fbpx
More
    28.2 C
    Colombo
    Friday, December 27, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    පෙම් සබඳතා වල පැටලෙන්න කලින් මේ ප්‍රේම දඩයක්කරුවන් ගැන දැනගන්න…

    Family Tech Sponsorspot_imgspot_img

    ඕනෑම කෙනෙක් වඩාත් ප්‍රිය කරන්නේ තමන් කැමති දේවල් ලගට අරන් අකමැති දේවල් දුරස් කරලා දාන්න. මිනිස් සබඳතාවලට, විශේෂයෙන් පෙම් සබඳතා වලටත් මේ කාරණය පොදු දෙයක්. familylife.lk අපි ෆැමිලි ටුඩේ ගෙන එන මේ ලිපියෙන් අරන් එන්නේ සමාජයේ අපට දකින්නට ඇති විවිධ ප්‍රේමවන්තයින්ගේ ගති ලක්‍ෂණ කීපයක් සහ එම ගති ලක්‍ෂන වලට අනුව ඔවුන් වර්ග කළ හැකි ආකාරය ගැන පුංචි අදහසක්.

    ඉතිං මේ චරිත ලක්‍ෂණ ගැන දැනුවත් වෙලා හිටියොත් දවසක පෙම්වතියක් වීමට ඔබටත් ආරාධනයක් ලැබුනු වෙලාවක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඒ විතරක් නෙවෙයි අනාගතයේදී ඇතිවිය හැකි බොහෝ සිත් රිදුම් අවම කර ගන්නත් ඔබට අවස්ථාවක් ලබා දේවි. මේ ගැන ඕනම වැඩිමල් සොහොයුරියකගෙන් ඇහුවොත් එයාලගෙ අත්දැකීමුත් කියාවි. මේ කියන කරුණු හැමෝටම අදාළ නොවෙන්න පුළුවන්. හැබැයි බොහෝ යුවතියන් අපි මේ කියන ගති ලක්ෂණ තමන් පෙම් කරන පුද්ගලයා තුලින් අත්දකින්න එතරම් ප්‍රිය කරන්නේ නෑ.

    www.familylife.lk

    කෝ සැපතක් මේ ලෝකේ

    සමහර පෙම්වතුන් පොඩ්ඩක්වත් කැමති නෑ තමන්ගේ පෙම්වතිය ඇයගේ පවුලේ සාමාජිකයින් හෝ හිතවතුන් එක්ක විනෝද  චාරිකාවකට, සාදයකට සහභාගී වෙනවට. කෙටියෙන්ම කිවොත් තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් විනෝද වෙනවට මේ අය කැමති නෑ. බැරි වෙලාවත් එහෙම ගියොත් සති ගානක් රණ්ඩු කරගන්නවා.

    හැබැයි තමුන්ට ඕනි කෙනෙක් එක්ක ඕනෑම වෙලාවක ඕනෑම තැනක යන්න පුළුවන් කියලා මේ අය හිතන් ඉන්නවා. “මේ තමයි සැබෑ ආදරේ කියලා” මුලාවේ වැටුණු පිරිසකුත් හිටියට, තමන්ගේ ස්වාධීනත්වය අගයන, සාධාරනව හිතන බොහෝ පෙම්වතියන්ගේ අකමැත්තට නිරන්තරයෙන් ලක්වන පුද්ගලයන් ලෙස මේ අය හඳුන්වන්න පුළුවන්. ඔබත් දැනටම මේ වගේ පෙම්වතෙක්ගෙ පෙම්වතියක් නම් ටිකක් ගැඹුරින් මේ කාරනය ගැන හිතන එක හොඳයි කියන එකයි අපේ අදහස.

    ඔයාට තමයි වගේ පොඩි දෙයක්වත් මං වෙනුවෙන් කරන්න බැරි.

    තවත් සමහරු ඉන්නවා, තමුන් පෙම්වතිය වෙනුවෙන් කරන කියන දේවල්වලට හිලව් වෙන්න ඇයගෙන් ලිංගික වාසි බලාපොරොත්තුවෙන. කෙනෙකුගේ ලිංගියකත්වය තමන්ට අතිශය පෞද්ගලික කාරනයක් වුනත් මෙවැනි අවස්ථාක අපේ උපදෙස, අදහස වෙන්නෙ එය ප්‍රේමයත් එක්කම දෙදෙනාගේම එකගතාවයකින්, අවබෝධයකින් සහ විශ්වාසයකින් යුතුව සිදුවිය යුත්තක් බවයි. 

    එහෙම නැතුව පෙම්වතිය වෙනුවෙන් වියදම් කරලා, උදව් පදව් කරලා වෙනුවට ලිංගික සබඳතාවයක් බලාපොරොත්තු වීමටත් නොලැබුනාමඔයාට පොඩි දේවත් මං වෙනුවෙන් කරන්න බෑකියමින් කන්කෙදිරි ගෑමත් එතරම් සදාචාර සම්පන්න නැති බව තමයි තවදුරටත් කියන්න ඕනෙ.  වගේම පෙම්වතිය අසරණ කිරීමෙන් , දොස් පැවරීමෙන් හෝ කළගුණ සිහි ගැන්වීමෙන්, ප්‍රේම සම්බන්ධය හුදු ගණුදෙනුවක් බවට පත් කර කායික සබඳතාවය ඇරඹීමපෙම් සබඳතාවයක තිබිය යුතු එකිනෙකා කෙරෙහි වන ගෞරවය හා විශ්වාසය අහිමි කරන කාරනක් වෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඉතිං ඔබ ලිංගික අල්ලස් ඉල්ලන මෙවැන්නෙකුගේ පෙම්වතියක් වෙන්න කවදාවත් කැමති වෙන එකක් නෑ.

    www.familylife.lk

    ආසාවෙන් පැතූ සියල්ල  වේදනාවෙන් නිම වීම

    නිරන්තරයෙන් තමන්ව අපේක්ෂා බංගත්වයට පත් කරන පෙම්වතා ගැන පෙම්වතියගේ හිතේ වැඩිකල් නොගිහින්ම අප්‍රසාදයක් ගොඩනැගෙන්න ඉඩ තියෙනවා. දින සති හෝ සමහරවිට මාස ගණනක් පෙරුම් පුරාගෙන ඉඳලා මුණ ගැහුණම ආදරණිය මොහොත ගැටුමකින් ගත කරන්නවත්, අවසන් කරන්නවත් කිසිම පෙම්වතියකට අවශ්‍යය යැයි අපි විශ්වාස කරන්නෙ නෑ.

    තවත් සමහර පෙම්වතුන් අවසන් මොහොතේ හමුවීම්, විනෝද ගමන් වගේ ප්ලෑන්ස් අවලංගු කරලා දානවා. එහෙමත් නැත්තන් ආසාවෙන් බලන් හිටපු අවස්ථාවක් කඩාකප්පල් කරලා දානවා. මේ වගේ ගති ලක්ෂණ ඇති පුද්ගලයන් ගැනත් ඔබ ප්‍රවේශම් විය යුත්තේ ඔවුන් එම සම්බන්ධය වඩා ගැඹුරකින් නොසලකන චරිත වීම හේතුවෙන්.

    ඇටෙන්ෂන් සීකර්

    අනුබල නොදුන්නට ගොඩක් පිරිමි බොහොම කැමති තමන් අනිත් කාන්තාවන්ගේ අවධානයට ලක් වෙනවට. අනේ මම නම් ඕවට නෑ කියලා කොල්ලා පෙන්නගෙන හිටියට තමන්ගේ පෙම්වතා ගැන හොද අවධානයකින් ඉන්න පෙම්වතියකට නම් තේරෙනවා පොල් පැලේ කන්න තමයි මේ හැරෙන්නේ කියලා. සමහර යුවතියන් මේ දේ සැහැල්ලුවට අරන් අමතක කළත්, බොහෝ යුවතියන් පෙම්වතාගේ මේ ගති ලක්ෂණයට වැඩි කැමැත්තක් දක්වනේ නෑ.

    නෝ වොරීස්

    පෙම් සබතාවයක් පටන්ගත්ත දවසේ පටන්ම බොහෝ යුවතියන් අනාගත සුබ සිහින මවන්න සහ ඒවා ගැන කතාබහ කරන්න ප්‍රිය කරනවා. වගේම එකිනෙක ගැන තියෙන හැඟීම් ගැන කතා කරන්න ප්‍රිය කරනවා. සමහර පෙම්වතුන් බොහොම කැමැත්තෙන් මේ වගේ කරුණු ගැන කතා කළත් ඇතැමුන් වගේ දේවල් ගැන කරදර වෙන්න එතරම් ප්‍රිය කරන්නේ නෑ. එවැනි ගති ලක්ෂණ තමන්ගේ පෙම්වතාගෙන් දකින්න ඔබ පුද්ගලිකව කැමතිද කියල ඔබම සිතා බලන්න.

    www.familylife.lk

    ධනීය ගෝපාල

    සමහර පෙම්වතුන් ඉන්නවා, පෙම්වතියට වචනයකින්වත් උදව්වක් කරන්නේ නෑ. හැබැයි ඔහුගේ සියලුම කටයුතුවල දී පඩි ලබන සේවිකාවක් වගේ පෙම්වතියගෙන් උපකාර බලාපොරොත්තු වෙනවා. තමන්ගේ වැඩ ටික හරියාකාරව සිදු වෙනවනම් පෙම්වතියට හෙන ගැහුණත් කමක් නෑ කියන මානසිකත්වයෙන් තමයි මේඅය ඉන්නේ. එහෙමත් නැත්තන් තමන් ඇයට උදව් කරන්නෙත් නෑ, ඇයගෙන් උදව්වක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. කිසිම යුවතියක් තමන්ගේ පෙම්වතාගෙන් මෙවැනි ගති ලක්ෂණයක් බලාපොරොත්තු වෙන්නේ නෑ.

    වෙලාවක් නෑ

    හදිසියකටවත් කෝල් එකක් ආන්සර් නොකරන, මුණගැසීම් මගහරින, පෙම්වතියට අවම අවධානයක්වත් නොදෙන පෙම්වතෙකුට නම් කිසිම යුවතියක් ප්‍රිය කරන්නේ නෑ. මෙවැනි පෙම් සබදතා අතරට තුන්වෙනි පාර්ශවයකට බොහොම පහසුවෙන් ඇතුළත් වෙන්නත් පුළුවන්කම තියෙනවා.

    අධික වැඩ රාජකාරි අතරතුරේ වුණත් පෙම්වතියට කෙටි පණිවිඩයක් හරි යවනවානම් පොඩි දේ පවා තමන්ට ගොඩක් වටිනව කියල යුවතියන් වන ඔබ හොඳින්ම දන්නව. ඉතිං ඒ සැලකිල්ල වත් නොලැබෙන පෙම්වතෙක් එක්ක අනාගතයක් ගැන හීතීම කොතරම් ප්‍රායෝගිකද කියල පොඩ්ඩක් හිතල බලන්න.

    ඩෝන්ට් කෙයාර් මූඩ්

    පෙම්වතා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සහ යහළුවන්ට තමුන්ව හදුන්වා දෙනවාට සහ ඔවුන් ඉදිරියේ වුණත් ඇය පිලිබඳ සැලකිල්ලක් දක්වනවාට යුවතියන් වැඩි ප්‍රතිශතයක් බොහොම ප්‍රිය කරනවා. එයින් ඇයට සුරක්ෂිත භාවයක් වගේම පෙම්වතා පිළිබද විශ්වාසයකුත් ඇති වෙනවා. හැබැයි සමහර පෙම්වතුන් පවුලේ අය සහ හිතවතුන් ඉදිරියේ පෙම්වතියව නොසළකා හරින්න පෙළඹෙනවා. අනිත් අය ඉදිරියේ  අනේ මම නම් මෙයාව දන්නේ නෑවගේ හැසිරෙන පෙම්වතෙක්ට ඔබේ මුළු ජීවිතයම පවරල දෙන එක බියකරු අත්දකීමක් වෙන්නත් බැරි නෑ.

    www.familylife.lk

    දුම්මල වරමා!

    හැම දේකටම තරහා අරන් මොර දෙන සහ කිසිම අවස්ථාවක, කිසිඳු වැරැද්දකට සමාව නොගන්න පෙම්වතාව බොහොම ඉක්මනින් පෙම්වතියට අප්‍රිය වෙන්න ඉඩ තියෙනවා. සමහර යුවතියන් මෙය මානසික රෝගයක් විදියට හදුනාගන්න අතර තවත් උදවිය අනාගතය පිළිබද තැතිගැන්මකින් මෙවැනි පෙම්වතුන්ගෙන් ඉවත්වෙන්න උත්සහ කරනවා. කෙටියෙන් කිවොත් තමන්ගේ පෙම්වතා නිතරම දුම්මල වරම අතේ තියන් ඉන්න කෙනෙක් නම් ඔහු සමග සතුටෙන් සාමාදානයෙන් ගත කරන අනාගතයක් කියන්නෙ හීනයක් විතරමයි.

    මළ ජරාව

    සමහර පෙම්වතුන් තමන්ගේ පෙම්වතියගේ විලාසිතා, කියවන පොත්පත්, නරඹන චිත්‍රපට විතරක් නෙවෙයි ඇසුරු කරන යහළු යෙහෙළියන්ගේ සහ පවුලේ සාමාජිකයින්ගේ ගතිගුණ, වත්පොහොසත්කම් පවා හෑල්ලුවට ලක් කරනවා. කියන්නේ ඇයගේ තේරීම් සහ ඇයට උප්පත්තියෙන් ලැබිලා තියෙන බොහෝ දේවල්වලට ඔහු සමච්චල් කරනවා. තවත් විදියකින් කියනවනම් එවැනි පුද්ගලයන්ගේ හිතේ ඇයගේ ප්‍රියතාවයන්ට ගෞරවයක් නෑ. කිසිම යුවතියක් මෙන්න මේ දෙයට යහපත් ප්‍රතිචාර දක්වන්නේ නෑ. බොහෝ අවස්තාවල දී පෙම් සබඳතා බි වැටෙන්න මේ කාරණය හේතු වෙනවා.


    ඔබ ලබාගත් සමාජ දැනුම තවත් කෙනෙකු වෙනුවෙන් දායද කරන්න මෙම ලිපිය පහත මාධ්‍ය ඔස්සේ ෂෙයා කිරීමට අමතක නොකරන්න


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    28.2 ° C
    28.2 °
    28.2 °
    74 %
    3.9kmh
    75 %
    Fri
    28 °
    Sat
    28 °
    Sun
    29 °
    Mon
    29 °
    Tue
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු