බීම වැනි සෞඛ්‍යාරක්ෂිත නොවන පුරුදු අත්හැරීම.
    • ඉඩ කඩ ඇති ලෙස එළවලු, පළතුරු නිවසේ වගා කිරීම.
    • රැකියා ස්ථානයෙන් ලබා දෙන සියළුම වාසි, දීමනා යනාදිය ගැන හොඳින් දැනුවත් වී එයින් ප්‍රයෝජනයක් ගැනීම.
    • නරඹන්නේ නැති කේබල් හා සැටලයිට් ටීවී චැනල් අක්‍රිය කිරීම.
    • සාමාන්‍යයෙන් කරන සෞඛ්‍ය වියදම් නතර නොකිරීම.(මාස කිහිපයකට වරක් දත් පරීක්ෂා කිරීම වැනි)
    • බෙහෙත් ද්‍රව්‍ය, නිවසට අවශ්‍ය භාණ්ඩ, එලවළු පලතුරු මිළදී ගන්නා ස්ථාන කීපයක් ගැන දැනුවත්ව සිටීම.
    • කුලී නිවසක ජීවත් වනවා නම් වසර පතා ගිවිසුම් අළුත් කරන විට අනෙකුත් නිවාස කුලී පිළිබඳවත් සොයා බැලීම.
    • LED සහ  CFL බල්බ් භාවිතය, භාවිතා නොකරන විදුලි උපකරණ විදුලි පේනුවලට සම්බන්ධ නොකර තැබීම, අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීම සහ වසර ගණනාවක් පැරණි විදුලි උපකරණවල විදුලිය භාවිතය පිළිබදව අවධානය යොමු කොට ඉවත් කිරීම.
    • අඩු පීඩනයකින් ජලය ලබාගනිමින් අරපිරිමැස්මෙන් භාවිතා කිරීම.
    • අතිරික්ත උපකරණ, පාවිච්චිකළ හැකි පරණ උපකරණ, පොත් සහ ඩීවීඩී වැනි භාණ්ඩ, විකුනා දැමීම.
    • තෑගි භාණ්ඩ මිළට නොගෙන අවම වියදමකින් වටිනා ලෙස නිවසේදීම නිර්මාණය කිරීම.
    • නිතර පිටතට යෑම, පිටතින් ආහාර ගැනීම, සාද පැවැත්වීම වෙනුවට මිතුරන්ට නිවසට ආරාධනා කිරීම.

    අපි එතරම් නොහිතන, නමුත් අපට කළ හැකි බොහෝ දේ ඇති බව දැන් ඔබට වැටහෙනු ඇති. ඉතිං පොඩි උත්සාහයක් කර බලන්න. මේ දේවල් වලින් එකවර විශාල මුදලක් ඉතුරු නොවුනත් මාස කීපයකට හෝ වසරකට ගනන් හදා බැලීමෙන් එය සැලකිය යුතු මුදලක් බව ඔබට අනිවර්යයෙන්ම සිතෙනු ඇති. නිකරුනේ වියදම් කරනවාට වඩා සුළු මුදලක් හෝ ඉතුරු වීම කොතරම් හොඳ දෙයක්ද?

    කවරයේ ඡායාරූපය – farm5.static.flickr.com

    ෆැමිලි ටුඩේ යටතේ ලියවුණු එදිනෙදා දිවියට වැදගත් සියලු ලිපි සඳහා පිවිසෙන්න


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    moderate rain
    27 ° C
    27 °
    27 °
    81 %
    2.2kmh
    100 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    27 °
    Thu
    26 °
    Fri
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු